Monday, April 9, 2018

සාජාහි සංගීතය



සිංහල අලුත් අවුරුදු උත්සවයකට සමගාමීව සාජාහි පවත්වන ලද සංගීත ප්‍රසංගයක සිදුවූ අමන සිදුවීමකට අදාළ වීඩියෝ දර්ශන රැසක් මේ දිනවල සමාජ ජාලා තුල සංසරණය වෙයි. අදාළ සංගීත සංදර්ශනය පමා කිරීම හෝ අවලංගු කිරීම නිසා කෝපයට පත්වූ බේබද්දන් පිරිසක් සංගීත ප්‍රසංග වේදිකාව සහ එහි වූ සංගීත භාණ්ඩ මෙලේච්චයන් මෙන් විනාශ කරනු එහි දැක්වෙයි. එයට අමතරව එක දර්ශනයක දැක්වෙනුයේ සංගීත ප්‍රසංගය පැවැත්වූ භුමිය තුල තිබු අයිස්ක්‍රීම් වෙළෙඳ කුටියක් මංකොල්ල කන ආකාරයයි. පිරිමි පමණක් නොව ගැහැණුන්ද අයිස්ක්‍රීම් පෙට්ටි පිටින් රැගෙන යන ආකාරය බලා සිටීම පවා පිලිකුල්ය. සාජාහි වෙසෙන සිංහලයන් විසින්ම සංවිධානය කරනා ලද උත්සවයකදී මෙලෙස දේපල විනාශ කරන්නේ නම් සහ මංකොල්ල කන්නේ නම් අසු තුනේ කළු ජුලිය තුලදී දෙමල ජනයා ගේ දේපල කෙලෙසකින් මංකොල්ල කන ලද්දේ දැයි සිතා ගත හැක.

විදෙස් රටක සිදුවූ මෙම සිදුවීම රටෙහි කීර්තිනාමය වෙත සිදුකරනා හානිය ඇති විශාල බව නොකිවමනාය. ආගන්තුක සත්කාරයට ලැදි, නිතරම සිනහ මුසු මුහුණින් සිටිනා මිනිසුන් සිටිතැයි යැයි කියනා රටක යථා ස්වභාවය මෙයදැයි විදේශිකයන් ප්‍රශ්න කරනා විට දිය හැකි පිළිතුර කුමක්ද.


මෙම ප්‍රසංගයට පැමිණ තිබුනේ සැබෑ සංගීත රසිකයන් ඔවුහු කෙතරම් බීමත් වුවද සංගීත භාණ්ඩ වලට පහර දීම නොකරති. මන්දයත් ඔවුහු සංගීතයට පමණක් නොව සංගීත භාණ්ඩ වලටද ආදරය කරනා බැවිණි.

සාජාහි ප්‍රසංගයේ වීඩියෝ දර්ශන මගින් පෙන්වන තත්වය මෙරට සංගීත ප්‍රසංග භුමියේ යථා ස්වරුපය පෙන්නුම් කරනා කැඩපතකි. මේ වනවිට මෙරට සංගීත ප්‍රසංග භුමිය තුල සංගීත රසිකයන් ඇත්තේම නැති තරම්ය. ඇත්තේ බේබද්දන්, සල්ලාලයන් සහ රස්තියාදුකාරයන් පමණි.

එම තත්වය ඇතිකර තිබෙනුයේද සංගීත ශිල්පීන් කියාගන්නා නළුවන් පිරිසකි. ලංකාවේ එළිමහන් සංගීත ප්‍රසංග වල සංගීතය නොමැත. ඇත්තේ ශබ්ද පුජාවක් පමණි. ගායකයන් නැත. සිටිනුයේ නන්දා මාලනිය වැනි ගායිකාවන්ගේ ගීත සහමුලින් වැරදියට ස්වරගත කරනා පොන්නයින්ය. වාදකයින් නැත. සිටිනුයේ ශබ්දාගාර වල කොටසින් කොටස වෙන වෙනම හඬ කවනා ලද ට්‍රැක් වාදනය වන විට සංගීත භාණ්ඩ මත බොරුවට ඇඟිලි මෙහෙයවනා නළුවන්ය. පය පැටලී මයික් එක බිම වැටුනද ගීත ගායනය ශබ්ද වාහිනී තුලින් ඇසෙන්නේ මේ නිසාය.

