Saturday, May 13, 2017

බට පතුරු නැතිව අටපට්ටම් කුඩුවක් හදමු

මෙවර වෙසක් උත්සවය සඳහා වෙසක් කුඩු තැනූ විදෙස් ගත මිතුරන් දෙදෙනෙකු ඔවුන් තැනූ අටපට්ටම් කුඩු වල චායාරුප ෆේස් බුක් හි දමා තිබිණ. ඒ අප සුමිතුරු ඉන්දික කොඩි තුවක්කු සහ රසික සුරියආරච්චි දෙපලය.  රසිකගේ කුඩුව මෙරටින් ගෙනයන ලද්දකි. එබැවින් එය අලංකාරයෙන් යුක්ත විය. ඉන්දික පවසා තිබුනේ ඔහු විසින්බීම බට පුළුස්සා අමුණා කුඩුව තනනා ලද බවකි.  කුඩා කාලයේ මා ද බීම බට අමුණා කුඩූ තනා ඇත. නමුත් මතකයේ හැටියට හොඳ නිමාවක් ගන්නට බැරි විය. ඉන්දික තනා ඇති අටපට්ටම මා හැදූ ඒවාට වඩා බෙහෙවින් ඉදිරියෙන් ඇත. නමුත් කුඩා දරුවකුට බීම බට වලින් කුඩුවක් තැනීම අපහසුය. එබැවින් කුඩා දරුවකුට වුවද පහසුවෙන් සාදා ගත හැකි අටපට්ටම් කුඩුවක් තනනා අයුරු චායා රුප ඇසුරින් මෙහි දක්වා ඇත.


1. ඝනකම් කාඩ් බෝඩ් කැබැල්ලක් ගෙන ඉන් සෙන්ටිමීටර 18ක පටියක් කපා ගන්න. මා භාවිතා කළේ කාඩ්බෝඩ් ෆයිල් කවරයකි.
2. අනතුරුව එම කාඩ් බෝඩ් කැබැල්ල සෙන්ටිමීටර 3 පළල පටි වලට  වෙන් කර කැබලි 24ක් සාදා ගන්න .
3. පටි කැබලි සියල්ල දෙකට නවන්න
4. රුපයේ දැක්වෙන ආකාරයට කාඩ්බෝඩ් කැබලි එක් කොට කුඩා කටු ඇමිණුම් යන්ත්‍රයක් භාවිතයෙන් සම චතුරශ්‍ර සාදා ගන්න
5. එම සම චතුරශ්‍ර අට පට්ටම් හැඩයට සිටින සේ කටු ගසමින් එකතු කරන්න
සාදාගන්නා ලද අටපට්ටම් සැකිල්ල මෙලෙස දිස් වනු ඇත.
6 සව් කඩදාසි හෝ තෙල් කඩදාසි ගෙන කුඩුවේ මිමි වලට අනුකුලව සම චතුරශ්‍ර 4ක් සහ සම පාද ත්‍රිකෝණ 8ක් කපාගන්න
7. එම කඩදාසි ගම් ආධාරයෙන් සැකිල්ලට අලවා ගන්න.
8. සියළු පැති අලවා ගත් පසුව කූඩුව මෙලෙස පෙනෙනවා ඇත.
9. සව් කඩදාසියක් ගෙන රුපයේ පරිදි එක කෙළවරක් ඉතිරි වන පරිදි නවා ගන්න.
10 නවාගත් කඩදාසිය රුපයේ දැක්වෙන ආකාරයට කතුරකින් පටි වෙන් කරන්න. ඉතිරි කරනා ලද කෙලවර කපන්න එපා.
11. කපා ගන්නා ලද රැලි පටි කුඩුට අලවන්න
12 අවසානයේ කුඩුවේ  නාරටි වලට ගැලපෙන වර්ණයකින් පටි අලවා අලංකාර කරන්න

වැඩ අවසන් කුඩුව මෙලෙසින් දිස් වනු ඇත.
ආලෝකය ලබා දුන් පසුව 
මැද තිබෙන්නේ කාඩ්බෝඩ් වලින් තැනූ කුඩුවය.


ප. ලි. පින්තුර වල දක්වෙන ප්ලාස්ටික් රාමුව සහිත වීදුරුව කාටද මතක

A Big Thank You : කාඩ්බෝඩ් ආධාරයෙන් අටපට්ටම් කූඩු හදනා විදිය මට කියාදුන් අප ආයතනයේ විජේවික්‍රම රියදුරු මහතාට ස්තුතියි

31 comments:

  1. බීම බට වලින් කූඩු හදන්න ගිහින් නාගෙන තියෙයි සෑහේන්න... මේ ක්‍රමේ නම් ලේසියි වගේ....

    ReplyDelete
    Replies
    1. එකම වෙනස දාරය ටිකක් පළලින් වැඩියි උඩින්ම තියෙන රුපයේ ලී පතුරු කුඩුවෙයි මේ ක්‍රමයෙයි වෙනස පංනුම් කරනවා

      Delete
  2. ප්ලාස්ටික් රාමුව තියෙන වීදුරුව CRT ස්ක්‍රීන් ෆිල්ටර් එකක් වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. දැන් පාවිච්චි කරන්නේ කොළ කපනකොට මේසේ කැපෙන නිසා යටට දාන්න

      Delete
    2. ලැපටත් ඒ ඉරණම අත්වෙන්න කොච්චර කාලයක් යාවිද ?

