Friday, October 6, 2017

සුනිල් පෙරේරා - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 03

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 
හැත්තෑව දශකයේ අග භාගයේදී ඉන්දියානු සංගීත ගුරු කුලය අමන මුග්ධයන් බව පසු කලෙක ලොවට හෙළිකළ තරුණයකු සිංහල සංගීත ක්ෂේත්‍රය ආක්‍රමණය කළේය. ඔහු සුනිල් පෙරේරා විය. ඉහල මධ්‍යම පන්තියට අයත් කර්මාන්ත කරුවකුගේ පුත්‍රයකු වූ හෙතෙම ඒ වන විට බටහිර සංගීතයේ නිපුනයකු විය. සුනිල් පෙරේරා සහ ඔහුගේ සහෝදරයන්ගෙන් සැදුම්ලත් ජිප්සීස් සංගීත කණ්ඩායම පොප්, කන්ට්‍රි, රොක්, රොක් ඇන්ඩ් රෝල් වැනි බොහෝ බටහිර ශෛලීන් මනාව ප්‍රගුණ කර තිබිණ. ශ්‍රී ලාංකීක පොප් සංගීතයේ ඥාණ පියා (God farther of Sri Lankan Pop) යනුවෙන් බටහිර ගීත රසිකයන් හඳුන්වන ලද රාජ් සෙනවිරත්න වැනි සංගීතඥයන් ඇසුරේ වූ සුනිල් පෙරේරා දක්ෂ වාදකයෙකු වූ අතරම රොක් ඌරුවට හැඩගැසුණු විශිස්ථ කටහඬක් ද ඔහුට විය.  

සුනිල් පෙරේරා සිංහල සංගීතය ආක්‍රමණය කරේ නැවුම් ආරකින් යුතු කුරුමිට්ටෝ ගීතය ඉදිරිපත් කරමිණි. එය මෙරට රසිකයන් ඉල්ලා සිටි ආකාරයේ ගීතයක් විය. සුනිල් පෙරේරා එක රැයකින් තරුවක් බවට පත්වී ඉහලින්ම මාකට් විය. තමාගේම සංගීත කණ්ඩායමක්, තමාගේම ශබ්දාගාරයක් සතුවූ ඔහු කැසට් පටි බෙදාහැරීම සඳහා තමාගේම සමාගමක්ද පිහිටුවූයේය. සුපුරුදු ලෙසින්ම ගුවන් විදුලිය අරක්ගෙන සිටි කුහක ඉන්දියානු ගුරු කුලය සුනිල් පෙරේරාගේ ගීත ගුවන් විදුලියට වැද්ද ගත්තේ වත් නැත. ඔහුගේ ජනප්‍රිය තාවය නොඉවසු කුහකයින් පුවත් පත් හරහා සුනිල් පෙරේරා වෙත නිර්දය විවේචන එල්ල කළහ. ඔහුගේ සංගීතය රටෙහි සංස්කෘතිය විනාශ කරනා බවට කෙස් පැලෙනා තර්ක ඉදිරිපත් කළහ. සුනිල් පෙරේරාගේ සංගීතය විවේචනයෙන් සෑහීමකට පත් නොවී ඔහුගේ කොණ්ඩය, බෙල් බොටම් කලිසම  පමණක් නොව කර බැඳී කුරුසිය පවා විවේචනය කළහ.

ගුවන් විදුලිය සුනිල් පෙරේරාගේ ගීත ප්‍රත්ක්ෂේප කරනා විට ඔහු කලේ ඉරිදා දහවල හොඳම ගුවන් කාලය මිලදී ගෙන තමන්ගේ ගීත ප්‍රචාරය කිරීමය. ඒ සඳහා ඔහුට ආර්ථික ශක්තියක් විය. මෙරට රසිකයින් ඒ වෙලාවට ගුවන් විදුලි යන්ත්‍ර වටකරගත්හ. ගුවන් විදුලියේ බමුණන් මේ වැඩසටහන නවතා දැමීමට නොයෙක් උත්සහ දැරුවද එයට නිමිත්තක් සොයා ගත නොහැකි විය. ජිප්සීස් ඉහලින්ම මාකට්වී සන්නාමයක් (Brand) බවට පත්විය.

සුනිල් පෙරේරාව පත්තර පිටු ගණන් විවේචනය කරනා ලද ඉන්දියානු ගුරු කුලය වෙත ඔහුට පහර දිය හැකි ඉහලම ආයුධයක් මගහැරී තිබිණ. මන්ද යත් සංගීත ඔස්තාර්ලා බව ලොවට පෙන්වාගෙන සිටි විවේචකයන් විශ්ව සංගීතය ගැන මෙලෝ හසරක් නොදත් ලිං මැඩියන් පිරිසක් වීම නිසාය. සුනිල් පෙරේරාගේ බොහෝ ගීත වල තනු බටහිර ගී තනුම විය. සමහර ගීත බටහිර ගීත වල සිංහල පරිවර්ථන විය. එකල පවා ඉංග්‍රීසි පුවත් පත් වල මේ බව කලාතුරකින් පල විය. නමුත් බහුතරයක් වූ විචාරකයින් ඉංග්‍රීසි නොදත් මැටි මොළුන් විය.

විවේචකයන් සිදු කලේ සංගීත විචාරයක් හෝ විවේචනයක්  නොව සුනිල් පෙරේරාගේ ප්‍රසිද්ධිය සමග එරියස් කවර කිරීමක් පමණක්ම විය. 

කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 

17 comments:

  1. //ඔහු කලේ ඉරිදා දහවල හොඳම ගුවන් කාලය මිලදී ගෙන තමන්ගේ ගීත ප්‍රචාරය කිරීමය// අන්න එහෙමයි වැඩේ වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි හොඳ මාකටියර්ලා කරන්නේ. එතකොට රිටන් ඔන් ඉන්වෙස්ට්මන්ට් (ROI) උපරිමේ

      Delete
  2. ඉරිදා දහවල් 1.00 ද නැතිනම් 1.15 කියලා හරියට මතක් නැත 12.30 බයිලා සමග දෙකටම එකවර කන්දුන්නේ දවල්ට කනගමන් වෙළද සේවයන් සවන් දුන්නෙමි.

    ReplyDelete
    Replies
    1. ඒකාලේ තිබුන හොඳම ගුවන් කාලය කියල කියනවා.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මම දුන්නේ කිස් එකයි පමණක් නෙවෙයි කකුල කකුල වගේ ගීත කිහිපයක් කලින් කරලා තිබුනත් ඒ සියල්ල මාකට් උනේ කුරුමිට්ටන්ගෙන් පසුව.

      Delete
  4. කුරුමිට්ටෝ ගීතයේ තනුව පමණක් නෙවෙයි සංකල්පයත් කොපි කරපු එකක්. ඒකාලයේ ප්‍රසිද්ධ වැඩ සටහනක් වූ එකල බටහිර ජර්මනියේ තානාපති කාර්‍යාලය විසින් අනුග්‍රාහකත්වය දක්වන ලද ජර්මන් ජන හඬ වැඩ සටහනේ එම මුල් ගීතය ප්‍රචාරය කලා. එහෙත් සුනිල් පෙරේරා නොවන්නට එවන් ගීත සිංහල සංගීතයට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව බොහෝ නිෂ්පාදකයන් සහ රචකයන් ඉන්දීය ගීතවල තනු වලට වචන කවන හෝ එම ඌරුව යටතේ හැඳුන සිංහල සංගීත රාමුවෙන් පිට යන්න තිබ්බ නොහැකියාව හෝ අකමැත්ත.

    ReplyDelete
  5. සුනිල් පෙරේරා වගේම ජෝති පාල සහ ජය ශ්‍රී කියන්නෙත් ගයන්නෙත් ඉන්දියානු හෝ බටහිර ගීත ගෙඩි පිටිං කොපි කරල. ඒත් ඔවුන් කොපි කිරීමේ කලාවත් යම්කිසි මට්ටමකට දියුණු කරපු අය නිසා කොපි උනත් ඔවුන්ගේ සින්දු වල රසය ඉතා ඉහලයි. මට මතකයි ජිප්සීස් ලුණු දෙහි කැසට් එක ප්‍රොමෝට් කරන්න 1887 දි වගේ ගාල්ලට ආව වෙලේ මගෙ බාප්ප මාව එක්කරගෙන ගියා. ඔය ප්‍රවීණයෝ කියන ඇවුන් සංගීතයට කල දෙයක් නැහැ. අන්තිමට උන්ගෙ අවසාන කාලයත් බලාගන්න වෙන්නෙ රජයට තමයි. ඒවාට තමයි කියන්නෙ මචෝ කොච්චර ප්‍රවීණයෝ උනත් කර්මය ඉස්සරහ බල්ලෙක් ගානට වැටෙනව.

    ReplyDelete
  6. සුනිල් පෙරේරා විතරක් නෙවේ .. වැඩිහරියක් ගායකයෝ කොප්පෙ තමා

    ReplyDelete
  7. මෙතනට අදාළ නැහැ. එත් මේවා නොකියත් බැහැ.

    වික්ටර් ට බැනපු මිනිස්සු ඉරාජ්ටත් බැන්නා. ඉරාජ් කරපු දේ හරි කියනවා නෙවෙයි. එහ්වූ උන්ම දැන් මේක හොන්දයි කියනවා.

    බලන්න මේක කොච්චර කැතද කියලා.
    https://www.youtube.com/watch?v=TaDl8hMP90I

    ලංකාවේ ලුම්පන් මිනිස්සුන්ගේ දෙබිඩි සංස්කෘතික නිර්ණායක වලට වෙන උදාහරණ අවශ්‍ය නැහැ.

    මුස්ලිම් අන්තවාදය එපා කියන ගමන් එටත් වඩා අධිකාරිවාදී බෞද්ධ අන්තවාදයක් වෙනුවෙන් පෙනී හිටිනනෙත් මේ මිනිස්සුම තමා. 2020 දී ආඥා දායකයෙක්ව ගෙන්න හදන්නෙත් වෙන කවුරුත් නෙවෙයි.

    හැබැයි රට එතනට තල්ලු කරන්නෙත් අසාර්ථක වර්තමාන පාලනය

    ReplyDelete
  8. සටන් පාඨ

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.

    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.

    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.

    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.

    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.

    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.

    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.

    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න

    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.

    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.

    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,,

    - අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය

    ReplyDelete
  9. අනේ මන්ද මචන්. මේ කොහාටද යන්නේ කියල මට තේරෙන්නේ නැහැ. සුනිල් පෙරේරා වගේ අයට කපන්න් ඕනේ නැහැ. නමුත් කොපියට ඕන තරම් තැන දෙන්න අවශ්‍යත් නැහැ රටට නව සංගීතයක් නිර්මාණය කරනවා නම්. මම අඩියක් දාගත්ත වෙලාවට සුනිල් හරි ජෝත් හරි කියනවා තමයි. නමුත් නිවී හැනහිල්ලේ තේකක් බොන වෙලාවක කේමදාස ගේ තනුවක් රස විඳින්න කැමතියි.

    ReplyDelete