Monday, July 13, 2015

හේම ශ්‍රී අල්විස් සහ අයිරින් ද අල්විස්

උපාලි ජයසිංහ විසින් ශ්‍රී ලංකා දේශපාලනය පිටුවේ තබන ලද සටහනකි. සංගීත ලෝලියකු වශයෙන් මාහට අතිශය අනුවේදනීයවූ මෙම  පුවත දම්පාට දෙදුන්නෙහිද සටහන් කරමි.

මෙම දෙපලට දැනෙන යමක් කිරීමට ඔබ සැමට ආරාධනා කරමු.

https://www.facebook.com/shyaman.hemakody1/posts/1012654495434714

මෙි ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රය පෝෂනය කල දැවැන්තයන් දෙදෙනෙකි අන්තර් ඡාලය පීරා බැලුවත් ,ඔවුනගේ සොයාගත හැකිවූ ඡයාරෑපය බැලූවිට ඔවුන් කොතරමිනමි අසරණදැයි ඔබට පැහැදිළි වනු ඇත.
----------------------------------------------------------------------------------
මෙි යුගයේ අද වනවිට ගීත දහයක් ලියා ගීත 3ක් ඡනප්‍රිය කරගත් එකා
ලක්ෂපතියෙකි, ගීත 3 ක් අමාරැවෙන් කියා 1 ක් ඡනප්‍රිය කරගත් එකාද ලක්ෂ පතියෙකි ධනවාදය කලාව මාරකටින් කරන්නේ එලෙසය මෙි මා කියනා මිනිසා ලියූ ගීත සංඛ්‍යාව 4000 කි ඒ අතර 


මධු සදෙන් තවත් සුපුන් සදක් උදාවෙි........ 
මයුරාසන මත වැඩ හිදිනා.....
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවෙි ......
ඔබ සොයනා කලු කෙල්ල මමයි
මාගෙ මෙි රට මාගෙ මෙි රට.....
ඇයි බඹරෝ පෙමිමල අතහැරලා....
 

ඔහු හේම ශ්‍රී ද අල්විස්ය ඇය ඔහුගේ ප්‍රිය බිරිද අයිරින් ද අල්විස්ය ඇය ගැයූ ගිත සංඛ්‍යාව දහසකි  දැන් කියන්නේ වෙනස්ම කතාවකි. ඔවුන්ට ප්‍රේමදාස ඡනාධිපති දුන් නිවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත උදුරා ගන්නා ලදී. ආශ්චර්යමත් හෙටක් යනු  එහි දිගුවකි.අනතුරැව කුළි ගෙවල්වල ඡිවත්වූ ඔවහු සිය අවසන් නවාතැන් පොලවෙත පැමිණ ඇත එය කුඩා කාමර කැබැල්ලකි 173, වලපල පන්සල පාර පානදුර එහි  ලිපිනයයි. ඒ කුඩා කාමර කැබැල්ලේ ඔවුන් ඡිවිත කාලයටම ලාංකීය සංගීත කෂේත්‍රයට කල මහගු දායදට එකතුකරගත් සබිබ සකලමනාවම ඇත  පරණ ඇදක්, ඇදුමි දාන ලී කබඩි එකක් ප්ලස්ටික් පුටු දෙකක් හා ඇල්බීසීයා ලීයෙන් තැනූ මෙිස කබලක් මෙි ඉතිහාසයක් පුරා ඔවුනගේ සිහිනයේ කැට කැබිලිතිය.හොදම ගීත රචකයාට දුන් හා හොදම  ගායකාවට දුන් දිරාගිය සහතිකද මළ බැදුණු සහිවටනද ඒ අතරය. ඉතිං ඈ හොදටෝම ලෙඩින්ය. ඔහු ඇළග දනින් වැටී සාත්තුවෙිය වැසි වැටෙන කලට කාමරය දොරෙ ගලයි වැස්සට සනීප අසනීප නැතිබැරිකමි අදාලම නැත.ඔවුන් ඉල්ලා සිටින්නේ නෙතට කදුලු උනනා ඉල්ලීමකි ඒ වෙිලක් ඇර වෙිලක් හෝ දී ඔවුන් ඡීවත් කරවනා ලෙසයි පිං කැමති සියල්ලනටම විවෘතයි දුරකතනයෙන් ඔවුන් සමිබන්ධ කරගතහැකි ආකාරය 0385680233 මම මගේ යුතුකම පුලුවන් පුමාණයෙන් කලෙමි දැන් ඔබෙි යුතුකම ? -  උපාලි ජයසිංහ

3 comments:

  1. "මේ මා කියනා මිනිසා ලියූ ගීත 4000 කටත් වැඩිය" මා ඔහු ගැන අසා හෝ නැත. අපි කී දෙනෙක් ඔහු හඳුනනවාද?
    මෙවන් කී දාහක් දක්ෂතා ඇති අය අසරණව ඉන්නවාද?තොරතුරු තාක්ෂණ යුගයේ ජීවත් වන අපි දන්නේ මොනවාද?

    ReplyDelete
  2. මේවා ගැන කතා කරලා වැඩක් නැ ජීවන අය්යේ .....

    මයුරාසන මත වැඩ හිඳිනා
    කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
    හද උතුරන සෝ දුක කියමී
    හිමි පාමුල මම වැඳ වැටෙමී

    මුහුණු සයකි අත් දොළසින් සොබනා
    සවන යොමනු කඳ සුරිඳේ
    මිනිසා මිනිසාට ගරහන්නේ
    මවුපියො නෑ ඔහු හඳුනන්නේ

    ශක්තිය බලපා යුක්තිය පාගා
    පුහු මානය හද රන්දා
    වස්තුව නිළ බලතල හින්දා
    මිනිසා මිනිසට දෙයි නින්දා

    ගී පද - හේම ශ්‍රී ද අල්විස්
    සංගීතය සහ ගායනය - වික්ටර් රත්නායක

    ReplyDelete
  3. හරිම දුක හිතෙනවා. ඒ වගේම කල කිරෙනවා.

    ReplyDelete