Tuesday, October 14, 2014

විද්‍යා සන්නිවේදනයේ කඩාවැටීම පෙන්නුම් කරනා හොඳම ස්ථානය සිංහල බ්ලොග් අවකාශයයි



අද වනවිට සිංහල බසින් කෙරෙන විද්‍යා සන්නිවේදනය පමණක් නොව සමස්ථ බුද්ධිමය සන්නිවේදනයේම කඩාවැටීමක් අප අත්විඳිමු. මෙම කඩාවැටීම තුල වේගයෙන් සන්නිවේදනය වනුයේ  මිත්‍යාව සහ අවිද්‍යාව පමණක් නොවේ.  වෛරය ක්‍රෝදය හෙලාදැකීම වැනි දුර්ගුණයන්, මිත්‍යාවහි  සන්නිවේදන වේගයට වඩා වැඩි  වේගයකින් පැතිරෙයි. අන්තර්ජාල සන්නිවේදනය ඒවාට තටු ලබාදී ඇත.

අද තාක්ෂණික බ්ලොග් අඩවි පරිඝනක, මොබයිල් ෆෝන් තාක්ෂණයට සහ එල්.ඊ.ඩී. ලාම්පු තාක්ෂණයට ලඝු වී ඇත. මේවායින් සාමාන්‍ය විද්‍යාව, ජනතාව වෙත කාන්දු වන්නේ නැත. 

මගේ නිරීක්ෂණයට අනුව විද්‍යා සන්නිවේදනයේ කඩාවැටීම පෙන්නුම් කරනා හොඳම ස්ථානය සිංහල බ්ලොග් අවකාශයයි.  සිංහල බ්ලොග් අවකාශය තුල හොඳ මට්ටමේ සාමාන්‍ය විද්‍යාව ගැන ලියවෙන බ්ලොග් අඩවි විරලය. විද්‍යාව අමතක කරමු සිංහල භාෂාව පිලිබඳ ලියවෙන යාවත්කාලීන වන එකදු අඩවියක් හෝ තිබේද?

මෙයට හේතුව ලෙස විද්‍යා අධ්‍යාපනය ලද පිරිස ලේඛනයේ අසමත් බව කියවෙන පැරණි මතයට දැන්  නම් මා එකඟ නොවෙමි. අන්තර් ජාලයේ සිංහල අවකාශය තුල දැනෙන යමක් කරන්නන්ගෙන් බහුතරය විද්‍යා අංශයෙහි අධ්‍යාපනය ලද්දවුන්ය.  නමුත් විද්‍යාව අමතක කරන ඔවුන්, ලියන්නේ සහමුලින්ම  වෙනත් විෂය ධාරා ඔස්සේය. පෞද්ගලික උදාහරණයක් මෙහි සඳහන් කරමි. මාගේ සරසවි සගයන් අතර පසුගිය වසර කිහිපය පුරා බොහෝ වෙලාවක් අන්තර්ජාලයේ සැරිසරූවන් පස් දෙනෙකි. ඒ අතුරින්  ලියුම්කරු, හද ගී පොත සංස්කාරක තිස්ස දොඩන්ගොඩ, අපේ සින්දු වෙබ් අඩවියේ සංස්කාරක පාලිත ඉද්දමල්ගොඩ, යූ ටියුබය සහ මුහුණු පොත අරක්ගෙන සිටින මංජුල හෙට්ටිආරච්චි යන හතර දෙනා  ගීතයට පමණක් කොටුවී සිටිති. අනෙකා මහා පරිමාණයෙන් මිත්‍යාව සහ වෛරය පතුරුවමින් සිටියි. මේ පස් දෙනාම ඉහලටම විද්‍යාව හැදාරූ ඉංජිනේරු උපාධිධාරීන්ය. නමුත් මාද ඇතුළු පස් දෙනාම විද්‍යාව සන්නිවේදනය සඳහා කර ඇත්තේ කුමක්ද?  මේ තවත් උදාහ‍රණයක්. දැනට තාවකාලික නිද්‍රාවේ සිටින බ්ලොග් සක්විති කතන්දර කාරයාද ඉංජිනේරුවෙකි. වසර පහක කාලයක් තුල කකා ද විද්‍යාව සන්නිවේදනය කලේද? 

මෙයට හේතුව නොහැකියාව නොව අනවධානයයි. නවයුගය වන් පුවත් පත් මුද්‍රණය නොවන විදුසර වන පුවත් පත් වල් වැදී සිටින යුගයක සිංහල බ්ලොග් කරුවන් වන අප අතට කඩුව පතිතව ඇත. 

මසකට වරක් හෝ වැදගත් විද්‍යා ලිපියක් පලකිරීම මේ යුතුකමක් ලෙස මා දකිමි. විද්‍යා අධ්‍යාපනය ලද බ්ලොග් කරුවන් සියලු දෙනා එසේ කළහොත් මසකට සිංහලෙන් ලියැවුණු විද්‍යා ලිපි දෙතුන් සියයක් ජාල ගතවී සංරක්ෂණය වනු ඇත. අනතුරුව සාමාන්‍ය විද්‍යාව සඳහාම වෙන්වූ බ්ලොග් අඩවි රැසක් බිහිවනු ඇත. විද්‍යා බ්ලොග් අඩවි සඳහාම වෙන්වූ සින්ඩි බිහිවනු ඇත.පෙර කල පුවත් පත් සිදුකල විද්‍යා සන්නිවේදනය බ්ලොග් අවකාශය අත පත් වනු ඇත.

