Thursday, February 11, 2016

දන්නෝ බුදුන්ගේ ගීතයේ ඉතිහාසය

චිත්‍රාල් සෝමපාල සංගීතඥයාගේ ෆේස් බුක් පිටුවෙහි දන්නෝ බුදුන්ගේ ගීතය සම්බන්ධව දීර්ඝ සංවාද දෙකක් ඉදිරියට ඇදෙනවා. මේ සංවාද දෙක ඇසුරින් අද දම්පාට දේදුන්න මෙලෙස සටහන් වනවා.

එම සංවාදය එක්වන රුක්මල් ගුණරත්න විසින් ජූඩ් ගුණවර්ධන මහතාගේ ලිපියක් උපුටා දක්වමින් පවසනුයේ ක්‍රිස්තියානි දේවස්ථාන වල ගායනා කරන වෝල්ටර් ස්ටැන්ලි සීනියර් පුජකවරයා (1876 - 1938) විසින් රචනා කොට සංගීතය සම්පාදනය කල 'Hymn For Ceylon' නම් වන ගීතිකාව ජෝන්ද සිල්වා මහතාගේ දන්නෝ බුදුන්ගේ ගීතය සඳහා යොදාගෙන් ඇති බවය. නමුදු විකිපීඩියාවට අනුව දශකයක කාලයක් පුරාවට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ උප විදුහල් පති වශයෙන් සේවය කල සීනියර් පුජකවරයා මෙරටට පැමිණෙනුයේ 1906 වසරේදීය.
නමුත් අප දන්නා පරිදී ජෝන්ද සිල්වා මහතාගේ සිරිසඟ බෝ නාටකය වේදිකා ගත වන්නේ 1903 වසරේදීය. මේ අනුව දන්නෝ බුදුන්ගේ ගීතයට 'Hymn For Ceylon' හි තනුව යෝදාගෙන් ඇති බව පිළිගත නොහැක.

A Hymn for Ceylon
 

එකී ගීතයේ පද මාලාව මෙසේය
Jehovah, Thou hast promised
The isles shall wait for Thee;
The joyous isles of Ocean,
The jewels of the sea ;

Lo ! we, this island's watchmen,
Would give and take no rest,
(For thus hast Thou commanded,)
Till our dear land be blessed.

Then bless her, mighty Father,
With blessings needed most,
In every verdant village,
By every palmy coast ;

On every soaring mountain
O er every spreading plain.
May all her sons and daughters
Thy righteousness attain.

Give peace within her borders,
Twixt man and man goodwill,
The love all unsuspicious,
The love that works no ill;

In loyal, lowly service
Let each from other learn,
The guardian and the guarded,
Till Christ Himself return.

To Him our land shall listen,
To Him our land shall kneel,
All rule be on His shoulder.
All wrong beneath His heel;

Oh consummation glorious,
Which now by faith we sing;
Come, cast we up the highway
That brings us back the King.

එම සංවාදයට එක්වන Samu Vi විසින් යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල් ගීතිකාව අඩංගු වීඩියෝවක් සංවාදය සඳහා එක් කර ඇත. තව දුරටත් ඔහු සඳහන් කරනුයේ එම ගීතය 1900 වසරට පෙර සිට පැවත එන බවය ගීතය 1:33 සිට 2:17 දක්වා පහත වීඩියෝවහි දැක්වෙයි. එය කෙතරම් පැරණිද යන්න පිළිබඳව අදහස් පල කරන්නේ නම් මැනවි. ගීතිකාවේ පදමාලාව විදුහල් වෙබ් අඩවියෙන් උපුටාගෙන වීඩියෝවට යටින් දක්වා ඇත.

https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fm.youtube.com%2Fwatch%3Ffeature%3Dyoutu.be%26t%3D1m32s%26v%3DsPRoGhMXIwk&h=qAQERg6t2

The College Hymn
Eternal God and Father
We praise you for St. John’s
Our beloved, alma mater
Blest, sturdy, sure and strong
With age she grows in beauty
Sharing the mighty truth;
Light drives away the darkness
The shades of gloom retreat.

We bless the early pioneers
Who had the vision grand,
To bring the torch of learning
To Lanka’s golden strand
They lit the flame undying
Of faith and hope and love
Of boldness, grit and courage,
In work and sport and games.

Lead, Lord into the future
Both teacher and the taught,
To seek the truth and keep it
However, hard it be;
To hope and pray and labour,
In spite of mighty odds;
And win the golden medal
In life’s Olympic race.

