Thursday, October 5, 2017

සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 02


ගුවන් විදුලියට තිබුණු ඒකාධිකාරිය බිඳ වැටෙන්නට පටන් ගත්තේ 77දී ආර්ථිකය විවෘත කිරීම තුල රට තුලට කැසට් පටි වාදන යන්ත්‍ර මහා පරිමාණයෙන් ගලාගෙන ඒමත් සමගය. මේ නිසා මෙරට රසිකයන් ඉල්ලා සිටි ආකාරයේ ගීත නිෂ්පාදනය සහ බෙදාහැරීම සඳහා බොහෝ නිෂ්පාදකයන් බිහිවුනි. මේ කාලයේදී ක්ලැරන්ස් විජයවර්ධන , මිල්ටන් මල්ලවආරච්චි , ප්‍රියා සුරියසේන ගායකයන් ගේ ගීත වැනි ගුවන් විදුලියේ මුළුමනින් වාරනය් නොවුනද වාදනය් වුයේ ඉතාමත් කලාතුරකින්. ඔවුන් එකල ජනප්‍රිය ලොව පුරා ජනප්‍රිය පොප් ශෛලිය මෙන්ම කන්ට්‍රි ශෛලියේ ගීත නිර්මාණ රසිකයාට පිරිනමමින් සිටියහ. නමුත් ඔවුන්ගේ විශිෂ්ඨ නිර්මාණ ගුවන් විදුලිය අරක්ගෙන සිටි ඉන්දියානු ගුරු කුලයේ ගෙවලයන්ට වහ කදුරු මෙන් විය. 

ජනතාව චිත්‍රපට ගීත හරහා වැළඳගෙන සිටි ජෝතිපාල වැඩියෙන්ම විවේචනයට භාජනය විය. ඉන්දියානු ගුරුකුලයට අනුව ජෝතිපාල පීචං ගායකයකු විය. ජෝතිපාලගේ ගීතවල පද රචනා ඉතාමත් විශිෂ්ඨ මට්ටමේ පැවතුනද, ඔහු ගායන කුසලතාවෙන් අනුන වුවද දැඩි විවේචනයකට භාජනය විය. පුවත් පත් හරහා ඉන්දීය ගුරු කුලය ඔහුව විවේචනය කර විනාශ කරන්නට තැතනුවද ජෝතිපාල වඩාත ජනතාවට ආකර්ෂණය විය. නමුත් පුවත්පත් හරහා කරනා ලද  විවේචන තුලින්  රටේ පුවත්පත් කියවන ඉහල මධ්‍යම පන්තියෙන් ජෝතිපාලව ඈත කරන්නට මේ කුහකයනට  අවකාශ ලැබිණ. 

මේ කාලයේදී තවත් ගායකයකු රටේ සංගීත ක්ෂේත්‍රය සිය ග්‍රහණයට යටත් කරගනිමින් සිටියේය. ඔහු ගුවන් විදුලිය තුලින්ම බිහිවූ විශිෂ්ඨ ගනයේ කට හඬකින් යුතුවූ නිහාල් නෙල්සන්ය. "ලස්සනට පිපුණු වනමල්" තුලින් ගායන ක්ෂේත්‍රයට පිවිසි නිහාල් නෙල්සන්ට ගුවන් විදුලිය තුල අනාගතයක් නොවිණ. ඔහුගේ ගායන කුසලතාවේ ප්‍රභාවය රටෙහි සමස්ථ රසිකයා වෙත ගෙනයාමේ මග ගුවන් විදුලියේ කුහකයන් අසුරා දැමීම තුල නිහාල් නෙල්සන් "ගුණේ අයියගේ බජව් දාන කාමරේ" ට තල්ලු විය. ලාකීක රසිකයාට වඩාත්ම දැනෙන සික්ස් එයිට් (6/8) ස්පන්ධන රටාව (Beat) නිහාල් නෙල්සන් අති විශිස්ථ ලෙසින් හසුරුවාලීය. නමුත් ඔහුට ගීත ලියාදීමට ප්‍රබුද්ධ කුහකයින් ඉදිරිපත් නොවීය. කෙසේ වෙතත් ප්‍රබුද්ධ යැයි කියා ගන්නාලද ඉන්දියානු කුහක ගුරු කුලය ගුවන් විදුලියේ කුරු කුරු ගානා අතරතුරදී  නිහාල් නෙල්සන්ගේ ගීත අඩංගු කැසට් පට අලෙවි වාර්තා බිඳ හෙලමින් දස දහස් ගණනින් අලෙවි වින. ඊර්ශ්‍යා පරවේශ වූ ගුවන් විදුලි ඔස්තාර්ලා විසින්  ඔහුව "බයිලාකාරයකු"  වශයෙන් ලේබලයක් අලවා අවතක්සේරු කර දැමීය. නමුත් මේ ලේබලය ඇලවූ කුහක විචාරකයින්ට  බයිලා සහ සික්ස් එයිට් සංගීත රටාව පිලිබඳ කිසිදු දැනුවත් කමක් තිබු බවක් පෙනෙන්නට නැත. ඔවුහු එකෙකුවත් ලෝක සංගීතය රස විඳ නැති ඉන්දියානු ලිං මැඩියන් පමණක්ම විය. ඔවුන්  නිහාල් නෙල්සන්ගේ කුසලතාව සම්බන්ධව නොව ඔහුගේ ජනප්‍රියතාව සමග විශාල එරියස් එකක් කවර් කරමින් සිටියහ.

කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.

8 comments:

  1. nihal nelsanwa wrnana katana gam bayieak kiyanawa anek un loka sangethaya ahala naha kiyala. issara wela tho ahapan loka sangethaya.

    ReplyDelete
    Replies
    1. හා මචං.
      ලෝක සංගීතේ අහන්න මට පොඩ්ඩක් උදව් වෙයං.

      Delete
  2. නිහාල් නෙල්සන්ගෙ කටහඬ සහ සින්දු කියන්න පුළුවන් එක ගැන ගැටළුවක් නැහැ නමුත් කියාපු බොහෝමයක් ගොඩම 10 යි තත්වෙ සින්දු ගැන නම් කිසිම පැහැදීමක් නැහැ.

    නිහාල් නෙල්සන් හොඳයි නම් බස් අජිත් සහ මල් කිoස්ලි එහෙමත් නියම ගායකයො :-D

    ReplyDelete
  3. Replies
    1. ස්තුතියි ඇනෝ,

      මම මෙහෙම කිව්වට මම ඔය කියනා ගුරුකුලයකට ජැක් ගහනවා කියල හිතන්න එපා, මේ මගේ පුද්ගලික මතය.

      හැම මට්ටමක දේකටම මාර්කට් එකක් සහ රසිකයෝ ඉන්නවා. කොටින්ම ගොම් බෙට්ටකට පවා එකේ රසයට, ගුණයට කැමති ඈයො ඉන්නවා. ඒ උදවියට ඒ ගොම් බෙට්ටත් රස ගුලාවක් වෙන්න ඇති. මම කිව්වේ (ගොම සහ ගොම කුරුමිනියෝ ගැන). නමුත් අනිත් උදවියට ගොම බොහොම අපුල දෙයක්.

      ඇතැම් සංගීතයත් ටිකක් විතර ගොම වගේ, අපිට ගොම කන්න තහනමක් නැති උනාට අපි ගොම කන්නම ඕනද ??

      ඒ වගේම ඕකටම අදාලව නිතරම අනිත් පැත්තෙන් අහන ප්‍රශ්නයක් තමයි "ගොම්බෙට්ට මගේ නම් එක කෑවෙ මම නම් කාටවත් මොකෝ ? කියන එක.

      විවේචන කියන්නේ අනිත් අයගේ රස වින්දනයට බාධාවක් නෙමෙයි එක සීමාවක ඉඳගෙන සාධාරණව කරනවා නම්, අනික ඉතින් අපි යමක් වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඒ ගැන ගුණ-දොස් සහ විවේචන වලට මුහුණ දෙන්නත් ඕන. ඒක මේ කතාවේ දෙපැත්තටම පොදුයි.

      Delete
    2. ප්‍රශ්නෙ තියෙන්නේ ගොම තියෙන්නෙ කන්නමද ? වෙන දේකට ගන්නම බැරිද ? හිතන්න යමක්. වස විස ඇති පොහොර වලට වඩා වස විස නැති ගොම් බෙට්ට හොඳ වෙන්නත් පුළුවන්... කුළේ අමතක කරලා ළිදේ වතුර දාපු කළෙන් වතුර ටිකක් බිව්වොත් සමහර විට...... මොකද ගුරු කුළේ අයත් දැන්...... අනේ මන්දා....... නේද කණ්ඩා....

      Delete
  4. සමහර ගායකයන්ගෙ සමහර සින්දු අපිට අහන්න අකමැති වූ පමණින් ඒවා හෑල්ලු නොකල යුතුය යන්න මගේ අදහසයි මන්ද ඔවුන්ටද රසික සමාජයක් සිටින බැවිනි. ඉතින් කාගේවත් රසවින්දනය හෑල්ලු නොකල යුතුය.

    ReplyDelete
  5. හැමෝටම එක වගේ තැනක් දුන්න නම් ඉවරයි. ජෝතිට කැමති අය වගේම අමරදේව ට කැමති අයත් කපුගේට කැමති අයත් ඉන්නවා. මම නම් දෙන්නටම කැමතියි

    ReplyDelete