Tuesday, August 19, 2014

ඇනෝ පොලීසිය හෙවත් බ්ලොග් පොලීසිය

දම්පාට දේදුන්නට ආපු ඇනෝ කොමෙන්ට් එකක් හන්දා මේ පොස්ට් එක ලියන්න හිතුන.

මම බ්ලොග් ලියන්න පටන් අරන් ටික කලක් උනාට අවුරුදු තුන හතරක ඉඳල කියවනවා. ( ලියාගන්න බැරි උනේ සිංහල ටයිප් කරගන්න බැරුව හිටපු හන්දයි, වෙලාව පිලිබඳ ප්‍රශ්නය හන්දයි)

මම දකින දේ තමයි බොහෝ දුරට ඇනොල තමයි බ්ලොග් වල නීතිය සහ සාමය ආරක්ෂා කරන්න ඉන්න නොනිල පොලීසිය.

මේ පොලීසියේත් හොඳ රාළහාමිලා වගේම ගංජා ට්‍රාන්ස්පෝට් කරන, කුඩු විකුණන, කප්පන් ගන්න රාළහාමිලා වගේ උනුත් ඉන්නව. ඒ වගේම බ්ලොග් ලියන උනුත් හොරා පොලිස් සෙල්ලම කරනවා

හොඳ රාළහාමිලා කවුරු හරි වැරදි දත්ත දෙනකොට පටස් ගාල නිවැරදි කරනවා.

ඉන්දියන් ටයිප් රාළහාමිලා ඕන අහිංසකයෙක් අල්ලගන පොලුවලින් ගහල මස් කරලා දානවා

ගංජා ට්‍රාන්ස්පෝර්ට් කරන රාළහාමිලා අනුන්ගේ කොන්තරාත් කරනවා. පස්සේ අම්ම්මෝ නැතුව බැනුම් අහනවා

කුඩු විකුණන රාළහාමිලා හොඳට නැගල යන සංවාද අතරට පැනල සංවාදය විනාස කරනව නැතිනම් වෙන පැත්තකට හරවනවා.

කප්පන් ගන්න රාළහාමිලා බ්ලොගාලව බයකරනවා තර්ජනය කරලා වෙනත් දේ හෙළි කරනවා කියල

ප්‍රභූ ආරක්ෂක රාළහාමිලා බ්ලොග් ලෝකේ ලොක්කන්ට කඩේ යනවා. හැම තිස්සෙම ආරක්ෂා කරන්න බලනවා.

හොරා පොලිස් රාළහාමිලා තමන්ගේ බ්ලොග් එකට තමාම අනෝ වෙනවා.

මේ මොන ජාතියේ රාලහාමිලා හිටියත් පොලීසිය වහන්න බෑ වගේම පොලීසියෙන් වෙන සේවය මිල කරන්නත් බෑ

ඇනොලගෙන් වෙන සේවයත් ඒ වගේම තමයි

46 comments:

  1. :D නියම විග්‍රහයක්!!!

    ReplyDelete
  2. බ්ලොග් එක බලන්න.කතන්දරගෙ බ්ලොග් එක බලන්න.බ්ලොග් පොලීසියෙ වැඩ බලාගත්තැහැකි.කල්ලියෙන් පිට කෙනෙක් කොමෙන්ට් එකක් දැම්මොත් ඌව විනාසම කරනව.මේ බ්ලොග්වල පූර්ණකාලීනයො ඉන්නෙ.මේව දේශපාලන ව්‍යාපෘති.එක තැනක ඉදන් මෙහෙයවන ඒව.

    ReplyDelete
    Replies
    1. W3lankaබ්ලොග් එක බලන්න.කතන්දරගෙ බ්ලොග් එක බලන්න.බ්ලොග් පොලීසියෙ වැඩ බලාගත්තැහැකි.කල්ලියෙන් පිට කෙනෙක් කොමෙන්ට් එකක් දැම්මොත් ඌව විනාසම කරනව.මේ බ්ලොග්වල පූර්ණකාලීනයො ඉන්නෙ.මේව දේශපාලන ව්‍යාපෘති.එක තැනක ඉදන් මෙහෙයවන ඒව.

