Tuesday, October 28, 2014

සංගීත චාරිකාවක් 28 -ABBA (දෙවන කොටස) බෙනී අන්දශෝන් සහ බියෝන් උල්වියෝස්

 පළමු කොටස මෙතැනින්
ඇබා සංගීත කණ්ඩායම ගැන කෙටි හැඳීන්වීමක් පෙර පොස්ටුව මගින් දිග හැරුනා. මෙම කණ්ඩායමේ ගායකයන් දෙදෙනාගේ තොරතුරු මෙලෙස දිග හැරෙයි.

බෙනී අන්දශෝන්
1946 දෙසැම්බර් 16 දින ස්වීඩනයේ ස්ටොක්හෝම් හි උපත ලද බෙනී අන්දශෝන් වයස අවුරුදු 18 වන විට එරට ප්‍රසිද්ධ රොක් සංගීත කණ්ඩායමක් වූ හෙප් ස්ටාස් හි සාමාජිකයකු විය. මෙම කණ්ඩායම ස්වීඩනයේ බීටල්ස් ලෙස විරුදාවලිය ලබා තිබුනා. අන්දශෝන් එම කණ්ඩායමේ කී බෝඩ් වාදකයා වූ අතර ක්‍රමයෙන් කණ්ඩායම සඳහා ගීත රචනය පටන් ගත්තා. මෙම ගී අතිශය ජනප්‍රිය උනා. No Response ගීතය 1965 වසරේ සංගීත දර්ශකයේ තුන් වන ස්ථානයට පැමිණි අතර Sunny Girl, Wedding සහ Consolation ගීත ත්‍රිත්වය 1966 දී ස්වීඩන් දර්ශකයේ ප්‍රථම ස්ථාන දිනා ගත්තා.

No Response
  Sunny Girl
 Wedding
Consolation

බියෝන් උල්වියෝස්
බියෝන් උල්වියෝස් උපත ලදුයේ 1945 වසරේ අප්‍රියල් 25 දින ස්වීඩනයේ ගූතන්බර්ග්හිදී ය. ඔහුද වයස අවුරුදු 18 වනවිට ද හූට්නනි සිංගර්ස් කණ්ඩායමේ ගිටාර් වාදකයා මෙන්ම ගායකයකු විය. උල්වියෝස් ද ස්වකීය කණ්ඩායම සඳහා ඉංග්‍රීසි ගීත රචනය කල අතර එකල ගායනයකු වශයෙන්ද සිය සංගීත චාරිකාව අරඹා තිබුනා. හෙප් ස්ටාස් කණ්ඩායම සහ ද හූට්නනි සිංගර්ස් සමහර සංගීත ප්‍රසංග මාලාවන් තුල එකට මුණගැසුනා. මේ මුණගැසීම වල ප්‍රතිපලයක් ලෙස අන්දශෝන් සහ උල්වියෝස් එකට එක්වී පදරචනයේ යෙදීමට පටන් ගත්තා. දෙදෙනා එක්ව කල පළමු නිර්මාණය හෙප් ස්ටාර්ස් ගායනා කල Isn't It Easy to Say ගීතයයි. එම ගීතයේ පද රචනා තුලින් අනාගතය දුටු හූට්නනි සිංගර්ස් කණ්ඩායමේ කළමනාකරු වූ ස්ටීග් අන්දශෝන් (Stig Anderson) තව තවත් ගී පද රචනා කිරීම සඳහා දෙදෙනාව දිරිමත් කරා. මේ වන විට දෙදෙනාම අනෙකාගේ කණ්ඩායම සමග ප්‍රසංගයන්හි යෙදීම සුලභ දෙයක් උනා. දෙදෙනා නිර්මාණය කල Ljuva sextital ගීතය 1969 වසරේදී ඉතාමත් ජනප්‍රිය උනා. හෙප් ස්ටාස් කණ්ඩායමට මොවුන් නිර්මාණය කල Speleman ගීතයද විශාල ජනප්‍රියතාවක් ලැබුවා.

