ලිපි පෙළෙහි පෙර කොටස් පහතින්
ජිප්සීස් සංගීත කණ්ඩායම ප්‍රසිද්ධියේ උපරිමය වෙත ලඟා වන අවදිය වන විට ලංකාවේ පැවතියේ සංගීත කණඩායම් ඉතාමත් සුළු ගණනක් පමණි.එම කණඩායම් වල බටහිර සංගීතය විධිමත් ලෙස හදාරන ලද වාදකයන් සිටි අතර ඔවුන් ලාංකික රසිකයාට සුමිහිරි ගීත පෙළක්ම දායාද කරදී තිබුණි. එම ගීත වලින් බහුතරය ගුවන් විදුලියට ආගන්තුක විය. නමුත් ගීත රචකයා ගුවන් විදුලි කල්ලියට සම්බන්ධ අයෙකු වී නම් ගීතය ගුවන් විදුලිය ප්‍රචාරය වින. ඉතිරි ගීත අසන්නට ලැබුනේ එකල විරල වූ තැටි වාදන යන්ත්‍ර හිමිකරුවන් වූ යමක් කමක් ඇති පන්තියට පමණි. මෙය ශ්‍රී ලාංකික රසිකයාගේ රසඥතාව මොට කිරීමට හේතුවක් විය. ගම්වල තරුණ තරුණියන්ට ගුවන් විදුලි ඉන්දියානු කල්ලිය පමණක් වීරයන් විය.
හැත්තෑ හතේ පෙරලියන් පසුව විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමගම සුවිසල් සමාජ, ආර්ථික මෙන්ම සංස්කෘතික පෙරලියක් රට තුල සිදුවිණ. රට වටා විවිධ පෙදෙස් වල නිදහස් වෙළෙඳ කලාප බිහි විය. ඒවා තුලට ග්‍රාමීය තරුණ තරුණියන් දස දහස් ගණනින් ගාල් කෙරිණ. ග්‍රාමීය වශයෙන් ඉහල මට්ටමක තිබුණු රැකියා විරහිතභාවය, කුල පීඩනය, දිළිඳුකම වැනි සාධක මත තරුණ තරුණියන් අවම පහසුකම් වලින් යුතු මේ වහල් කඳවුරු වෙත පැමිණියේ මුදල් මෙන්ම නිදහස් වාතාවරණයක් බලාපොරොත්තුවෙනි.
නිදහස් වෙළෙඳ කලාප වටා ඒවාටම අනන්‍ය වූ උප සංස්කෘතියක් ගොඩනැගිණ. ඒවාට පැමිණි තරුණ තරුණියන් ගම සහ නගරය යන දෙකටම අයත් නොවන සංස්කෘතියක අතරමං වී සිටියහ. මේ සංස්කෘතිය තුල එළිමහන් සංගීත සංදර්ශණ සුලභ විය. සමහර සති අන්තයන්හි ප්‍රදේශයේ විවිධ ක්‍රීඩාංගන වල සංගීත ප්‍රසංග දෙක තුන පවත්වන තත්වයක් තිබිණ.
ජිප්සීස් කණ්ඩායමේ සාර්ථකත්වය සමගම පුරා බොහෝ සංගීත කණඩායම් බිහිවිය. ඉන් බොහොමයක් උපන්ගෙයිම මියැදුණු නමුදු කිහිපයක් පමණක් සාර්ථක විය. එළිමහන් සංගීත ප්‍රසංග වලට සංගීතය සැපයීම සඳහා උපරිම ඉල්ලුම තිබුණු කණ්ඩායම් අතර සන් ෆල්වර්ස් ඉහලින්ම සිටියේය. ගුවන් විදුලිය කේන්ද්‍ර කරගත් ඉන්දියානු ගුරු කුලය මුල් යුගයේදී එළිමහන් ප්‍රසංග වල ගීත ගායනයේ නොයෙදින. ඒවායේ ගායනයේ යෙදුනේ බටහිර ආරයේ ගීත ගායනා කරනා ලද ගුවන් විදුලි කල්ලියට පිටස්තර ගායක ගායිකාවන් පමණි. ප්‍රවීණ යයි කියාගන්නාලද ඉන්දියානු ගුරු කුලය මේ සංගීත කණ්ඩායම් නිර්දය ලෙස විවේචන කරනා ලද්දේ ඒවා තුප්පහි සංගීත කණ්ඩායම් ලෙසින් හඳුන්වමිනි.