48 comments:

  1. එකඟයි... හැබයි ඉතින් ඒවා රහ වෙන්නත් ඕන. සම්ප්‍රදායේ එල්ලිලා කරන එකෙන් නම් විජ්ජාව මිනිස්සු අතරට ගෙනියන්න බෑ.. සරළ වෙන්න ඕන.. මහ පොළොවට එන්න ඕන.. සාමාන්‍ය මිනිසා සිතන පතන අයුරින් සිතන්න පුරුදු වෙන්න ඕන.. විජ්ජාව තියා අපේ පොඩි උන්ට උගන්වන්නෙත් තාම සම්ප්‍රදායික විදියට.. ඒත් ජාත්‍යන්තර පාසලකට යන එකා ඒ පාපෙන් මිදෙනවා..

    ReplyDelete
    Replies
    1. වැඩ නැද්ද මනුස්සයෝ.. හැක් හැක්..

      Delete
    2. ජාත්‍යන්තර පාසල් කියල තැන්තැන් වල පටන් අරන් තියෙන පෙට්ටි කඩ වල අධ්‍යාපන තත්වය මාතලන් දන්නේ නැහැ වගේ. ගොඩක් ඒවා වල දැනටමත් ළමයි ගොඩක් අනාත කරලා. දැන් උසස් පෙලට රජයේ පාසල් වලට අනුයුක්ත කරන්න හදනවා

      Delete
    3. මේ බ්ලොග් වල ලියන ගොඩක් අයගේ භාෂාව හරිම රසවත්. ඒ භාෂාව විද්‍යා සන්නිවේදනයට හොඳටම ගැලපෙනවා කියල හිතනවා.

      Delete
  2. ඉංජිනේරුවෙක් උනා කියල විද්‍යාව සන්නිවේදනය කරන්න බෑ.. ඉගෙන ගත්තට හැම එකාටම ගුරෙක් වෙන්න බෑ... ඒකට උවමනාවක් තියෙන්න ඕන.. ඔය නං කියපු සහ නොකියපු අය මෙතැන කරන්නේ තම මනස නිදහස් කරගැනීමක්.. ඒකට දොස් කියන්න එපා.. බොලා මොකක් හරි ෆෝරම් එකක් පටන් ගනිල්ලා. මොකද අපායේ උනත් වැඩ කෙරෙන්නේ ඒ පිළීවෙලට නේ..

    ReplyDelete
    Replies
    1. දැනටමත් සිංහල භාශාව පිලිබඳ බ්ලොගක් කරන්න සෙට් එකක් එක්ක කතා කරගෙන යනවා. උන් ළඟදීම එක පටන් ගනියි. මේකත හිමිහිට බලමු.

      Delete
    2. //ඉංජිනේරුවෙක් උනා කියල විද්‍යාව සන්නිවේදනය කරන්න බෑ.. ඉගෙන ගත්තට හැම එකාටම ගුරෙක් වෙන්න බෑ... ඒකට උවමනාවක් තියෙන්න ඕන.. // උවමනාවක් මෙන්ම හැකියාවක් තියෙන්න ඕන. උපාදි ගත්තත් හැමෝටම උගන්වන්නත් බැහැ. උගන්වන්න බැරි උපාදිදාරීන්ට ගුරු පත්වීම් දීම ජාතියේ කරුමය.

      Delete
    3. //උගන්වන්න බැරි උපාදිදාරීන්ට ගුරු පත්වීම් දීම ජාතියේ කරුමය.//
      එකෙන්ම එකඟයි

      Delete
    4. බස්සි, ඔයා ලියල තියෙන ආත්මීය ආදරයේ රසායන විද්‍යාව (Chemistry Behind Love) පොස්ට් එක විද්‍යාව සන්නිවේදනයේ අලුත් ක්‍රමයක්.
      http://bassigenawathana.blogspot.com/2014/10/chemistry-behind-love.html

      Delete
  3. මම විද්‍යා විෂයන් වලින් උසස් අධ්‍යාපනය හැදෑරුවත්, සිංහලෙන් නම් ටෙක්නිකල් බ්ලොග් එකක් කරන එක මගේ විෂය අනුව පුළුවන් දෙයක් නෙවෙයි. මොකද සිංහලෙන් අපේ අදහස සන්නිවේදනය කරන්න තරම් සිංහල වචන නැහැ ඒ ටෙක්නිකල් පැත්තට. එතකොට නීරස කැඳ හැලියක් වෙනවා. සිංහලෙන් මම ලියන්නේ ඒ දේවල් නෙවෙයි.
    ඇත්තටම cult එක වගේ බ්ලොග් තමයි අපිට ඕනේ කරන්නේ. මමත් ඔය නීරස බ්ලොග් චෝදනාවේ චූදිතයෙක් හින්ද මම කතා කලේ. ඔව්... කතාව ඇත්ත. මම නම් දරන්නේ මෙහෙම මතයක්. ලියන්න පුළුවන් මිනිස්සු බ්ලොග් ලෝකෙට අරන් එන එක තමයි මම වගේ අයගේ වගකීම. මොකද මම ඒ ටැලන්ට් එක ඇති කෙනෙක් නෙවෙයි. මෙන්න මම හරිම ආස බ්ලොග් එකක්
    cult

    ReplyDelete
    Replies
    1. උබලා වගේ වචන දන්නේ නැති උන් විද්‍යා ලිපි ලියන්න ගියෝත් කැඳ හැලියක්ක්ම වෙයි. ටෙක්නිකල් කියන එකට තාක්ෂනික කියලා ලස්සන වචනයක් තියන විත්තිය දන්නේ නැද්ද ගෑනියේ. සිංහල වචන තියන ටිකවත් භාවිතා කරන්නේ නැතිව එනවා පණ්ඩිත කම් කියන්න

      Delete
    2. උපේක්ෂා, ඔය කියන තරම් නීරස නම් කොහොමද ඔයාගේ පොස්ට් එකට කොමෙන්ට් තොගයක් වැටෙන්නේ. පොඩි පැහැදිලි කිරීමක් ඕන එක ගැන.
      එක දිගට කියවන්න පුළුවන් පොස්ට් ලියන් අය ඔහොම කියනවානම් අපි මොනවා නොකියන්න ඕනද.