O light of light eternal
To, Lanka grant your peace,
O let your Holy Spirit
Into our hearts breathe love,
And may our College flourish,
From age to age, for aye;
A lighthouse in the darkness,
Of wisdom, joy and hope.

සංවාදය සඳහා එක්වන කුමාරි පරණවිතාන Kumari Paranavithana විසින් දන්නෝ බුදුන්ගේ ගීතය සම්බන්ධව මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ, මතය එතුමන්ගේ පොතක පිටුවක් උපුටා දක්වමින් පෙන්නුම් කරයි.

මෙම ගීතය පිළිබඳව ලියවී ඇති වෙනත් වෙබ් අඩවියක හර්බට් රාජපක්ෂ ගායකයානන්ගේ ගීතය ගැන විස්තරයක් ඇත. එයට අනුව ඔහු විසින් එම ගීතය ගායනා කර ඇත්තේ 1920 වසරේදීය. බටහිර ඔපෙරා ගායනය හදාල එතුමන්, 78RPM තැටියකට His Master’s Voice (HMV) ලේබලය යටතේ හඬ කවා ඇත. තැටියේ අංකය N. 13103 බවද එම ලිපියහි දැක්වෙයි.
මෙයට අමතරව දන්නෝ බුදුන්ගේ ගීතයේ මුල් තනුව රිචර්ඩ් වාග්නර් විසින් සම්පාදිත බව බොහෝ තන්හි දක්වෙන නමුදු එහි වීඩියෝවක් හෝ හඬ පටයක් එක කොට නැත. මෙය දන්නා අයෙකු එහි ලින්කුවක් දම්පාට දෙදුන්නට දන්වනේ නම් මෙම ලිපිය තව දුරටත් සම්පුර්ණ වනු ඇත.

14 comments:

  1. මෙය ජර්මනියේ "රිචර්ඩ් වැග්නර්ගේ" සංගීත කාන්ඩයක් ඔස්සේ නිර්මාණය වූවක් බව ඒ කාලයේම මනාව ඔප්පු වී තී තිබෙනවා. ජෝන් ද සිල්වාගේ සියළුම නාට්‍යන් සඳහා සංගීතය සැපයූ ලව්ජීගේ නිර්මාණ සියල්ලම අමු කොපි බවයි සඳහන් වෙන්නේ. ඒ සියල්ලම ඉන්දීය රාගධාරී ජන ගී වන අතර. මේ ගීතය පමණක් ඒ සියළුම ගීත වල්න් වෙනස් වෙනවා.

    මේක ඔහු උස්සන්න ඇත්තේ කේරල ජන සංගීතයෙන් කියලා දැන් මතයක් තියේවා. මොකෝ මේ තනුවම කේරළයේ ජන ගී අතර අදටත් තියෙනවා.

    ඉතින් කොහොමද මේක අපේ එකක් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේක මචෝ රිචර්ඩ් වැග්නර්ගේ organ concerto එකක් කියල තමා කියන්නේ.
      කේරලයේ ධීවර ජනතාවගේ සංස්කෘතිය අපේ රටේ ධීවර ජනතාවගේ සංස්කෘතියේ ප්‍රතිබිම්බයක් කිව්වොත් නිවැරදියි.
      කොයි තරම සමානද කියනවානම් නිවාස වල තියල තියෙන ප්‍රතිමා වර්ණයෙන් පවා සමානයි එහි සම නිවසකම අපේ රටේ වගේම දේව මාතා ප්‍රතිමාව සහ දිව්‍ය හර්දයේ ප්‍රතිමාව තිබෙනවා. මුළුමනින්ම කතෝලික පල්ලිය වටා බැඳුනු ජනතාවක් කීවොත් නිවැරදියි.
      කතෝලික ක්‍රිස්තියානි සහ ඇන්ග්ලිකන් පුජක වරු ගීතිකා නිර්මානයේදී සම්භාව්‍ය යුරෝපීය තනු භාවිතා කර තිබනවා. ඒ අනුව අදාළ තනුව කේරල ජන ගීයක් නොව රිචර්ඩ් වැග්නර්ගේ සංගීත ඛණ්ඩය අනුසාරයෙන් තැනුනු කේරල ක්‍රිස්තියානි ගීතිකාවක තනුවක් විය හැකිය.

      Delete
  2. ජීවන්...................