      Delete
    2. මම නොදන්නවය... :D

      Delete
    3. මචන් මහසොහොන් පිල්ලිය.....
      උඹේ කොමෙන්ට් එක පිටිපස්සේ ඉව අල්ලං යාන් හෑලි එකට ගියා
      මේ කතාවම උඹ ගොඩක් ඉස්සර කියල තියනවනේ
      // නෝටි ඇනෝලත් අතරින් පතර හිටියට ඇනෝල තමයි බ්ලොග් ලෝකේ අර ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු වල තියෙන විදියට Checks and Balances හරියට පවත්වාගෙන යන්න උදවු කරන්නේ කියල තමයි මට නම් හිතෙන්නේ.//
      ඔන්න පහක් දැම්ම

      Delete
  3. ඉන්දික උපශාන්ත
    අජිත් පැරකුම්
    විශ්ව රංගනාත් ,විනිවිද බ්ලොග් එක(මෙයද ඉන්දිකම කරනවා විය හැකා
    මහ සොහොන් පිල්ලිය (මෙයද ඉහත නම් සදහන් කල්ලිකරුවෙක් විය හැකා
    කතන්දරකාරයා
    රාජ්
    මාතලන්

    ReplyDelete
    Replies
    1. ඔය කියන බ්ලොග් වලට මමත් කොමෙන්ට් කරනව. කිසි ප්‍රස්නයක් නෑනේ.

      Delete
    2. ඔවුන්ට හුරේ දදා කඩේ යනවනම් ප්‍රශ්නයක් නෑ තමා (මෙන්න මෙහෙම අනේ ඔයා පොරනෙ,ඔයා හරි වැඩ්ඩ අනේ.ඔයා හරි උගත බුද්ධිමතා,සූරය හපන කියල ).වචනෙකින් හරි විරුද්ධ වුනොත් විනාසයි.

      Delete
    3. මගේ නම තියෙන නිසා යමක් කියන්නං. විනිවිද ( ප්‍රොෆයිල් ඇනෝ ) සහ උපශාන්ත කියන්නෙ දෙන්නෙක්. මේක ගැන මින් ඉස්සරහ ආයි කතා කරන්නෙ නෑ.

      මට විරුද්ධව කියන උන්ට ගහනව - ඔව්. මට විරුද්ධව හෝ මගේ අදහස් වලට විරුද්ධව කතා කරන කෙනා එක්ක මම බොහෝ විට වාද කරනව. නමුත් ඒ නමින්,ප්‍රොෆයිල් එකෙන් මිස ඇනෝ ඇවිත් පිටිපස්සෙන් නෙමෙයි. මේකට ඇතිවෙන්න උදාහරණ බ්ලොග් වල ඇති.

      මට හුරේ දාන උන්ට සලකනව - කොහෙත්ම නෑ. හොඳම උදාරණය මාතලන්. ඌ මගෙ පෝස්ට් වල මට සිරා, පට්ට, නියමයි වගේ මාව නග්ගන කමෙන්ට් තමයි 99% දාල් තියෙන්නෙ. ඒත් උගෙ බ්ලොග් එකේ මම දාන කමෙන්ට් ඒකෙ විලෝමය. හේතුව අපි එකිනාගෙ ලියැවිලි වලට ආදරෙයි, කැමතියි. ඒ නිසා එකිනෙකා අගය කරන්නෙ, ඒවගෙ අගය වැඩිකරන්නෙ තමන්ගෙම අනන්‍ය ක්‍රමයකට.

      මිනිහෙකුගෙ නිර්මාණයක්, ලියවිල්ලක් නිකම්ම පට්ට කියල හෝ නැතිනම් නොදැක්ක වගේ මාරුවෙනව කියන්නෙ ඒ නිර්මානෙ අසාර්ථකයි කියන එක, එකෙ කතාවට සාකච්ඡාවකට ඉඩක්, අමුද්‍රව්‍යක් නෑ කියන එක. නමුත් යම් ලියවිල්ලක් හරහ හරවත් සංවාදයක් ගොඩ් නැගෙනව කියන්නෙ ඒ ලියවිල්ල ගුණාත්මක එකක් කියන එකයි මගේ හැඟීම.

