Saturday, October 4, 2014

සංගීත චාරිකාවක් 26 - මැඩෝනා ලුවිස් ශිකෝනී (Madonna Louise Ciccone)

සංගීත චාරිකාව තුල කාන්තා සංගීත කණ්ඩායම් ගැන මිස ගායිකාවන් ගැන මෙතෙක් ලියවුනේ නැහැ. ගායිකාවන් ගැනත් ලියන්න කියල ඉල්ලීම් කිහිපයක්ම ලැබුනත් කලින් ලිව්වේ නැත්තේ පෙළගැස්ම වෙනස් වෙන නිසා. දැන් ලියන්න කාලේ හරි කියල හිතුන. ඒ අතරේ උපේක්ෂා පසුගිය පොස්ටුවේ කොමෙන්ට් එකක නැවත මතක් කරලා තිබුන මැඩෝන ගැන ලියන්න කියල.

මැඩෝනගේ නිර්මාණ  අතුරින් මම මුලින්ම ඇහුවේ පහල තියෙන Holiday ගීතයයි. මතකයේ හැටියට 1985 වසරේ.


මැඩෝනා ලුවිස් ශිකෝනී 1958 අගෝස්තු 16 දින මිචිගන්හි බේ සිටි හි උපත ලබනුයේ සිල්වියා ඇන්ටනි ශිකොනී සහ මැඩෝනා ලුවිස් ෆෝටින් යන දෙමාපියනට දාවය. අගේ පියා ඉතාලියෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වී සිටි අතර මව ප්‍රංශ - කැනේඩියානු සම්භවයකින් යුතුවිය. තරුණ මැඩෝනා බේ සිටි සිට නිව්යෝක් නගරයට පැමිණෙනුයේ නුතන නැටුම් ශිල්පය වෘතිය කරගැනීමේ අරමුණෙනි.

මැඩෝනා නිව්යෝක් නගරයේදී Breakfast Club සහ Emmy නම් සංගීත කණ්ඩායම් සමග එක්ව ප්‍රසංග පවත්වමින් සිටින අතර වෝනර් බ්‍රදර්ස් සමාගමට අනුබද්ධ සයර් සමාගම සමග 1982 වසරේදී 'මැඩෝනා'' නමින්ම ඒකල ගීත ඇල්බමයක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමට සමත් වනවා. මෙම ඇල්බමයට පසුව වාණිජ වශයෙන් සාර්ථක වූ ගීත ඇල්බම රාශියක් ඇය විසින් එලි දක්වූවා. ඒ අතරින් Ray of Light හා Confessions on a Dance Floor නම් ඇල්බමයන් ගේ ගීත පිළිවලින් 1998 වසරේදී සහ 2005 දී ග්‍රෑමී සම්මාන වලින් පුද ලැබුවා ඇයගේ බොහෝ ගීත ඇය විසින්ම පද රචනය කර තිබෙනවා. මේ ගීත අතුරින් Like a Virgin, Into the Groove, Papa Don't Preach, Like a Prayer, Vogue, Frozen, Music, Hung Up සහ 4 Minutes යන ගීත ලොව බොහෝ සංගීත දර්ශක වල ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවා..

Like a Virgin
Papa Don't Preach
Vogue


මැඩෝනා ලොවපුරා ජනප්‍රිය වනුයේ Holiday ගීතයෙනි. මේ ගීතය ඇගේ තෙවන ඇල්බම්යට අයත්. කෙසේ වෙතත් සම්පුර්ණ ඇල්බමය ගැන මත පලකරන සංගීත විචාරකයන් එය අමිහරි බව පවසනවා. එයට හේතුව එවකට නව තාක්ෂණික උපකරණ වූ Linn drum machine, Moog bass සහ OB-X synthesizer ආශ්‍රයෙන් upbeat synthetic disco සංධ්වනියක් ඇල්බමයහි ගීත වෙත තිබීමය

මැඩෝනාගේ ජනප්‍රියත්වය සිනමා නිර්මාණසඳහා ඇගේ දායකත්වය නිසා තව දුරටත් පුළුල් උනා. එවිටා (Evita) සිනමා පටයහි රඟපෑම සඳහා ඇයට ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම නිලියට හිමි සම්මානට හිමි උනා. තව දුරටත් සිය වපසරිය පුළුල් කල මැඩෝනා විලාසිතා නිර්මාණකරණය, ළමා කතා රචනය, චිත්‍රපට නිෂ්පාදනට වැනි ක්ෂේත්‍ර වල පෙළහර පාන අතරම සාර්ථක ව්‍යාපාරික කාන්තාවක ද වනවා.