Isn't It Easy to Say


Speleman
 
යුරෝවිෂන් ගී තරඟාවලිය (Eurovision Song Contest) සඳහා කණ්ඩායම් තෝරාගැනීම සඳහා ස්වීඩනයේ පවත්වන මෙළුඩීෆෙස්ටිවෝලන් (Melodifestivalen) තරඟාවලිය සඳහා අන්දශෝන් ඉදිරිපත් කල Hej, Clown ගීතය ප්‍රථම ස්ථානය ලද නමුදු නැවත ගණන් කෙරීමෙදී දෙවන ස්ථානයට පත් උනා. නමුත් මේ තරඟාවලියේදී අන්දශෝන් හට සිය අනාගත සහකාරිය වූ ඔන්නි ෆ්රීද් ලීග්සා මුණගැසුනා ඇයද තරඟාවලියේ තරඟකාරිනියක් වූවා. මේ මුණගැසීමෙන් මසක් ඇතුලත මේ දෙදෙනා පෙම්වතුන් බවට පත්වූවා. 1969 වනවිට අන්දශෝන් සහ උල්වියෝස් තම තමන්ගේ සංගීත කණ්ඩායම් වලින් ක්‍රමයෙන් ඉවත්වී 1970 වන විට ඔවුන් දෙදෙනාගේ ප්‍රථම ඇල්බමය වූ Lycka එළිදැක්වූවා. සංගීත පටිගතකිරීම් සඳහා ඔවුන්ගේ සහකාරියන් ද නිතරම සහභාගී උනා.

Hej Clown
 විසි නව වන කොටසින් හමුවෙමු
 පළමු කොටස මෙතැනින්

9 comments:

  1. වීඩියෝ වලට අමතරව පුද්ගලයන් ගැන කතා කරන කොට එයාගේ පින්තූරෙත් දැම්මා නම් නොදන්න කෙනෙක් දැන ගන්නවා.. අපි හැම වෙලාවෙම ලියන්න ඕන, දන්න අයට නෙමෙයි. නොදන්න අයට..

    ReplyDelete
  2. චැනල් අයි එකේ සමහර දා රෑට මේ මූණු මං දැකල තියෙනවා. ඔවුන්ගේ ගීත ළගන්නා සුලුයි.

    ReplyDelete
  3. මෙහාට ඔලුව එබුවේ අද වෙන්න ඕනා ජීඑවන් අයියා, ඇබාලා වගේම මම ආස අනිත් කට්ටිය ඊගල්ස්ලා, තව බොනී එම්ලා, අබාලගේ නම් ආසම සින්දුව I have a dream, අසොන්ග් ටො සින්ග් තමා.

    තරුණ කණ්ඩායම් ගත්තම බැක්ස්රීට් බෝය්ස්ලා වගේම වෙස්ට් ලයිෆ්ලා.

    දන්නා ය ගැන නොදන්නා කතාවක්, ලිපිය වගේම සින්දු ටික අපුරුයි. ජය වේවා!!!

    ReplyDelete
  4. මම දම්පාටට අකමැති නිසාද මන්ද උඹව නිතරම මග හැරෙනව මචෝ....
    අද ඉදල තදින් මතක තබා ගනිමි....

    ReplyDelete
  5. අදත් පට්ට........ මං මේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නේ ඔබෙන් ම තමයි...... ඔබ අපේ ගුරුවරයෙක් වන්නේ ඒ නිසයි...

    ReplyDelete
  6. දන්නා බෑන්ඩ් එකක් ගැන නොදන්නා බොහෝ දේ දැන ගත්තා.... සින්දු ටික ඉතා රසවත්... anderson , අන්දශෝන් කියල ලියපු එකනම් ගැලපෙන්නේ නෑ වාගේ(හිරිකිත ගතියක් එනවා)...

    ReplyDelete
  7. පරණ සින්දු සිංහලද ඉංග්‍රීසිද හින්දි ද වෙනසක් නැහැ මම නම් අහන්න බලන්න කැමතිම දේවල්.

    ඇබා ලගේ සින්දුත් ඒ වගේම තමයි.

    ReplyDelete
  8. මම නිර්දේශ කරන්නේ https://www.penpaland.com භාෂාව විනිමය පාදක කරගත් වෙබ් අඩවිය
    Android:http://app.appsgeyser.com/Penpaland

    ReplyDelete