      සංවාදයකදි ගෝත්‍රික වෙන්කොට නිර්මාපකයගෙ නැට්ට පෙනිල කැපෙනව. නමුත් සංවාදයක් හරවත් විදියට හසුරුවගන්න නිර්මාපකය කැපිල පේනව.

      සහන්ගෙත් කතන්දරගෙත් වෙනස අන්න ඒකයි.

      Delete
    4. හුටා දන්නේ හරියට දැක්කේ මේ ඇනෝ මට කියලනේ කඩේ යනවා කියල

      Delete
  4. බ්ලොග් හිට් රේට් එක සහ කමෙන්ට් රේට් එක බැලුවොත් මගේ බ්ලොග් එක කියවන පනස් දෙනෙකුට එක් අයෙක් වගේ තමයි කොමෙන්ට් කරන්නෙ.. සමාර පෝසට් වල ඒ අගය කියවන අය සියයට එකක් වගේ අගයක් ගන්නවා..

    හිතන්න ඕන්න සමනල්ලු මහ රෑනක් යනවා සිරිපා කරුණා කරන්න ලොකු ටිප් එකක්..යනකොට එක සමනලයෙක් කියනවා අපි අවුවෙ යන්න ඕනි නැහැ අපි හැමෝම තට්ටක් ඔලුවට දාගෙන අනික් තට්ටෙන් යමු කියලා.. අර මහ සමනල් රෑන මූ කියන දේ ගනන් ගන්නෙවත් නැහැ.. ඉන් පස්සෙ අර රැඩිකල් සමනලයා හැමතැනම ගිහින් හැමෝටම කියනවා. හැමෝම මේ මොන කෝලමක්දැයි කියා නිකං ඉන්නවා.. ඒත් සමනලයා වැඩේ අත අරින් නැහැ.. ඌ එක අතකින් ඔලුව වහගෙන එක අතකින් සිරිපා කරුණාකරන්න යනවා අනේ මාව වැරදිලාහරි පෛාටෝවකට අහුවෙයි කියන හීනමානෙන්..

    ඒ වගේ සමාර කොමෙන්ට් කරන ඇනෝල හිතනවා උන් හරිම පොරවල්ය. උන් කියනා දේ අපි කල යුතුය. උන් නිසා අපි හැදිලාය. හැදෙනවාය කියලා දෙයක්. නමුත් ඌත් අර සමනල් රෑනෙ රැඩිකල් සමනලයා වගේම තමයි. සියක් දාහක් යනතැනක පොඩි ඇඩ් එකක් දාල වැඩ්ඩෙක් කියලා පෙන්වන්න යනවා..

    ReplyDelete
    Replies
    1. හැබැයි මචන් පොස්ට් වල තියන දත්ත පිළබඳ කරන ප්‍රශ්න කිරීම් වැරදියි කියන්න බෑ නේද?
      සමහර විට නියම ප්‍රොෆයිල් එකෙන් ආවම මර වලියක් නේ.
      හොන්දම් උදාහරණය ඉන්දිකගෙයි සයිලන්ට් සහන්ගෙයි වලිය.
      ඉන්දික ඇනෝ ඇවිත් දත්ත පිළබඳ කරන ප්‍රශ්න කරා නම් ඔය වලිය නෑ නේ
      නමුත් මට හිතෙන්නේ ප්‍රශ්න කරන කෙනා තමන්ගේ මතවාදය හෝ දත්තවල නිවැරදි භාවය පිලිබඳ සැකයක් ඇති අවස්ථා වල ඇනෝ ඇවිත් කෙලලා යනවා.
      කොහොම කරත් සංවාදය මතු වෙන එක එය මතු නොවීමට වඩා ඉතා හොදයි

      Delete
  5. සෑහෙන්න හොද විශ්‍රහයක්.. මේක ඇතුලේ ඔය හැමෝම ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. තව ජාති ගොඩක් ඉන්නවා. මට මතක් වෙච්චි ටික තමයි මේ.

      Delete
  6. ඇනෝලා ලෙස එන බ්ලොග් ලියන පොන්න මහත්තුරුත් ඉන්නවා. එකෙක් දෙන්නෙක් අතේ මාට්ටූ..

