Thursday, July 13, 2017

ලංකාවේ දුප්පත් කමට හේතුව අමනකමය - අජිත් පැරකුම් ජයසිංහ ගේ ලිපියට ඌණ පූරණයක්

අජිත්  පැරකුම් ජයසිංහ විසින් ලංකාවේ දුප්පත් කමට හේතු සම්බන්ධව සමාජ ජාල සංවාදයකට පසුව ඒවා ලැයිස්තු ගත කර තිබුණි. එම සංවාදයට අනුව ඔහුගේ ලැයිස්තුව පහතින් වෙයි.

1. නූගත්කම (අධ්‍යාපන ක්‍රමය ද බුද්ධිය මොට කරයි. නිර්මානශීලිත්වය වළක්වයි)
2. ජ්‍යෝතිෂය, කට්ටඩි හා හොර වෙද්දු
3. බේබදුකම
4. බැංකු, මුල්‍ය ආයතන හා ගිනිපොළීකාරයෝ
5. රජය අය කරන බදු හා රාජ්‍ය ණය
6. කම්මැලිකම
7. බෝ නොවෙන රෝග
8. මහළු වියේදී, අබල දුබල වූ විට සමාජාරක්ෂණයේ පිහිටක් නැති වීම
9. කාන්තාවන් රැකියා නො කිරීම (ශ්‍රම බලකායෙ ඉන්නෙ කාන්තාවන්ගෙන් 35%යි)
10. රැකියා කුසලතා ගොඩනගා නො ගැනීම
11. සූදුව හා ලොතරැයි
12. පවුල් සැලසුම් නො කිරීම
13. රාජ්‍ය අකාර්යක්ෂමතාව
14. දුප්පත්කම මත පදනම්ව ක්‍රියාත්මක වන රජයේ හා රාජ්‍ය නොවන සංවිධානවල දූෂණ
15. සහනාධාර

ජිත්  පැරකුම් ජයසිංහගේ  මතය කෙසේ වෙතත් මා නම් දකින්නේ ලංකාවේ දුප්පත් කමට එකම හේතුව සමස්ථ ජනතාවගේම අමනකම බවය.  එය උදාහරණයකින් පැහැදිලි කර හැක. පහත චායාරුපයේ දැක්වෙනුයේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රියක විදුලි පංකාවකි.


වසර පහකට අඩු කාලයක් පමණක් පැරණි ඉන්දියාවෙන් ගෙන්වන ලද මේ දුම්රිය මැදිරි වල විදුලි පංකා ක්‍රියා විරහිත වීමට ගතවුයේ ඉතාමත් සුළු කාලයකි. ක්‍රියා විරහිත වීමට හේතුව පංකාවේ විදුලි මෝටරය ක්‍රියාත්මක වීම ආරම්භ කිරීමට අවශ්‍ය කැපෑසිටරය දෝෂයට ලක්වීමය. මෙම  කැපෑසිටරයහි තොග මිල රුපියල් අසුවක් පමණ වෙයි. කැපෑසිටරය මාරු කිරීම ඉතාමත් පහසු ක්‍රියාවකි. නමුත් අතිරික්ත සේවකයන් දහස් ගණනක් පිං පඩි ගන්නා දුම්රිය දෙපාර්තමේන්තුවේ කැපෑසිටරය මාරු කිරීමට සේවකයෙක් නොමැත. හිටියත් කරන්නේ නැතිද නැතිනම් නිසි වෙලාවට අමතර කොටස් නොලැබෙන්නේද යන්න වෙනමම විමසා බැලිය යුතු කරුණකි.

කැපෑසිටරය දෝෂයට ලක්වූ විදුලි පංකාවේ ස්විචය දැමු විට පංකාව ක්‍රියාත්මක වන්නේ නැති අතරම එහි මෝටරය අධික රත් වීමකට භාජනය වෙයි. අධික තාපය හේතුකොටගෙන මොටර්යේ දඟරය පිලිස්සී යයි එයින් මුළු පංකාවම නැවත ප්‍රයෝජනයට ගත නොහැකි මට්ටමට විනාශ වෙයි. 

රුපියල් අසුවක් වැයකොට විනාඩි පහක කාලයකදී පිළිසකර කිරීමට හැකි පංකාව විනාශව යන තෙක්ම ඇස්කන්  සිටින තරමට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් අමනයන්ය. මෙහි වඩාත්ම සිත් ඇදගන්නා සුළු කාරණය වන්නේ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් විශාල සංඛ්‍යාවක් දහදිය වගුරුවමින් විදුලි පංකා ක්‍රියා විරහිත දුම්රිය වලම ගමන් කිරීමය.

විදුලි පංකාව ක්‍රියාත්මක කිරීම සඳහා ස්විචය දමනා මගීන්ද පංකාව ක්‍රියාත්මක නොවන බව දුටු විට නැවත ස්විචය විසන්ධි නොකොට එසේම තිබෙන්නට හරිති. එයින් රත්වීමට ලක් වන පංකාව පිලිස්සී යයි. පංකාව පිලිස්සී යන ලෙසින් වගකීම් විරහිතව කටයුතු කරනා මගීන් ද අමනයන් නොවන්නේද?

අවසානයේ සිදු වන්නේ රුපියල් අසුවකින් පිළිසකර කරහැකි රුපියල් දස දහසක් පමණ වටිනා උපකරණයක් විනාශ වී යාමය එනම් පංකාව පිළිසකර කිරීමට යන මුදල මෙන් එකසිය විසිපස් ගුණයක විනාශයක් සිදුවීමය.

නැවත පංකා සවි කිරීමට මුදල් යෙදවෙනුයේ ජනතාවගෙන් අයකරගන්නා බදු මුදල් වලිනි.  ජනතාවගේ ආදායමෙන් අධික බදු අයකරගන්නා විට දුප්පත් කම ඇති නොවන්නේද?

