Saturday, October 14, 2017

රිඟින් ටෝන් වංචාවක්ද? - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 5

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 
4.0 කපුගේ සමග සන්ෆ්ලවර්ස් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව
3.0 සුනිල් පෙරේරා - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව 
2.0 නිහාල් නෙල්සන් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව
1.0 සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව

ගීතයේ අයිතිය පිළිබඳව නිසි නීතිමය ප්‍රතිපාදනයක් නොමැති යුගයේදී ගීතය තුලින් ප්‍රතිලාභ ලබා ගත්තේ ගායකයා පමණි.  නමුත් නීතිමය ප්‍රතිපාදන ස්ථාපිත කරනා විට ගීතයේ නිර්මාණකරුවන් වන පද රචකයා, තනු නිර්මාපකයා සහ ගායකයා යන තිදෙනාටම අයිතිය පැවරෙන ආකාරයට සැකැස්මක් බොහෝ රටවල ඇතිකෙරින. අප රටේද ගීත රචකයාට අයිතිය ලැබෙනා ආකාරයට නීති ස්ථාපිත වුවද දිගින් දිගටම එහි ප්‍රතිලාභ ලබා ගත්තේ ගායකයා පමණි. බුද්ධිමය දේපල පනත කෙසේ කීවද ගායකයා විසින් පද රචකයා සහ තනු නිර්මාපකයා අමතක කර දමා තිබිණ. ප්‍රසංග වල ගායනයෙන්  ලබා ගන්නා මුදලින් කිසිදු භාගයක් අනෙක් හිමිකරුවනට ලබා දුන්නේ නැත.  අහිංසක කලා කරුවන් වූ පද රචකයින් සහ තනු නිර්මාපකයින් සිය අයිතිය වෙනුවන් සටන් නොකරන පරිසරයක් තුල ගායකයා විසින් දිගින් දිගටම බුද්ධිමය දේපල වංචාව කරගන ගියේය.

මේ තත්වය තාක්ෂණ දියුණුවත්  සමග වෙනස් විය. ජංගම දුරකථන ජාල "රිඟින් ටෝන්" හඳුන්වා දීමත් සමග ජනප්‍රිය ගීත වල "රිඟින් ටෝන්" සඳහා විශාල ඉල්ලුමක් ඇති විය.  දුරකථන ග්‍රාහකයින් "රිඟින් ටෝන්" බාගත කරගන්නා සැම විටම ගීතයේ අයිතිකරුට සැලකිය යුතු මුදලක් ලැබෙනා ආකාරයට  ජංගම දුරකථන සමාගම් විසින් ක්‍රමවේදයක් සකසා තිබිණ. ඒ අනුව "රිඟින් ටෝන්" සේවාව වෙතින් සමහර ජනප්‍රිය ගීත සඳහා මිලියන ගණනින් ගෙවීම් කර තිබුණි. 

මේ අවස්ථාවේ අතරමැදි තැරව් කරුවන් රැසක් බිහිවිය. ඔවුහු රට පීරා යමින් අප්‍රකටව ජීවත් වූ ගී පද රචකයින්ගේ ගීත වල "රිඟින් ටෝන්" අයිතිය සුලු මුදලක් ගෙවා තමන්ගේ නමට හරවා ගෙන ඒවා ජංගම දුරකථන ජාල වෙත විකුණා දැමුහ. තම නිර්මාණය සඳහා කිසිදු මුදලක් හෝ ප්‍රතිලාභයක් නොලැබුණු ගීත රචකයන්ට සුළු මුදලක් වුවද මහමෙරක් විය. පසුව මේ තත්වය හෙළිවීමෙන් පසුව ගීත රචකයින් ඍජුවම දුරකථන සමාගම් සමග ගිවිසුම් ගතවී සිය නිර්මාණ සඳහා සුවිසල් ප්‍රතිලාභ ලබා ගත්හ.

