Wednesday, October 4, 2017

සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 01

නිර්මාණ කරුවකු කලා නිර්මාණයක් කරන්නේ රසිකයන් ගේ රසවින්දනය පිණිසය. සිය රසිකයන් තමන්ගේ නිර්මාණය රස විඳීම කලා කරුවා ලබනා ඉහලම සංතෘෂ්ටිය වේ. ගීතයක්, කවියක්, චිත්‍රයක්, නවකතාවක්, චිත්‍රපටයක්, නාට්‍යයක්  වැනි ඕනෑම නිර්මාණයක් සඳහා එය පොදු සාධකයකි. 

සන්නිවේදන තාක්ෂනයේ දියුණුවක් නොතිබුන පෙර කලා නිර්මාණයක්  රසිකයා අතරට ගෙන යාම විශාල අභියෝගයක් විය. මේ හේතුවෙන් එකල නිර්මාණයක් ජනගත කිරීම සඳහා විශාල සිවිල් බලයක් අවශ්‍ය විය. සිවිල් බලය නොතිබුණු කලාකරුවා කෙතරම් දක්ෂ නිර්මාපකයෙකු වුවද ඔහුගේ නිර්මාණ ජනගත නොවින.

මේ සිවිල් බලය කුමන ක්‍රමයකින් හෝ ගොඩනගා ගත් කලාකරුවන් තම සිවිල් බලය රැක ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදා ගත්හ.  සමහරුන් ගුරු පරම්පරා ඇතිකර ගනිමින්ද, ගුරු මුෂ්ඨි රැක ගනිමින් නිර්මාණ කරණය සාමාන්‍ය ජනතාව අතරට යාම වලක්වා තිබෙනු දකින්නට පුළුවන් විණ. 

අප රටෙහි සංගීතය මේ ගුරු කුළ වෙතින් බෙහෙවින් පීඩාවට පත් වූ කලා ක්ෂේත්‍රයකි. එය තනිකරම ඉන්දියානු සංගීතය උගත් පිරිසකගේ ග්‍රහණයට යටත්ව පැවතින. එකල ගීතයක් ජනගත කිරීම සඳහා තිබු එකම මාධ්‍යය ගුවන් විදුලිය පමණි. ගුවන් විදුලි සංස්ථාව අරක්ගෙන තිබු ඉන්දීය ගුරු කුල බහිරවයන් අලුත් ගායකයකුට හෝ සංගීතඥයකුට සංස්ථා භුමියේ පස් පාගන්නට නොදුන්හ. අපහසුවෙන් හෝ අලුත් මුහුණක් මතුවූ විටෙකදී ඔවුන්ගේ තැටි සුරා විනාශ කර දැමූහ. අලුත් සංගීත ශෛලීන්ට  කිසි විටෙකත් ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සේවාවන් සඳහා දොර ඇරුනේ නැත. 

ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය තනිකර ඉන්දියානු සංගීතය ගුවන් ගත කරමින් සිටින්නේ වුවද, රටේ රසිකයා ඉල්ලා සිටියේ වෙනත් ආරක ගීතයන්ය. මේ සියලු බාදක මධ්‍යයේ සී ටී ප්‍රනාන්දු ගේ ගීත රටෙහි බෙහෙවින් ජනප්‍රිය වින. දේශීය බමුණු කුලයේ කුහකයින් ගුවන් විදුලි සංස්ථාවේ ශබ්දාගාර තුල සිල්ලර තාක්ෂනය යොදා ගීත තැටි ගත කරනා විට  සී ටී ප්‍රනාන්දු ගීත තැටිගත කරනා ලද්දේ එකල උපරිම තාක්ෂණය තිබුනු ලන්ඩනයේ  ‘හිස් මාස්ටර්ස් වොයිස්’ (HMV) සහ  ‘ෆිලිප්ස්’ (Phillips) වැනි ශබ්දාගාරවල මැදිරි තුලය. ඊනියා ඉන්දීය ගුරු කුලයේ සංගීත කරුවන් ටබ්ලාවෙන් බේස් හඬ නගනා විට සී ටී ප්‍රනාන්දුගේ ගීත "ඩබල් බේස්" යොදවාගෙන මියුරු සංගීතයක් රසිකයනට දායාද කළහ. ඔහුගේ මුල් පටිගත කිරීම් අදටත් ඉහලම තත්වයෙන් පවතියි.  නමුත් සී ටී ගේ ගීත, ගුවන් විදුලියේ සිංහල සේවාවන් අරක් ගත් කුහකයන් විසින් ප්‍රචාරය කිරීම වැලක්වුහ. ඩබ්ලිව්. ඩී. අමරදේව සහ එච්. ඩබ්ලිව්. රූපසිංහ එක්ව හඬ ශ්‍රේණිගත කිරීම් වලින් සීටී ව අසමත් කළහ. තවත් අය ඔහුගේ තැටි හරහා ඉරි ඇඳ විනාශ කළහ. 

සිංහල (ඉන්දියානු) බමුණන් කෙතෙක් අකටයුතු කම් කළේ වුවද සීටී ප්‍රනාන්දු මාකට් විය. එලෙස මාකට් වුයේ එකම එක ප්‍රධාන කරුණක් නිසාවෙනි. එනම්  එකල ලොව පුරා පැතිර යමින් තිබුන "පොප්" සංගීතය සිංහල ගීත රසිකයා වෙත ගෙන ඒමයි. අමතරව සීටී ගේ ගී තැටි වල සංගීතයේ තිබු ඉහල ගුණාත්මක භාවයක් නැතහොත් කොලිටියක් පැවතීම ද කොළඹ සමාජය තුල මාකට් වීමට අමතර හේතුවක් වන්නට ඇත. 

කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.

6 comments:

  1. කාගේද කුහක කම ? ඉරාජ් ගේද

    ReplyDelete
    Replies
    1. ඉරාජ්ලගේ නෙවෙයි. උන් අලුත් දෙයක් කරන්න හදන උන්

      Delete
  2. සුනිල් ශාන්තට බලපෑවෙත් මේ වගේම දෙයක් ද ?

    ReplyDelete
    Replies
    1. ඩබ්ලිව්. ඩී. අමරදේව සහ එච්. ඩබ්ලිව්. රූපසිංහ එක්ව හඬ ශ්‍රේණිගත කිරීම් වලින් සීටී ව අසමත් කරනා විට එයට එරෙහි වුයේ තේරීම් මණ්ඩලයේ සිටි අනෙක් සාමාජිකයා වූ සුනිල් සාන්ත පමණයි.

      Delete
  3. ඒකාලේ ගුවන්විදුලිය හැසිරුනේ ඔවුන් නැතිනම් අපට මුකුත් නැ වැනි අධිකරියකින්. නවකයෙකුට එහෙම නිර්මාණයක් ඉදිරිපත් කරන්න පස්මහ බැලුම් බලන්න ඕනේ විශේෂයෙන් සංගීත මස්ටර්ලාවගේ උදවිය ඔවුනට වැඳගෙන ඉන්න ඕනේ

    ReplyDelete