Friday, October 31, 2014

සංගීත චාරිකාවක් 29- ABBA තෙවන කොටස - ඇග්නේතා ෆෙල්ස්කෝ සහ ඔන්නි ෆ්රීද් ලීග්සා


 පෙර ලිපිය ඇබා කණ්ඩායමේ ගායකයන් දෙදෙනා ගැන ලියවුනා. අද ලිපිය ගායිකාවන් දෙදෙනා ගැනයි.
පළමු කොටස       දෙවන කොටස

ඇග්නේතා ෆෙල්ස්කෝ
ඇග්නේතා ෆෙල්ස්කෝ 1950 අප්‍රියල් මස 5 වන දින ස්වීඩනයේ ජියෝන්ශාපින්ග් (Jönköping) හි උපත ලැබුවා. ඇය පාසල් දැරියක ව සිටි කාලයේ බ්‍ර්නට් එන්ගල්බ්ර්ට්ගේ මුලිකත්වයෙන් යුතු ප්‍රාදේශීය නර්තන කණ්ඩායමක් සඳහා Jag var så kär නම් ගීතය පද රචනය කොට ගායනය කළා. මේ ගීතය අඩංගු පටය නර්තන කණ්ඩායම විසින් කාල් ගෙහාඩ් ලන්ඩ්ක්විස්ට් (Karl Gerhard Lundkvist) වෙත යැව්වේ නර්තන කණ්ඩායමේ ප්‍රවර්ධනය සඳහාය. නමුත් ලන්ඩ්ක්විස්ට්ගේ හිත ගියේ එහි ගායනය වෙතයි. ඔහු විසින් තමා නොදුටු ඇග්නේතා දිනෙක තාරකාවක් වන බවට අනාවැකි පල කළා. ඔහු විසින් ඇග්නේතාව ස්ටොක්හෝම් එත ගෙන්වාගෙන ඇයගේම නිර්මාණයන් වූ ගීත දෙකක් පටිගත කර එළිදැක්වූවා. මේ ගීත දෙක අඩංගු තැටිය පිටපත් 80,000 ක අලෙවියක් වාර්තා කරමින් වයස අවුරුදු 17ක් වූ ඇග්නේතා තාරකාවක් බවට පත් කලේ ලන්ඩ්ක්විස්ට්ගේ අනාවැකිය සත්‍යක් බවට පත් කරමින්.
පළමු තැටියේ සාර්ථකත්වයත් සමගම ඇග්නේතා සැනෙකින් ගායකයන් සහ පද රචකයන් ගේ අවධානයට ලක්වුවා. ඇයගේ මුල් යුගයේ ස්වතන්ත්‍ර නිර්මාණ මෙන්ම බටහිර ගීත වල අනුගායනාද ප්‍රසංගවල ගායනා කළා. ඇග්නේතාගේ හොඳම ගීත වලින් බහුතරයක් ඇයගේම පදරචනා වනවා. මෙය 60 දශකයේ ගායිකාවන් සම්බන්ධව ගතහොත් විරල සිදුවීමක්. 1968 සිට 1971 දක්වා ඇග්නේතා ඒකල ගීත තැටි හතරක් එළිදක්වා තිබෙනවා. ස්වීඩන් සංගීත දර්ශක තුල ඇයගේ ඒකල ගායනා රැසක් ස්ථානගතවී තිබෙනවා.

1969 මැයි මස ස්වීඩන් රුපවාහිනී මාලාවක රුගත කිරීම් අතරතුර ඇග්නේතා සහ උල්වියෝස් ගේ ප්‍රථම හමුව සිදුවනවා. අනතුරුව 1971 ජූලි 6 වන දින මේ දෙදෙනා විවාහ වනවා. අනතුරුව ඇග්නේතා සහ උල්වියෝස් එකිනෙකාගේ ගීත පටිගත කිරීම් සඳහා සහය වෙමින් දිගු ගමනකට මුල පුරනවා. ඇග්නේතාගේ තෙවන ශබ්දාගාර ඇල්බමය වන Som jag är සඳහා සහය ගායනය කරනුයේ අන්දශෝන් සහ ලීග්සා යුවලය. 1972 වසරේදී Jesus Christ Superstar සිනමා පටය සඳහා මරිය මග්දලෙනාගේ චරිතය රඟපෑමත් සමග ඇග්නේතා ස්වීඩනය පුරා ජනප්‍රිය තාරකාවක් ලෙස බැබලෙනවා.
 


