Tuesday, October 14, 2014

එකතුව බ්ලොග් සම්මාන සැණකෙළියේ සාහිත්‍ය අංශයේ දෙවන ස්ථානය දම්පාට දේදුන්නට.


මෙය මා  ලැබූ පලමු  සම්මානය නෙවෙයි. නමුත් මගේ ජීවිත කාලය තුල ලැබුන හොඳම සම්මානය කීවොත් නිවැරදියි. එක පැත්තකින් කවදාවත් බලාපොරොතු නොවුණු අංශයක ජයග්‍රහණයක්. අනෙක් පැත්තෙන් අලුත් ක්ෂේත්‍රයකට පැමිණි විගස එම ක්ෂේත්‍රය තුල ස්ථාවරත්වයට පත් වීමක්. මීට කලින් ලැබුණු සම්මාන සහතික ගොන්නම දිනා ගත්තේ මලල ක්‍රීඩා අංශය තුල. ඔය අධ්‍යාපනයටත් එකක් දෙකක් ලැබිල තියෙනවා අවාරෙට අඹ වැටෙනවා වගේ. කොහොම නමුත් දැනට අවුරුදු 25කට කලින් ඉස්කෝලෙන් පිට උනාට පස්සේ සම්මානයක් අඩුම තරමේ සහතිකයක් ඇහැටවත් දැක්කේ නැහැ.

තාක්ෂණ අංශයෙන් අධ්‍යාපනය ලැබුවකු හැටියට මම කවදාකවත් හිතුවේ නැහැ ලේඛනය සඳහා සම්මානයක් ලැබේවිය කියල. හිතපු නැති ආකාරයක  සම්මානයක් ලැබීමේ සතුට තුල මා මුලින්ම කරන්න ඕන මෙයට මග පෙන්වූ සහ දිරිමත් කල සියලු දෙනා හට තුති පිදීමයි.

සිංහල බ්ලොග් කලාවට අත් පොත් තබමින් දම්පාට දේදුන්න පටන් ගත්තේ මේ අවුරුද්දෙ ජුලි  පස් වෙනිදා.පලවෙනි පොස්ට් එක යුකුලීලේ නම් සංගීත භාණ්ඩය ගැන පල කරා විතරයි මාතලන්ගේ සින්ඩිය හරහා ආපු කෙන්ජි පලවෙනි කොමෙන්ට් එක දැම්මා. එකට තවත් කොමෙන්ට් කීපයක් වැටුනා හෙන්රි බොලොග් වර්කර්, සංචාරකයා සහ මල්ලියාගෙන්. ඔන්න ඕක තමා ආරම්භය.

පස්සේ දිගටම සංගීත කණ්ඩායම් ගැන ලිපි පෙළක් ලියාගෙන යනකොට ගොඩ දෙනෙක් කොමෙන්ට් කරන්න පටන්ගත්තා. මුල් කාලේ මගේ බැචාලා දෙන්නෙක් වන තිස්ස දොඩන්ගොඩ සහ මංජුල හෙට්ටිආරච්චි කොමෙන්ට් තුලින් සංවාද කරා බ්ලොග් එක මෙහෙයවූවා.

මුල් කාලේ සිට අද දක්වාම හැම පොස්ට් එකකටම වගේ උපේක්ෂා ගේ කොමෙන්ට් එක වැරදුනේ නැහැ.

පොස්ට් එකක් දැම්මහම පේජ් විවුස් 40 ක් විතර ආපු කාලේ මේක ඇදගෙන යන්න දුන්නු දිරිය සම්බන්ධයෙන් කුරුටු ගෑ ගී පවුර විශේෂයෙන්ම මතක් කරන්න ඕන


මේ අතර සහෝදර, පොඩි කුමාරිහාමි, දිනේෂ්, හරී මහේෂ් රත්නායක, සශී, මයියා, බුරනිතෝ, අරූ, පත්තර මල්ලි, විදානේ, මලමි, ගයියා, අටමා, සිහින සිත්තම්, අජිත් ධර්ම, යකා, දෙවැනි විභීෂණ, මැලේ රාල, රාජ්, ඉවාන් පවුලුෂා, දේශකයා  වැනි සහෝදර සහෝදරියන් බ්ලොගය ඉදිරියට ගෙනයන්න දුන්නු සහයෝගය අතිමහත්.
ඔවුන්ගේ සමහර කොමෙන්ට් මා ලියනා පොස්ටුවට වඩා දික් වූ අවස්ථා බොහොමයි.

මාතලන් සහ ඉන්දික උපශාන්ත  යන ශ්‍රී ලාංකික බ්ලොග් කලාවේ දැවැන්තයන් දෙදෙනා  නවක බ්ලොග් කරුවකු වූ මා සිය සහෝදරයකු ලෙස සලකා, මාහට දුන් අවවාද අනුශාසනා නොවන්නට අද මේ සම්මානය කොහෙත්ම හිමි වන්නේ නැහැ.

මාතලන් වචන දෙකෙන් තුනෙන් දෙන නිර්දය විවේචනය අඳුරේ ගමන් ගන්නා බ්ලොගය හරිමග ගෙනයාමට ආලෝකයක් වූවා.  එමෙන්ම ඉන්දික විසින් දුන් අවවාද මත ඒකාකාරීව ගලාගෙන ගිය බ්ලොගය විවිධාන්ගීකරණය වුවා. එසේ නොවන්නට මෙතරම් පාඨක පිරිසක්  දම්පාට දේදුන්න වටා රැස් නොවනු ඒකාන්තයි.