      Delete
    3. ඇනයා, මෙහෙම ගියොත් වැඩි කල් ගතවෙන එකක් නැහැ

      Delete
  3. Enter your comment...ස්ක්‍රීන් ෆිල්ටරයක්. අපේ එකෙක් හිටිය ඒකාලෙ, ඌ වැඩකලේ ඕකක් තියන මැසිමෙ විතරයි. ඇස් අන්ධ වෙයි කියල!

    ReplyDelete
  4. යොදා ගන්න බට පතුරක් හොයනු බැරී
    නිදා නොයිද මේ ලියමන බලනු හරී
    හොඳා කාරවම ලස්සන කමෙන් පිරී
    හදා කූඩු විඳගනු දැන් වෙසක් සිරී.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වෙසක් අහවරයි ළඟ එනු ඇත පොසොන් සිරි
      හැදුවොත් කූඩු නිවසට එති සිරි දෙව්නි

      Delete
  5. "ආණ්ඩුවේ ෆයිල් කවර වෙසක් කූඩු සාදා ගැනීමට යොදාගත් කළමණාකරු 'දේපල අපහරණ කොමිසම' ඉදිරියට.."

    කටු ඇමිණිමේ යන්ත්‍රය (සිංහලෙන්) = ඉස්ටේපල් මැසිම ;-)

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නා කොමිසංද හැක්

      Delete
    2. මෙන්න තවත් පොයින්ට් එකක් - ස්ටේපර් එකට අපේ හිටපු සහකාර කලමනාකරතුමා මරු නමක් භාවිතා කලා ඒ නම තමයි "පදිනවික'' ඇත්තම කිවුවොත් කස්ටිය හිතන් හිටියේ ඒක තමයි ස්ටේපර් එකට කියන ඇත්තම සිංහල වදන කියල.වැඩේ කියන්නේ ක්‍රෙඩිට් කරපු අක්කත් ස්ටේපර් එක ඔන උනහම ඉල්ලන්නේ ''මල්ලි පදිනවික පොඩ්ඩක් දෙන්න කියල'' පස්සේ තමා කට්ටියට වැඩේ තේරුනේ (විදින #ක)

      Delete
    3. Thinkspace (සිතුම් අවකාශය) ,
      ඉතිං ඒ මානවිකාවට පදිනවික දුන්නද?

      Delete
    4. ආයෙත් අහලා ...:D

      Delete
    5. padinavika kiyanne puncher ekata stapler ekata newei

      Delete
  6. තැන්කු තැනකූ, පොස්ට් එක රේජියුෆොර්ම් වලින් කුඩුවක් හදන්න ගිහින් මල පැනල ඉන්න පොඩ්ඩට මේල් කරා, ටයිල් අල්ලනකොට ගන්න ප්ලස්තික් පටියයි සිලිකන් ගම් එක්කකුයි අරගෙන කල්පවතින පොසොන් කුඩුවක් හදන්න අයිඩියාවක් ආවා.

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපිත් රිජිෆෝම් ශීට් වලින් කූඩු හදනවා . හැබැයි මෙලෝ රහක් නැහැ

      Delete
  7. නියමයි,මමත් ගෙනවා කඩ්බෝඩ් කුඩුවක් .ලබන වතාවේ මෙහෙම එකක් හදන්න ඕනේ

    ReplyDelete
  8. ලබන වෙසක් එකට හදන්න ඕන මරු ඈ...

    ReplyDelete
    Replies
    1. අඩු ගානේ බටගස් ටිකවත් ඉතිරි වෙයි
      එහෙම කිව්වට කාඩ් බෝඩ් හදන්නෙත් ගස් කපලම තමා

      Delete
  9. ස්තුතියි.

    සම චතුරශ්‍ර හයක් වෙනුවට සම කෝණී ත්‍රිකෝණ අටක් සාදා ගෙන ද අටපට්ටම ගොඩ නැගිය හැක.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි . එත් ටිකක් අමාරුයි

      Delete
  10. ඇත්තම කිවුවොත් පවුලේ අයත් එක්ක එකතු වෙලා කුඩු හදන එකේ පොඩි ත්‍රිල් එකක් තියෙනව
    හැබැයි මට හිතෙන්නේ කොහාමඋනත් දැන් මේ තරමි් මහන්සිවෙන එකේ තේරුමක් නෑ.
    අපිට තියෙන කාලෙත් එක්ක

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මැෂින් වගේ කරන රැකියා වලින් මිදිලා පොඩි විවේකයක් ගන්න හොඳ වැඩක්

      Delete
  11. මෙදා පොටෙත් බීම බට පිහිටම තමයි පැතුවෙ.මේක ඊට වඩා ලේසියි වගේ..ලබන සැරේ අපි දෙමුකො බැටේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වෙසක් කූඩු එක්ස්පෝට් කරන බිස්නස් එකක් පටන් ගත්තොත් ගොඩ වගේ

      Delete
  12. අපේ ඔෆිසියේත් එල්ලුවේ කාඩ් බෝර්ඩ් වලින් හදපු කූඩු ගෙනල්ලා

    ReplyDelete