      මකසි, අන්න උඹේ පුරුශාධිපත්ය එලියට පැනල පොඩ්ඩක් වහ ගනින්.
      කැඳ හැලියක් වෙයිද නැතිද බලන්න ලියනකල් ඉවසන් හිටපන්කෝ. කැඳ හැලියක් උනොත් කොමෙන්ට් වලින් දැනගන්න පුළුවන් නේ. එතකොට කියමු නොලිය ඉන්න කියල.

      Delete
    3. මකසි,
      නිවැරදි වචනය 'තාක්ෂණික' විය යුතුයි

      Delete
    4. මකසි: ඔව්... ඇත්ත. මම දන්නේ නැතිවා වගේම තියෙන වචනවල භාවිතය දැන් හොඳටම අඩු වෙලා හින්ද තමයි මම කිව්වේ මම ඒ ටැලන්ට් එක ( දක්ෂතාවය) නැති කෙනෙක් කියල. ඔව්.. මම ගෑනියෙක් තමයි, ඒ ගැන ආඩම්බර වෙනවා. ඔබ 'උඹලා' කියන වචනේ ලියන තියෙනවා වැරදියි නේද?

      ජීවන : කොමෙන්ට්ස් වැටෙන පලියට මම ලියන දේවල් හොඳයි කියන මතයක් මට නැහැ. අඩුපාඩු නම් එක පේළියකට දහයක් වත් ඇති. ඒ බව මම දන්නවා. මම ලියන්නේ අත්අකුරෙන් නෙවෙයි, ඒකත් අවාසියක්. මොකද මම අත්අකුරෙන් ලියනකොට නිවැරදි පද ගැලපිල්ල, අක්ෂර වින්‍යාසය කියන මේ හැම දෙයක්ම පුළුවන් උපරිමෙන් එළියට එනවා. ඒ හින්ද මේ බ්ලොග් වල 'සිංහලෙන්' මම ලියන දේවල් ගැන මගේ 'කොලිටි' ( ගුණාත්මක බව ) එතරම් හොඳ නැති බව දන්නා නිසා "නොදන්නා කරුමාන්තේ කරන්න ගිහින් වරිගේ නහගන්න" මගේ කැමැත්තක් නැහැ

      Delete
    5. මාත් කලවම් බාසා වලින් විද්‍යා ලිපි ලිව්වා තාම වරිගෙ නැහුනෙ නෑ. ඒ නිසා ඔයත් ලියල බලන්න උපේක්ෂා.

      Delete
    6. ම.ක.සි. මොකද මේ කලබල වෙලා? උපේක්ෂා ගොඩක් වෙලාවට හොඳ ලිපි ලියනවනේ.

      Delete
    7. බස්සි : මම විද්‍යා කියන එකෙන් අදහස් කලේ මගේ ෆීල්ඩ් එක ( ක්ෂේත්‍රය ) අයිති ඒ කොටසට හින්ද. මම පරිඝනක අංශයේ කෝඩ් කෙටිල්ලෙන් පටන් අරගෙන දැනට එහි කළමනාකාර කොටසේ තමයි නතර වෙලා ඉන්නේ. මගේ ඒ කොටසට සිංහලෙන් කියන්න තියේ ජාති බොහොම අඩුයි, ඒ වගේම සිංහලෙන් කියනවට වඩා ඉංග්‍රීසියෙන් වඩා පැහැදිලිව කියන්න පුළුවන්. හේතුව වචන වල ගැලපීම සහ අදහස් සන්නිවේදනයේ ඇති ලොකු අඩුපාඩු ( ගැප් එක). තාක්ෂණවේදය සිංහලෙන් ඉගෙනගන්නවා කියන්නේ අපි ආපස්සට යවන මෝඩ වැඩක්. හොඳයි මට මේ වචනවල සිංහල අදහස එන වචන හොයල දෙන්න පුලුවන්ද?
      Agile
      Scrum
      Retrospectives
      ????

      ඉංගිසියෙන් කියනකොට, හරියටම ඒ වචනේ එක්ක අනුබද්ධවෙන පරිකල්පනය මැවෙනවා. අන්න ඒකයි සිංහලෙන් පැහැදිලි කිරිල්ල අසාර්ථක. අනිත් කාරණේ මම ඒ ජාතියේ ටැලන්ට් එකක් ඇති කෙනෙක් නෙවෙයි, මම ඒක දන්නවා. ( මම නොදන්නා බව දන්නවා) . නමුත් මගේ රාජකාරි ජීවිතයේදී මගේ සමහර අත්දැකීම් මම බෙදාගෙන තියෙනවා බ්ලොග් එක හරහා. ඒක මම ඉදිරියටත් කරනවා.

      Delete
    8. @උපේක්ෂා මේ ප්‍රශ්නයේදී කෙටි පිළිතුරක් දෙන්න බැහැ මේ ගැනත් සාකච්චාවට පොස්ට් එකක් දාන්න වෙනවා. මම කුඩාකල සිට විද්‍යාවට ලැදි කෙනෙක් ඒ වගේම සිංහල වලටත් කැමතියි අතාර්කික වයාකරණ සම්ප්‍රදායන් නැත්නම්. මම ගොඩක් අක්ෂර වින්‍යාස දන්නේ නැහැ ඒ වගේම වයාකරණ දන්නනෙත් නැහැ(සිංහල විෂයක් ලෙස අසාවෙන් ඉගෙන ගෙන නැති නිසා) නමත් මම කතා කරන විට සහ ලියන විට යම් පදයකට සිංහල පදයක් තියෙනවා නම් සහ එය විකාර අර්ථයක් නැත්නම් මම එය භාවිතා කරනවා.