    මේ සංවාදයන් හොදයි. අපි බ්ලොග් ලියන අය හැටියට මේ මට්ටමේ සංවාදයන් ඉතා හොදයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඊයේ රූපවාහිණියේ රෑ වෙනකල් තිබුණා සංවාදයක්. අාචාර්ය සුනිල් විජේසිරිවර්ධන, පරාක්‍රම නිරිඅැල්ල, වගේ අය ගෙනැල්ලා කිෂානි සාධාරණීකරණය කිරීමේ මහා සංවාදයක් තිබුණා. මේවා අහගෙන ඉද්දි ලැජ්ජත් හිතෙනවා. මේ රටේ දාහක් ප්‍රශ්ණ තියෙද්දි ජාතික රූපවාහිණියේ කතා කළ යුත්තේ මේවාද....??????? මිනිස්සුන්ට මෝඩ මාතෘකා දීලා රටේ ජනමතය ගොඩ නැගීමට හෝ සංවර්ධනයට ගැලපෙන සමාජයක් ගොඩනගාගන්න බැහැ. මේවා විකාර.

    රූපවාහිනිය තිබුණාට වඩා විකාරයක් දැන්. තමන්ගේ මතයට විතරක් යන ඒ දවස් වල හැංගිලා පණ රැකගත්තු සෙට් ඒක දැන් ලැජ්ජා නැතුව ඒ කාලේ කට්ටිය කරා වගේ ම නාඩගම් නටනවා. යකෝ කෝ ඒතැන සංවාදයක්. කරත් කමක් නැහැ ඒතැන විරුද්ධ මතයත් තියෙනවානං. අනික ඔය කිෂානිව ජාතික රූපවාහිණියෙන් සාධාරණීකරණය කරලා මේ වෙලාවේ රටට පෙන්නන්නේ මොකක්ද?????????? මේවා අැත්තට ම විකාර ජීවන්.......

    ReplyDelete
    Replies
    1. විය යුත්තේ ක්‍රිශානිව විවේචනය කිරීම හෝ ඇය වෙනුවෙන් පෙනී සිටීම නොව දේශීය ළිං මැඩි සංගීතය තුලට වෙනත් සංගීත ශෛලීන් එක් කිරීම පිළිබඳව කතිකාවක් ගොඩනැගීමයි

      Delete
    2. මත් බලන්නේ හැමදාම එකම දේ කියන කාලකන්නි දේශපාලන වැඩ සටහන් මටත් ඊයේ එකෙක් කියලා මම ඒ වැඩ සටහන බැලුවා...

      ඒක හොඳ වැඩ සටහනක්... ඒකේ කතා කළේ කිෂානී ගැන නෙමෙයි අපේ ලිං මැඩි මානසිකත්වය පිළිබඳව... අපේ උන්ගේ ගොන්කම් රාශියක් එතනදි කතා බහට ලක් උනා..

      කලාව සාහිත්‍යය ගැන කතා කරන එක කොතරම් දෙයක්ද...

      Delete
  3. මල කොලම් ... මේ අය කතා කරන්නේ අපට දේශීය සංගීතයක් වසර දහස් ගනන්නක් තිස්සේ තිබ්බා වගෙයි........

    ReplyDelete
    Replies
    1. ප්‍රශනය අපට දේශීය සංගීතයක් නොපැවතීම නොවේ. දේශීය සංගීතයක් නොපවතීමේ අඩුව පිරවූ පිරිස එය ඉන්දියානු සන්ගීතයටම් සීමා කිරීම තමා ප්‍රශ්නය. ඉන්දීය සංගීතයටම කොටුවූ පිරිස අනෙක් සංගීත විධික්‍රම ප්‍රතික්ෂේප කිරීම තුලින් ඒකාකාරී බවක් බිහිව තිබෙනවා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  4. අනේද කියන්නෙ මම හිතුවෙ මෙක අපේම නිර්මනයක් කියල. ඩන්කන් වය්ට් 195ස් ගනන් වල ඔලිම්පික් මෙඩල් දිනපු වෙලවෙම ජාතික ගීය හටියට ගයල තියෙනෙව මෙම ගීතය. අනෙ මගෙ දනුමෙ මහත

    ReplyDelete
  5. There is no evidence to show any link with Wagner. But There is a small resemblance is to Mendelssohn's Song Without Words, or Lied Ohne Worte Duetto op 38 no 6. From 0:34 to 0:44 ( and repeated later) you hear similarity with the first bars of danno budunge. I feel it is more a coincidence than a copy. https://youtu.be/ZQtLgjZCEbQ

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. පළමු සංගීත ඛණ්ඩය ඔබ ඒවා ඇති වීඩියෝවේ 0:34 සහ 0:44 අතර තිබෙනවා

      ඇත්තටම ඔබ සංගීතය පිලිබඳ සුවිසල් දැනුමක් ඇති අයෙකු බව පෙනෙනවා. සුවිසල් දැනුමක් සහ සුවිසල් මතකයක් ඇති අයෙකුට පමණයි මෙවන් සංගීත ඛණ්ඩයක් ඇති තැන සොයා ගන්න පුළුවන්.
      මුලිකවම සංගීතය ගැන ලියවන දම්පාට දේදුන්නට ලියන්න කියල ඔබට ආරාධනා කරනවා.