එනම් විදුලි පංකා නැවත සවිකිරීම නිසා බදු වැඩි වී ඇතිවන දුප්පතා කමට හේතුව වන්නේ දුම්රිය නිලධාරීන් සහ මගීන් යන දෙපිරිසේම අමන කම නොවන්නේද?

8 comments:

  1. ශ්‍රීලාංකිකයන්ගෙ වර්තමාන හැසිරීම ගැන තව තවත් දියුනු සංවාද ගොඩනැගිය යුතුය.
    කතා දෙකක් නෑ 100% ශ්‍රීලාංකිකයන් සාමාජීයව ඉතාම නොදියුනු,නිදන්ගත හීනමානයකින් පෙලෙන,ඉතා පහසුවෙන් රැවටිය හැකි සහ තමන්ගෙ වල තමන්ම කපා ගන්නා ආත්මයක් නැති මෝඩ රැලක්.

    ReplyDelete
  2. 1815න් පසු ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය වුනේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියයි.
    සියළු දේශීය සංස්කෘතීන්ට සමාන තත්වයක් සහ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට වඩා පහත් තත්වයක් ලැබී තිබුනා.
    මෙයින් සිදුවූයේ රටේ බහුතර සිංහල බෞද්ධයන් රටතුල බෝඩිංකාරයන් වීමයි.
    ‍බෝඩිං කාරයෝ රට ගැන හිතන්නේ නෑ.
    ලංකාවේ ජනවාර්ගික අර්බුධ වලට හේතුවත් සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය ලෙස පිලිගැනීමට අකමැති අය සිටීමයි.

    මෙම ගැටළු විසඳීමට නම් සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය බවට පත්කරගත යුතුයි (මැලේසියාවේ සිදුවූයේ එයයි).
    අනිත් විකල්පය වනුයේ සිංගප්පූරුවේ මෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය මූලධර්මවාදී ලෙස ක්‍රියාත්මක කිරීමයි.

    ReplyDelete
    Replies
    1. ජගත් පතිරණ හරියටම හරි.
      සිංහල බෞද්ධ සංස්කෘතියේ ඔය විදුලි පංකා කියල ජාතියක් තිබුනේ නැහැනේ. ඉතින් කැපෑසිටර් ගැන කුමන කතාද?

      Delete
  3. චානුක වත්තේගම ගේ අදහස නිවෑරදි විය හෑකියි නමුත් මට තියන ප්‍රස්නය මා කුඩා ව්‍යාපාරයක් කරගෙන යන අයෙක් මා හට 3 පේස් විදුලිය සහ මාගෙ පර්චස් දහයක ඉඩමේ ඉදිකිරිමක් කිරිම සදහා මා බෑංකු කිපයකින්ම නයක් ඉල්ලා සිටි විටි (සියල්ල පෞගලික බෑංකූ ප්‍රතික්සෙප කරෙ කිසිදු හෙතුවක් නොදක්වා වීම. මාගෙ බෑංකු මිතුරෙක් පවසා සිටියෙ බෑංකුවලට ලෑබෙන කුඩා පරිමාන නය ලෑබුනු සෑනින් මහාපරිමාන ව්‍යාපරිකයන් ඔවුන් වෙනම ලියාපදිංචි කර ඈති ආයතන වලට ලබාගන්නා බවයි තවද ඔවුන් බෑන්කුවලට කතාකර ඔවුන්ගෙ නය නුදුන හොත් ඔවුන්ගෙ විශාල ගිනුම වෙනත් බෑංකු වෙත ගෙනයන බවට වක්ක්‍රකාර තර්ජනය කරන බවයි සමහර බෑංකු කරුවන් ඔවුන්ම කතාකර එම මුදල් ඔවුන්ට ලබාදෙන්නෙ නය එකතුකරගෑනිමෙ පහසුව තකා දෑන් අපි වගෙ පොඩි එවුන්ට නාථ දෙයියනෙ පිහිටයි

    ReplyDelete
  4. අපේ ජනතාව දේශපාලකයින්ගේ සිට රජයේ සේවකයා හා පුද්ගලික අංශය දක්වා අයගෙන් කොලිටි බලාපොරොත්තුවෙන්නේ හෝ ඩිමාන්ඩ් කරන්නේ නැත.
    තමනුත් කොලිටි එකට කිරීමට පරිස්සම් වෙන්නේද නැත

    ReplyDelete
  5. රටේ ධනය කියන්නෙ උත්පාදනය කළ යුතු දෙයක්. මේ සඳහා නිර්මාණශීලි ව්‍යවසායකයන් බිහි විය යුතුයි. වෘත්තිකයන්ට රැකියා දෙන්න පුළුවන් ඔවුන්ට විතරයි. ඔබ කියන ඔය විදුලි පංකා කථාව අදාල වන්නේ රජය විසින් සිදු කරන දුම්රිය ගමනාගමන ව්‍යාපාරය කෙතරම් අකාර්යක්ෂමද යන්නට හොඳ උදාහරණයක් ලෙස.

    ReplyDelete
  6. Jeevana is 100% correct. However doing our fair share to our country (or job)is not up to individuals (unless in your own business). Problem is in our leaders, they are either corrupt (MR), spineless (MS)and all are power hungry (will never fix problems). Real leader should set his/her own self aside and think about the country, then countryman will start following. There was little bit of this during Premadasa time, however soon he lost that people power. I do not see any real leader even in the pipeline, all are reminiscent of old leaders (like Ranil and Premadasa) or two faced sociopaths Ranawaka and senarathna (sad,sad. sad)

    ReplyDelete