      බලන්න ඔබගේ උඩින්ම ඇති කමෙන්ට් එක එහි ඇති ටෙක්නිකල් සහ ටැලන්ට් යන වචන වලට ලස්සන සිංහල වචන තියෙනවා ඔබ ඒවා වත් බාවිතා කරන්නේ නැහැ නමුත් ඔබ සිංහල වචන නැහැ කියලා සිංහල පහතට දානවා. ඔබගේ එම වැඩේට තරහා යනවා සිංහල ගැන කැක්කුමක් ඇති ඕනෑම අයෙකුට.

      මමත් දැන් වසර 14 කාලයක් සියලු අධ්‍යාපනික සහ වාර්තීය වැඩ කරන්නේ සිංහලෙන් නොවෙයි. එක නිසා අපි පාසලේදී සිංහලෙන් විෂයන් හදාරනකොට භාවිතා කල පාරිභාෂික වදන් හැර අපි අලුතින් ඉගෙන ගත් ඉංග්‍රීසි වචන වල පාරිභාෂික වදන් විකාර ලෙස පේනවා. එහෙම විකාර අච්චාරුවක් වෙලා පෙන්නේ අපිට ඒ වදන් නුහුරු නිසා තමයි මුලිකව(සත්‍ය වශයෙන්ම විකාර වදන් තියෙනවා තමයි අපි ඒවා අමතක කරමු). ඒ වදන් නුහුරු වුවත් එය භාවිතා ක‍රනවා නම් කලකදී හරි යනවා. භාෂාවකට වෙන භාෂා වලින් වදන් ගත්තාට කමක් නැහැ නමුත් අසීමිතව ගන්න ගියොත් එය විකාරයක් වෙනවා.

      සිංහලෙන් අධ්‍යාපන ක්‍රමය හදපු මුල් කාලයේ බොහෝ අයට ඔය ප්‍රශ්නය තිබුනා නමුත් නව සිංහල වචන බිහිවුණා එයින් විකාර වචන හැලිලා මුල්වචන ආවා ඒ වගේම සාර්ථක වූ සිංහල වචන දැනට අපි කිසි විකාරයක් නැතුව භාවිතා කාරනාව
      මෙන්න උදා හරණ
      Friction - ඝර්ෂණය
      Power - ක්ෂමතාවය
      Tension - ආතතිය
      Atom - පරමාණුව
      Organic - කාබනික.
      ඔය වගේ ගොඩක් වචන 1950 දශකයට පෙර ඉගන ගත් ඔබ වැනි අයට විකාර වචන වුනා නමුත් ඒවා ඔබට මෙන්ම මට අමුතු විකාර වචන නොවේ. අපි වසර ගණනාවක් ඒවා භාවිතා කල නිසා. එහෙම සිංහල වචන මුලින් භාවිතා කල අපිට උසස් අධ්‍යාපනයේදී ඉංගිරිසි මාධයෙන් ඉගෙන ගන්න විට අවුලක් වුනාද. නැහැ නේ.අපි ලස්සනට නියම ඉංගිරිසි වචනය අල්ලා ගත්ත.
      නමුත් මේ පාරිභාෂික විකාර වචන හැලුනා.
      oxygen - අම්ලකර
      hydrogen - ජලකර
      carbon - අංගාර

      Agile, Scrum, Retrospectives වැනි වචන වල තේරුම අදාල ක්ෂේත්‍රය හෙවත් උපයෝගීතාව අනුව වෙනස් වෙනවා උදාහරණ ලෙස Agile කියන්නේ ඉක්මන් කියන අර්ථය නමුත් අපි IT වලදී බාවිතා කරන agile methods වලට ඉක්මන් ක්‍රම වගේ වචන ගැලපෙන්නේ නැහැ ඒ ගැන නිවැරදි අර්ථය සහිත විකාර රුපී නොවන වචන සෑදීම රජයේ වගකීමක්. නමුත් අවාසනාවකට එහෙම වචන හැදෙනවා අඩුයි එතකම් අපි ඒවාට ඉංග්‍රීසි නම ලියමු. එතකම් තියන හොඳ වචන භාවිතා කරමු.

      //ඉංගිසියෙන් කියනකොට, හරියටම ඒ වචනේ එක්ක අනුබද්ධවෙන පරිකල්පනය මැවෙනවා. අන්න ඒකයි සිංහලෙන් පැහැදිලි කිරිල්ල අසාර්ථක. // ඕක වෙන්නේ කෙල්ලේ අපිට තාක්ෂනයේදී සිංහල නුහුරු නිසා.

      මම ඔබේ බ්ලොග් එක බැලුවා එහි තියෙන ඔබ බාවිතා ඉන්ගීසියෙන් ලියපු කරපු ගොඩක් වචන සඳහා ලස්සන සිංහල වචන තියෙනවා. ඒවා බාවිතා කරා නම් ඔබේ ලිවීම ලස්සනයි. නුහුරු වුනත් ගැලපෙන වචන ඇත්නම් ඒවා භාවිතා කරන්න. ඔය බස්සී ක‍රනවා වගේ.

      Delete
    9. මකසියෝ, ඔච්චර දේවල් දන්නා උඹල වගේ උන්ට විද්‍යා දැනුම ජනතාව අතරට ගෙනියනවා කියන්නේ සුළු දෙයක්.
      ටෝක් දී දී ඉන්නේ නැතුව ලියපන්කෝ දෙක තුනක් අපිටත් කියවන්න.

      Delete
    10. ඕන කෙනෙකුට එදිනෙදා ජීවිතය සඳහා වැදගත් විද්‍යා ලිපි ටිකක් අනිවාර්යෙන්ම ඉදිරියීදී ලියනවා. ඉල්ලුම හොඳ නම් සැපයීම දිගටම කරනවා.