වෙළෙඳ කලාප වලට ග්‍රාමීය තරුණ පිරිස් පැමිණීමත් සමගම ඒවායේ ප්‍රසංග වලට ගමේදී ස්වකීය වීරයන් වූ ඉන්දියානු ගුරුකුලයේ ගායන ශිල්පීන්ට හොඳ ඉල්ලුමක් බිහිවිය. ආර්ථික අපහසුතා වලින් හෙම්බත්ව සිටි ඉන්දියානු ගුරුකුලයේ එකා දෙන්නා තමන්ට තිබුණ ඉල්ලුම සහ ලැබෙනා මුදල හේතුවෙන් තමන් කලින් විවේචනය කරනා ලද තුප්පහි සගීත කණඩායම් වල ටකරං සංගීතයට ගීත ගායනය ආරම්භ කලහ. ටික කලෙකින් ටකරං සංගීත කණ්ඩායම් සමග ගීත ගායනයේ නොයෙදුනේ වික්ටර් රත්නායක, නන්දා මාලනී වැනි ස්ථාවර ආර්ථික තත්වයක් ඒ වනවිටත් ගොඩනගාගෙන සිටි අල්පයක් පමණි. සවසට ටකරං කණ්ඩායම් වල ගායනයට වේදිකාවට නගින ඉන්දියානු ගුරුකුලයේ සමහරුන් දහවලට එම කණඩායම් විවේචනය කිරීම සුලභ විය. ඔවුනට පමණක් දොර හැරී තිබුණු පුවත්පත් ලිපි, ගුවන් විදුලි සහ රුපවාහිනී සාකච්චා වලදී ටකරං සංගීත කණඩායම් පතුරු හැරීම සඳහා කිසිදු හිරිකිතයක් මොවුනට නොවිණ.
ප්‍රසංග වේදිකාවේ ඉහල ඉල්ලුමක් තිබුණු ගුණදාස කපුගේ මේ අවදියේදී විප්ලවකාරී තීරණයක් ගත්තේය. ඒ සන්ෆල්වර්ස් සංගීතයට කැසට් පටයකට ගීත ගායනය කිරීමට ගන්නා ලද තීරණයයි.
එම තීරණය දේශීය සංගීත ක්ෂේත්‍රයේ විප්ලවයක්ම විය. කපුගේ එක රැයින් මාකට් විය. "සන්ෆ්ලවර්ස් සමග කපුගේ" කැසට් පට ලක්ෂ ගණනින් අලෙවි විය. බස් රථවල දීර්ඝ කාලයක් වාදනය වුයේ කපුගේ පමණි.
සුපුරුදු ලෙසින්ම ඉන්දියානු ගුරුකුලයේ කුහකයෝ කපුගේට එරෙහිව අවි අමෝරා ගත්හ. කපුගේ වෙත කෙරුණු නිර්දය විවේචන වලින් පුවත් පත් පිටු පිරී ගියේය. ගුවන් විදුලි සහ රුපවාහිනී සාකච්චා වල කපුගේ නොමරා මැරූහ. එනමුදු සවසට සන්ෆ්ලවර්ස් වේදිකාවට ගොඩවුහ.
ඒ වනවිට ආර්ථික අපහසුතා වලින් අන්ත අසරණ බවට පත්ව සිටි හෙන්රි කල්දේරා ද කපුගේ ගිය මගෙහි ඉතා ඉක්මනින් පා නැගුවේය. "සන්ෆ්ලවර්ස් සමග හෙන්රි කල්දේරා" ද සුවිසල් සාර්ථකත්වයක් ලබමින් ජනප්‍රිය විය. සන්ෆ්ලවර්ස් ද හරිහරියට මාකට් විය. සංගීත පුහුණුවීම් සඳහා වෙලාවක් නොමැති වූ සන්ෆ්ලවර්ස් සිය පුහුණුවීම් සිදුකරනා ලද්දේ නගරයෙන් නගරයට යන අතරතුර බස් රථයේ දී බව නීල් වර්ණකුලසුරිය පසුකලෙක කියා තිබිණ.