මොවුනට නියම සංගීත රසිකයා පිනවිය නොහැක. නියම සංගීත රසිකයා සංගීතය කුමක් දැයි දන්නා හෙයින් ඔවුහු සංගීත සංදර්ශණ භූමියට කැඳවන්නේ සංගීතය ගැන මෙලෝ හසරක් නොදන්නා රස්තියාදුකාර බේබද්දන්, ගංජා කාරයන් සහ කුඩුකාරයන් පමණි. උන් බීමත්ව ගැහැනුන්ට මරා ගනිති. බෝතල් කුඩුකර එකිනෙකා කපා ගනිති.

සංගීත ශිල්පීන් යැයි කියා ගන්නා මොවුහු තම රසිකයාගෙන් ඉල්ලනේ හුවකි. ප්‍රසංගයේ ඉදිරියේ අසුන් වල වාඩිවී සිටිනුයේ කාගෙන් හෝ නොමිලේ ලැබුණු ටිකට් පතක් හෝ ආරාධනා පත්‍රයක් රැගෙන පැමිණි පිරිසකි. උන් පැමිණි වෙලාවේ පටන් නිදිකිරා වැටෙති. ගායකයෝ කියාගන්නා උන් වරින් වර උන්ගේ නින්දට බාදා කරමින් ඔවුන්ව කුද්දති. නැවත ඔවුහු නින්දට වැටෙති. ඉදිරියේ සිටින්නවුන් නිදියා ගත් පසු කරකියා ගන්නට දෙයක් නැතිව පිටුපස සිටින්නවුන්ගෙන් හූ ඉල්ලති.

අද දින වන විට මෙරට එළිමහන් ප්‍රසංග වේදිකාව, ප්‍රසංග සංවිධායකයන්ගේ සහ සංගීතය ගැන නිසි දැනුමක් නොමැති සංගීත කණ්ඩායම් යැයි කියා ගන්නා පිරිසකගේ වංචාකාර ව්‍යාපාරයක් බවට පත්ව ඇත. එහි ගීත වලට වඩා ප්‍රමුඛත්වයක් ඇත්තේ අනුග්‍රාහකන්ගේ නම් වැලටය.

මේ අනුව සාජාහි සිද්ධිය ගැන කිව හැක්කේ තමන් රෝපණය කරනා ලද ඇඹුල් ඵලයේ ඇටය ගසක් වී ඇඹුල් ඵල දැරීමක් බවය.

සාජා සංගීතය


12 comments:

  1. ඔබේ විග්‍රහය 100% ඇත්ත යයි මමද විශ්වාස කරමි . මගේ ප්‍රශ්නය මෙයයි. පිට්ටනිවල පවත්වන ඔවැනි සාජ්ජ වලින් කි දෙනෙකුගේ කන් බිහිරි වී තිබේදැයි සොයා ගැනීමට කොරමයක් නැද්ද?

    මීට සුදුකුකුලා

    ReplyDelete
  2. ඔතන වෙච්ච සීන් එක ඇත්තටම මොකක්ද , ඔය මිනිස්සුන් ඔහොම ප්‍රෙකා්ප වෙන්නෙ නැ නිකම්ම .... සංවිදායක මණ්ඩලේ මොනවහරි බලු වැඩක් කරලා තියනවා

    ReplyDelete
  3. ලංකාවෙ උනත් සල්ලි අරගෙන පෙන්නන සංගීත වල සංවිධායකයො පිස්සු කෙලියොත් තත්වෙත් ඔය වගේ තමයි. මේක වෙන රටක තිබ්බ එකකදි වෙච්ච එක තමයි අවුල.

