Thursday, October 9, 2014
සිංහල සාහිත්‍යය කෙරෙහි බ්ලොග් අවකාශයේ බලපෑම
තිස්ස දොඩන්ගොඩ මිතුරා විසින් දයානන්ද ගුණවර්ධනයන් ආනන්ද ජවනිකා සහ මධුර ජවනිකා නාට්‍ය ද්විත්වය මුල් කොට ගත් ශාස්ත්‍රීය විවරණයක් ''මල්ලී පුබුදු'' නමින් සිය හද ගී පොත බ්ලොගයේ පළකර තිබෙනවා. එම ලිපියේ ඔහු උපුටා දක්වන පරණවිතාන පඬිරුවනගේ ''සිංහල සාහිත්‍ය කෙරෙහි පාලි, සංස්කෘත භාෂා අධ්‍යයනයේ බලපෑම'' ලිපිය නව මානයක් කෙරෙහි මා සිත යොමුකරවන්නට යෙදුනා. එනම් සිංහල සාහිත්‍යය කෙරෙහි බ්ලොග් අවකාශයේ බලපෑම කුමක් වනු ඇතිද යන්න්නයි. මාද ඇතුළුව බොහෝ බ්ලොග් රචකයින් හෙළ වියරණය සහ අක්ෂර වින්‍යාසය ගැන යොමුකරන අවධානය අවම බව හොඳින්ම පැහැදිලියි. සිංහල බ්ලොග් අවකාශය තුල ලියන්නන්ගේ බහුතරය තාක්ෂණික අධ්‍යාපනයක් ලද්දවුන් වීම සහ ඔවුනට හෙළ බස පිළිබඳව නිසි අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොතිබීම එයට එක් හේතුවක් වනවාදැයි වරෙක සිතෙනවා. (මාගේ මේ ලිපිය පුරා ද කෙතරම් වැරදි ඇතිද?) මේ වැරදි කෙරෙහි කිනම් හේතුවක් බලපෑවද, අපගේ ලියවිලි බොහොමයක් අන්තර්ජාලයේ සුරක්ෂිතවී අනාගතයට ඉතිරි වනු ඇති. අනාගතයේදී බොහෝ දරුවන් මේ ලියවිලි තමන්ගේ අධ්‍යාපනයට පවා පරිශීලනය කරනු ඇති. පුස්තකාල පරිශීලනය දැනටමත් අවම මට්ටමක පවතියි. අනාගතයේ එය තවත් අඩුව යනු ඇත. අනාගත දරුවන් නිවසේ පරිගනකයෙන් බොහෝ වැරදි සහිත අපගේ මේ ලිපි බාගත කරගනු ඇති. එවිට සිංහල සාහිත්‍යයට කිනම් බලපෑමක් සිදුවනු ඇති ද?
Subscribe to:
Post Comments (Atom)
ඇණයක් නැති නිසා ලාඩම ගහන්න බැරි වෙනවා....
ReplyDeleteලාඩම නොගහපු නිසා අශ්වයා වැටෙනවා.....
අශ්වයා වැටුනු නිසා ජනරාල් මැරෙනවා....
ජනරාල් මැරුණු නිසා යුද්ධෙ පරදිනවා...
යුද්ධෙ පැරදුන හින්දා රාජධානිය වැටෙනවා....
අවසාන විග්‍රහයේදී..... ඇණයක් හින්දා මුලු රාජධානියක් වැටෙනවා....
සිංහල බ්ලොග් අවකාශෙ ඉන්න හැමෝම ජනරාල්වරු, රජවරු නෙවෙයි....ඒත් සමහර අය අර අශ්වයගේ ඇණේ ගහන සාමාන්‍ය මනුස්සය වෙන්න පුළුවන්....චූටී අදහසක්, සංකල්පයක් ඇතිවෙන්නේ නොහිතන පුද්ගලයෙක්ගේ මනසක වෙන්න පුලුවන්...තවත් කෙනෙකුට ඒක වර්ධනය කරලා, ඒක්කෝ ඒ ඇසුරින් ඊට හාත්පසින් වෙනස් සංකල්පයක් ඉදිරිපත් කරලා වෙනස් යමක් කරන්න පුලුවන්....ඒ නිර්මානය අනාගත දවසක ලෝකය , රට වෙනස් කරන සංකල්පයක් වෙන්න පුලුවන්...