      Delete
  6. Also Tissa Abeysekara in his book Ayale Giya Sithaka Satahan (page 132) claims that Danno Budunge is composed by Viswanath Laujee for John De Silva's Sirisangabo.

    ReplyDelete
  7. ඔපෙරා සහ කොස් ඇට
    ===============
    දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා හඬින් ගැයීම ගැන තාමත් සාකච්ඡා වෙන හින්ද තවත් පොඩි දෙයක් කියන්ඩ ඕනෙ කියල හිතුන. සමහරු ඒ ගායනය කරපු කිශානි ජයසිංහට විවිධ නරක වචන කියමින් බැනල තිබ්බ අතරෙ ඒ ගායනය විවේචනය කරල තිබ්බ අයව ගල් වැද්දන්ට සමාන කරමින් රටේ සංස්කෘතියට ගරහන්ඩ අවස්ථාවක් උදාකරගත්ත අයත් හිටිය.

    මේ ගායනය ගැන හිතද්දි මට මතක් වුනේ කාලෙකට ඉස්සෙල්ල ජාතික රූපවාහිනියෙ විකාශය වෙච්ච කන්දෙ ගෙදර-2 ටෙලි නාට්ටියෙ කුඩා සිද්ධියක්. මේ නාට්ටියෙ කතානායකය "බාල මහත්තය" (රෝහණ බැද්දගේ). බාල මහත්තය ගමේ හැදිච්ච, ගමේ නම්බුකාර චරිතයක් වුණු සර්ව සම්පූර්ණ ගැමියෙක්. බාල මහත්තයගෙ ලොකු පුතත් ගමේ හැදුනු වැඩුණු කෙනෙක් වුනාට නගරෙ උසස් රැකියාවක් කරන කෙනෙක්. බැඳල ඉන්නෙ නගරෙ හැදිච්ච, අර අපි කියන පොෂ් පැලැන්තිතියෙ කෙනෙක්. ඉතින් මේ දෙන්නගෙ ළමයිනුත් (විශේෂයෙන් දුව) හැඳි ගෑරප්පුවලින් විතරක් කන, නගරෙ විදිහට හැදිච්ච අය. වරක් මේ ලොකු පුතාගෙ පවුල යනව ගමේ, ඒ කියන්නෙ බාල මහත්තයගෙ ගෙදර. අර ලොකු පුතාගෙ දුවට ගමේ දේවල් පුරුදු නැති හින්ද පොඩි පොඩි අකරතැබ්බවලට මුහුණ දෙන්ඩ වෙන අතරෙ හොඳම වැඩේ වෙන්නෙ කෑම මේසෙදි. කෑම මේසෙ තියෙන්නෙ ඉතිං බාල මහත්තයල කන ගමේ කෑම තමා. ඒ වුනාට අර දුවට හැඳි ගෑරප්පුවලින්ම කන්ඩත් ඕනෙ. බොහොම අමාරුවෙන් කන අතරෙ බත් පිඟානෙ තිබ්බ තම්බපු කොස් ඇටයක් කන්ඩ කියල ගෑරප්පුවෙන් ඇනපි. කොස් ඇටේ පිඟානෙන් එළියට විසික් වෙලා යනව නිකං අර කොටින්ට ගහපු මල්ටි බැරල් රොකට් එකක් වගේ. බාල මහත්තය ඇතුළු පිරිසට හිනා. ඕක තමා සිද්ධිය.