ඔන්නි ෆ්රීද් ලීග්සා
ඔන්නි ෆ්රීද් ලීග්සා උපත ලදුයේ 1945 නොවැම්බර් 15 දින නොර්වේ බැලෙන්ගන් හි බියොකෙසන් (Bjørkåsen) හි දීය. වයස 13 සිටම ජෑස් දිශානත කැබරේ ශෛලියේ ගායිකාවක ලෙස සංගීත කණ්ඩායම් කිහිපයකම ගායනයේ යෙදුන ඇය තමාගේම සංගීත කණ්ඩායමක් ඔන්නි ෆ්රීද් ෆෝ නමින් පිහිටුවා ගත්තා. 1967 වසරේ En ledig dag ගීතය ගායනයෙන් නොර්වේහි ජාතික කුසලතා තරගාවලිය ජයගැනීමට ඔන්නි ෆ්රීද් ලීග්සා සමත් වනවා.
මේ ගීතය A Day in Portofino නම් බෝසනොවා ගීතයේ ස්වීඩන සංස්කරණයක්. එම තරඟයේ පළමු ස්ථානය වශයෙන් ත්‍යාගය EMI තැටි සමාගම සමග පටිගත කිරීමේ ගීවිසුමක් සහ රුපවාහිනි සජීව සංගීත වැඩසටහන් කිහිපයකට පෙනී සිටීමේ අවස්තාව ඇයට ලැබුනා. EMI තැටි සමාගම ගීත කිහිපයක් එළිදක්වුවද ඒ කිසිවක් සාර්ථකත්වයට පත් උනේ නැහැ.


 1971 වසරේ බෙනී අන්දශෝන් ඇයගේ ගීත නිර්මාණය පටන්ගත් අතර Min egen stad ගීතය සංගීත දර්ශක වල පළමු තැනට පත උනා. එහි පද රචනය බෙනීගේම වූ අතර අනාගත ඇබා කණ්ඩායමේ ඉතිරි තිදෙනා එම ගීතය සහය ගායනයේ යෙදුනා. ෆ්රීද් සහ උල්වියෝස්ගේ පළමු හමුව සංගීත තරඟාවලියකදී 1963 වසරේ සිදුවන අතර ඇයට ඇග්නේතා ෆෙල්ස්කෝ මුණගැසෙනුයේ 1968 වසරේ රුපවාහිනී වැඩසටහනක දීය. 1969 මාර්තු පළමු දින මෙළුඩීෆෙස්ටිවෝලන් තරඟාවලියේදී අන්දශෝන් මුණගැසෙන ෆ්රීද්, දකුණු ස්වීඩනයේ සංගීත ප්‍රසංග මාලාවකට ඔහු සමග සහභාගී වන අතර පෙම්වතුන් බවට පත් වනවා.



1969 වසරේ අන්දශෝන් විසින් ෆ්රීද්ගේ Peter Pan ගීතය නිෂ්පාදනය කල අතර එය ඇග්නේතා ෆෙල්ස්කෝ සහ බියෝන් උල්වියෝස් යුවලගේ පදරචනයක්. අනතුරුව අන්දශෝන් Frida නමින් ඒකල ඇල්බමයක් නිෂ්පාදනය කල අතර එය අතිශය ජනප්‍රිය උනා
 



ඇබා කණඩායම පිටවූ පසුවද Frida ensam එකල ඇල්බමය එළිදක්වුව අතර එහි Fernando ගීතයේ ස්වීඩන සංස්කරණය අඩංගු උනා. එම ස්වීඩන සංස්කරණය ඉංග්‍රීසි ගීතයට පළමුව ගීත දර්ශක ජය ගත්තා..

