Saturday, August 2, 2014

සංගීත චාරිකාවක් 13 - Creedence Clearwater Revival (CCR)

1977 වසරේ මගේ මාමගේ මගුල් ගේ තිබුන. මම මුලින්ම බෑන්ඩ් එකක් ලයිව් ගහනවා ගහනවා දැක්කේ මාමගේ මගුල් ගෙදරදී. මාම කසාද බැදපු නැන්ද වෛද්‍යවරියක් ඒ වගේම දක්ෂ පියානෝ වාදිකාවක්. නැන්ද ගේ මල්ලි ක්‍රිස්ටෝ මාම තමයි චරිතය. එයත් වෛද්‍යවරයෙක්. පට්ට ඩ්‍රම්ර්. ඒ දවස් වලත් බෑන්ඩ් එකක් දාගෙන ප්ලේ කරනවා. හැබැයි බටහිර ගීත විතරයි. අවුරුදු හතේදී ඩ්‍රම් ගහන්න පටන් ගත්තු ක්‍රිස්ටෝ මාම 70 දශකයේ මුල් කාලයේ ඩ්‍රම් කම්පිටිෂන් එකක ලංකාවේ පළවෙනිය වෙලා තියෙනවා. (හරියට දින වකවානු ලියන්න කතා කරලා ඇහුවොත් මේක ලියන්න හම්බවෙන්නේ නැහැ. හොරෙන්ම ලියල පස්සේ එයාලගේ බෑන්ඩ් එක ගැන පොස්ට් එකක් දාන එක තමයි හොඳම simple plan එක) අදටත් කොන්සට් වල ප්ලේ කරන ක්‍රිස්ටෝ මාම හරිම නිහඩ චරිතයක්. මගේ පොඩිම පුතාට Sticks දෙක අතට දීල නිසි Drum Technics වලට පුරුදු කරපු ක්‍රිස්ටෝ මාමව කවදාවත් අමතක කරන්න බැහැ
 
දැනට අවුරුදු දෙකකට විතර කලින් ක්‍රිස්ටෝ මාමලගේ බෑන්ඩ් එකේ රියුනියන් ප්ලේ එකක වීඩියෝවකින් තමයි  Prawd Mary ගීතයට නැවත හිත ගියේ. ඕක හොයන්න youtube එක පෙරලන කොට Creedence Clearwater Revival ගීත ගොඩක් අසන්න ලැබුන.

Poud Mary -Rollin' On A River


1945 වසරේ උපත ලබන John Fogerty, Doug Clifford සහ Stu Cook පාසල් මිතුරන් තිදෙනෙක්. මොවුන් Tom Fogerty ද එකතු කොටගෙන The Blue Velvets සංගීත කණ්ඩායමක් පිහිටුවා ගන්නවා. කෙටි කලෙකදී ස්වකීය නාමය Golliwogs ලෙස වෙනස් කරගන්නා කණ්ඩායම 1966 වසරේ පසුබෑමකට ලක් වනුයේ John Fogerty සහ Doug Clifford අනිවාර්ය හමුදා සේවයට බඳවා ගැනීම හේතුවෙන්. 1968 වසරේ හමුදා සේවය අවසන් කරන මේ දෙදෙනා නැවතත් ක්‍රීඩන්ස් ක්ලියර්වෝටර් රිවයිවල් නමින් මුල් කණ්ඩායම නැවත පිහිටුවා ගන්නවා මෙම කණ්ඩායමේ Suzie Q නම් ගීතය ප්‍රදේශීය ගුවන් විදුලි නාලිකා වල නිතර ප්‍රචාරය වීමත් සමග ඇමෙරිකානු ගුවන්විදුලි සේවා එම ගීතය ප්‍රචාරය කිරීමට පටන් ගන්නා අතර Top 40 ගීත දර්ශකයේ 11 වන ස්ථානයට පැමිණෙනවා.

Suzie Q

1969 වසරේ මුල දී Billboard දර්ශකයේ දෙවන ස්ථානයට පැමිනෙමින් Proud Mary ගීතය අති සාර්ථකත්වයට පත්වනුයේ සංගීත කණ්ඩායම ස්ථාවරත්වයට පත්කරමිනි. සති කිහිපයකට පසු 1969 මාර්තුවේදී Bad Moon Rising ගීතය Billboard දර්ශකයේ දෙවන ස්ථානයට පැමිනෙනවා.

Bad Moon Rising


නැවතත් Green River ගීතය Billboard දර්ශකයේ දෙවන ස්ථානයට පැමිනෙන්නේ 1969 අගෝස්තු මස දීය. මේ සමගම Commotion ගීතය දර්ශකයේ තිස්වෙනි ස්ථානයට පැමිණෙනවා.

John Fogerty: Green River Live
Commotion

උපරිම ජනප්‍රියත්වයෙන් යුතුව උපරිම දක්ෂතාව පෙන්නුම් කරමින් සිටියදී 1972 වසරේ මෙම කණ්ඩායම අවාසනාවන්ත ලෙස බීදී යනවා. එය රොක් ඇන්ඩ් රෝල් සංගීතයට සිදුවූ විශාල පාඩුවක් ලෙස විචාරකයන් දකිනවා.

