Thursday, July 6, 2017

ජපානයේ කාන්තා කිමිදුම්කාරිනියන් (අමා කිමිදුම්කාරිනියන්)

ජපානය වැඩ කරන්නම උපන් මිනිසුන්ගෙන් පිරුන රටකි. එරට ලබාගෙන ඇති දියුණුවේ රහස වන්නේද එයමය. සතියේ වැඩ කරනා දින වල මාර්ගයේ ගමන් ගන්නා විට මිනිසුන් දක්නට ලැබෙනුයේ අවම වශයෙනි. ප්‍රධාන නගරවල පවා රථවාහන තදබදයක් දක්නට නොලබෙනුයේ ඒ හේතුවෙන් විය හැකිය.

ජපානයේ මියා ප්‍රාන්තය තුල විශාල ධීවර ජනතාවක් වෙසෙති. විවිධ වර්ගයේ මසුන් ඇල්ලීම සඳහා පිරිමින් බෝට්ටු වල නැගී ගැඹුරු දියඹට යාත්‍රා කරනා විට ධීවර කාන්තාවන් මුහුදේ කිමිදෙමින් ආහාරය සඳහා වන බෙල්ලන් එකතු කිරීම සඳහා වෙරල වෙත ඇදෙති.

මෙම කිමිදුම් කාරිනියන් අමා කිමිදුම් කාරිනියන් යනුවෙන් හැඳින්වෙයි. ජපානය පුරා අමා කිමිදුම් කාරිනියන් 15,000 ක ප්‍රමාණයක් වෙසෙන බව වාර්ථා ගතය. ඉන් 2000ක ප්‍රමාණයක් මියා ප්‍රාන්තයේ වෙසෙති. 

අමා කිමිදුම් කාරිනියන් වර්ග දෙකකි. ඉන් පළමුවැනි පිරිස නොගැඹුරු මුහුදේ හය දෙනෙකුට වැඩි කණ්ඩායමක් වශයෙන් එකතුවී බෙල්ලන් කැඩීමේ කාරියේ දෙනා අතර දෙවැනි පිරිස පිරිමියකු සමග ගැඹුරු මුහුදට ගොස් මීටර 20ක් වනතෙක් කිමිදී බෙල්ලන් කඩති.

රටේ නීති රීති වලට එක් අයකුට අනුකුලව බෙල්ලන් කැඩීමේ යෙදිය හැකි උපරිම කාල සීමාව විනාඩි 90කි. වරකට තත්පර 50 ක කාලයක් කිමිදෙන මේ කාන්තාවන් මුහුද පතුලෙන් විවිධ වර්ගයේ බෙල්ලන් සිය මළු වලට පුරවාගෙන ඉහලට පැමිණෙති.

මේ දිරිය කාන්තාවන් බෙල්ලන් කැඩීම සඳහා පිටත් වන්නේ උදයේම නැගිට සිය ගොවිපල වල වගාවන්ට සහ සතුනට සාත්තු කිරීමෙන් අනතුරුවය. එම කාරියටම විශේෂිත වූ කිමිදුම් කට්ටලයකින් සහ මුහුණු ආවරණයකින් සැරසෙන මේ කාන්තාවන් අතර තරුණියන් දක්නට නොලැබීම සුවිශේෂී කරුණකි. අමා කිමිදුම් කාරිනියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 65ක් වන අතර වයස 86ක කාන්තාවක්ද  තවමත් සිය රාජකාරියේ යෙදී සිටියි. මේ පිරිස සිය රාජකාරිය වයස අවුරුදු 15 දී පටන් ගන්නා අතර එයට විශේෂිත වූ පුහුණුව ලබා ගනුයේ වැඩිහිටියන් අනුගමනය කිරීමෙනි.

අල්ලා ගනු ලබනා බෙල්ලන් සමහරුන් වෙළෙඳ පොලට ගොසින් පන පිටින් විකුණන අතර සුළු පිරිසක් ඒවා තමන් විසින් පවත්වාගෙන යනු ලබන අවන්හල් වෙත ගෙන යති. එම අවන් හල් සුවිශේෂී සංචාරක ආකර්ෂණ බවට පත්වී රටට විදේශ විනිමය රැගෙන ඒමට විශාල දායකත්වයක් දරති.