ඉතා ටික කලෙකින් "සන්ෆ්ලවර්ස් රැල්ල" මාරුතයක් මෙන් ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රය පුරා හමා ගියේ ඉන්දියානු ගුරුකුලයේ බොහෝ දෙනෙකු සන්ෆ්ලවර්ස් කැසට් පටයේ ඔතා දමමිනි. ඔවුහු කිසිදු ලැජ්ජාවක් නොමැතිව තමන් විසින් නිර්දය විවේචනයට ලක් කරනා ලද නීල් වර්ණකුලසුරිය ප්‍රමුඛ සන්ෆ්ලවර්ස් ඉදිරියේ දණ නැමීය.
ඉන් වසර 10 ට පමණ පසුව ගුණදාස කපුගේ කියා තිබුනේ ඔහු සන්ෆ්ලවර්ස් කැසට් පටයට ගීත ගායනා කලේ සංගීත ක්ෂේත්‍රයේම මිතුරකුගේ ආර්ථික අවශ්‍යතාවකට පිහිට වීමට බවය.
කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.
ලිපි පෙළෙහි පෙර කොටස් පහතින්
සන්ෆ්ලවර් හිංදා තමයි හුඟක් ගෙවල්වල රේඩියෝ එක අයිං කරලා ඒ වෙනුවට කැසට් එකක් ගෙනාවේ.
ReplyDeleteඔව් ඒ කාලේ බස් එකේ ගියත් ගුණදාස කපුගේ, පයින් යනකොට ගෙවල් වලින් ඇහෙන්නෙත් ගුණදාස කපුගේ. කැසට් පීස් එක අප්පිරියා වෙනකං ඇහුනා....
Deleteදන්නෙ නැති හින්ද අහන්නෙ. කවුද දැන් ඔය ඉන්දියන් ගුරුකුලේ හිටපු අය. අමරදේවද? වික්ටර් රත්නායකද?
ReplyDeleteකවුරුහරි ගීත රචකයෙක් කියල තිබුනා... දවසක් පැල නැති හේනේ සින්දුව යනකොට තමන්ගෙ අම්ම මතක් උනා කියල,... එකම සන්ෆලවර් සංගීතෙට ඇහෙනකොට කපුගේගෙ අම්ම මතක් උනා කියලත් .... යුහු.....යුහු....
ReplyDeleteගෙයක් ගෙයක් ගානෙ කැසට් ප්ලේයර්, කැසට් එන්න පටංගත්තට පස්සෙ රේඩියෝ එකට තමංගෙ ඒකාදිකාරය තියාගෙන ඉන්න බැරි උනා. කොල්ලො ඒ කාලෙ බලාගෙන හිටියෙ 'සන්ෆලවර් සමග අහවලා' අලුත් කැසට් එකක් එන්නෙ කොයි වෙලාවෙද කියල.
ReplyDeleteමමත් ඔය සන්ෆලවර් ගීත තවමත් අහනවා. ඔය කපුගේට දුන්න විවේචන නම් මටත් මතකයි.
ReplyDeleteටී එම් ජයරත්න සන්ෆ්ලවර් සමඟ මුදල් ගෙන කැසට් එකක් කර පසුව මුදල් නොගත් බව කියන්න ගිහින් නිෂ්පාදකයා දුන් මුදල් ප්‍රමාණයත් ටී එම් ඔහුගේ මුදල් අත් දෙකින් අල්ලාගෙන පින් දුන් හැටිත් හෙළිකිරීම නිසා නෝන්ඩි වුන කථාවක් මතකයි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteතට්ට තනියමේ කිසි කෙනෙකුගේ හව් හරනක් නැතුව බස් නැවතුම්පලවල සින්දු කියපු හෙන්රි කල්දේරට ජීවිතය ගෙනියන්න සරණක් උනේ සන්ෆ්ල වර් කැසට් පට විතරම තමඊ ,මහා ලොකුවට දේශියත්වය සුරකින්න කිබුල් කදුළු හෙලන ඔය ඉන්දියානු ගුරුකුලේ කවුරුත් ඔහුට පිහිට උනේ නැත.