Fernando ස්විස් ගීතය
En ledig dag
පළමු කොටස       
දෙවන කොටස

ප.ලි. Bjørkåsen ශබ්ද නගන ආකාරය දන්නවානම් ලියන්න 

12 comments:

  1. මේ සින්දු ඇහෙනකොට පිස්සු බම්ප් වෙනවා , ස්තුතියි ජීවනයා

    ReplyDelete
    Replies
    1. මේ පොස්ට් එකේ ඔක්කොම ප්‍රසිද්ධ නොවන මුල් යුගයේ ගීත තියෙන්නේ

      Delete
  2. අද නම් එළ, නොදන්න දේ බොහෝමයක් දැන ගත්තා.. තුන්කූ වේව්වා කිව්වා...

    ReplyDelete
    Replies
    1. මේ මට්ටමට විස්තර ලියල ABBA ගැන ඉවර කරන්න තව පොස්ට් හතරක් විතර ලියන්න ඕන. එතකොට කියවන කෙනාට එපා වෙයිද කියලත් හිතෙනවා. කොහොමටත් මේ පොස්ට් තුනේම එකකවත් හොඳ සින්දු වැටිලා නෑ.

      Delete
    2. ඒකට අවුලක් නෑ ලියන දේ අඩු පාඩු නැතිව මේ වගේ ලියන්න ඕන..

      Delete
  3. අඩෝ උඹ ඇබා ගැන මේ තරං ලියන්නෙ උන් සෙට් එක "ෆර්නැන්ඩො" ගැන සින්දුවක් කියල තියෙන නිසා නේද?


    පෙරේද උදේ එනකොට රේඩියෝ එකේ ඔය සින්දුව ගියා. මට පට ගාල මතක් උනේ උඹව :)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව දෙපැත්තට අත් දාල කසාගන්න එපැයි

      Delete
  4. Bjørkåsen මේ වචනය ශබ්ද කරන්නේ බියොකෙසන් කියල.

    විකසිත සින්ඩිය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. නෙට් එකේ හොයාගන්නත් බැරි උනා
      මම එහෙමනම් පොස්ට් එක එඩිට් කරල ඒ වචනය සිංහලෙන් දානවා.

      Delete
  5. ජීවන.........දෙවෙනි කොටසයි තුන්වෙනි කොටසයි එකට කියෙව්වා. සිංහලෙන් මේ තොරතුරු ලියා තැබීම දිනෙක කාට හෝ ප්‍රයෝජනවත් වෙයි. උඹේ කාලය සහ මහන්සිය තව කෙනෙක් වෙනුවෙන් යෙදවීම ගැන ස්තූතියි!!

    ReplyDelete
    Replies
    1. නව රසවින්දනයක් ලබාදීම හැර වෙනත් ප්‍රයෝජනයක් වෙයි කියල හිතන්න අමාරුයි. මොකද ඉතාම මෑතකදී ගුගල් සිංහල ට්‍රාන්ස්ලේෂන් එක එයි. එතකොට මුල් ලිපිය කෙලින්ම ගන්න පුළුවන් වෙනවා.
      සංගීත රසවින්දනය අපේ රටේ ඉතාම ප්‍රාථමික තැනක හිරවෙලා තියෙන්නේ. එකට ගොඩක් දුරට ඉන්දියානු සංගීතයම පමණක් උඩ තියාගෙන හිටපු පරණ පරම්පරාවයි, මෙලෝ සංසාරයක් නොදත් ලියන්න පමණක් දත් මාධ්‍යවේදීනුයි වගකියන්න ඕන.

      Delete
  6. නියමයි...
    නොදන්නා බොහෝ දේ දැනගත්තා...

    ReplyDelete