එවිට මෙතෙක් කාලයක් අනුන්ගේ බුද්ධිමය දේපල අයිතිය මංකොල්ල කමින් සිටි ගායකයන් කුපිත් විය. ඔවුහු දුරකථන සමාගම් ගානේ ගොසින් ගීත රචකයන් "රිඟින් ටෝන්" මගින් උපයා ගන්නා ලද මුදල් පිළිබඳව විමසා සිටියහ. තමන් කලින් කරනා ලද වංචාව අමතකවූ ඔවුහු පුවත් පත් සහ විද්‍යුත් ජනමාධ්‍ය තුලින් ආවේගශීලී ප්‍රකාශ ජනගත කලේ සුදු රෙද්දෙන් පොරවාගෙන සිටි සිය නිරුවත් ලොවට පෙන්නුම් කරමිනි.


පහතින් දැක්වෙන්නේ රටෙහි ඉමහත් ජනාදරයට පත් ගායකයකුගේ එවන් ප්‍රකාශයකි. 

ප්‍රශ්නය: අපි රිඟින් ටොන් නිසා සිදුවුණු ගැටළු පිලිබඳ මෙයට පෙරත් බොහෝ අවස්ථාවල කතා කොට තිබෙනවා.
නමුත් ලංකාව තුල තිබෙන නිතිය අනුව ගීතයේ අයිතිය ලැබෙන්නේ ගීත රචකයට වීම හේතුවෙන් ගීතයේ මුල් ගායකයාට ඒ පිළිබඳව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි තත්ත්වයකුයි තියෙන්නේ?

පිළිතුර: නෑ නෑ නෑ ඒ පිස්සොනේ. මොන පිස්සොද සත 5 කට ගනන් ගන්න එපා ඒ කතාව. ඒ ගොල්ලො අමුතු ආධිපත්‍යයක් පෙන්නන්න යනවා මේ ගීතය තුළ. ඕක මම කීව විදියටම දාන්න. එහෙම එකක් නෑ. මම සිංග් කල ඒව කාගෙන්වත් ඉල්ලලා නෙවෙයි සිංග් කරල තියෙන්නෙ. 

මම කිසිම ගීත රචකයෙක් ලඟට ගිහිල්ල ඉල්ලලා නෑ අනේ මට ලියල දෙන්න කියලා. මම එහෙම කරන්න කැමති නෑ. xxxx xxxxx කියල මනුස්සයෙක් හිටිය. ඒ මනුස්සයට කියල මම සිංදුවක් ලියාගෙන තියනවා. "xxxxxx xxxxxx" කියන ගීතය.

එතකොට ඒගොල්ලො ඇවිල්ල තියනව මම ලඟට මගේ කටහඬින් කියන්න කියලා. ගොඩක් වෙලාවට මම මිනිස්සුන්ට බනින්නෙ නෑ. මගේ බැරිකම මම කියනවා. මට බේරෙන්න බෑ. රට රටවලින් පවා එනවා.

ගීත රචකයෝ කියන එවුන්ට මම හොඳ පාඩමක් කරනවා. මොකක්වත් නෙවෙයි අනවශ්‍ය ආධිපත්‍යයක් පෙන්නන්න හදනවා. මේ ගීතය තුළ. මෙතන ගායකයෙක් ගායිකාවක් හරියට කීවෙ නැති ගීත කොච්චර විසිවෙලා ගිහිල්ල තියනවද! සංගීතඥයත් ඉවරයි. රචකයත් ඉවරයි. එහෙමනම් ඒගොල්ලො මේක කොලේක දවටලා ඉරටෙක ගහල පාර මැද අල්ලගෙන හිටියනම් හරි. ගීතය ප්‍රසිද්ධ වෙයිද!

මහගමසේකර උන්නැහෙල, මාවනසිංහ මහත්තයල, අමරදේව මහත්තයත් එක්ක එක පැදුරෙ වාඩි වෙලා කතා කර කර නිර්මාණ බිහිවුනේ. එහෙමයි හොඳ ගීත බිහි උනේ. මගෙ කියල ඒ මිනිස්සු කුළල් කාගත්තද...! නෑ.