    ReplyDelete
    Replies
    1. උනුත් හොරා පොලිස් ජාතියක්ම තමයි
      හොරා පොලිස් මාට්ටු උනාම හොරු අහුඋනාට වඩා ගුටි කනවා

      Delete
    2. මේ වගේ කතාවක් මට බ්ලොග් ලියන්නියකුත් කීවා.

      කවුද මාට්ටු වුනේ කියා නම් කීවේ නෑ. නමුත් තාමත් ඒ කමෙන්ටු දෙක (ප්‍රොෆයිල් සහ ඇනෝ) ඩිලීට් නොකර තියාඝෙන ඉන්නවාය කිව්වා!

      Delete
  7. adoo ela kollek. ummmaaaaaaaaaaaaaaaaah. mage wasthuwa. kuku patiya. ummaaaaaaaaaaaaaaah.
    adooo ranilata kade yana "horithalan" katada ponnaya kiwwe matada .................adoo ahuwenna epa

    ReplyDelete
    Replies
    1. මේ නම් පොලිස් ට්‍රේනින් කොලේජ් ඉන්න රාලහාමි කෙනෙක් වගේ

      Delete
  8. හඃ හඃ හඃ ඇනොලට වඩා කැටගරි තියෙයිද කොහෙද පොලිසියේ ! පට්ට කැටගරි ටික

    ReplyDelete
    Replies
    1. තමන්ගේ කාර් තමන්ම ගිනි තියාගන්න රාලහාමිලත් ඉන්නවා.

      Delete
  9. /* මම දකින දේ තමයි බොහෝ දුරට ඇනොල තමයි බ්ලොග් වල නීතිය සහ සාමය ආරක්ෂා කරන්න ඉන්න නොනිල පොලීසිය. */

    මගේ අත්දැකීම නම් ඇනෝලා බහුතරය එසේ කරන්නේ කුමක් හෝ අනන්‍යතාවයක් අරගෙන කෙලින් කතා කිරීමට ඇති බය නිසාය.

    ReplyDelete
    Replies
    1. කෙලින් කතාකරන්න ගිහිල්ල කකාට උන හුටප්පරේ ම මදෑ එහෙම කරන්න හිතෙන එකෙක්ට එහෙම නොකරන්න ... :P

      Delete
    2. මේ පොස්ට් එක ලියන්න හිතුනේ දම්පාට දේදුන්නට ආපු පහත දැක්වෙන ඇනෝ කොමෙන්ට් එක හන්දා

      Anonymous Sunday, August 17, 2014 6:50:00 PM
      //ඔබගේ බ්ලොගය පුරාම ඇත්තේ විකිපීඩියාවෙන් අහුලාගත් ඕපාදුප නැතහොත් ගොසිප් පමණි. ඒවා එකිනෙක සංසන්දනයට වුවද අප සුදානම්ය. අහුලාගත් දැනුම සිංහලෙන් ලියා ලංකාවේ ගොනුන් ඉදිරියේ, ඔබ බටහිර සංගීතය පිලිබඳ විශාරදයකු විලස පෙනී සිටියි.//

      මේක ලියපු කෙනා බ්ලොගයේ අන්තර්ගතය පිලිබඳ සාකච්චා කරන්නේ නැහැ. ඒ වගේම එහි වැරදි තැන හදන්න යන්නේ හැහැ. අන්තර්ගතය සඳහා කරුණු සොයා ගත එක තැනක් ගැන පමණක් ඇනෝ ලෙසින් ඇවිදින් සඳහන් කරනවා.
      නමුත් ප්රොසෆයිල් එකෙන් එන තිස්ස දොඩන්ගොඩ (මගේ බැචා) http://dampatadedunna.blogspot.com/2014/07/10-eagles.html?showComment=1406628999927#c7551657252751733804 හි තිබෙන වරද නිවරදි කරනවා. ඔහුට එය කිරීමට විෂය දැනුම තිබෙනවා

      විෂය දැනුම නැති ඇනෝ කරන්නේ අනෙත් කොනෙන් අල්ලගෙන අන්තර්ගතය ලබා ගත් මුලාශ්රන ගැන සදහන් කිරීමයි. එතනින් නොනැවතී තර්ජනය පවා කරනවා. නමුත් ඒ වනවිටත් විෂය මුලාශ්ර බ්ලොගය තුල සදහන් කොට තිබෙනවා.