    දැන් අර වෙච්ච වැඩේට හිනාගිය බාල මහත්තයට ගල් වැද්ද කියල බැනල හරියන්නෙ නෑ. එක්කො කොස් ඇටේ ඇඟිලිවලින්ම ඇරං කන්ඩ ඕනෙ. ගෑරප්පුවෙන්ම කන්ඩ ඕන්නං කොස් ඇටේ හොඳටම තම්බල ගන්ඩ ඕනෙ ගෑරප්පුවෙන් ඇනල ගන්ඩ පුළුවන් ගාන වෙනකං. නිදහස් දවසෙ දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා හඬින් ගැයීම ගැනත් මේ වගේ දෙයක් තමා කියන්ඩ තියෙන්නෙ. එතන වුනේ සිංහල ගීතයක් අමුවෙන්ම ඔපෙරා ශෛලියකින් ගායනා කිරීමක් විතරයි. එතන කිසිම නිර්මාණාත්මක දෙයක් වෙලා තිබ්බෙ නෑ. ඉංග්‍රීසි ඇක්සන්ට් එකකින් හූ කියනව වගේ ඒක අපිට ඇහෙන්නෙ ඒ හින්ද. අර ඉතාලි ඔපෙරාවල කරනව වගේ "ර්"යන්න වැඩියෙන් උච්ඡාරණය කිරීමෙන්ම පේනව එතන වුණේ අමුවෙන්ම අනුකරණයක් කියල. නමුත් කේමදාස මාස්ටර්ගෙ සිංහල ඔපෙරාවල මෙහෙම ප්‍රශ්නයක් නෑ. ඒවා ඔපෙරා වුනාට ඒවායේ සිංහල හෝ උත්තර භාරතීය සංගීතයේ මුද්‍රාව තිබ්බ. ඔපෙරා අනුකරණය කරන්ඩ ගියේ නෑ. ඔපෙරා ශෛලිය අඩුපාඩු සහිතව හරි අපේම දෙයක් කරගත්ත එක කරේ. කේමදාසයන්ගේ ඔපෙරාවල සිංහල වචන උච්ඡාරණය වෙන විදිහ අහල බලන්ඩ. සාමාන්‍ය සිංහල උරුවක් තියෙන්නෙ. නමුත් ඔපෙරාවල වගේ යම් යම් වචන/ශබ්ද අලංකරණ යොදාගන්නව, ඇක්සන්ට් නෑ. කේමදාසයන්ගෙ විශිෂ්ඨම ඔපෙරාවක් වෙච්චි "පිරිනිවන් මංගල්‍යය" අහල බලන්ඩ. ගමේ සාමාන්‍ය උපාසක අම්ම කෙනෙක්ට වුනත් වැඩි අපහසුවකින් තොරව අහං ඉන්ඩ පුළුවන්. කේමදාස මාස්ටර් සංගීතවත් කරපු නාට්‍ය සහ චිත්‍රපටිවලත් මෙම ඔපෙරා ශෛලිය යොදාගත්තත් සාමාන්‍ය කෙනෙක්ට ඒක වැඩිපුර ඉස්මතු වෙලා පේන්නෙ නෑ. මොකද ඒවා අමු ඔපෙරා නොව, අපේම කරගත්ත ඔපෙරා වෙච්චි හින්ද.

    ඉතිං ඕක තමා කතාව. කේමදාස මාස්ටර්නං කොස් ඇටේට ගෑරප්පුවෙන් අනින්ඩ කලින් හොඳටම තම්බගත්ත. අඩුම ගානෙ එහෙම කරන්ඩ උත්සාහ කරා. කිශානි ජයසිංහ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඇන්න කොස් ඇටේට ගෑරප්පුවෙන්. ඉතින් කොස් ඇටේ විසිවෙලා ගියා. කොස් ඇටේ විසිවුනා නේද කියල අපි ඇහුවම, කිශානි නෝන හැඳි ගෑරප්පුවලින් ඉංග්‍රීසි කෑම කාල ගත්ත සම්මානවලින් අපිට දමල ගහල වැඩක් නෑ. ඕං ඔහොමයි මට මේ වැඩේ දැනුනෙ.

    ප.ලි: බාල මහත්තයගෙ මිනිපිරීගේ කෑම පිඟානෙ මුරුංග ව්‍යංජනයකුත් තිබ්බද කියල හරියටම මතක නෑ.

    ReplyDelete
    Replies
    1. වැරදි අඩුපාඩු පෙන්වා දීමත් නිර්දය විවේචනයත් අතර විශාල වෙනසක් තියෙනවා.
      අදටත් සිංහල ඔපෙරා ගැන කතා කරොත් කේමදාස මාස්ටර් ගැන විතරයි කතා කරන්නේ. එතිනින් එහාට අඩියක් වත ඉදිරියට ගිහින් නැහැ. වේන කරන එකෙකුත් නැහැ. කරන්න දන්නෙත් නැහැ.
      මගෙනම් මතය ඔය "උත්තර භාරතීය සංගීතයේ මුද්‍රාව" කියල කරපින්නාගෙන ඉන්න එක තමා සිංහල සංගීතයේ ප්‍රගමනය හරස් කරගෙන ඉන්නේ.

      Delete