      Delete
    11. ඔය ඉන්නේ වැඩේ ඉදිරියට ගෙනියන්න සෙට් එකක්.
      අනිවාර්යයෙන්ම හොඳ ඉල්ලුමක් තියේවි. ඒ හන්ද මකසිට ගොඩක් වැඩ තියේවි.
      දවස් දෙකට ලිපි තුනක් බ්ලොග් වලට වැටිලා තියෙනවා.(තවත් තියෙනවද දන්නේ නෑ මේ මගේ බ්ලොග් රෝල්ට වැටුණු ඒවා)
      http://kolambagamaya.blogspot.com/2014/10/bigbang.html
      http://kolambagamaya.blogspot.com/2014/10/big-bang-cmb.html
      http://worldbeyondworld.blogspot.com/2014/10/what-is-guillainbarre-syndrome-gbs.html
      දැන් තියෙන්නේ වැටෙන ලිපි මාකට් කරන්න ක්‍රමවේදයක් හදන එක.
      කොහොම හරි මේ වගේ ලිපි දරුවන් අතරට යවන එක අපේ යුතුකමක්.

      Delete
    12. මකසි: දිගම දිග උත්තරේට මට දෙන්න තියෙන්නේ එක ජේදයක උත්තරයක්.
      සිංහලෙන් ලියනවා කියල 'තාක්ෂණික' දේවල් වල තියෙන ගුණය රැකෙන්නේ අඩුවන්. මගේ දෝසයක් වෙන්න ඇති, නමුත් මට නම් මගේ විෂය පරාසය තුල ඒ ගැන ලියවෙච්ච සිංහල පොත් නම් කියවන්න තියා අල්ලන්නවත් හිතෙන්නේ නැහැ. අනිත් එක මම කොහොමත් ඉල්ලුමට සැපයුම දෙන කෙනෙක් නෙවෙයි. බහුතරය සහ බහුතර කැමැත්ත කියන්නේ ලංකාවේ 'කවදාවත්' නිවැරදි දේ නෙවෙයි... මම ඔබ වගේ නෙවෙයි... පොඩිකාලේ ඉඳල විද්‍යා විෂයන් කලාට මම සිංහල වලින් ගොඩක් ඉස්සරහට ගිහින් 'හිටපු' කෙනෙක්. සමාවෙන්න මම මම ගැන අධිතක්සේරුවක් කළා නම්... ඒ හින්ද ලියන සිංහලයක් නිවැරදිව ලියන්න මම හැම වෙලේම උත්සහ කරනවා. අනිත් එක ව්‍යාකරණ ගැන සැලකිලිමත්. වැරදි ව්‍යාකරණ එක්ක වඩා හොඳයි මම නොලියා ඉන්නවා. ඒක හරියට ඉංග්‍රීසිවල Spelling mistakes වගේ... එතරම්ම වැදගත්. ( ඔබට නොවේ, මට වැදගත්) රජයෙන් කරනකල් බලන් ඉන්න කෙනෙක් නෙවෙයි මම. කිසිම දෙයක්! ඒ අතිනුත් වෙනස්. අනිත් එක මගේ සිතුවිලි ගලාගෙන යන රටාවට ලියාගෙන යන කෙනෙක් හින්ද මැද්දෙදි කැඩෙන වචනයක් දානවට වඩා අදාළ තැනට ඉංග්‍රීසි වචෙනේ දැම්මට ඔයාට ඔතරම් කේන්ති ගන්න දෙයක් තියෙයිද? ඒකෙන් සිංහල බාසාවට තියෙන ආදරේද පෙන්නන්නේ? මට කියන්න තියෙන්නේ "Grow up!"

      ඒ වගේම "Be the change YOU want"

      Delete
    13. උපේක්ෂා,
      මකසි එක්ක රණ්ඩු උනාට කමක් නැහැ එක පිට දාගෙන ලිපියක් දෙකක් නොලිය ඉන්නවා එහෙම නෙවෙයි.
      තව එකක්. මේ අපේ කට්ටිය ලියන ලිපි එක තැනක ( අර සින්ඩි වගේ) පෙන්නන්න ක්‍රමයක් තියෙනවද එහෙම තැනක් හදන්න පුළුවන් නම් ඕන කෙනෙකුට එතනට ගියාම තමන් කැමති ලිපිය තෝරාගන්න පුළුවන්

      Delete
  4. මචන් මගේ ප්‍රශ්නය නම් ඇත්තටම භාෂාව. මම ක්වන්ටුම් චෙක්ස් http://quantumchecks.blogspot.co.uk/ කියල බ්ලොග් එකක් කරලා මගදී නවත්තල සසිංහලෙන් ලියන්න ගත්ත. නමුත් මම ඇත්තටම සමහර වචන වලට හොඳ සින්හල වචන දන්නේ නැහැ. නැත්නම් මට රාජකීය තාරකා සංගමයේ පොතත් , physics institute එකේ සඟරාවත් ලැබෙනවා. උදාහරණයක් වශයෙන් black hole එකට කියන්නේ කළු කුහාරයද? supernova එකට මොකක්ද කියන්නේ ? මේවා දන්නේ නැහැ. නැත්නම් මමත් සිංහලෙන් ලියන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. black hole -කළු කුහරය
      supernova - සුපර්නෝවා
      භෞතික රසායන තාරකා විද්‍යා සඳහා සිංහල පාරිභාෂික වචන බොහෝ තියෙනවා. IT වලට නම් හොඳ වචන අඩුයි

      Delete
  5. ජීව, මචෝ අපි බොහොමයක් බ්ලොග් ලියන්නෙ "බ්‍රේක්" එහෙකට, තමන්ගෙ වෙහෙසකර රාජකාරියෙන් අස්වැසිල්ලකට, ඉතිහාසෙ මතක අතරෙ මිදිල සතුටු වෙන්න වගේ ප්‍රාථමික හේතුවලට. එතනදි විද්‍යා විශයන් වලින් හෝ වෙන තමන් උගත් සහ රාජකාරිමය වශයෙන් භාවිත කරන/කල කරුණු වලින් බ්ලොග් එකක් ලිවීම අර පුද්ගලික කරුණු විනෝදාස්වාදය ගැන ලියවෙනවට වඩා වෙහෙසකර කටයුත්තක්.