      නමුත් මේ ඇනෝ කොමෙන්ට් එකතුල බ්ලොග් ලියන්නා බයට පත් වෙනවා. තමාගේ ලියවිල්ල් උපරිම නිරවද්යේ තාවයෙන් ලියන්න පෙලබෙනවා එයින් බ්ලොගයේ ගුණාත්මක භාවය ඉහල නැංවෙනවා.

      අනිත් පැත්තෙන් ගත්තොත් විෂය දැනුම නැති කෙනෙක් තමාගේ ප්රොෙෆයිල් එකෙන් ඇවිත් මේ කොමෙන්ට් එක දැම්මනං කට්ටියම එකතුවෙලා ඌව හමගහනවා. දැනුම පිළිබඳව ප්රොශ්න කරනවා. ඇනෝ ආවම මේ ප්රමශ්න මොනවත නැහැ

      කොහොමහරි අවසානයේ බ්ලොගයේ පමණක් නොව සමස්ථ බ්ලොග් අවකාශයේම නොනිල පාලකයා බවට ඇනෝ පත් වෙනවා.

      Delete
  10. //මේ මොන ජාතියේ රාලහාමිලා හිටියත් පොලීසිය වහන්න බෑ වගේම පොලීසියෙන් වෙන සේවය මිල කරන්නත් බෑ

    ඇනොලගෙන් වෙන සේවයත් ඒ වගේම තමයි//

    එකෙම්ම්ම!

    ReplyDelete
    Replies
    1. ගුරුළු වෙස් දරා...........

      ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා
      ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳගන්නා
      මලෙක රොන් වනා එතැන රොනට වඩින්නා
      කියන් කවුරු මෙවන් මිනිස් වෙසින් සිටින්නා

      රෑ යාමේ සොර දෙටුවෝ මේ දහවල
      වෙසතුරු සේ දන් දුන්නා නම්
      මද්දහනේ මල් කොවුලෝ රෑ පානේ
      කපුටන් සේ හඬ තැලුවා නම්
      කුමට නොදුටු ඇසින් සිටිනු යාළුවේ
      අපට අපෙයි කියා ඉන්න තියෙන ලෝකයේ

      ලද ඉසුරෙන් මොණරුන් සේ විළිබිය සිඳ
      මහ සබැ මැද රඟ දුන්නා නම්
      බිව් මව් කිරි අමතක වී නැගී ඉණිමග
      පා පහරින් බිම දැමුවා නම්
      කුමට නිහඬ මුවින් සිටිනු යාළුවේ
      අපට අපෙයි කියා ඉන්න තියෙන ලෝකයේ

      ගී පද - වසන්ත කුමාර කොබවක
      ගී තනු - රෝහණ වීරසිංහ
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
    2. මචන් ඉන්දික,
      මේකේ ඉන්න ඇනෝලට ප්‍රොෆයිල් හිටන් තියෙනවානේ බං

      ඕක හරියට අර ප්‍රංශයේ තියනවා කියන ලෝක අහිකුන්ටක සම්මේලනයට් ලියර් ජෙට් වලින්, ලිමොසින් වලින් අහිකුන්ටකයෝ බහිනවා වගේ වැඩක්නේ (මචන් පොස්ට් එකක් ලියන්න හොඳ ටයිටලයක් වගේ )

      Delete
    3. @ සින්දු ඇනෝ,

      යකෝ මූ හැම තැනම මන් එක්ක සින්දු කියනව් මගේ බ්ලොග් එකේ සින්දුවක් නෑ!


      පාංකිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
      පාංකිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි
      උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි
      මේවා බල බල තනි කෑඳැත්තෙක් කීචි බීචි කියතෙයි

      පාංකිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන්ගත්තේ
      අහල පහල කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ
      කොහේද හිඳ පැමිණුනු කෑඳැත්තා වහලා අර අත්තේ
      උන්ගෙ නැටුමට බාදා කරමින් ගීය පටන්ගත්තේ

      පාංකිරිත්තා...

      පාංකිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා
      කෑඳැත්තාගේ කළු අත්තටුවෙන් අල්ලා සෙලවූවා
      ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා
      ළඟට කිට්ටු වී මා ද ගොළුවතින් ඊට සවන් පෑවා

      අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා
      තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා

      පද - ප්‍රේමකීර්ති
      ගායනය - ෆ්‍රෙඩී සිල්වා


      ජීවන්,

      සින්දු ඇනෝ, ට්‍රැෆික් ඇනෝ, ඇනෝනිමස්, කීයක්ද බං ප්‍රොෆයිල් ඇනෝලම කියලත් :D

      (අර අහිකුන්ඨික සීන් එක ඇත්තටම හොඳ ඔත්තුවක් තමා!)

      Delete
  11. ඕ යේස් … ඇනෝ මචංලත් පොලිසිය වගේ තමා.. නියම උදාහරණෙ :D

    ReplyDelete
    Replies
    1. "ඇනෝ මචංලත් පොලිසිය වගේ තමා"

      තරයේ හෙලා දකිමි .මේ වගේ අපහාසයක් කොහොම ඉවසන්නද ? ඇයි යකෝ පොලිසිය වාගේ ...
      මම නම් ආයෙත් බොල්ග් පැත්තෙවත් එන්නෙත් නැ ,කොමෙන්ට් කරන්නෙත් නැ .
      අම්මපා ..ඕ යේස් ...

      Delete
    2. @ පත්තර මල්ලි
      ඇනෝට මචන් කිව්වට පොලිස්ට මචන් කියනවා එහෙම නෙවෙයි

      ..කොහෙද යකෝ මකබැවිල හිටියේ..

      Delete
    3. @සින්දු ඇනෝ
      මචන් සින්දු ඇනෝ, උඹට ආයෙත් ඕක නොකර ඉන්න දෙයක් නෑ.
      මොකෝ පත්තරයට කියල බ්ලොගක්වත් තියන එකක්යැ
      බ්ලොගක් තිබ්බ නම් කුඩු වෙන්න ඇනෝ පාරක්වත් දෙන්න තිබ්බා

      Delete
    4. දන්නැද්ද ජීවන් බොස් ඉතිං .… ඈ :D

      ඇනෝ මචං. උඹ කොහෙද බොල ඇනෝ. උඹ දං ප්‍රොෆයිල් නෙවැ. හා හා දුක හිතුනනං ඉතිං මෙන්න.

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
  12. අන්න එහෙම එමු මචෝ ....
    - ස්තුතියි -
    බ්‍රෑන්ඩ් එක ගල්

    ක‍න්න දෙනව නං අපිට
    බොන්න දෙනව නං අපිට
    මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ//
    මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ

    කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
    බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ//
    කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
    අ‍පේ‍ ක‍ටේ‍ ලෝ‍දි‍ය‍ ටි‍ක‍ වැ‍ටෙ‍න‍ව‍නාං

    කන්න දෙනව නං...

    සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
    සදාචාරෙ මකබෑවී ගියාදේන්//
    සංස්කෘ‍ති‍ය‍ වල පල්ලට ගියාදේන්
    අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං//

    කන්න දෙනව නං...

    ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක
    රජ ගහේ නාඩගම (සිරිසේන ප්‍රේමලාල්/ජනක් ප්‍රේමලාල්)

    ReplyDelete
  13. දෙන්නම්කෝ ලොක්කා
    ඉදිමෙන්නට බොක්කා
    මූ කටු කන්නෙගෙ මැක්කා

    දීපං මාව බේරලා

    - සන්ෆ්ලවර්ස් -

    ReplyDelete
    Replies
    1. ඇනෝ පොලිසිය .....

      ඉඳල හිටල දුන්නත් අතටම සිතාසිය
      දුක හිතෙන්නැද්ද අව්වෙ කට්ට කන විලාසය..
      උඩින් යටින් දෙපැත්තෙන්ම තැලෙන උදවිය..
      දුකට සැපට ඔබට ඉන්න ඔබෙ පොලීසිය.. //

      හොර හතුරන් කල් බල බල එවන පතුරම…
      පපුව මැදින් යන තුරු ඉටු කරයි යුතුකම….
      කසිලි බිසිලි කැපිලි කෙටිලි හදයි තිතටම…
      නිවාඩු නෑ හෝද ගන්න කාකි කලිසම
      (අනෙ) නිවාඩු නෑ හෝද ගන්න කාකි කලිසම…..

