Friday, August 1, 2014

සංගීත චාරිකාවක් 12 - LED ZEPPELIN

සාපෙ කරලා ගෙදර හිටපු දවස් වල ලොකු නිදහසක් තිබුනා සංගීතයට යොමුවෙන්න මේ කාලයේදී අපේ යාළුවො කතා වෙනවා Stairway to Heaven නම්වූ ගීතයක් ගැන. එනිසා එම ගීතය අඩංගු ඇල්බමය රෙකොර්ඩ් කරගන ඇවිත් අහන්න ගත්තා. ඒ කාලේ මේ ගීත රසවිදින්න පුළුවන් මට්ටමේ රසවින්දනයක් අප වෙත තිබුනේ නැහැ. ගායකයාගේ සහ සංගීත භාණ්ඩවල මරලතෝනියක් විතරයි ඇහුනේ. තවත් අවුරුදු 10කට විතර පස්සේ තමයි හාර්ඩ් රොක් සංගීතය රස විදින්න හැකි උනේ.

1966 වසරේ ජිමී පේජ් නම්වූ බ්‍රිතාන්‍ය ජාතික ගිටාර් වාදකයා යාඩ්බර්ඩ් නම්වූ සංගීත කණ්ඩායමට එකතු වන්නේ බේස් ගිටාර් වාදකයකු හැටියටයි. අනතුරුව එම කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයාගේ සමුගැනීමත් සමගම බේස් ගිටාරය අත්හරින ජිමී පේජ් ලීඩ් ගිටාර් වාදකයා බවට පත් වනවා.

1968 දී යාඩ්බර්ඩ් කණ්ඩායම විසිරුවා හරින අතර ජිමී පේජ්ගේ මුලිකත්වයෙන් LED ZEPPELIN සංගීත කණ්ඩායම බිහි වනුයේ යාඩ්බර්ඩ් කණ්ඩායමේ වාදකයන් කිහිප දෙනෙකුද එක් කරගනිමින්.

ගිටාර් වාදනයෙන් Jimmy Page ද බේස් සහ කී බෝඩ් වාදනයෙන් John Paul Jones ද ඩ්‍රම්ස් වාදනයෙන් John Bonham ද දායකත්වය දක්වන මෙම කණ්ඩායමේ ප්‍රධාන වාදකයා වන්නේ Robert Plant ය.


මොවුන්ගේ මුල් යුගයේ ගීත බ්ලුස් සංගීත ශෛලියහි ආභාෂය සහිත, ගිටාරය මුලික කරගෙත්, දැඩි සංගීත සංයෝගයක් සහිතය. එබැවින් හෙවි මෙටල් සංගීත ශෛලියහි පුර්වගාමියකු ලෙසින්ද මෙම කණ්ඩායම පිලිගැනීමකට ලක් වනවා.

Led Zeppelin කණ්ඩායම 1971 වසරේ එළිදැක්වූ Stairway to Heaven නම්වූ ගීතය රොක් සංගීතයේ වඩාත්ම ජනප්‍රියත්වයට පත් ගීතය ලෙසින් සම්භාවනාවට පත් වනවා.

Kashmir, Immigrant, Over The Hills And Far Away , Black Dog වැනි ගීත අතිවිශාල රසිකයන් පිරිසක් ග්‍රහණය කරගන්නට සමත් වනවා

Kashmir
 
Immigrant
Over The Hills And Far Away
Black Dog


මෙම කණ්ඩායමේ බහුතරයක් ගීත twelve bar blues සැකසුම කින් යුක්තය. දැඩි අගයකින් යුතු ඩේස්ටෝෂන් ගිටාර් වාදනයෙන්ද ද, අසාමාන්‍ය රිද්ම රටාවකින්ද (rhythmic pattern) අද්‍යෝනා කටහඩ් හැසිරවීමකින්ද (Wailing Vocal) යුත් අනන්‍යතාවක් මෙම කණ්ඩායම සතුය.

පොදුවේ කල Led Zeppelin සංගීත කර්මාන්තයේ වඩාත්ම සාර්ථක ගීත ඇල්බම අලෙවියක් සහිත කණ්ඩායම ලෙස නම්කළ හැක. මොවුන්ගේ පිටපත් අලෙවිය මිලියන 200ත් 300ත් අතර අගයක් වෙතැයි සැලකෙනවා.

කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදක ජෝන් බොන්හැම් මද්‍යසාරය නිසා ඇතිවූ හුස්මගැනීමේ අපහසුතාවයෙන් 1980 මියයාමත් සමග ලෝක පුජිත Led Zeppelin සංගීත කණ්ඩායමේ අවසානය සනිටුහන් වනවා.