මේ සියල්ලන් අතර මා වඩාත් ආදරය කරන්නේ සොඳුරු කොමෙන්ට් කරු සින්දු ඇනෝටයි.

මතවාදී වශයෙන් මා දරනා ස්ථාවරයට හාත්පසින් වෙනතක සිටියත් තම මතය වෙනුවෙන් සැමවිට පෙනී සිටින මහා කළු සිංහලයාද සැමදා මා සමග සිටිය යුත්තෙක් බව මා විශ්වාස කරනවා. 

තවද මාහට පාඨකයන් යොමු කරන මාතලන්ගේ සින්ඩියට සහ කොත්තු සින්ඩියට අනේක වාරයක් ස්තුති නොකිරීම ගුණමකු කමක්.

මාස හතරක් වැනි සුළු කාලයක් තුල සිංහල බ්ලොග් කරුවකු ලෙස ස්ථාවර වීමට ඔබ සැම දුන් සහයට ස්තුතියි.

අවසන් වශයෙන් එකතුව බ්ලොග් සම්මාන සැණකෙළිය සංවිධානය කල එකතුව ඩොට් ඔර්ග් සහ පුර්ණ ප්‍රධාන අනුග්‍රහය ලබා දුන් රේඩියෝ කළුතර ආයතනය වෙතද  මාගේ ස්තුතිය පුද කරනවා.

15 comments:

  1. සුපැතුම් ජීවන්.. පුළුවන් හැම විටම තමන්ගේ දේ ලියන්න.. පත්තර වල තියෙන ඒවා දාන්න එපා.. අපි පත්තර වලට අභියෝගයක් විය යුතුයි..

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට ස්තුතියි. ඔබ දුන් උපදෙස් සහ සහයෝගයටද ස්තුතියි. පත්තරවල විකල්පය බවට බ්ලොග් පත්කිරීම සඳහා යෝජනාවක් මී ලග පොස්ටුවේ ලියනවා.

      Delete
  2. ජීවන්ට සුභ පැතුම් , මේ සම්මානය නිසා ජීවන තමන්ගේ අනන්‍යතාවය සොයායන යුනික් බ්ලොග් කරුවෙක් වෙනවා දකින එක තමයි අපේ පැතුම. ජීවන ගේ දකින්නට හැකි හොඳම ගුණාංගය තමයි යතුරු පුවරුව හරහා කේන්තිය පිට නොකිරීම, ඉතා දිගු ගමන යන්නට එය ඉතාම හොඳ ලක්ෂණයක් ,... දිගින් දිගටම හරවත් දේ කරන්නට හැකියාව ලැබේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. කේන්තිය දුරු කරලා ගොඩක් කල්. විවාදයෙදී ප්‍රතිවාදියා මෙල්ල කළහැකි හොඳම ක්‍රමය කේන්ති නොගැනීමයි.

      Delete
  3. ජය වේවා.. සම්මාන බල්ලට දාලා වැඩේ කරහං.. හැක් හැක්..උඹ නිසා මාත් සෑහෙන නොදන්න කරුණු ටිකක් දැනගත්තා.. ඒකට උපරිම පිං..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් බල්ලට දාන්න? ජීවිත පුජාවෙන් ගත්තු සම්මානය!!

      Delete
  4. යමෙකුට සම්මානයක් වැදගත් තැනකින් ලැබුනොත් තමයි වටින්නේ. සම්මානය දෙන තැන පිළිගත් ආයතනයක් මෙන්ම විනිසුරු මණ්ඩලය උගත් බුද්ධිමත් මෙන්ම පිළිගැනීමක් ඇතිවිය යුතුයි. ඔබට ලැබුණු සම්මානයේ ඕවා තියද? ආයතන ලෙස නම් දාගෙන පෙනී හිටින හොරිකඩ නුගත් කොල්ලන්ගෙන් ගත් සම්මානයකට වටිනා කමක් නැහැ. ඔබගේ ලිවීම් ඉස්තරම් අපි එය අගය කරනවා නමුත් අපි ඔබ අගය කරන්නේ මේ දෙකයි පනහේ සම්මාන නිසා නොවේ. ඔබ එල බුවෙක් නිසාය.

    බලන්න ඔබට සම්මාන දුන් හොරිකඩ කොල්ලන් හැදු ඔබ ඉහලින් දාපු පින්තුරය බලන්න එහි ඇති සිංහල භාෂා වැරදි බලන්න. භාෂා වැරදි නැතුව බැනරයක් හදන්න බැරි උන් කොහොමද සාහිත්‍ය බ්ලොග් විනිශ්චය කරන්නේ

    ReplyDelete
    Replies
    1. උඹත් එකක් දියන්කෝ මකසියෝ

      Delete
  5. ජයවේවා!! උණුසුම් සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි දිගටම සංවාදයට සෙට් වෙමු

      Delete
  6. බ්ලොග් ක්ෂේත්‍රෙයන් දිගු ගමනක් යන්නට සුභ පැතුම් ජීවන....

    ReplyDelete
  7. හැමදාමත්ම වාගේ comment එකක් දාල මාව දිරිමත් කරන ඔබට මගේ උණුසුම් සුභපැතුම්... ජයෙන් ජය...

    ReplyDelete
  8. ජයවේවා ජීවන අයියා … !!!!

    ඔහොම යං ..අපි එනවා.

    ReplyDelete