ReplyDeleteගුණදාස කපුගේටත් එලෙසම තමා .සැමදාම කොළොඹ සිට රජරට සේවයට කෝච්චියේ ගාටනකොට ඔය ගුරුකුලේ නිහඩව පාඩුවේ සිටියේය ........එදත් භීෂණයට එරෙහිව '' කම්පන ප්‍රසංගය කරනා විට නිදි ඇදේ සිටියේ කුහක ප්‍රවීණයෝ මිස .කපුගේ වගේ මානව හිතවාදියෝ නොවේ.
එදා සන්ෆ්ල වර් කැසට් පටය වෙනුවෙන් ලබාගත් මුදලින් තම සහෝදර කලා කරු සුගතපාල සිල්වාගේ අසනීපයට ලක්ෂ 3.5 සහ තවත් සහෝදර හිතවතෙකුට මුදල් පරිත්‍යාග කර ගෙදර ගෙන ගිය ගණන රුපියල් විසි දහසකටත් අඩු මුදලකි .
එදා '' සිරි සගබෝදී මාලිගාවේදී '' නුර්ති ගීය බාතිය සන්තුෂ් .නව රිද්මෙන් රැප් කරද්දී ඔය ඉන්දියානු ගුරු කුලේ මුදලට බලයට තම සංගීතය බාල්දු කරමින් මුනිවත රැක්කේ ඉන්දියානු ගුරුකුලේ හැඩරුව විදහා දැක්වීමටය .ඒ නිහඩ තාවය අදටත් මහා කර්කශ ගොෂාවක් තරමට වර්දනයට ප්‍රවීන කුහකයෝ එදා සිට අදටත් අත්වැල් සපයති .......
එවන් කුහකයන් අතර කපුගේ ශ්‍රේෂ්ඨ මනු කුලේ ගායකයෙකි .!
++++++++++++
ReplyDeleteboru kiyanwa meya
ReplyDeletesunflower mulinma kare Henry kalderage cassete eka.
eeta passe Priya
ethanina patan gattta ralla
Victor rathnayakae sunflwer samaga casste ekaka nokarath sunflwer wedikawe sindu kiwwa
රන් සකු මම දන්න ඇත්ත කිව්වම.එක බොරුවක්නම් මට පහදලා දෙනවද .කොතනද බොරුව කියලා ?.
ReplyDelete'' කල්දේරට ජීවිතය ගෙනියන්න සරණක් උනේ සන්ෆ්ල වර් කැසට් පට විතරම තමඊ ''
මේක මම කියල තියනවනේ ....
හෙන්රි කල්දේරගෙන් පටන් අරන් රැල්ල ගියා ..................
සන්ෆ්ලවර් එක්ක නොකියපු අය ..................නව රිද්ම .එක්ක ගියා........................ .
අනික ප්‍රසංග වේදිකාවේ සන්ෆ්ලවර් මේරියන්ස් ,ශක්ති ,සිතාරා යන සංගීත කණ්ඩායම් සංගීතය දුන් වේදිකාවල වික්ටර් රත්නායක නෙමේ හැම ගායකයම සින්දු කිව්වා .......................එක තමඊ සංගීත සංදර්ශනය .............
දවස් 10 බලන් හිටියා ,...................නැහැනේ කිසිම උත්තරයක් .....................පොස්ට් එක්කක්වත් නැති '' මගේ කතා '' බ්ලොගේන්වත් සපෝර්ට් එකක් වත් අරන් බැරිද boru kiyanwa meya ගේ බොරුව පෙන්නලා දෙන්න .......................එතකොට මාර ශෝයිනේ ...................හා නැද්ද ....??
ReplyDelete