Tuesday, August 12, 2014

සංගීත චාරිකාවක් 17 - The Stanley Brothers and The Clinch Mountain Boys

එච්. ආර්. ජෝතිපාලයන්ගේ මල් හී ගෙන එයි මල් සරා ගීතයට බෙහෙවින් සමාන Weeping Willow නම්වූ බටහිර ගීතයක් අපි කුඩා කල නිතරම ගුවන් විදුලි ඉංග්‍රීසි සේවයේ ප්‍රචාරය උනා. මේ ගීතය මට මතක් උනේ දම්පාට දේදුන්නේ International Submarine Band එක ගැන ලියපු පොස්ට් එකට මල්ලියා දාපු කන්ට්‍රි මියුසික් ගැන කොමෙන්ට් එක කියෙව්වම. බටහිර සංගීතය අධ්‍යනයට පහසුකම් අඩු පරිසරයක් තුල බොහෝවිට වැරදි මතවාද ප්‍රචලිත වෙනවා. කෙසේ වෙතත් කොමෙන්ට් එකක් තුලින් තවත් සංගීත ශෛලීයක් වන Bluegrass වෙත සිත යොමු කරපු කාගේත් මල්ලියට ප්‍රණාමය පුද කරලම පොස්ට් එක පටන් ගන්නවා.

Weeping Willow


වර්ජිනියා හි ක්ලින්ට් මවුන්ටන් නම් ගමේ උපත ලද කාටර් ස්ටැන්ලි සහ රැල්ෆ් ස්ටැන්ලි එහි කුඩා හොවිපොලක හැදී වැඩුනා. සංගීතය එම ගමේ මිනිසුන්ගේ ජීවිත වල කොටසක්ව පැවතියා. ඔවුන් කරා සංගීතය ගෙන ආවේ ප්‍රාදේශීය රේඩියෝවයි. සංගීතයට ආදරය කල මෙම සහෝදරයින් ලහිලහියේම Lazy Ramblers නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්තා. නමුත් දෙවන ලෝක යුද්ධයට පැටලුනු මොවුනට මිලිටරි සේවාවෙන් ගැලවී නැවත පැමිණෙන තෙක් සංගීත ලෝකයේ පෙළහර පෑමට කල්මරන්න්ට සිදු වුනා.

1946 වසරේ The Stanley Brothers and The Clinch Mountain Boys නමින් ඔවුන්ගේ සංගීත කණ්ඩායම පිහිටුවා ගත්තා. කාටර් ගිටාරය වාදනය කරමින් ප්‍රධාන ගායකයා ලෙසින් කටයුතු කල අතර රැල්ෆ් බැන්ජෝව වාදනය කරමින් ඉහල තාරස්වරයකින් (high tenor) ගායනයේ යෙදුනා. මෙම මුල් කණ්ඩායම මැන්ඩලීනයකින් සහ රවුකිඤ්ඤයකින් ද (fiddle) සමන්විත උනා.

I'm A Man of Constant Sorrow
Rank Stranger

1946 දෙසැම්බර් 26 දින ප්‍රාදේශීය රේඩියෝවක ප්‍රසංගයකින් පටන් ගන්න සංගීත කණ්ඩායම 1949 වනවිට කොලොම්බියා තැටි සමාගම සදහා ගායනයේ යෙදෙන තරමට දිගු ගමනක් කෙටි කලෙකින් ගමන් කොට තිබුනා. නමුත් 50 දශකයේ ඇතිවූ ආර්ථික අහේනියත් සමග වසර කිහිපයක් සංගීතයෙන් ඈත්ව සිටි සහෝදරයන් ෆෝඩ් මෝටර් රථ සමාගමේ සේවය කිරීමටපටන් ගත්තා. 1951 අගෝස්තු මස රල්ෆ් දරුණු මෝටර් රථ අනතුරකට ලක්වීමත් සමග කණ්ඩායමේ නැවත වරක් කණ්ඩායමේ ගමන තාවකාලිකව නවතිනවා.

මෙම සංගීත කණ්ඩායමේ සංගීත ශෛලීය Bluegrass නම් වනවා. මෙම Bluegrass ශෛලීය ඇමරිකානු පැරණ කඳුකර වාසින්ගේ ජන සංගීත ක්‍රමයක්. Stanley Brothers මෙම ජන සන්ගීතය වෙත George Shuffler, නම්වූ වාදකයා විසින් හඳුන්වා දුන් Crosspicking නම් වූ ගිටාර් ශෛලීයේ ඒකල ගිටාර් වාදන එක කර නවතාවකට පත් කරනවා.

Ridin' That Midnite Train


Clinch Mountain Backstep

1966 වසරේ කාටර් ගේ මරණයත් සමග Stanley Brothers නැතහොත් Clinch Mountain Boys සංගීත කණ්ඩායමේ චාරිකාව අවසන් වනවා.