ඒ බොරු අයිතියක් අරගෙන මුන් මේ රිගිං ටෝන් එකටත් දාන්නෙ. අපිට අදාල නෑ ඔය නීතිය. කවුද ඔය නීතිය සම්මත කලේ! එක්කො පාර්ලිමේන්තුවේ ඉන්න මැටි මෝල්ලුන් දැනගන්න ඕන. රටේ ඉන්න කලාකාරයින්ගෙ නිර්මාණ මේව. එක මිනිහෙක් ගිහිල්ල කීව පලියට ඒ නීතියක් පවත්වලා හරියන්නෙ නැහැනෙ. 

අදාල පාර්ශවයන් ඔක්කම කැඳවලා අහන්න ඕන මේ නීතිය පැනෙව්වොත් එහෙම අසාධාරණ ද කියල. එහෙම අහන්නෙ නැතිව පනවපු නීතියක් මේක. ගායකයට වැඩි අයිතියක් එනව. ඒක තේරුම් අරගෙන කොහොම හරි පසුකාලීනව.

ඔය මෝඩ වැඩේ කරල තියෙන්නෙ ක්ලැරන්ස්. ඔය මෝඩ ගොන් තකතීරු වැඩේ කරල තියෙන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන. මොකද ඒ මිනිහ ඔය මොකක්වත් දන්නෙ නෑ. එයාගෙන් විතරයි අහල තියෙන්නෙ. කාගෙන්වත් අහල නෑ ඒ කාලෙ.

මිනිස්සු ආසයි අපිව ගෙන්නලා සින්දුවක් කියවලා අහන්න. එතකොට ගානක් දෙනවා. එහෙමයි කියල අපි මේක දීපන් කියල හූරගෙන කන්නෙ නෑ ඒ මිනිස්සුන්ගෙන්. එතකොට ඒකටත් (ගීත රචකයන්ට) ඊරිසියාවක් තියනවා. ඕක තමයි ප්‍රශ්ණෙ. ගීතයක් ප්‍රචාරය වෙනවනම් මේ තුන් දෙනාටම හරි ආකාරව බෙදිල යන්න ඕන.

මට දවසක් කතා කරල ආචාර්ය ගම්ලත් මහත්තයා කීව එතුමාගේ බීබීසී සංදේශය වැඩසටහනට ඉදිරිපත් වෙන්න කියලා.. කතා කරල මගෙන් ඇහුව ඔබතුමා ගීතයේ ස්වාමීත්වය ගැන මොකද කියන්නෙ කියලා...මම කෙලින්ම කීවා මේක තනි කෙනෙකුට අයිතියක් නෑ මේක තුන්දෙනාගෙම උත්සාහයක්. හැකියාවක්. අනිත් දෙන්නට ආලෝකයක් දෙන විදියට ගයපු නිසා තමයි ඒ දෙන්නටත් ආලෝකයක් ආවේ.

මේ ලඟදී මට කීව xxxxxxx   කියන නමත් පාවිච්චි කරන්න එපා කියලා. xxxxxx කියන එක සිංහළ භාෂාවේ වචනයක්. ඒක කාටවත් අයිති නැහැනෙ. මම ගයපු හැම ගීතයක්ම ගීත රචකයාට මම ගරු කරනවා. xxxxxxx ගීතයට අත තිබ්බෙ නෑ කවුරුවත්.

මම තව එකක් කියන්නම්. ඔය රිගින් ටෝන් සංකල්පය ආපු අළුත ඉස්සෙල්ලම මගෙන් ඇහුවෙ එතන හිටිය මම අදුරන පානදුර පැත්තෙ කැලිප්සෝ එහෙම වාදනය කරන මනුස්සයෙක්. එයා තමයි මාව කැඳෙව්වෙ. එයා මට කීව අපේ ආයතනය තීරණය කරල තියනව ඔබ තුමාගෙ xxxxxx  වැනි ගීත අරගෙන අපි රිගින් ටෝන් වලට දාන්න. මාත් එක්ක පැයක් විතර කතා කලා. කොච්චර මුදල් අවශ්‍යය ද කියල මගෙන් ඇහුවා. මම මේ කියන්නෙ අවුරුදු 10 කට 12 කට විතර කලින්.