සිංහල බ්ලොග් අවකාශයේ විවිධාකාර ලිපි, නිර්මාණ තියෙනවා....ඊටත් වඩා මම නම් ආතල් ගන්නේ ලිපි වල තියෙන කමෙන්ට් කියවලා...පත්තර වල මෙවැනි සජීවී , ඩයිනමික් සංවාද අඩුයි..තිබ්බත් ඇත්තේ දේශපාලන නන්දෙඩවිල්ලක් විතරයි....නැත්තං පංපෝරියක්....
වැස්සෙන් පස්සේ පීදෙන ලපටි තණ අතරින් සුදු පාට සමනල්ලු දාස් ගනන් මතුවෙලා එකම පැත්තකට පියාඹනවා. එගොල්ලො යන්නේ සිරීපාදෙ වදින්නයි කියලා පොඩි කාළේ අම්මලා අපට කිව්වා.පොඩි කාලේදී එහෙම ඉගෙන ගත්තට, ලොකු වෙලා බජාර් එකට බැස්සම අපි ඉගෙන ගත්තේ..... සමනල්ලු සිරිපාදේ ගියාට කැරපොත්තන්ට සිරිපාදේ යන්න බෑ කියලා. කැරපොත්තන්ට තියා සමනලුනටත් සිරීපාදේ යන්න බැරි විත්තිය රෝමැන්ටික් හීන වල අතරමං වෙච්චි අයට නොතේරෙන යථාර්තයක්.ඒත් පියාඹන්න හදන සමනලයාගේ තටු ගැහිල්ල, ලෝකය වෙනස් කරනවයි කියන එක විද්‍යාත්මක තර්කනයක්.
බ්ලොග් ලියලා සමාජය වෙනස් කරන්න බෑ කියලා ගොඩක් දෙනෙක් ගොඩක් තැන් වල කියනවා...එහෙම අයට මට කියන්න තියෙන්නේ ඒගොල්ලන් කැරපොත්තන්ට තියා සමනලුන්ටත් සිරීපාදේ යන්න බෑයි කියලා දන්න යාථාර්ථයේ සිරකරුවන් කියලා. ඒත් වාසනාවකට හෝ අවාසනාවකට යතාර්ථය කියන්නෙ අවසාන විනිශ්චය නොවේ...
""මාද ඇතුළුව බොහෝ බ්ලොග් රචකයින් හෙළ වියරණය සහ අක්ෂර වින්‍යාසය ගැන යොමුකරන අවධානය අවම බව හොඳින්ම පැහැදිලියි"" ඔතනට මාත් අදාලයි
ReplyDeleteජීවන කතාව නම් ඇත්ත තමයි. එය එක අතකින් අපේ ම රචනාවන් පිළිබඳ ව අපිව ම නැවතත් සිතා බලන්න යොමු කරනවා. අනික් අතින් මේ කෙරෙහි වූ මනා සංවාදයක් වෙත අපි ව කැඳවනවා... මොනවා වුණත් ජීවන රචනා කරන්නට යෙදුන වාක්‍ය කිහිපය පිළිබද ව මුලින් ම ස්තූතිවන්ත වන්නෙමු....
ReplyDeleteජීවන,
එක් සංකල්පයකට අනුව භාෂාව යනු සන්නිවේදන මාධ්‍යයක් පමණක් වන නිසා එය අනෙකාට පැහැදිලි වන්නේ කුමන ආකාරයකින් ද ඒ ඕනෑම ආකාරයකට අදහස් සන්නිවේදනය පමණක් ප්‍රමාණවත් වේ. එහිදී භාෂාවේ තාක්ෂණික භාවිතාවන් පිළිබඳ ව නොසලකා හැරිය යුතු බවක් කියැවේ...
වෙනත් අතකට ගත් කළ තවත් සංකල්පයකින් කියැවෙන්නේ භාෂාවක් යනු හුදෙක් සන්නිවේදන මාධ්‍යයක් පමණක් නොවන බවත් ඒ හා බැදුනු ශිෂ්ටාචාරයක්, ජනශ්‍රැතියක්, සංස්කෘතියක් පවතින බවයි... එ් අනුව එහි අන්තර්ගතය විනාශ කිරීම ඔවුන් අනුමත කරන්නේ නැත..