    ඒ වගේම යම් වෘත්තිකයෙක් ලියන තාක්ෂනික කරුණු සහිත ලිපියක් පත්තරේ දානව වගේ නෙමෙයි බ්ලොග් එහෙකදි අදාල ලිපියෙ ඇත්ත නැත්ත, අඩංගු කරුණු ගැන
    විෂය දන්න හා උනන්දු අය අතරෙන් ප්‍රශ්ණ නැගෙනව. එතනදි තමන් ඉදිරිපත් කරන දේ නිවැරදි නැතිනං, එක්කො වැරද්ද පිලි අරගෙන නිවැරදි කරගන්න හෝ, වැරැද්ද නිවැරැදියි කියමින් ඒ වෙනුවෙන් ප්‍රවාද ගොඩ නගමින් පෙනී ඉන්න වෙනව. මෙතනදි දිගින් දිගට තමන් ලියන දේ වැරදි අනෙක් අය පෙන්නද්දි, ඒ වැරදි පිළි අරන් තමන් නිවැරදි කරගත්තොත්, එන පාඨක ප්‍රමාණය සහ ලිපි ගැන ඇති විශ්වාසය අඩුවෙනව. එහෙම නැතුව තමන් ලිව්ව බොරු ඇත්ත කියල ඔප්පු කරන්න ගියොත් හරි ප්‍රථිවාදියෙක් හමුවෙනකල් ඇදගෙන යන්න පුලුවන් උනත්, දවසක වැඩේ වැරදිල ආයි කෙලින් වෙන්න බැරිවෙන්නම වදින මොහොතක් එනව. දක්ෂ විදියට විද්‍යා තාක්ෂනික ලිපි ලිව්ව සහන්ට සයිලන්ට් වෙන්න උනේ ඔය දෙවනි හේතුව නිසා.

    යම් විෂය කරුණක්, තාක්ෂනික විස්තරයක් සරළව ලියන්න තියෙන අඩු හැකියාවට අමතරව, ඔන්න ඔය කාරනා නිසත් කෙනෙක් විෂය කරුණු සහ විද්‍යාත්මක විෂයන් ගැන ලිවීමට පෙළඹෙනව අඩුයි.

    කොටිම්ම, මගෙ හිතේ කාලෙක ඉඳල අදහසක් තියෙනව, මගේ විශේෂඥ විෂය වෙච්චි සහ සිංහලෙන් අවම තොරතුරු තියෙන "දැව සහ දැව භාන්ඩ නිෂ්පාදනය" ගැන යමක් ලියන්න. ඒත් නිවැරදි දත්ත පොත් වලින් හොයල ලියන්න වෙලාවක් හොයාගන්නවට වඩා වැඩ තියෙනව. ඒ හිනද මොකක් හරි කතාවක් ගොතල ලියල ඒකට වැටෙන කමෙන්ට්ස් වලට උත්තර දීල ආතල් එකේ ඉන්නව, හරිම සිම්පල් ප්ලෑන් එකක් විදියට.

    ReplyDelete
    Replies
    1. මම කමෙන්ට් දාන්නේ නෑ , මං කියන්න ගියෙත් මේ ටිකමයි ....

      Delete
    2. @ ඉවාන් පවුලූශා
      ඉන්දික ගේ කොමෙන්ට් එකට පිළිතුර පහල තියෙනවා. එකත කියවල බලලම ඉන්නකෝ.

      Delete
  6. අදහස නම් නරක නැත... උනන්දුව සහ කැපවීම පමණක් අවශ්‍යව ඇත...

    ReplyDelete
    Replies
    1. මාසෙකට එකක් හරි විද්‍යා ලිපියක් ලියමු නේද

      Delete
  7. @උපේක්ෂා, අජිත් සහ ඉන්දික,
    ඔය ප්‍රශ්නයට මම හැමදාම මුහුණ දෙනවා සංගීතය ගැන ලියන කොටත්. මට වචන 100 ක විතර පොස්ට් එකක් ලියන්න පැය දෙකක් විතර යනවා. මොකද කරුණු 100 % නිවැරදි වෙන්න ඕන නිසා. වැරද්දක් ලිව්වොත් එක ගුගල් සර්ච් එකෙන් ගේම් ක්ලෝස්. එහෙම ලියන එකෙත් කොනක් අල්ලාගෙන ප්‍රශ්නයක් ඇහැව්වම උත්තරය පැහැදිලි කරන්න පොස්ට් එක වගේ දෙගුණයක් වචන භාවිතා කරන්න වෙනවා. එහෙම නැතුව නොදන්නා කෙනෙකුට සංගීතය ගැන සාශත්‍රීය කරුණක් පැහැදිලි කරන්න අමාරුයි.

    විද්‍යා විෂය සම්බන්ධව ලේඛනය කොයි තරම් අමාරු උනත් අපි කරන්නම ඕන දෙයක්. කොහොම හරි කාලය යොදාගෙන මාසෙකට එකක් හරි ලියමු. විද්‍යා ලිපියක වැරදි දෙයක් නිවැරදි කරනවා හැරෙන්නට ඒක ඔප්පු කරන්න හදනවා කියන්නේ අලුත් තියරියක් හොයා ගන්නවා වගේ වැඩක්. තමාගේ වරද පිළිගන්න අවංක වෙන්නම ඕන.

    උපෙක්ශා කියන තරම් දුර ගිහින් ටෙක්නිකල් බ්ලොග් එකක් දක්වා යන්න ඕන නැහැ. පරණ නවයුගයක් බලන්න කොයි තරම් සරල දේවල්ද තියෙන්නේ කියල. සිංහල වචනය හොයාගන්න බැරිම උනොත් ඉංග්‍රීසි වචනයම හරි යොදවල ලිව්වත් කමක් නැහැ කියල හිතෙනවා නොලියා ඉන්නවට වඩා. අපි මේක පටන් ගත්තොත් පාටකයා අතරින් අලුත් කොමෙන්ට් කරුවන් මතු වෙයි විද්‍යා කරුණු ලියන්න. අන්න එදාට මට මුලින් දුන්නු සහයෝගය වගේ සහය දීල කොහොම හරි මේකේ බින්න බස්ස ගන්න එක තමා අපි අතින් වෙන්න ඕන.