සංගීත ශෛලීන් ගණනාවකින් යුතු රොක් සංගීතයේ roots rock ශෛලිය Creedence Clearwater Revival කණ්ඩායමේ සොයාගැනීමක් බව සංගීතයේ විද්වතුන්ගේ පිළිගැනීමයි

මෙම කණ්ඩායමේ තවත් ජනප්‍රිය ගී කිහිපයක් පහතින් දැක්වෙනවා.
Up Around the Bend
Have You Ever Seen the Rain 
Who'll Stop the Rain

Lookin' Out My Back Door

චාරිකාව තව දුරයි.
දාහතර වන කොටසින් හමුවෙමු

15 comments:

  1. ගීත අහලා තිබුනට කණ්ඩායම ගැන දැන ගත්තේ අදයි..

    ReplyDelete
  2. මාතයිය පාන්දරම මේ පැත්තට ගොඩ බැහැල වගේ.

    ReplyDelete
  3. ඔහොම යං ඔහොම යං........................... අනාගතය සුභයි සහෝදරයා.................

    ReplyDelete
    Replies
    1. දිගින් දිගටම දිරිගන්වන කිහිප දෙනෙක් ඉන්න එක ලොකු ශක්තියක්.

      Delete
  4. සමහර සිංදුනම් රේඩියෝ ටීවී වල යන්තම් වගේ අහලා මතකයක් තිබ්බට කාගේ ඒවද කියල දැනගත්තේ දැන් තමයි..

    ReplyDelete
    Replies
    1. Y Fm එකේ ගොඩක් වෙලාවට මේ වගේ සින්දු යනවා.

      Delete
  5. මං හිතන්නේ නෑ මචෝ ලංකාවෙ කිසිම තැනකින් මේ වගේ දැනුමක් ගන්න පුලුවන් කියලා සංගීත ඉතිහාසය ගැන.අම්මපා........!!!!!මෙව්වා ලියන උඹ වත් දන්නෙ නෑ මේකෙ වටිනාකම.ඔහොම යං කියලා තමාකියන්න තියෙන්නෙ මෙච්චර පරන සින්දු සිරාවටම අහන්නෙ උඹ නිසා

    ReplyDelete
    Replies
    1. මචං උඹ මේවා අහනවා කිව්වම ගොඩක්ම සතුටුයි. උඹ විතරද දන්නේ නැහැ පොස්ට් එකේ තියන සින්දු සෙට් එකම අහන්නේ. අඩුගානේ මගේම කොල්ලෝ තුන් දෙනා වත් ඔක්කොම අහන්නේ නෑ. උන් අහන්නෙත් පොස්ට් එකේ තියන ජනප්‍රියම වීඩියෝ එකක් දෙකක් විතරයි. සංගීතය ගැඹුරට හදාරන උනුත් එහෙමනම් අනිත් උන් ගැන මොන කතාද. කොහොම උනත් මම මේක දිගටම ලියනවා.

      Delete
    2. මමත් ඒ ගොඩේ!

      අනේ හුස්මගන්නවත් හිතෙන්නේ නැහැ අප්පා... එළ කියන්නේ එළම එළ !!!

      Delete
    3. රැ තිස්සේ නිදිමරාගෙන වෙන මහන්සියෙන් ප්‍රතිපලයක් තියනවා කියල අහනකොට පුදුම සතුටක් දැනෙනවා.
      වචන 400ක් වත් නැති පොස්ට් එකක් ලියන්න පැය තුනක් හතරක් විතර යනවා කිව්වම ඔයගොල්ලෝ පුදුම වෙයි.
      එහෙම එකේ කියවන්න කෙනෙක් නැහැ කියන මානසිකත්වයට වැටුනම අබ සරණයි නේද.

      Delete
  6. සමහර ගීත අහල තිබුනට විස්තර දැනගත්තේ අදයි.. සමහර ගීත අහුවෙත් අදයි..
    දිගු ගමනකට සුභ පැතුම් ....

    ජ ය වේ වා !!!

    ReplyDelete
  7. මහන්සියේ ප්‍රතිපලයක් තියනවා කියල හිතෙන කොට මාර පිට් එකක් එන්නේ.

    ReplyDelete
  8. කියන්න දෙයක් නැහැ. මේ වගේ සිංහල බ්ලොග් එකක් දැක්කාමයි ජීවන්. මේ සිංදු ඉඳහිට අහනවා මිසක් නිතර කනේ ගහන් වෝක්මන් අහපු කාලේ ගියා. ඒත් උඹ මේවා ආපහු මතක් කරනවා. මම එන්න පරක්කුවුනත් ඇවිත් කියෙව්වාම කමෙන්ට් එකක් නොදා යන්න හිතෙන්නේ නැහැ. තෑන්ක්ස් මචං!!

    ReplyDelete
    Replies
    1. මේ වගේ බ්ලොග් බිහි නොවන හේතුව මේවට ඉ ල්ලුමක් නොමැතිවීම. උඹල බොහොම ටික දෙනක් විතරයි ඉන්ටරස්ට්.
      මම පුද්ගලිකව ආස නිසා ලියනවා.

      Delete
  9. කියවන්න පස්සෙ එන්නම්.
    නම දැක්කම මතක් වුනේ මේක.පොඩියක් ගොසින් බලන්න.
    https://www.facebook.com/pages/I-Love-Purple/133844770118867

    ReplyDelete