මම කීව මට ඕකට එකඟ වෙන්න බෑ. මේක තුන් දෙනෙකුට අයිති නිර්මාණයක්. අනිත් දෙන්නත් දැනුවත් කරල කියන්නම් මට අවශ්‍ය ගාන කියලා.

මේගොල්ලො ලීව නිසා නෙවෙයි ඕක මිනිස්සු අහන්නෙ මම හරියට කීව නිසා. පැහැදිලිම සත්‍යය ඒකයි. අද බලන්න පත්තරේක කවියක් තිබුනට කවුද ඒක කියවන්නෙ. හොඳ උගත්කමක් තියන ඒකෙ රස අඳුනන කෙනෙක් විතරයි ඒක කියවන්නෙ. ගීතයක් ලීවම සංගීතයක් දවටලා තමයි අස්සවන්නෙ. ඊට පස්සෙ තමයි කවුද සිංග් කරන්නෙ කියල අහන්නෙ. එතකන් මිනිසුන්ට ඒක වැදගත් නෑ. ඒකෙන්ම තේරෙනව අපි තමයි මේකෙ නියම අයිතිකාරයෝ. කවුද ඔය නීතිය හැදුවෙ..! 

ප්‍රශ්නය: විවිධ සමාගම් අටවාගනිමින් මේ ගීත සොරකම කරන පුද්ගලයනුත් හෙළි කල යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ?

පිළිතුර: වැරැද්ද කරන්නෙ මේ ජංගම දුරකථන ආයතන. අපේ කලාකාරයෝ හෑල්ලුවට ලක් කිරීමක් ඒගොල්ලො කරන්නෙ. කෙනෙකුට දැනෙන්න සිංදුවක් කියන එක හරි අමාරු වැඩක්. ඒක හෑල්ලුවට ලක් කරනව මේගොල්ලො. කිසි බලයක් නැතුව කෝටිගනන් හම්බ කරනව මේගොල්ලො. සත 5 ක් මේ වෙනකං කිසිම ආයතනයකින් මට ගෙවල නෑ. මම අරගෙනත් නෑ.

මම අඳුනන ලෝයර් කෙනෙක් ඉන්නවා. එයා මාව අරගෙන ගියා එක්තරා ආයතනයකට ගියාම ඒගොල්ලො බය උනා. ගිහිල්ල ඇහුව xxxxxx xxxxxx ගෙ සිංදු කොච්චර අරගෙන තියනවද කියලා සංඛ්‍යාලේඛන අපිට දුන්නා.

මගෙ xxxxx ගීතයෙන් පමණක් ඔවුන් ලක්ෂ 85 ක් හොයල තිබුනා. බලන්න කොච්චර අසාධාරණ ද කියලා. මගෙ ලෝයර් ඇහුව ඒ සල්ලි අපිට ගන්න බැරිද කියලා. ගන්න බෑ කීවා. අද ඉඳල ඒක කරල දෙන්නම් අලුත්ම නීතියේ හැටියට. කේස් එකක් ෆයිල් කලොත් ඒවත් ගෙවන්න වෙනවා. මම හොයල බැලුවා. අනිවාර්ය්‍යයෙන්ම ගෙවන්න ඕන. රුපියල් කෝටි ගානක් මට එන්න තියනව සල්ලි.


කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 
4.0 කපුගේ සමග සන්ෆ්ලවර්ස් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව
3.0 සුනිල් පෙරේරා - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව 
2.0 නිහාල් නෙල්සන් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව 

1.0 සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව

13 comments:

  1. මේ ගැන කතාකරන්න තරම් නීතිමය තත්වය පිළිබඳ මා සතු කිසියම්ම අවබෝධය ක් නෑ. ඒ නිසාම සධාචාරාත්මක ව හිතන විට මගේ විශ්වාසය තනු නිර්මාපකයා, රචකයා සහ ගයකයා කියන තිදෙනාම ප්‍රතිලාබ ලැබියයුතු බවයි.
    රිංගින් ටෝන් නොවන,අද වන විට අප සිංදු අසනවා නොව සිංදු බලන වාතාවරණයක , සිංදුවක් නො ඇසෙන තත්වයක නළු නිළියන් , අධ්‍යක්ශවරුන් ඇතුළු පිරිස ප්‍රතිලාබ ලැබියයුතු නොවේ ද?? :) :) :)

