Monday, July 14, 2014

සංගීත චාරිකාවක් 02



මම හතරේ පන්තියේ ඉන්න කාලේ නත්තලට කැසට් පීස් දෙකක් මගේ මාමාගෙන් තෑගි හම්බ උනා. එකක් ජිප්සීස්ලගේ නත්තල් ගී අනික බොනියම් ලගේ ක්‍රිස්මස් ඇල්බම් එක. මේ දෙකේ සින්දු අපි නත්තලට පස්සෙත් අවුරුද්දක් විතර ඇහුවා. 

ජිප්සීස් ඇල්බම් එකේ සින්දු වලින් වැඩි හරියක් ලියල තිබුනේ ගරු මර්සලීන් ජයකොඩි පියතුමා. රැ තරු බබලනවා වගේ අතීශය මිහිරි අර්ථවත් ගීත රැසක් මෙම ඇල්බමයේ අඩංගු වෙනවා. මෙහි සියලුම ගීත සාම්ප්‍රදායිකව කතෝලිකයන් ගායනය කළ ගී නිසා නව සංගීතය මුසුවූ ඇල්බමය අතිශය ජනප්‍රිය උනා..

ලංකාවේ හොඳම නත්තල් ගීතය හැටියට සලකන්නේ බෙත්ලෙහෙම් පුරේ ගීතයයි. මෙහි ගායකයා වුයේ බෞද්ධයකු වන අනිල් භාරති මහතා ය. අපි කුඩා දරුවන් කාලේ මේ ගීතය නත්තල් කාලයට නිතරම ගුවන් විදුලියේ  වෙළද සේවයේ ප්‍රචාරය උනා. 

 
එකල පටන් අද දක්වාම එකසේ ප්‍රසිද්ධ ගීතයක් වන් කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ගීතය ධර්මරත්න බ්‍රදර්ස් නිර්මාණයක්.

තෑග්ගට ලැබුණු අනෙක් කැසට් පටය වූ බොනියම් ඇල්බමයේ  ගීත අතරින් Mary's Boy Child සහ Feliz Navidad වැනි ගීත සදාකාලිකවම  ගී රසිකයන් රසවිදීවී.



පසු කාලයක නත්තලට ජිම් රීව්ස් ගේ නත්තල් ගී ඇල්බමයක් අම්ම මට තෑගි දුන්නා. එම කැසට් පටයේ ජිම් රීව්ස් 1923 සිට 1964 දක්වා ගායනය කල ගී 12ක් අඩංගු වනවා. මේ ගීත අපේ අම්මල තාත්තල රස වින්දත් අපිට නම් ටිකක් බොරිං ගතියක් තිබුනා. නමුත් වයසින් මෝරන කොට එහි සංගීතය රසවිදින්න හැකි උනා.  අපේ මාම නං නත්තල් කාලයට ඕකම දාගෙන ඉන්නවා.  එම සම්පුර්න ගී එකතුව යූ ටියුබ් එකේ තියනවා

චාරිකාව තව ගොඩක් දුරයි

මීළඟ කොටසින් හමුවෙමු

6 comments:

  1. අනිල් භාරතී බෞද්ධයෙක් කියලා දන්නේ මේ දැන් උඹ කිව්වාමයි. මමත් නත්තල් ගී වලට ප්‍රිය කරන බෞද්ධයෙක්. Mary's Boy Child වගේම මම ප්‍රිය කරන ගීතයක් තමයි Silent Night...

    ReplyDelete
    Replies
    1. ඔව්මයි... අනිල් භාරතී ක්‍රිස්මස් එකට කියන සින්දු හින්දම වෙන්න ඇති මමත් හිතන් හිටියේ එයා කැතලික් කියල...

      Delete
    2. නත්තල් ගී වලින් හදවතට වැදෙන හොඳම ගීය තමයි බෙත්ලෙහෙම් පුරේ

      Delete
  2. Silent Night... අහල අහලම එපා වෙලා.
    ඕක අනන්ත කියලත් ඇති

    ReplyDelete
  3. Machan, Jeewana, Anil Bharathi inne ape gewal langa. Mata nitharama hamba wenawa LiteAce ekaka yanawa.

    Manjula

    ReplyDelete