මේ අනුව ජීවන විවිධ වූ මතවාදයන් මේ අරඹයා ගොණු වී ඇති බව පෙනී යයි... එබැවින් මෙම සංවාදය පෝෂණය කරමින් බ්ලොග්කරුවන් වන අප ම මේ පිළිබඳ ව ස්වකීය අදහස් පළ කිරීම යෝග්‍ය යැයි යන්න අපගේ අදහස වේ...
කුගැගීප
මේ ලිපිය තව ටිකක් කල්පනා කරලා විහිදුවා නම් හොඳයි. අදහස මසුරන්.
ReplyDeleteමගේ බ්ලොග් එක මම හැකි තරම් ලියන්න හදන්නේ තියෙන සරලම භාෂාවෙන්. වරක් එක පොරක් (වමේ කියා තමන් හිතන් ඉන්න ) කිව ප්‍රාග්ධනය කොච්චර අමාරුද , තියෙන භාෂාවෙන්ම තේරෙනවනේ. අපි කියෙව්වට ඕක නොතේරෙන අය කොච්චර ඉන්නවද. ඔය භාෂාවෙන් ඇරෙන්න ඕක ලියන්න බැහැ කියල. අර යකා කියන්නැහේ තියෙන එක සරලම විධිහට කියන එක තමා හොඳ. තමන් සිරාම සිර පොරවල් කියල හිතන් ඉන්න අය මේවා කොහොමත් බලන්නේ නැහැනේ.
ReplyDeleteමට තේරෙන හැටියට පැටලුම් සහගතව ලියැවෙන්න එක හේතුවක් ඔලුවේ ඇති සංකල්පය ගැන තමන්ටම ඇති පැටලිලි සහගත බව කියල.
Delete"If you can't explain it to your grandmother, you don't understand it well enough"
සරලව ලියන්න ගන්න උත්සාහය තුලම, දරන සංකල්පය හොඳහැටි පත්තියම් වෙනව ඒ දරන්නාටම.
චීන තානාපතිවරුන්ට තමන් සේවයට යන රටේ භාෂාව ඉගෙනීම අනිවර්‍යයි කියා අසා ඇත.
මායා ගේ පොස්ට් එකත් මරු:
ReplyDelete//බ්ලොග් ලියලා සමාජය වෙනස් කරන්න බෑ කියලා ගොඩක් දෙනෙක් ගොඩක් තැන් වල කියනවා...එහෙම අයට මට කියන්න තියෙන්නේ ඒගොල්ලන් කැරපොත්තන්ට තියා සමනලුන්ටත් සිරීපාදේ යන්න බෑයි කියලා දන්න යාථාර්ථයේ සිරකරුවන් කියලා. ඒත් වාසනාවකට හෝ අවාසනාවකට යතාර්ථය කියන්නෙ අවසාන විනිශ්චය නොවේ...//
අජිත් මේ කියන්නේ මයියාගේ කමෙන්ට් එක ගැන නේද?
Deleteපෝස්ට් එකකුත් තියනවා.....
Deletehttp://maiyyagelokaya.blogspot.co.uk/2013/06/blog-post.html
මයියා තමයි. වැරදියට කියවගෙන තියෙන්නේ.
Deleteභාෂාවක් කියන්නේ ස්ථිර දෙයක් නොවේ. ව්‍යාකරණ යම් තරමකට වැරදි උනත් නිසි අදහස එන නිසා නේ ව්‍යාකරණ වැරදි බ්ලොග් පවතින්නේ. ඉතින් අනවශ්‍ය නීති වලින් වෙන් වෙලා නිදහසේ ලියන තරමට භාෂාව පරිණාමය ඉක්මන් වෙනවා. බස දියුණු වෙනවා.
ReplyDeleteමකසි කාලෙකින් ඇවිත් තියෙන්නේ!
Deleteඅලුත් මොනවත් දාන්නේ නැද්ද මචන්.
ගේමකට සෙට් වෙන්න නැතුව කසනවා වගේ.
ඉක්මනට මොනවා හරි දාපන්.
පහක් දාපන් මකසි.... එළ බුවෙක්නේ අප්පා...
