Saturday, August 9, 2014

සංගීත චාරිකාවක් 16 - The Bellamy Brothers සහ ඉල්ලීමක්

සංගීත චාරිකාව පටන් අරන් අදට මාසයයි. බ්ලොගය පටන් අරන් සති පහයි. මේ කාලය තුල පොස්ට් 15ක් ලියාගන්න හැකි උනා. මේ පොස්ට් එකක් ලියනවා කියන්නේ හරිම වෙහෙසකර දෙයක්. සිත්ගත් සංගීත කණ්ඩායමක් තෝරාගත් පසුව ජාලය පීරලා කරුණු හොයන්න ඕන. ගොඩක් වෙලාවට මම විකිපීඩියා තුලින් ඉතිහාසය හොයා ගන්නවා.පොස්ට් එක සිංහලෙන් ටයිප් කරල ගීත දර්ශක අධ්‍යනය තුලින් ජනප්‍රිය ගීත තෝරගෙන යූ ටියුබය පීරලා හොඳම වීඩියෝ තෝරගන පොස්ට් එකට එක් කරල වැඩ ඉවර කරන්න අවම පැය හතරක් යනවා. සංගීතයට ආදරය කරන මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ වගේම මෙය නොකඩවා ඉදිරියට ගෙනයන්න කරන දිරිගැන්වීම හරිම අපුරුයි සහ සුන්දරයි. නමුත් සමස්තයක් ලෙස ගත්තහම පොස්ට් බලන පිරිස හොඳටම අඩුයි. own page views ට්‍රැක් කිරීම නැවැත්වූ පසුව බොහෝ දිනවල 20ත් 25 ත් අතර තමයි තියෙන්නේ. මේ සඳහා ගත කරන කාලය අපරාදයක් ද කියල වෙලාවකට හිතෙනවා. මොකද විකිපීඩියා එකට ගියාම මේ වගේ පනස් ගුණයක් විතර දැනුම ලබාගන්න පුළුවන් එකේ ඉතා සුළු පිරිසක් කියවන බ්ලොග් එකක් මෙතරම් කාලයක් වැය කරලා මේන්ටේන් කිරීම පලදායකද කියන හැංගීම මතුවන නිසා. ඒ නිසා පාථක පිරිස වැඩි කරගන්න පොඩි ප්‍රචාරයක් දීල සහයෝගයක් දෙන්න කියල ඉල්ලනවා.

දැන් ආයෙත් සංගීත චාරිකාව පැත්තට හැරෙමු. මේ දවස් වල දිගටම කන්ට්‍රි සංගීතය ගැන ලියන්න හිතාගෙන ඉන්නේ. කන්ට්‍රි සංගීතයහි විවිධ කොටස් සහ ශෛලීන් තුල ගැයුන ගීත සාමාන්‍ය මට්ටමින් ආවරණය කරන්න තව පොස්ට් 15 ක් වත් ලියන්න වෙනවා.

Let Your Love Flow ගීතයෙන් ජනප්‍රියත්වයට පත්ව, සංගීත දර්ශකයන්හි අංක එකට පත්වූ ගීත විස්සක් සමග ගීත පනහක් දර්ශක වෙතට ගෙනගිය බෙලමි බ්‍රදර්ස් සංගීත කණ්ඩායමේ කතාවයි මේ.


ඩේවිඩ් බෙලමි සහ හොවාර්ඩ් බෙලමි ෆ්ලොරිඩාහි හැදී වැඩුනේ සංගීත කිහිපයක අභාෂය ඇතිවය. සිය පියාණන් කන්ට්‍රි ගීත ගායනාකල අතරම ප්‍රදේශීය වෙස්ටර්න් ස්වින්ග් ශෛලීයේ (Western Swing) සංගීත කණ්ඩායමක සාමාජිකයකු විය. ඔවුන්ගේ සහෝදරිය රොක් ඇන්ඩ් රෝල් ශෛලීයේ සංගීතයේ නිරතවිය. නිසි සංවිධිත සංගීත අධ්‍යාපනයක් නොලැබුවද මෙම සහෝදරයන් දෙදෙනා ගිටාර් බැන්ජෝ සහ මැන්ඩලීන් වාදනය ප්‍රගුණ කලහ. මීට අමතරව ඩේවිඩ් එකොඩියන්, ඔර්ගන් පියානෝ සහ වයලීනයක් මෙන් වූ රවුකිඤ්ඤය (fiddle) වාදනය ප්‍රගුණ කලේය.

1968 වසරේ සිය පියා සමග ප්‍රථම වරට සැන් ඇන්ටෝනියෝ හි ප්‍රසංගයකට සහභාගීවූ සහෝදරයන් දෙදෙනා සුළු කලෙකින් ජෝර්ජියාහි ඇට්ලන්ටා වෙත සංක්‍රමණය වී Jericho නමින් සංගීත කණ්ඩායමක් අරඹා සමාජශාලා වල ගායනයේ නිරතවිය. ඉතා සුළු කාලයකදී සමාජශාලා ජීවිතයෙන් විඩාවට පත් මොවුන් නැවත සිය නිවසට පැමිණියහ. එහිදී ඩේවිඩ් ගේ තනුවකට Jim Stafford ගායනා කල Spiders and Snakes ගීතය Top 5 ගීතයක් බවට පත්විය. මින් ලැබුණු මුදල ඔවුන් දෙදෙනාට ලොස් ඇන්ජලීස් වෙත සංක්‍රමණයට ප්‍රමාණවත් විය.