එම අවන්හල් තුල පණ පිටින් බෙල්ලන් පුළුස්සා තවත් සාම්ප්‍රදායික ආහාර සමග විශාල මිල ගණන් වලට අලවි කරයි.

අප රට තුල තරුණ පිරිස් වැඩි ආදායමක් සොයා ගෙන ජපානය වෙත විවිධ මාර්ග වලින් සංක්‍රමණය වෙති. ජපානය තුලදී ජපනුන් සමග උරෙනුර ගැටෙමින් බෙහෙවින් මහන්සි වී මුදල් උපයති. බෙහෙවින් මහන්සිවී ජීවිකාව ගෙනයන ජපනුන් සමග ඔට්ටු වන මේ තරුණයන් සිය රට තුලදී එලෙස මහන්සි වී වැඩ කරන්නේද යන්න ප්‍රශ්නාර්ථයකි.

ප.ලි. ට්‍රිප් ඇඩ්වයිසර් (TripAdvisor) විසින් ජපානය තුල සංවිධානය කරනා ලද සම්මන්ත්‍රනයක් අතරතුර ලියනා ලද්දකි  


21 comments:

  1. හුඟක් හොඳ ලිපියක්...

    ReplyDelete
  2. අපේ උන් ජපානේ ගිහිල්ලා උන් එක්කම උරෙන් උර ගැටිලා වැඩකලත් ආපහු ලංකාවට ආවාම ලංකාවේ මන්දගාමි ක‍්‍රමයට හැඩගැහෙනවා. ඔය වැඩේම ජපන්නුන්ටත් ලංකාවට ආවාම සිද්දවෙනවා.

    ReplyDelete
    Replies
    1. //ඔය වැඩේම ජපන්නුන්ටත් ලංකාවට ආවාම සිද්දවෙනවා.//

      Really?

      Delete
    2. ඔව් මම දන්නා කෙනෙක් ජපානේ අවුරුදු දහයක් මැරිලා මැරිලා වැඩ කරලා කෝටි ගානක දේපල සහ සල්ලි ගෙනාව. මෙහෙට ආවට පස්සේ යාළුවො සෙට් වෙලා අර ඔක්කොම අවුරුද්දකට අඩු කාලයකදී ඉවර කරා. සල්ලි ඉවර උනාම එක පාප මිත්‍රයෙකුත් එක්කරගෙනම ජපානයට ගියා. ජපානේදී අර යාලුවා රණ්ඩුවකට පැටලිලා දෙන්නවම පිටුවහල් කරා.

      Delete
  3. ආකර්ෂණීය රසවත් ලිපියක්.

    ReplyDelete
  4. ජපන් ක්‍රම හොඳයි කියලා හැමෝම කියනවා වුනාට ඒ ක්‍රම ජපානෙන් පිට කොහේවත් සාර්ථක වුනේ නෑ නේද?
    එහෙම වෙනවනම් ඇමරිකා එක්සත් රාජ්‍යය වගේ රටවල්වලත් ඒ ක්‍රම පැතිරිලා තියෙන්න ඕන.

    අනිත් කරුණ තමයි ලංකාවේ දෙමළ ජාතිවාදය වගේ දෙයක් ජපානයේ තිබුනා නම්, ජපන්නු ජපානයේ සිටින
    සියළුම දෙමළුන්, මාක්ස්වාදීන්, ක්‍රිස්තියානි කාරයින් සමූල ඝාතනය කරන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. :D LOL ජගත් කොහේ ගියත් අර මැක්කාගේ කතාව එනවා නේද ?

      Delete
    2. ගොබෙල් ගේ න්‍යාය :D

      Delete
    3. //ජාතිවාදය වගේ දෙයක් ජපානයේ තිබුනා නම්
      සියළුම දෙමළුන්, මාක්ස්වාදීන්, ක්‍රිස්තියානි කාරයින් සමූල ඝාතනය කරන්න ඉඩ තියෙනවා.//
      හ්ම්ම්, එහෙම උපකල්පනය කොරන්න පුලුවන්නම් ජගෝ, අපිට කියන්න පුලුවන් මහින්ද රාජපක්ශ ජපානෙ හිටියනම් උතුරු කොරියාවත් ගහල කියල