Deleteමතවාදයට ගේම ඉල්ලුවට උමබල වගේ තමාගේ මතයට බය නැතිව පෙනී ඉන්න උන්ට ගොඩක් උන් ඇත්තටම ආදරෙයි
Delete@Jeevana Fernando
Deleteඑක ලිපියකදී ගේමට ආවට තව එකකදී අපේ මතය එකක් වෙන්න පුළුවන්. ඔබේ ලිපියට ලියන්න තියෙන ඒවා ලියුවේ නැත්තෙත් අපි ගහගෙන වැඩක් නැති නිසා. ඔබේ ගණනයේ වැරැද්ද තමයි වාර්ෂික වර්දන වේගය 10 වැඩිකරලා වසර 10ක වර්ධන වේගය ලෙස ගැනීම.
ඔබ 2021 සිංහල අගය අනුමාන කලේ මෙහෙමයි=15173820*(100+0.9*10)/100 = 16539463 ඔන්න ඔය ක්‍රමය සම්පුර්ණයෙන්ම වැරදියි එක නිසා ඔබගේ සම්පුර්ණ ගනනයම ගණිතානුකූලව වැරදියි. හිතන්න බැංකුවල වැල් පොලිය හදන විදියඔබටම තේරේවි වැරැද්ද. මේ ගැන ලියලා ඔබව ඉලක්ක කර මමත් පොස්ට් දාලා වැඩක් නැහැ.ඔන්න මම කියපු ඔබගේ මුලික වැරැද්ද. තවත් කරුණු පෙන්වලා වැඩක් නැහැ.
@Maathalan
:)
දෙපාරක් හිතන්න ඕන මාතෘකාවක් උනාට වර්තමානෙ කවුරුත් භාෂාවෙ ව්‍යාකරණ දෝෂ ගැන එච්චර අවධානයක් යොමු කරන්නෑ කියලයි මට හිතෙන්නෙ.. එක පැත්තකින් බැලුවොත් ඒක වැරැද්දක්. නමුත් හුඟක් දෙනා බලාපොරොත්තු වෙන්නෙ ලිපියෙ අදහස පමණයි.
ReplyDeleteහැබැයි ව්‍යාකරණ දෝෂ, අක්ෂර වින්‍යාසය නිවැරදි වෙන තරමට වටිනාකම වැඩියි.
////""මාද ඇතුළුව බොහෝ බ්ලොග් රචකයින් හෙළ වියරණය සහ අක්ෂර වින්‍යාසය ගැන යොමුකරන අවධානය අවම බව හොඳින්ම පැහැදිලියි""/////
ReplyDeleteමම මේ කුළකයේ උඩින්ම ඉන්න කෙනෙක් බව මම දන්නවා. අක්ෂර වින්‍යාසය නම් සුබසට ගිහින් හදාගන්නවා පෝස්ට් එක පබ්ලිෂ් කරන්න ඉස්සෙල්ලා. අනිත් වැරදිනම් කොහොම හදන්නද මන්දා. අකුරු සාස්තරේ හරියට බැහැ කියලා හිතට එන ඒවා නොලියා ඉන්නත් බැහැ. ඒකත් හරි දුකක්නේ. මට මේ වෙලාවේ මතක් වුනේ මල පොතේ අකුරක්වත් බැරි කෙනෙකුට හිතට එන අදහස්, කවි සිතුවිලි ලියා තබන්නේ කොහොමද කියලා. ඒ කාලේදි නම් මේ වගේ දේවල් ජනකතා, ජන කවි ලෙසින් හෝ සාහිත්‍යයට එකතුවුනා. දැන් එහෙම වෙන්න තියෙන ඉඩ අඩුයි නේ.