    අජිත්, බැරි බැරි ගානේ හරි එකක් ලියල බලමුකෝ. ගොඩක්ම සංකීර්ණ දේවල් නැතුව සරල එකක් හරි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ දිරිගැන්නිලට. මට එක පාරටම මතක් වෙන්නේ පට්ට පරණ ලොරියක් ජීවන බැරි බැරි ගාතේ තල්ලු කරලා ස්ටාර්ට් කරන්න හදනවා වගේ. ඔක්කොම එක පෙලට එළුවෝ ටික වගේ 'බෑ... බෑ ...' කියද්දීත්, වැඩේ අතාරින්නෙ නැතුව ඉන්න එක ගැන හරිම සතුටුයි මිත්‍රයා!

      Delete
    2. බෑ බෑ කිව්වට ඔන්න කට්ටිය එක දෙක ලියනවා.
      මාතලන් තමා අර පට්ට පරණ ලොරිය හොයාගෙන ආවෙ. කොහොම හරි අපි එකතු වෙලා තල්ලු ස්ටාට් දීල ගමන යමු.

      Delete
  8. //මේ පස් දෙනාම ඉහලටම විද්‍යාව හැදාරූ ඉංජිනේරු උපාධිධාරීන්ය. // ඔබ සමග එකට කැම්පස් එකේ හිටපු අය ඉංජිනේරු උපාධිධාරීන් කියන්නේ ඔබත් බොහෝවිට ඉංජිනේරු උපාධිධාරීයෙක්. සරල ප්‍රතිශත ගණනක් හදන්න බැරි ඔබ වැනි ඉංජිනේරු උපාධිධාරී ඉන්න එක නම් ජාතියේ කරුමයක්. ඔබ මෙන්ම බොහෝ අයට තම රැකියාවට අදාළ කරුණු හැර අන් උගත් දේ ගැන මතකය කාලයත් සමග අඩුවෙනවා තමයි නමුත් බැංකු පොතකට ලැබෙන පොලිය ගණනය කරන වැනි සරල ගණිත ක්‍රම නොදන්නවා කියන්නේ සමාව දිය නොහැකි වරදක්.

    ReplyDelete
    Replies
    1. බැංකු පොතක් නෙවෙයි කාඩ් එකක් මචන් තියෙන්නේ. ඒකයි ගණන් හදාගන්න බැරි.

      Delete
  9. මගේ අදහස ඕකට හේතුව
    1. තාක්ෂණික ලිපි කියවන පාඨකයින් අවම වීම සහ වල්පල් සහ ගොසිප් කියවන්නන්ගේ ප්‍රමාණය ඉහළය
    2. විද්‍යාව විෂයක් ලෙස හැදෑරුවද ඔවුන් බොහෝ දෙනෙකු වඩා ලැදි වන්නේ කලාවටය.
    3. ඉගෙනගත්තාට උගන්නන්නට හැකියාවක් තිබිය යුතුමය
    4. විද්‍යාව ඉගෙන ගන්නා සමහර අය දිගටම එම ක්ෂේත්‍රෙයහි රැදී නොසිට වෙනත්ම ක්ෂේත්‍රයක රැකියාවන් කිරීම (ලංකාවේ තියෙන තත්ත්වය අනුව)

    ReplyDelete
    Replies
    1. මටනම් පෙන්නේ උවමනාවක් නැති කමයි කම්මැලි කමයි විතරයි. කළා හැකියාව තියෙන එකාට තමා සංකීර්ණ විෂයක් රසවත්ව ලියන්න පුළුවන්. එකක් වත් ලියන්නේ නැතිව ටෝක් දීල හරියන්නේ නැහැනේ. ලියලම බලමුකෝ පාඨකයෝ ඉන්නවද කියල.

      Delete
  10. මගුල් බෙරය තොවිල් වලට නොගන්නා අතර යක්බෙරය පෝරුව අභියස වාදනය නොකෙරේ
    තවිල් බෙර හේවිසියට නොගන්නා අතර කෝවිලේදී දවුල් නොගසයි!
    'විද්‍යාව කලාවක්ද කලාව විද්‍යාවක්ද' යන්න පැරැණි [පේරාදෙණි] නවකවද ප්‍රස්නයකි!!

    සිස්සත්තේ පස්සෙං පහු විජ්ජාව ඉගෙන ගන්ට ඕන පදං මං තියනවා නේ ජීව්
    ඒත් බ්ලොග් කලාව පැතිරෙන්න පටන් ගත්තේ වෘත්තීය මට්ටමෙන් නෙමේ, නිදහසේ අදහස් ගලං යන්න ඉඩ තියන තැනක් විදිහට - දේශකයත් සරලවම කියා තියනව - ප‍රිගණක විජ්ජාව හදාරපු අයනම් ඒ කාලේ ගොඩක්ම විජ්ජා බෙදාදුන්නා - ආකෘතික දැනුමක් බෙදන කලාවක් විදිහට නෙමේ මං හිතන්නේ සිංහල පාඨකයා බ්ලොග් අඳුනගත්තෙ - වෙනස් කරන්න හැකි!
    විජ්ජාව බිහිකරන රටවල බාසාවෙංම පොත පත ලිපි කියවා ඒක ඉගෙන ගන්නා එක වඩා පහසුයි කියා සිතනවා ඇති පාඨකයෝ - ඊටාමතරව සම්බන්ධීකරන බාසාවක් වෙලානෙ ඉංගිරිසිය!!!