ලොස් ඇන්ජලීස් හි ඩේවිඩ් මුලින්ම එළිදැක්වූ Nothin' Heavy ගීතය මුලදී අසාර්ථක විය. අනතුරුව 1976 දී Let Your Love Flow ගීතය එළිදැක්වූ විට එය එක්සත් ජනපද පොප් දර්ශකයේ සහ Hot Country Singles & Tracks දර්ශකයේ ප්‍රථම ස්ථානයට පත් විය. 1979 දී එලිදක්වූ If I Said You Had a Beautiful Body එක්සත් ජනපද කන්ට්‍රි දර්ශකයේ ප්‍රථම ස්ථානයට පත් විය.

Nothin' Heavy
If I Said You Had a Beautiful Body

If I Said You Had a Beautiful Body ගීතයේ සාර්තකත්වයත් සමග The Bellamy Brothers කන්ට්‍රි ගීත වෙත නැඹුරු විය. අනතුරුව Redneck Girl, Santa Fe, Old Hippie , Kids of the Baby Boom සහ Everybody's Somebody's Darlin වැනි ගීත රාශියක් ගායනය කලහ.

Redneck Girl
Santa Fe

Old Hippie

Kids of the Baby Boom
Everybody's Somebody's Darlin


පසුව දිගු නිහැඬියාවකට පසු 2005 වසරේ Angels & Outlaws ගීතය Billboard Hot Country Songs දර්ශකයේ සතියක කාලයක් ගතකලේය

චාරිකාව තව දුරයි
දාහත් වන කොටසින් හමුවෙමු

8 comments:

  1. මං හිතන්නෙ මේ වගේ පොස්ට් කියවන්න කැමති අපි වගේ සංගීත පිස්සො ඉන්නකං ජීවන්ට අවුලක් වෙන්නැති වෙයි..
    හෙක් හෙක්...

    අපූරු පෝසටුවක්....
    ඒත් අවංකවම කියන්න ඕන මං ඉංගිරිස් සිංදු අහනව අඩුයි..ඒ හන්දද කොහෙද මේව ටික ඇහුවෙම දැන්...
    ලස්සනයි..

    ඒක නෙවී ඔයාගෙ බ්ලොග මගෙ රෝලෙ අප්ඩේට් වෙන්නෙ නෑනෙ..
    මං හිතං හිටියෙ ඔයා ලියන්නැතිව ඇති කියල

    ReplyDelete
  2. මෙතන තියන සමහර ගීත මමත් පළමු වතාවත ඇහුවේ මේක ලියනකොට තමා. ඔක්කොම අහන්න ඉංග්‍රීසි රේඩියෝ චැනල් එකක නෙවෙයිනේ වැඩ කරන්නේ.

    මචන් බ්ලොග් රෝල් එකන් ගලවල අයෙත් ඇඩ් කරාම හරි යයි

    ReplyDelete
  3. මේ සින්ඩි ටික දුන්නෙ අපෙ සඳුමලය..
    http://maathalangesindiya.blogspot.com/
    http://syndi.lankeeya.lk/
    http://blogs.sinhalabloggers.com/
    http://syndi.lankeeya.lk/
    http://www.sinhalabloggers.com/
    http://sindiya.com/
    http://www.kottu.org/
    http://blogs.geegain.com/
    http://lankablogs.org/
    http://maathalangesindiya.blogspot.com/
    http://www.hathmaluwa.org/
    http://www.ekathuwa.com/
    http://api-apita.blogspot.com/
    http://ad.einfolk.com/
    http://sindilanka.blogspot.com/
    http://nohimsithuwili.blogspot.com/
    http://avakashaya.blogspot.com/
    http://k-matha.blogspot.com/
    http://i-am-a-blog-reader.blogspot.com/
    http://helayeithihasaya.blogspot.com/
    http://ambagaha.blogspot.ca/
    ඔතනින් සමහර ඒවනං දැන් වැඩ නැද්ද කොහෙද... ඔය සින්ඩි ටිහකට මේ බ්ලොග් එකත් එල්ලල දාන්න..

    අදත් මරු විස්තරෙත් එකක් සින්දු ටිකක් තියෙන්නෙහ්...

    ReplyDelete
  4. බොහොම තැන්කු සින්ඩි ලිස්ට් එකට
    තවත් කන්ට්‍රි බෑන්ඩ් 15 ක විතර විස්තර එකතු කරගෙන තියෙනවා. ඉක්මනට දාන්නම්

    ReplyDelete
  5. බොහොම අපූරුයි බොස්.… වැඩේ දිගටම කරන් යං.

    ReplyDelete
    Replies
    1. කරමු කරමු. කියවන්න පිරිස ඉන්නවනම් නොකර බැහැනේ......

      Delete
  6. අද තමයි මේ පැත්තේ ආවේ...මේ චාරිකාව දිගටම යන්න පුලුවන්නම් නියමයි.....සමහර සින්දු මමත් කලින් අහල තිබුනේ නැහැ ,ඒ වගේම නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා .. ඔන්න බ්ලොග් එක එකතු කර ගත්තා ... දිගටම ලියන්න ..

    ReplyDelete
    Replies
    1. කියවන පිරිස වැඩිවෙනකොට ලියන්න ආස හිටෙනවා.

      Delete