ළමා කලයැ අකුරට හුරු
ReplyDeleteයන්නට එය නිකම් නොහරු
සොඳට පිහිට වෙති ගුරුවරු
වන්නට බල උන්හට ගුරු
පෙර කලැ ඔබැ වැනි දරුවෝ
ඉගෙනැ අකුරු මරු මැරුවෝ
අලසවැ එ අකුරු වැරුවෝ
නම ගම සමගින් දිරුවෝ
උදයෙමැ නින්දෙන් නැගෙන්නැ
පිරිසුදු වී තැනකැ ඉන්නැ
අකුරට බුහුමන් කරන්නැ
නුවණ වඩින දොර හරින්නැ
නිවැරදි හඬ නගා කියව
හොඳ හැඩයට අකුරු ලියව
ගීද මිහිරි නදින් ගයව
ගිය ගිය තැන සැප සපයව
ඉතින් ඇතැයි පසු නොබසිනු
නැවතැ නැවතැ පුරුදු කරනු
බුරුලක් වෑයමට නොදෙනු
බැරිමැ තැනක් අසා උගනු
ගුරු දෙගුරුන් ඈ සැමදෙන
ලවා දැන්මැ හොඳයැ කියන
බස කියවා නොගත හොතින
විපත පෙනේ මතුවට එන
ලොවට උපන්නේ පුත ඔබ
යම් කිසිවක් පිණිසයැ සුබ
එසිදු කරන්නන්ට ඉඩ ලැබ
ගතහැකි අකුරිනි සිත තබ
අකුරට දැන් වන්නැ දාස
අකුරු පසුව වේයැ දාස
සිදුවෙයි ඔබ සැම අදාස
පැමිණෙයි සැප දාස දාස
ගී පද :-කුමාරතුංග මුනිදාස
ගායනය සහ තනු නිර්මාණය :- සුනිල් එදිරිසිංහ
සින්දූ ඇනෝගේ ඩේටබේස් එක තියෙන්නේ ඔලුවේද ගූගල් එකේද දන්නේ නැහැ නේද.?
ReplyDeleteබෘෂාව නොසලකා හෝ කරන මේ වැඩය හොදයි මම හිතන්නේ.. හැබැයි අතලොස්සක් ඉන්නවා ව්‍යාකරණ, ආදි සිංහල භාෂාවේ අංග නිසි ලෙස භාවිතා කරන. අපි ඒ අයට මේ අවස්ථෘවේ ස්තුතිය පල කරමු..
ReplyDeleteලපැටි ගසෙන් පුබුදින මල වෙද ඵලය?
ReplyDeleteමෝරණ ගසමැ දෙයි නිරතුරු රස ඵලය
සෙව්වොත් මෙයට හේතුව අප හට සොඳය
පොහොරද වතුර නිසි කලැ ලැබුමද යුතුය
ඒ ලියවිල්ල එක ශාස්ත්‍රීය එකක් නම් නොවේ ජීවන. 'ශාස්ත්‍රීය' ලිපි ලියන්න ගොඩක් බර වචන යොදන්න ඕනෑ!!
දැන් ගූගල් එක හරහා සිංහලෙන් සෙවුමක් කරන්න තරම් දියුණුවක් තියනව
ඒත් කෙනෙක් යමක් 'සිංහලෙන්' සොයන්නේ ඇයි?
සිංහලෙන්ම ලබා ගත යුතු දැනුමක් - සිංහලෙන් සිතූ මණසක බිහිවූ යමක් ඒ හැටියෙන්ම - හැකිතාක් නිවැරදිව ලබාගන්නද?
වෙනත් ආගන්තුක සංකල්පයක් අපේ කරගැනීමටද? ඉන්පසු අපට ආවේණික දෙයක් හදා බෙදා ගන්නටද?
මෙහෙම උවමනාවල් නැති තැන බස බිඳ වැටෙන එක නියතයි!
පුවත් පත් වල පවා ඉතා සරල 'ඔවුන්' යන්න 'ඔහුන්' කියල කොපමණ යෙදෙනවද?
ගබිරියෙල්ලාගේ පොත් පරිවර්තනය කරන ලංකාවේ 'නමක්' දිනූ වියතෙක් "I'm hungry like a dog" යන්න "මට බල්ලෙක් වගේ බඩගිනියි" කියල පරිවර්තනය කරනව. ඔහුට අමතකයි අපට "යකෙක් කන්න බඩගිනියි" කියල වහරක් තියෙන බව!
ඒ ලියැවිල්ලට "බුරතීනෝ" නැමැත්තා යස කමෙන්ටුවක් එක්කර තියේ.
වෙලා ඇත්නම් ගිහින් බලන්න!
ජය!
ඉතාමත් හොඳ අදහස් ටිකක් මතුවෙලා තියෙනවා. කොමෙන්ට් සඳහා වෙන වෙනම පිළිතුරු නොදා සියල්ල කැටිකර එක පොස්ටුවක් පලකරන එක හොඳයි කියල හිතෙනවා. එනිසා කොමෙන්ට් වැටිලා ඉවර උනාට පස්සේ සාරාංශය සමග අලුත් සංවාදයකට යමු. තවත් අදහස් තිබේනම් කොටා දමන්න.
