Monday, March 28, 2016

බීමත්කමේ දුර්විපාක



දුක කාට ද?
කාලකණ්ණිකම කාට ද?
අඬදබර කාට ද?
මැසිවිලි කාට ද?
නිකරුණේ තුවාළ කාට ද?
රතු ඇස් කාට ද?

සුරා බෝතලය ළඟ පමා වන මිනිසාට ය.
තව තවත් මත්පැන් බොන්න යන මිනිසාට ය.

මද්‍යසාරය රතට රතේ දිළිසෙන විට,
වීදුරුවෙහි පෙණ දමන විට,
ලස්සනට වැක්කෙරෙන විට,
ඒ දෙස නොබලන්න.

අන්තිමේ දී එය, නයෙකු මෙන් සපා කයි;
පොළඟෙකු මෙන් දෂ්ට කරයි.

එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි;
ඔබේ කට විලම්බීත දොඩවයි.

එවිට ඔබ මුහුද මැද ඒ මේ අත පෙරළෙන කෙනෙකු මෙන් ද
කුඹ ගස මුදුනේ නිදන්න හදන කෙනෙකු මෙන් ද වනු ඇත.

එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත:
” ‘
ඔවුන් මට පහර දෙන්නට ඇත,
නමුත් මට රිදුණේ නැත.
ඔවුන් මට ගසන්නට ඇත,
නමුත් මට දැනුණේ නැත.
කොයි වේලේ මා අවදි වේ ද?
එවිට මම තව උගුරක් බොමි.’ ”

ශුධවූ බයිබලය - හිතෝපදේශ 23:18

11 comments:

  1. Replies
    1. හිනා හිනා හිනා හිනා වෙන්න හිනා...
      හිනා වෙන්න හිනා...
      තරුණ වෙන්න හිනා.............

      Delete
  2. බයිබලේත් එහෙම තියනවද

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල ඔය සුපිරියටම තියෙන්නේ.
      ඕකවත් කියවල හදියල්ලා...

      Delete
  3. Replies
    1. බොන එක නවත්තන්න හරිම පහසුයි.
      මාත් මාසෙකට කීප වතාවක්ම නවත්වනවා.

      Delete
  4. Replies
    1. සුරා/ මත්පැන් නැතුව තව කොච්චර ජාති තියෙනවද බොන්න.. විස්කි, බ්‍රැන්ඩි, රම්, ජින්, අරක්කු.. අන්න ඒවා බිව්වම අවුලක් නෑ.. :)

      Delete
  5. ආයේනම් ජීවිතේට බොන්නේ නෑ.
    සුරාමේරය මඣ්ජපමා අම්මපා....

    ReplyDelete
    Replies
    1. කොයි වේලේ මා අවදි වේ ද?
      එවිට මම තව උගුරක් බොමි.’ ”

      Delete