 Dazed and Confused
Whole Lotta Love

චාරිකාව තව දුරයි
දහතුන කොටසින් හමුවෙමු

11 comments:

  1. ජීවන......මෙහෙම බ්ලොග් එකක් තියෙනවා කියලා දැනුයි දන්නේ. සංගීතය ගැන දැණුමක් නැතිවුනාට රොක් සංගීතයේ රසිකයෙක්. මුල ඉඳලාම කියවන්න ඕන. 1980 ගණන්වල ලංකාවේත් රොක් කොන්සර්ට්ස් කරා. අපි බැහැගෙන හිටියේ..ජෝන් ඩි සිල්වා එක, විහාරමහා දේවී ඉන්ඩොර් එක වගේ තැන්වල අවුරුද්දට දෙතුන් සැරයක් මොනවා හරි වුනා. Rattle Snakesකියලා ලංකාවේ බෑන්ඩ් එකක් තිබුනා ආනන්ද කියලා කෙනෙක් තමයි ලීඩ් කලේ.

    රොක් මියුසික් ගැන සිංහලෙන් ලියලා තියෙන එක ලොකු දෙයක් ජීවන. හොටෙල් කැලිෆෝනියා සිංහල වර්ශන් එකක් කලා ලෙළුම් රත්නායක 1990-2000 වගේ කාලේ. ඒක රේඩියෝ එකෙත් ගියා. මට හොයාගන්න බැහැ. දන්නවානම් ලින්ක් එකක් දාපන්.

    LED ZEPPLIN එදා වගේම අදත් රසවත්!!!

    ReplyDelete
    Replies
    1. ආ... මේ අරුගේ අඩවිය නේද?
      අවුරුදු ගානක් ආසාවෙන් කියවපු බ්ලොග් එකක්. අවුල් වන්නට පෙර පට්ටයි

      ඇත්තටම මම බ්ලොග් ලියන්න පටන් අරන් මාසයයි. ආසාව තිබුනට සිංහල ටයිපින් අවුල නිසා නොකරේ පස්සේ google input tools ලැබුණු නිසා තමයි මෙහෙම හරි කරන්නේ.

      හොටෙල් කැලිෆෝනියා සිංහල වර්ශන් එක හොයන්න ට්‍රයි එකක් දෙන්නම්.

      රොක් සංගීතය පමණක් නොවෙයි ගොඩක් මියුසික් ස්ටයිල් ගැන ලියන්න හිතන් ඉන්නේ


      Delete
  2. පිං සිද්ද වෙච්චාවෙ.ඔයැයි දැම්මෙ නැත්තම් අපි කොහොමද මෙව්වා දැන ගන්නේ.ඒ කටනම් වල්ලපට්ට කිලෝ එකක් දුන්නත් මදි.මේ ගැන විචාරයක් දෙන්න මං මුන්ව අහලවත් තිබ්බෙ නැති නිසා බෑ.එ උනාට සුභ පතනවා රොක් ගැන සිංහලෙන් කියවන්න ඉගෙන ගන්න මෙහෙම එකක් වත් කරන එකට. දැන් මං Stairway to Heaven

    ReplyDelete
    Replies
    1. මට පුදුමයි උඹ මේක අහල නෑ කිව්වම. Stairway to Heaven රොක් ලෝකයේ ජනප්‍රියම ගීතය

      Delete
    2. යකෝ අපි සංගීත් නිපුන්ලා නෙමේ බං කොමෙන්ට් කරාට.දැන් ඇහුවෙ.අලුතෙන් ආපුවා ඇහුව මිසක්කා පරන එවුව්වා වැඩිය අහන්න හම්බුනේ නෑ.මං රාජ කුමාරයෙක් නෙමේ බං ගමේ කොල්ලෙක්.

      Delete
    3. කොහොමද සින්දු සෙට් එක.
      මුලින් ටිකක් අවුල් වගේ උනාට මාර මියුසික් එකක් මතුවෙනවා නේද\

      Delete
  3. මේ ලිපියත් අනික් ඒවා වගේ ම රස වින්දා.... මේ ලිපි එකතුව නම් බ්ලොග්කරණයේ වැදගත් තැනක් වේවි කියලා හිතෙනවා ජීවන..... හැමදාම කියනවා වගේ දිගට ම ලියන්න. අපි මේ දේවල් එක්ක ලොකු ගමනක් යමු. මෙම අඩවිය මහා දැනුමක් එකතු කළ තැනක් වෙනවා නොඅනුමානයි.....

    ReplyDelete
    Replies
    1. මචං ගොඩක් ස්තුතියි කරන දිරිගැන්වීමට.
      මුලදී එපා වෙලා තිබුනට දැන් කරගෙන යනකොට තව තව ලියන්න හිතෙනවා.
      මොනවා උනත් කොමෙන්ට් කියන්නේ උණු උණු කොපි එකක් වගේ

      Delete
  4. මචන් නියමයි ... තව ලියපන්

    ReplyDelete
  5. නොදන්නා කාරනා බොහොමයක් දැනගන්නට ලැබුණා.....
    දිගටම ජයටම ලියමු....

    ජ ය වේ වා !!!

    ReplyDelete
  6. මේ පැත්තේ ආවට ගොඩක් ස්තුත්යි . ගොඩක් විස්තර එකතු කරගෙන ඉන්නේ දිගටම ලියන්න හිටාගෙන.

    ReplyDelete