    කවුද බං මිත්‍යාවයි වයිරයයි වපුරන්නෙ???

    ReplyDelete
    Replies
    1. තිස්ස, ආකෘතික දැනුමක් හැටියට විද්‍යාව හඳුන්වාදෙන්න කියල නෙවෙයි මගේ යෝජනාව. උඹලගේ සුන්දර ලේඛන ආරය භාවිතා කරලා විද්‍යාත්මක ලිපියක් දෙකක් ලියන්න කියල කරන ඉල්ලීමක්. පොඩි උන්ටත් හරියන විදියට තියෙනවානම් ගොඩක් ම හොඳයි.
      මෙතන නම කියන එක හරි නෑනේ. පුදුමයි උඹේ මුණු පොතේ ඒක නැතිඑක. එක්කෝ උඹ අන්ෆ්රෙන්ඩ් කරලා.

      Delete
  11. website එකක් තියෙනවා අපි දාන ලිපි වලට ගෙවනවා කියලා තමයි කියන්නේ සල්ලි ඔනේ ඌන් ගිහින් බලපල්ලාකො කියක් හරි හොයා ගන්න පුළුවන්ද කියලා www.ceyloncloud.com

    ReplyDelete

  12. █ මේ තියෙන්නේ අපේ අලුත්ම goo.gl/4sfPhG සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න.

    ReplyDelete
  13. මමනන් දකින්නේ මේ ඔක්කොම පට්ටපල් බොරුවක් කියලා... අපි අපිවම රවට්ට ගන්න සීන් එකක්...ඕන එකක් google එකේ ගහල අපි නිකන් හෙන පොරවල් වගේ blog ලියනව... තම තමන් පොඩ්ඩක් හිතල තමන් දන්න දෙයක් ලියන එක හොන්දයි නේද... අනික මට හිතෙන්නෙ අපි කොච්චර සින්හලෙන් විද්‍යාත්මක දේවල් ලියුවත් computer දන්න එකා කොහොමත් ඉන්ග්‍රීසියෙන් කියවල
    බලනවනෙ...ඈනේ මන්දා මන් හරිද කියලා

    ReplyDelete
    Replies
    1. ඒකෙ මෙහම් එකක් තියෙනවා ඇනෝ. දැන් මට ලියන්න පුළුවන් ඉගෙන ගත දේ හැබැයි මට හිතට අල්ලන හරිය. එතකොට ඔයාට choice එකක් තියෙනවා. ගුගල් බලන්නයි හෝ අර විශේෂිත කල්ල බලන්නයි. මම දම ලියනවා ඒ වගේ කෑල්ලක්. එතකොට මේක කට්ටිය බලනවද කියල හිතා ගන්න පුළුවන්.

      Delete
    2. එකග වෙන්න පුලුවන් සහෝදරයා...හැබැයි මම කියන්නෙ අපි පින් දෙන්න ඔනෙ කාටවත් නෙමෙයි. Google එකයි wikipedia එකයි පලනව කට්ටිය. එත් කමක් නෑ හැමෝම ඉතින් කොපි කරනව නෙ...තමන් ලියන එකට ආදාරක හැටියට යුපයෝගී කර ගත්තට කමක් නෑ පට්ට කොපියක් ගහන්නේ නැතුව...

      Delete
    3. මම සංගීතය ගැන පොස්ට් ලියන්නේ ගුගල් එකයි විකි පීඩියා එකයි මියුසික් චාට් කිහිපයකුයි බලල තමා. නැතිනම් නිවැරදි වර්ෂ, සම්මාන වගේ දේවල් මතකින් දාන්නත් බැහැ මතකයේත් නැහැ. වචන 100ක විතර පොස්ට් එකක් දැම්මහම වචන දහස් ගණනක් කොමෙන්ට් හැටියට එනවා. එකෙන් සංවාදයක් ගොඩනැගෙනවා. ඒ සංවාදය තුලින් අලුත් දැනුම ගොඩක් මතු වෙනවා. නමුත් ගුගල් එක විතරක් බලපු කෙනාට සංවාදයක් නැහැ. අනෙක බ්ලොග් පොස්ට් එක විශාල පිරිසක් අතරට් යනවා. ඒ පිරිස තමා විහින්ම ගුගල් එක බලන්න පෙළඹවීමක් වෙනවද?
      කොහොම නමුත් අදාළ විෂය ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති කෙනාට ගුගල් එක කොහේ බලන්නද, මොනවා පාඨකයාට හිත ගන්නවද වගේ දේවල් හිතා ගන්න බැහැ.
      ඒ විතරක් නෙවෙයි කොමෙන්ට් වලින් ප්‍රශ්න අහනකොට නිරුත්තර වනවා විෂය නොදන්නා කෙනා.
      ''එක නිසා ගුගල් බලල හෙන පොරවල් වගේ බ්ලොග් ලියනවා'' කියන චෝදනාව ගැන දෙවරක් හිත්තන්න වෙනවා නේද?

      Delete
    4. @ අජිත් ,
      අර කිව්වත් වගේ පොස්ට් එක ඔයාගේ බ්ලොග් එකේ වැටිලා තියෙනවා. ඒක ගැන කොමෙන්ට් එක මම එතන දැම්මා. පොඩ්ඩක් අපිටත් දැනගන්න පාඨක ප්‍රතිචාරය ගැනත් මෙතන කියනවද?

      Delete
  14. ජිවන ඔයාගේ ලිපයක් ලංකා නිව්ස් වෙබ් එකට මන් යැව්වා. ඒක පලවෙලා.

    ReplyDelete
  15. මගේ පාඨක ප්‍රතිචාරය හොඳයි . විද්‍යා කතාත් 100කට වැඩිය බලන බව පේනවා. කොමෙන්ට් නම් වැඩිය වැටෙන්නේ නැහැ.

    ReplyDelete