      Delete
    4. //ජගෝ, අපිට කියන්න පුලුවන් මහින්ද රාජපක්ශ ජපානෙ හිටියනම් උතුරු කොරියාවත් ගහල කියල//

      මහින්දගේ පුත්තු 3 දෙනා වටේ පිටේ කඩේ උන්ටම යන්න ආපු ගෑනුන්ගේ කියුබා වලට ගහපු ගැහිල්ලෙන් අපිට කියන්න පුළුවන් මහින්ද ජපානේ හිටිය නම් කොරියාවට කොහොම වුනත් පුත්තු 3 දෙනා මේ වගේ ජාතිමාමක පොඩියන්ස්ලගේ ඉටි රූප වගේ ගැනුන්ගේ කියුබා එකක්වත් ජාතිමාමක පොඩියන්ස්ලට ඉතුරු නොකර හෙණගහන්න වගේ ගහලදානවා කියල.

      Delete
    5. ජපානයේ අලුත් පරපුරේ ශින්ටෝ ආගම අදහනවා. ඒ ආගමේ දෙවියන් කියල හඳුන්වන්නේ ස්වභාව ධර්මය. ඒගැන පස්සේ ලියන්නම්

      Delete
  5. අකර්ෂණිය මිනිසුන් සිටින රටක්

    ReplyDelete
    Replies
    1. හරිම සුහදශීලී, ආකර්ශනීය, අනෙකාට බෙහෙවින් ගරු කරනා ජනතාවක්.

      Delete
  6. මේ දවස් වල ජපානේ කියල දැක්කා . බෙල්ලෝ නම් කන්න ආසයි දක්කම්.
    /බෙහෙවින් මහන්සිවී ජීවිකාව ගෙනයන ජපනුන් සමග ඔට්ටු වන මේ තරුණයන් සිය රට තුලදී එලෙස මහන්සි වී වැඩ කරන්නේද යන්න ප්‍රශ්නාර්ථයකි.// ලංකාවේ මේ වගේ ව්‍යාපාර උඩට ගෙනියන්න් අවශ්‍ය පහසුකම් සලසන්නේ නහ. රෙඩ් ටේප් එක වැඩියි. නිලධාරිවාදය හා කකුඑන් ඇදීම් වැඩියි. තරුණයන්ට බැනල වැඩක් නැහැ රටේ මිනිසුන්ගේ අටිටියුඩ් එකයි නිලධාරිවාදී ආණ්ඩුවේ අකර්මන්‍යතාවය යි කඩන්නේ නැතිව.

    ReplyDelete
    Replies
    1. ජපානය දියුණු වෙලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ කිව්වට ඒ වන විටත් දියුණු කර්මාන්ත තිබිල තියෙනවා උදාහරණයක් හැටියට වාහන නිෂ්පාදනය 1912 - 1926 අතැර පවතී ටයිශෝ යුගයේ ආරම්භ වෙලා තියෙන්නේ. ජපානය එම යුගයේදී තමාගේම යුධ වාහන නිෂ්පාදනය කරලා තියෙනවා. යුද්ධයෙන් පසුව ක්‍රමවත් නැවත නැගිටීමක් දක්නට පුළුවන්

      Delete
  7. අමරුවෙන් උනත් ලියපු එක වටිනවා. පින්තුර දැක්කම ඒකේ වටිනාකමක්් ඇති කතාවක් තිබෙන බවක් මට පෙනුනා. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ෆේස් බුක් එකේ කොමෙට් එක දැක්කම එදාම රෑ හෝටලේ ඉඳල ලිව්වා. තෙල් ගහනවට ඉස්තුතියි.
      අද (ජුලි 9) තමයි ලංකාවට ආපහු ආවේ.
      ෆ්ලයිට් ඩිලේ එකක් නිසා හොං කොං හරහා චෙන්නායි ඇවිත් එතන පැය පහක් රස්තියාදු උනා.
      ජපානේ, හොංකොං සහ චෙන්නායි එයාපෝට් වල වෙනස අහසට පොලව වගේ.

      Delete
    2. චෙන්නායි එක්ක සසඳන කොට බණ්ඩාරනායක එක අවුලක් ඇත්තෙම නැහැ.

      Delete