How Mountain Girls Can Love

How Far to Little Rock


චාරිකාව තව දුරයි
දහ අට වන කොටසින් හමුවෙමු

15 comments:

  1. අන්තිම වීඩියෝ එකේ තියන ජාතියෙ බැන්ජො එකක් අල්ලල බැලුව පෙරේදා. මියුසික් බඩු කඩේකට ගියාම.. මරු මචෝ ඒක :D

    ReplyDelete
    Replies
    1. උඹ බැන්ජො අල්ල අල්ල හිටපන් එතකොට උඹෙ SPD20 යට මොකෝ වෙන්නේ

      Delete
  2. මටනං තවම බැන්ජෝ එකක් අල්ලන්නවත් ලැබිල නෑ මචන්. අපේ ලොකු කොල්ලයි දෙවනියයි බැන්ජෝ එකකුයි ඩබල් බේස් එකකුයි ඉල්ල ඉල්ලා මල වදේ. ඒවා පරණ බඩු ගෙන්නන කඩ වලට එන්නේ නෑනේ. අලුතින් කොලිටි බඩු ගන්න ගියාම පට්ට ගණන්. මම ගොඩක් වෙලාවට බදු ගන්නේ crown එකෙන් හරි පයාගල තියෙන Golden Japan එකන් හරි.

    ReplyDelete
    Replies
    1. අලූත්ම එකක් මචෝ.මට උහුලන්න බැරුව ගියා බං.. මාත් ඒ ඇල්ලුවමයි. අර රබාන වගේ එක ඇත්තම රබානක් .. මට ඇඬුනා බං ඒකෙ තිබ්බ බඩු ටිකට .මං මේ ඔට්ටු වෙන්නෙ අයියෙ ට්වෙන්ටියකට ..
      මේල දියං මචෝ උඹේ ..

      Delete
    2. මේ නම්බර් එක උඹට වටියි මචෝ… 0312249500 . ඕකත් අයියෙ බඩු ගෙන්නන තැනක්.. ෆ්ලැෂ්බෑක්ල කරන්නේ.

      Delete
    3. FB ප්‍රොෆයිල් එකට පලෝ
      https://www.facebook.com/jeevana.fernando.3

      Delete
    4. සමාවෙන්ඩ ඕනැ මං fb ඒකේ නැ ලොකු අයියා.

      Delete
    5. @පත්තරේ
      උඹ කොරලා තියන පින් බල මහිමයෙන් මේ ආත්මෙදිම SPD20 ක් දැක නිවන් දැකීමට ඒ පින් හේතු වාසනා වේවා!!!!!!!!!!

      Delete
  3. අඩේ මට ප්‍රමානයකුත් දීලා ඔව්වා දෙන්න එපා බං ලැජ්ජයි.( දීපල්ලකො ගල් බෝතලයක් එපා කියයිද බලන්න ).ජීවන අයියෙ මාත් ඔය ඉස්කොලේදියි.කැඩෙට් බෑන්ඩ් එකේ දියි වෙස්ටෙර්න් මියුසික් ටිකක් ටිකක් ඉගෙන ගත්තට.ඉතිහාසය පසුබිම් රසවින්දනය වගේ කරුනු කොහෙන්වත් අහුවෙලා නෑ දැන් ඉතින් උඹට පින් සිද්ද වෙන්න ඒ වැඩෙත් හරි.ඇත්තටම මට මේ ටික අහගෙන යද්දි මතක් උනේ.අර ට්‍රැඩිශනල් ඇමරිකන් එකක් විදියට ඉගෙන ගත්ත"oh susana" කොහොමටත් ඔය බැන්ජො කියන එකේ මාරම සද්දයක් තියෙන්නේ.ඒක මිනිස්සු අඬවනවට වඩා මාරම ආතල් එකක් දෙන්නේ.උඹ හින්දා අපිත් දැන් ගූගලේ විකියෙ මෙව්වා ගැන හොයන්න පටන් අරන්.පොඩිකාලෙ ඉදන් පොවන්නේ ඉන්දියාවෙ ස්වර හත නෙව.ඉතින් මෙව්ව පත්තියන් වෙන්න කල් යනවා.පයිත්තියන් වෙයිද දන්නේත් නෑ

    ReplyDelete
    Replies
    1. මචන් විකියේ ගොඩක් විස්තර තියනවා. මාත් ගොඩක් ගන්නේ විකියෙන්. වැදගත්ම දේ මේක කියවනවට වඩා සින්දු ටික අහල රසවින්දනය දියුණු කර ගන්න එක. ඉන්දියන් සංගීතයේ ස්වර හතක් උනාට බටහිර සංගීතයේ ස්වර 13ක් තියනවා.

      Delete
  4. තව එකක් මේක https://www.youtube.com/watch?v=66QcIlblI1Uමොකක්ද බං මං ලඟදි ඇහුවේ මාර තේරුමක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේක මචන් gospel ශෛලීයේ ගීයක්. දැන් මම gospel ගැනත් ලියන්න ඕනද. මචන් මේ සින්දුව කියන Johnny Cash එක් ශෛලීයකට කොටුවූ ගායකයකු නොවෙයි. මොහුගේ ගායනය ප්‍රධාන වශයෙන් කන්ට්‍රි, රොක් ඇන්ඩ්රෝල්, ෆොක්, බ්ලුස් සහ ගොස්පල් යන ශෛලීන් සියල්ල ආවරනය වන ආකාරයේ ගීත රැසකින් යුක්තයි.

      Delete
  5. ඕක මගෙ ප්ලේ ලිස්ට් එකේ මේ දවස් වල යන නම්බරයක් තමා.ලියපන් ලියපන් තව ලියපන් අපි නම් එපා කියයි.

    ReplyDelete