Friday, February 5, 2016

සංගීත චාරිකාවක් 33 - Peter, Paul and Mary


ප රටේ ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකා වල නිතර ඇසෙන ගීයක් වන 500 Miles ගීතය ගායනා කල සංගීත කණ්ඩායම ගැන ලියවෙන මෙම ලිපිය කන්ට්‍රි සංගීතය පිළිබඳව තවත් මානයකට දම්පාට දේදුන්නේ රසිකයන් ගෙනයනු ඇත.
1961 වසරේදී පීටර් පෝල් ඇන්ඩ් මේරි සංගීත කණ්ඩායම පිහිටුවන ලද්දේ එහි කළමනාකරු වූ ඇල්බට් ග්‍රොස්මාන් විසිනි. නිව්යෝක් හි ගායකයන් රැසකගේ කටහඬ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ගායකයන් ත්‍රිත්වය තෝරා ගෙන පිහිටවු මෙම කණ්ඩායමේ සාර්ථකත්වයහි ගෞරවය මුළුමනින් ග්‍රොස්මාන් වෙත හිමිවිය යුතු බව විචාරකයන්ගේ අදහසයි.  කටහඬ පරීක්ෂනය සඳහා ඉදිරිපත් වූ අති දක්ෂ ගායකයකු වන ඩේව් වැන් රෝන්ක් පවා තෝරාගෙන නැත්තේ ඔහුගේ කටහඬ ස්වාචාර බව වැඩිවීම සහ වාණිජ සාර්ථකත්වය දුර්වල බව නිසාය. 

කණ්ඩායම සඳහා පීටර් යෙරෝ, නොයෙල් පොල් ස්ටුකි සහ මේරි ට්‍රෙවර්ස් තෝරාගැනීමෙන් අනතුරුව ඔව්න් ගේ නම් වලින් Peter, Paul and Mary නම්කොට තිබෙනවා. ස්වකීය ගීත පුහුණුවෙන් අනතුරුව 250ස් දෙනෙකු සඳහා ඉඩ පහසුකම් සහිත රාත්‍රී සමාජ ශාලාවක්, කොපි අවන්හලක් සහ ජන සංගීත මධ්යස්ථානයක් වන නිව්යෝක් හි ග්‍රීන් විච් ගම්මානයේ The Bitter End පරිශ්‍රය කණ්ඩායමේ මුල් ප්‍රසංග පැවැත්වීමට යොදාගෙන තිබෙනවා.
කණ්ඩායමේ මුල්ම ඇල්බමය 1963 වසරේ නිකුත් කරන ලද Peter, Paul and Mary නම්වන  අතර එහි Lemon Tree, 500 Miles, If I Had a Hammer සහ Where Have All the Flowers Gone යන අද දින දක්වාම කන්ට්‍රි ගී රසිකයන් අතර ජනප්‍රිය ගීත අඩංගු වුවා. මෙම ඇල්බමය මාස 10ක කාලයක් බිල්බෝඩ් දර්ශකයේ මුල් 10ය අතර පැවති අතර ප්‍රථම ස්ථානයේ සති හතක කාලයක් රැඳුනා. මෙම ඇල්බමය අතිශය වාණිජ සාර්ථකත්වයට පත් වුයේ එක්සත් ජනපදයේ පමණක් පිටපත් මිලියන දෙකක් විකිණී RIAA වෙතින් double platinum තත්ත්වය ලබා ගැනීමෙනි.
Lemon Tree

 If I Had a Hammer 

 Where Have All the Flowers Gone
 
1963 වසරේදීම Puff, the Magic Dragon, If I Had a Hammer" ගීත සහ Blowin' in the Wind නම් කණ්ඩායමේ විශිෂ්ඨතම නිර්මාණය  නිකුත් කෙරින.


 රසිකයන් අතර අතිශය ජනප්‍රිය නිර්මාණ රැසක්ම ඉදිරිපත් කල මෙම ත්‍රිත්වය 1970 වසරේ විසිර ගියේ පීටර් යෙරෝ විසින් 14 හැවිරිදි දැරියකට සිදුකල ලිංගික අතවරයකට දඬුවම් ලබා සිරගතවීම හේතුවෙනි. පසුව ඔහුට ජෙමී කාටර් ජනාධිපති වරයාගෙන් සමාව ලබා නිදහස් විය.

3 comments:

  1. ලොකු මහන්සියක ප්‍රතිපලයක්.
    කොච්චර ශේෂ්ට උනත් වැඩක් නෑනේ එක පහත් වැඩක් කලොත්.

    ReplyDelete
    Replies
    1. එක්කෝ බීල මැරෙනවා. ගොඩක් අය අපචාර වලට හසු වෙනවා. අන්තිමේදී කණ්ඩායම් කැඩිලා යනවා.

      Delete
  2. Old is Gold කියන්නේ නිකම් නෙවෙයිනේ..

    ReplyDelete