    ReplyDelete
    Replies
    1. මම අහල තියෙනවා ඉස්සර ගුවන් විදුලියේ ගීතයක් ප්‍රචාරය උනාම ගායකයා, ගීත රචකයා සහ තනු නිර්මාපකයා යන තිදෙනාටම සමාන මුදලක් ගෙව්වා කියලා. ඒ කාලේ රුපියලක් වගේ ගණනක් කියනවා එක්කෙනෙකුට ගෙව්වේ.
      දැන් නම් කොහොමද දන්නේ නැහැ.
      පුද්ගලික නාලිකා වල වැඩසටහන් අධ්‍යක්ෂක වරුනට තමන්ගේ ගීත ප්‍රචාරය කරවා ගන්න ගායකයන් ලක්ෂ ගණනින් ගෙවනවා කියලත් කියනවනේ.

      Delete
    2. මාත් ඒ කතාව අහලා තියෙනවා , දැන් සමහර ගායකයින් ගෙන් තමන් ලියපු සිංදුවක් ගායනා කරවා ගන්න appointment එකටත් ගෙවනවාළු :)

      Delete
    3. මාත් බුද්ධිකා ගේ කතාවට එකඟයි
      //එවිට මෙතෙක් කාලයක් අනුන්ගේ බුද්ධිමය දේපල අයිතිය මංකොල්ල කමින් සිටි ගායකයන් කුපිත් විය. ඔවුහු දුරකථන සමාගම් ගානේ ගොසින් ගීත රචකයන් "රිඟින් ටෝන්" මගින් උපයා ගන්නා ලද මුදල් පිළිබඳව විමසා සිටියහ. තමන් කලින් කරනා ලද වංචාව අමතකවූ ඔවුහු පුවත් පත් සහ විද්‍යුත් ජනමාධ්‍ය තුලින් ආවේගශීලී ප්‍රකාශ ජනගත කලේ සුදු රෙද්දෙන් පොරවාගෙන සිටි සිය නිරුවත් ලොවට පෙන්නුම් කරමිනි.//
      ගීත රචකයට තමා පදවල අයිතිය

      Delete
  2. තමංට කෙලවෙනකොට තමයි හැම එකාටම අනුං මතක් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. තමා විසින් ගීත රචකයාගේ කොපි රයිට් වංචා කරපු හැටි මතක නැහැ.

      Delete
  3. කව්ද බං මේ කියන ඩයල් එක?

    ReplyDelete
    Replies
    1. පට්ට ප්‍රබුද්ධයෙක්

      Delete
  4. ඇපල් මලක් වගේ ඩයල් එකක්නෙ :)

    ReplyDelete
  5. කෙලින් කියපං..අමරසිරි පීරිස් ද?

    ReplyDelete
  6. කලාව යනු යථාර්තය ජය ලැනීමේ එක්මා ර්ගයකි.(ට්‍රොට්‍ස්‍කි).
    මගේ පොඩි මොලයට,අනුමස්තිශ්කයට,තේරෙන විදිය⁣ට නම් සිංදුවක් (ගීතයක්) කියලා කවුරු හරි එකෙක් ද්‍රව්‍යමය tangible ප්‍රතිලාභයක් ලබනවා නම් , ඒ ප්‍රතිලාභය writer, composer and singer තිදෙනාටම බෙදී යා යුතුයි සම සමව.

    ReplyDelete
    Replies
    1. ඔබ සමග 100% එකඟයි .
      UK
      https://www.newmediarights.org/business_models/artist/who_owns_copyright_song
      mongst the usual suspects who may own the publishing rights in part or in full are:
      The composer
      The composer's employer (if the song was created as part of an employment relationship)
      The patron who paid for the composition (classical works done as “work for hire” arrangements, for example)
      Another creative contributor
      Amongst the usual suspects who may own the rights to a sound recording in part or in full are:
      A record label
      A studio engineer
      Various session musicians
      The composer’s employer or patron

      Delete