      කොතරම් තිබුනත් අප හට පොලිස් බලතල……
      (ඒක තමයි නේ)
      කිසි ලෙසකත් ගන්නේ නෑ අනිසි විලසක……
      දුෂණ භීෂණ වඃචා කරන උදවිය…..
      අල්ලගත්ත නොසිතා ඒ අයගෙ පදවිය //

      විසි හතර පැයම කාකි කෝට් එකට රිඃගලා……
      මානව හිමිකම් , යුතුකම් වලට කැප වෙලා ……
      පිත්තල බොත්තම් හින්දම හුස්ම හිර වෙලා…….
      දඩ කොල ලියලම අත්වල ඇගිලි කලු වෙලා.....//

      ඉඳල හිටල දුන්නත් අතටම සිතාසිය
      දුක හිතෙන්නැද්ද අව්වෙ කට්ට කන විලාසය..
      උඩින් යටින් දෙපැත්තෙන්ම තැලෙන උදවිය..
      දුකට සැපට ඔබට ඉන්න ඔබෙ පොලීසිය.. ////// 


      ගායනය - නලින් පෙරේරා
      (කොස්තාපල් පුඤ්ඤසෝම )

      Delete
    2. Good Ano's song

      රාලහාමි මං පොළිසියෙ රාළහාමි මං
      මහජනයගෙ හිතවතානෙ මං

      දාමරිකයො දාමරික කම් කරයි
      හොරා නිබඳ සිතුවේ හොරකම ගැනයි
      ඒ ගැන නොසිතම ඔබ ඔබෙ ගමණ යයි
      ඔබෙ ආරක්ෂාවට සිටින්නෙ මම තමයි

      - MS Fernando

      Delete
    3. @ ඉන්දික
      හිත හොඳ ඇනෝට හරියන සින්දුව

      Delete
    4. මේ සින්දු ඇනෝ මාර සින්දු මෝලක් නෙ අම්මපා?
      සේරම පදත් මතකයි
      මගෙ බ්ලොග් එකේ පංගුවක් ලියා දෙන්න හිතයි

      Delete
    5. තිසා, මේ මනුස්සයගෙ වටිනාකම සින්දුවෙ පද වගේම එක බිහිකරපු උතුමො කවුද කියන එකත් ලියන එකයි. අපි ගොඩක් වෙලාවට නොදනෙත්, අපෙන් ලොකුම අසාධාරනේ වෙන්නෙත් ඒ අයටනෙ.

      Delete
    6. මෙහෙම වැඩ කරුවො තුන් හතර දෙනයි සිංහලෙන් කොටන අය අතර ඉන්නෙ :-)

      Delete
    7. ඇනෝ පොළිසියට බාර දෙමුද මේ හොරාවත් අල්ලන්න ;-)

      Delete
    8. @ ඉන්දික / තිස්ස
      අනික මේක හරියට හරි යන සින්දුව තෝරලා දානවනේ.
      සමහර සින්දු පලවෙනි වතාවට තමයි දකින්නේ.
      යූ ටියුබ් එකෙත් නැති සින්දු මූ දානවනේ.

      මචන් සින්දු ඇනෝ.
      යූ ටියුබ් ලින්ක් එකත් කොමෙන්ට් එකට් දාපන්
      එතකොට යූ ටියුබ් බල බල ඉන්න කොට කොමෙන්ට් එක අල වෙනවනේ

      Delete
  14. මචන් සින්දු ඇනෝ.
    හොරා පොලිස් ලට ඕක හරියන්නේ නෑ බන්
    ඔය කියන්නේ හිත හොඳ පොලිසලා ගැන

    ReplyDelete
  15. මචන්ලා,
    නුවර කුමාරිගේ අද පොස්ට් එකේ පොලිස් කාන්තාවක් සෙට් වෙලා
    http://upekshad.blogspot.com/2014/08/01.html

    ReplyDelete