Tuesday, August 5, 2014

සංගීත චාරිකාවක් 14 - Electric Light Orchestra

මෙම ලිපි පෙලේ අවසන් ලිපිය වූ සංගීත චාරිකාවක් 13 සඳහා යූටියුබය පෙරලනකොට බොහෝ කාලයකට කලින් රසවිඳි Rock and Roll is King ගීතය අහම්බෙන් ඇස ගැටුනා. එවෙලේම හිතුනා ඊළඟ පොස්ටුව එම ගීතයේ නිර්මාණ කරුවන් වන Electric Light Orchestra ගැන ලියන්න ඕන කියල. මෙම කණ්ඩායමේ ගීත 1980 දශකයේ මැද සහ අග භාගයේ ගුවන් විදුලියේ නිතර ප්‍රචාරය වූ නිසා නැවත අසන විට සිත අතීතයට නිතැතින්ම ගමන් කළා.


The Move සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයකු, ගායකයකු මෙන්ම ගීපද රචකයා වන Roy Wood ට 1960 දශකයේ අග භාගයේ අපුරු සිතුවිල්ලක් පහල වෙනවා. ඩේස්ටෝෂන් ගිටාර්, බේස් ගිටාර්, ඩ්‍රම්ස්. පියානෝ සහ කීබෝඩ් මුලික කරගත් රොක් සංගීතයට වයලීන්, චෙලෝ, ඩබල් බේස් මෙන්ම ට්‍රම්පට්, ත්‍රෝම්බෝන්, ක්ලරිනට් වැනි ශුශිර භාණ්ඩ එක් කොටගෙන සම්භාව්‍ය මුහුණුවරක් ලබාදීමේ අදහස ඔහු සාකච්චා කරනුයේ. සමකාලීන The Idle Race සංගීත කණ්ඩායමේ Jeff Lynne සමගය. 1970 ජනවාරි මස Roy Wood සහ Jeff Lynne එකතුව ස්වකීය නව ව්‍යාපෘතිය පටන්ගන්න අතර 1970 ජුලි 12 වන දින "10538 Overtune" නම් ගීතයට චෙලෝ කිහිපයක් එක කිරීම් තුලින් ප්‍රථම Electric Light Orchestra ගීතය බිහි වනවා. No Answer නම් සිය ප්‍රථම ඇල්බමය පිටකිරීමත් සමග මෙම ගීතය බ්‍රිතාන්‍ය Top 10 දර්ශකයේ ප්‍රථම ස්ථානය දිනාගන්නට සමත් වනවා.


 1973 වසරේ ELO 2 නම්වූ දෙවන ඇල්බමය පිටකරන කණ්ඩායම එහි Roll Over Beethoven ගීතය ඇමරිකානු ගීත දර්ශකයට ඇතුලත් කරනවා. මේ වසරේම එළිදක්වන On the Third Day අල්බමයෙහි Showdown ගීතය අතිශය ජනප්‍රිය වනවා.

Roll Over Beethoven
Showdown

මෙම කණ්ඩායමේ නිර්මාණ අතුරින් ඇමෙරිකානු Billboard දර්ශකයේ මුල් ගීත දසය අතරට මුලින්ම පැමිණෙනුයේ Can't Get It Out of My Head ගීතයියි.


1975 වසරේ එළිදක්වන Evil Woman සහ Strange Magic ගී දෙකද බෙහෙවින් ජනප්‍රිය වනවා. දින 76ක් තුල දර්ශන 68ක් පවත්වමින් 1976 පෙබරවාරි තුන් වන දින සිට පවත්වනලද ඇමෙරිකානු චාරිකාවේදී වර්ණ ලේසර් ආලෝක කදම්බ ප්‍රථම වතාවට මෙම කණ්ඩායම එළිදක්වනවා.

Evil Woman
 Strange Magic
 
The Move කණ්ඩායමේ Livin' Thing, Telephone Line, Rockaria, Do Ya ගීත හතර Electric Light Orchestra මගින් නැවත තැටිගත කිරීම මගින් නැවතත් ඇමෙරිකානු ගීත දර්ශක ආක්‍රමණය කිරීමට කණ්ඩායම සමත් වනවා.
Livin' Thing
Telephone Line
Rockaria
Do Ya

1977 දී ලෝක චාරිකාවක යෙදෙන Electric Light Orchestra කණ්ඩායම Cleveland Stadium හිදී The Big Night ප්‍රසංගයට 80,000 ප්‍රේක්ෂකයන් ගෙන්වාගනිමින් සංගීත ලොව නව වාර්තාවක් පිහිටුවනවා. තවද එම චාරිකාව වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ එක දිගට දින අටක් ප්‍රසංග පවත්වන් අතර මෙම ප්‍රසංග අටේම සියලු ටිකට් පත් විකුණා අවසන් කිරීම කණ්ඩායමේ ජනප්‍රියත්වය ගැන හොඳම සාක්ෂියක් වනවා.

1988 වසරේ ස්වකීය අවසන් ඇල්බමය පිටකරන්නා Electric Light Orchestra තමන් සංගීතයන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශයට පත් කරනවා

චාරිකාව තව දුරයි
පහළොස් වෙනි කොටසින් හමු වෙමු

2 comments:

  1. මෙව්වට ඉතින් වෙන මොනවා කියන්න ද සුපිරි නොකියා............... ඇත්තට ම ජීවන මේ ගොඩක් ගීත මං නම් අහන්නේ පළවෙනි වතාවට.... කිහිපයක් නම් අහලා තියෙනවා. ඒත් මේ ලිපි පෙළ නම් ඉතින් දැනුම් සමුදායක් හැමදාම කියනවා වගේ.............................. ස්තූතියි දිගට ම මේ ලිපි පෙළ පවත්වා ගන්නවාට..................

    ReplyDelete
  2. ඔහෝ... මට මේ සින්දු ඇහෙන්නේ පලවෙනි වතාවට. හය්යෝ... මේ මොන දුකක්ද.. හි.. හි... කියල වැඩක් නෑ...

    මම දැන් මේ රස්සාවට පයින් ගහල යනවා ගිටාර් ඉගෙනගන්න!!!

    ReplyDelete