Hung Up
4 Minutes

මේ වනවිට මැඩෝනාගේ ගීත ඇල්බම පිටපත් මිලියන 300ක පමණ ප්‍රමාණයක අලෙවියක් වාර්තා කරනුයේ වැඩිම අලෙවියක් සහිත ගායිකාව වශයෙන් ගිනස් වාර්තා පොතහි සිය නම ලියවමිනි. Recording Industry Association of America (RIAA) දත්ත වලට අනුව විසිවන සියවසේ වැඩිම අලෙවියක් සහිත රොක් ගායිකාවද වනවා. බිල්බෝඩ් සර්වකාලීන හොඳම කලාකරුවන්ගේ දර්ශකයේ (Billboard Hot 100 All-Time Top Artists) දෙවන ස්ථානය ඇයට හිමිය. ඇය දෙවන වන්නේ බීටල්ස් කණ්ඩායමට පමණි.

චාරිකාව තව දුරයි
27 කොටසින් හමු වෙමු

11 comments:

  1. ස්තුතියි ජීවන මේ ඉල්ලීම ඉටුකලාට. මැඩෝනා කියන්නේ මම ආසම කරන ගායිකාවක්. හඬක් වගේම හොඳ පර්සනලිටි එකක් තියෙන කෙනෙක්. ඇයගේ ඔබ සඳහන් කරපු සින්දු වලට වඩා මම කැමති "You'll See" කියන සින්දුවට. ඒ සින්දුව පුදුම ලස්සනක්! එවිටා මුවී එකේ Don't cry for me Argentina" සින්දුවත් ඒ වගේමයි. එයාගේ මුල්ම කාලේ ඇල්බම් වල තියෙන සින්දු මම හිතන්නේ 100% හිට් උනා කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනං උපේක්ෂා, මැඩෝනගේ ගීතවල තියෙන කෘත්‍රිම සංගීතයට මම නං පොඩ්ඩක්වත් කැමති නැහැ. මේ ගීත බොහොමයක් මුළුමනින්ම සින්තසයිසර්, මූග් බේස් සහ ඩ්‍රම් මැෂින් යොදවාගෙන (දැන් පරිගණක ඇසුරින්) කරන සංගීත නිර්මාණ. මේ ගීතයක් අහගෙන ඉන්නකොට මට දැනෙන්නේ අල්ලලා කුඩුවක් ඇතුලේ දැම්ම වගේ හැගීමක්. එකොස්ටික් ඩ්‍රම් සෙට් එකක අත දිගඇරලා දෙන සිම්බල් පාරක දැනෙන නිදහස මේ නිර්මානවල මටනම් දැනෙන්නේ නැහැ. ඩේස්ටෝෂන් ගිටාරයක මහා ගෝෂාව තුල දැනෙන සරල බව සින්තසයිසරයක් නිපදවන ක්ලීන් හඬතුල මටනම් මතුවෙලා ඇහෙන්නේ නැහැ.
      කොහොම උනත් මැඩෝන තමයි ලෝකයේ වැඩිම දෙනෙක් ප්‍රිය කරන ගායිකාව. මම මේ ගීතවලට ආස නැත්තේ මගේ අවුලක්ද දන්නේ නෑ.

      Delete
  2. මැඩෝනාගේ හරි හමන් විස්තරයක් සිංහලෙන් කියෙව්වම්ද කොහෙද ? ස්තුතියි ජීවන

    ReplyDelete
    Replies
    1. මැඩෝන ගැන එපා, සිංහල ජනගී සම්ප්‍රදාය ගැන හොඳ මට්ටමේ ලිපියක් ඊයේ පෙරේද මම හෙව්වා. හරි හමන් එකක් වත් නෙට් එකේ හොයා ගන්න නැහැ. අඩු ගානේ සල්ලි දීල ගන්න හරි ගන්න ක්‍රමයක් හදනවනම් ගොඩක් හොඳයි. ලංකාවේ ප්‍රකාශකයොත් පුස්තකාල වලට පොත් විකුනනවා ඇරෙන්න වෙන දෙයක් ගැන හිතන්නේ නැහැ.

      Delete
  3. හොඳටම මදි..... වීඩීයෝ වලින් විතරක් වැඩේ ගෙනියන්න හදන්න එපා ලොක්කා..

    ReplyDelete
    Replies
    1. කම්මැලිකම.. කම්මැලිකම..
      මොනවා උනත් මාතලන් ඇත්තම කියල තියෙනවා.

      Delete
  4. හැමදාම වගේ අදත් දෙයක් ඉගෙන ගත්තා. ඒත් මැඩෝනාගේ සින්දු අහන්න පොඩි කාලේ විදිහක් නැහැනේ... ආසයි බයයි...............

    ReplyDelete
    Replies
    1. පොඩිකාලේ ඉඳලම මේ කෘත්‍රිම සංගීතයට මම ආස නෑ
      දැන් ලංකාවේ අදෝනා සංගීතය තනිකරම සින්තසයිසර් වලින් කෘත්‍රිමව කරන්නේ.
      බස් එකට නැග්ගහම බැහැල යන්න හිටෙනවා

      Delete
  5. Congratulations! Your passion is finally paying off.

    ReplyDelete
  6. ඉවාන් පවුලූශා, මේකත් කියවලා බලන්න http://marcuspriyanthaperera.blogspot.co.uk/2015/07/blog-post_1.html

    ReplyDelete