ReplyDeleteකිසිම බලපෑමක් වෙන්නේ නෑ... අපේ භාෂවේ ඉතිහාසය ගැන දන්නවා නම්.. මහ ළොකුවට බය වෙන්න දේකුත් නෑ.. භාෂාව හා අක්ෂරත් මිනිසුන් වගේම පරිණාමය වෙනවා..
ReplyDeleteඒවට බය ළෝක්ය ගැන කිසිත් නොම දත් ළිං මැඩියෝ විතරයි..
අම්මට හැමිනිලා තියෙයි හෙළුවෙන් වනන්න ගියොත් හෙම.
හොකොමත් අනාගතේ මිනිසුන් බොහෝ නිශ්ෂබ්ද පිරිසක් වෙයි.. දැන් සෙට් වෙන තැනක උනත් හැම එකාම කතා බහ කරනවට වඩා කරන්නේ පෝන් එකේ උඩ පහළ යන එක..
සිංහලයෙන් ලිවීමේදී වියරණ හා අක්ෂර වින්‍යාසය ගැන සැලැකිලිමත් නොවන්නන් සහ වියරණය හා අක්ෂර වින්‍යාසය 'කන්නදැයි' අසන්නන්, ඉංගිරිසියෙන් යමක් ලිවීමේදී මේ හැම දෙයක්ම ගැනම සැලැකිලිමත් වන්නේත්, නිවැරැදි යෙදුම් නොදන්නේ නම් ශබ්දකෝෂයකින් බලා හෝ ඒවා නිවැරැදිව යොදන්නට උත්සුක වන්නේත් ඇයි?
ReplyDeleteණ,න,ළ,ල භේදය විකාරයක් යැයිද, ඒවා අවශ්‍ය නැතැයිද කියන්නන් ඉංගිරිසියේ මෙවැනි අවස්ථා ගැන (උදා: 'ක' ශබ්දය = k, c, ch) කිසිවක් නොකියන්නේත්, ඉංගිරිසියෙන් ලිවීමේදී ඒවා නිසි අයුරින් යෙදීමට උත්සුක වන්නේත් ඇයි?
එසේ වන්නේ, සිංහල වදනෙහි හරිවැරැද්ද නොබලන, නොදකින දනා, ඉංගිරිසි වදනේ "ග්‍රැමර්" හා "ස්පෙලින්" "මිස්ටේක්ස්" ගැන උඩ පැනගෙන විත් දෙස් දෙන නිසාය.
Deleteහේතුව? කුතූෂොව්ලත් ප්‍රන්ස බසින් කතාකරපු, රාජකීයන්ගෙ වේල්ස්කුමරුවන්ගෙ ආදර්ශපාඨ ලතින් වලින් ලියාපු, ආනන්ද විද්‍යාලෙට වඩා ආනන්ද කොලෙජ් එකට ගිය උන් වැඩි, ගාළු නොගිහින් ගෝල් යන මිනිස්සු ඉන්න, උපන්තේකට මීගමු නොගියත් නිගම්බු ඩේලි යන මිනිස්සු ඉන්න හේතුවම තමයි.
මගේ නණ ලළ දැණුම ඉතාම සීමිතයි. හේතුව මට නිලවීඅර මැඩම්ගෙ උපදෙස් මතක නැතිවීම මිසක් ඒව පොවාපු උත්තමාවියගෙ අඩුවක් නෙමෙයි. එහෙම කියල මම අත අරින්නෙ නෑ, හැකිතරම් බස නොනස ලියන්න උත්සාහ කරනව. එකම අවුල, බ්ලොග් පෝස්ට් කන්වටරෙන් නෝට් පෑඩ් එකට කොපි කරල, එඩිට් කරන්න යන වෙලාව. සමහර දවසට හදිසියට ඕක හරියට කෙරෙන්නෙ නෑ. හැබැයි එහෙම කියල බස මරණ එක සහ වැරදියට ලියන එක කිසි දවසක සාධාරණීකරනය කරන්නෙ නෑ වගේම අගය කරන්නෙත් නෑ. අපේ බසේ තියෙන ඒ අනන්‍යතාව තියාගන්න උත්සහ කරන එක සිංහලෙන් ලියන හැමෝගෙම යුතුකමක්, වගකීමක්.
ReplyDelete