    ReplyDelete
  4. //සංගීත ශිල්පීන් යැයි කියා ගන්නා මොවුහු තම රසිකයාගෙන් ඉල්ලනේ හුවකි. ප්‍රසංගයේ ඉදිරියේ අසුන් වල වාඩිවී සිටිනුයේ කාගෙන් හෝ නොමිලේ ලැබුණු ටිකට් පතක් හෝ ආරාධනා පත්‍රයක් රැගෙන පැමිණි පිරිසකි. උන් පැමිණි වෙලාවේ පටන් නිදිකිරා වැටෙති. ගායකයෝ කියාගන්නා උන් වරින් වර උන්ගේ නින්දට බාදා කරමින් ඔවුන්ව කුද්දති. නැවත ඔවුහු නින්දට වැටෙති. ඉදිරියේ සිටින්නවුන් නිදියා ගත් පසු කරකියා ගන්නට දෙයක් නැතිව පිටුපස සිටින්නවුන්ගෙන් හූ ඉල්ලති.
    //++++++++++++++++++++++++

    ReplyDelete
  5. පිනවන්ට සවන් ඇසුවන්ගේ සොඳින්
    සංගීත සිංහල ද්වීපේ
    මා වාගෙ උගත්
    මේ කාලෙ අයෙක් නැත
    ඊට දුර්ජනා කෝපේ
    මහ මෝඩකමක් තව
    ඇද්ද රටේ මා ‍එක්ක අනේ
    ඇයි කෝපේ
    ඇන්නෑ ඊර්ෂ්‍යා
    මුන්ගේ මෝඩකම් පේනා...

    සංගීතකාරයෝ බෝමැයි
    පුප්පන්ට ඉතා සමතෝමැයි
    දැනගත්ත ශාස්ත්‍රයක් නැත්නැයි
    නොදකින් නරිවාදම් පෙරෙන්නා
    දැන් පුරා පල්ලෙන්
    ඉලගෙයිරංගේ මාගෙන් තේරේෙ..

    ගායනය - විජේරත්න වරකාගොඩ
    නීතිඥ ජෝන් ද සිල්වාගේ ශ්‍රී වික්‍රම නාට්‍ය‍යේ

    ReplyDelete
  6. හරියට හරි. ඔය වගේ ගංජා කසිප්පු ගොං රසිකයො බිහි කරන්නෙත් ඔය සංගීත කණ්ඩායම්මයි. අපේ උන්ගෙත් ඇහුවොත් රට ඔළුවෙ, ජාතික කොඩිය නළලෙ , කතා කලොත් 2500 හෙල අභිමානෙ, ඒ වුණාට වැඩක් කලොත් කරන්නෙ තමන්ගෙයි රටෙයි දෙකේම රෙදි ගැලවෙන ඒව.

    ReplyDelete
  7. //තත්වය ඇතිකර තිබෙනුයේද සංගීත ශිල්පීන් කියාගන්නා නළුවන් පිරිසකි. ලංකාවේ එළිමහන් සංගීත ප්‍රසංග වල සංගීතය නොමැත. ඇත්තේ ශබ්ද පුජාවක් පමණි//
    මද්දට සංගීීීත සංදර්ශන එපා වීීීමට ෙහේතුව.

    ReplyDelete
  8. 'පිරිමි පමණක් නොව ගැහැණුන්ද අයිස්ක්‍රීම් පෙට්ටි පිටින් රැගෙන යන ආකාරය බලා සිටීම පවා පිලිකුල්ය'
    නූතන විදිහට හිතනවයි කියල බයිල ගැහුවත් ලිංගික සමානාත්මතාවය නොදත් තවමත් ගල් යුගේ ජීවත් වෙන ගෝත්‍රිකයෙක්. ඕක තමා කියන්නෙ කට බොරු කරත් දිව බොරු කරන්නෙ නෑ කියල. (හොරකම් කිරීම කිසිසේත් අනුමත නොකරමි)

    ReplyDelete
  9. මොකද සද්ද නැත්තෙ. ආපහු ලිව්වොත් නරකද?

    ReplyDelete