Thursday, April 20, 2017

ලංකාවේ ඇදහිලි, බලි තොවිල් ලේඛණ ගත කල ජෝන් කැලවේ පියතුමා

යටත් විජිත සමයේ සිංහල සාහිත්‍යයේ උන්නතියට සේවාවන් කල විදේශිකයින් ගැන කියවෙද්දී බොහෝ විට සිහියට නැගෙනුයේ ජුසේ වාස් පියතුමා සහ ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාවය, එතුමනට අමතරව සිංහල සාහිත්‍යයට අනුපමේය සේවාවන් කල තවත් විදේශික පුජක වරුන් සිටිති. 

පුරාන ලංකාවේ ඇදහිලි, බලි තොවිල් ලේඛණ ගත කල ජෝන් කැලවේ පියතුමා ගැන කෙටි විස්තරයක් පහතින්න් වෙයි. 

වෙස්ලියානු පුජක වරයකු වූ  ජෝන් කැලවේ පියතුමා දහඅට වන සියවසේ මුල් භාගයේ ලංකාවට පැමිණෙනුයේ ආගමික ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ධර්ම දුතයෙකු වශයෙනි.  එතුමන් 1817 වසරේ අගෝස්තු මස  මාතරට පැමිණ මිෂනාරි පාසල් හයක් ආරම්භ කල අතර දැනට මාතර ජනාධිපති විදුහල ලෙස හැඳින්වෙන පෙරදී  කොටුව මෙතෝදිස්ත විදුහල ඉන් පළමුවැන්නය.

ඉංග්‍රීසි සහ පෘතුගීසි භාෂා දෙකෙහිම වියතකු වූ එතුමන් 1817 මැයි 17 දින ලන්ඩනයේ ප්‍රධාන මීසම් පාලකයනට ලිපියක් යවමින් දන්වා ඇත්තේ මෙරටට පැමිණි  යුරෝපීන් ගෙන් සිංහල ඉගෙනීමට සිතා ඇත්තේ ඉතාම  සුළු දෙනෙකු බවය. මෙරට ආගම ප්‍රචාරය කිරීමට නම් පළමුව දේශීය බස ඉගෙන ගත යුතු බව සිතු එතුමන් සිංහල බස ඉගෙන ගෙන ඇත. දැනටත් බ්‍රිතාන්‍ය පුස්තකාලයේ ඇති පෘතුගීසි - සිංහල ශබ්ද කෝෂය සහ ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය එතුමන් විසින් සම්පාදිතය. තමනට සිංහල ඉගැන්වූ ගුරුවරයා සමග එක්ව ඉංග්‍රීසි සහ පෘතුගීසි ආගමික ගීතිකා සිංහලට පරිවර්තනය කර සිංහල ආගමික ගීත සාහිත්‍යයක් ද එතුමන් බිහිකළහ. නමුත් මෙම ගීතිකා දැන් භාවිතයට නොගැනෙනුයේ ඒවායේ   බස අදට නොගැලපෙන නිසාය.

මාතර ගාල්ල සහ කොළඹ යන ස්ථාන වල විසු එතුමන් එවකට පහතරට ප්‍රදේශ වල සුලභව තිබූ තොවිල්, බලි, යාග සහ පෙරහැරවල්  සම්බන්ධ සාහිත්‍යය පිළිබඳව අධ්‍යනය කළහ. මෙම අධ්‍යනයන්හිදී යක් තොවිල් සහ කෝලම් නැටුම් පිලිබඳ පොත් සොයාගෙන ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත. කෝලම් මුහුණු වල වර්ණ යෙදීම එතුමන් විසින් අධ්‍යනය කර ඇත්තේ ගාළු කඩවත් හතර තුල පිහිටි තලාපිටියේදීය.

මෙලෙස යක් තොවිල් සහ කෝලම් පිලිබඳ දීර්ඝ අධ්‍යනයක් අවසානයේ 1829 වසරේදී "යකුන් නටනවා, කෝලම් නටනවා නම් කෘතිය මුද්‍රණය කර ඇත. ඒ සඳහා උපකාර ලබාගෙන ඇත්තේ ලන්ඩනයේ පෙරදිග පරිවර්ථන අරමුදලෙනි. එම කෘතියේ අරමුණ වී ඇත්තේ පෙරදිග විශ්වාස පිලිබඳ යුරෝපීයන් දැනුවත්  කිරීමය. එම කෘතියේ කෝලම් නැටුම් සම්බන්ද  කවි අසුපහක පරිවර්ථන අඩංගුය. 

ජෝන් කැලවේ පියතුමන්ගේ පොතෙහි කෝලම් නැටුම් වල චරිත ගැන විස්තරයක් ද පවතියි. දැනට බොහෝ සෙයින් වෙනස් වී, නව චරිත එක්වී ඇති කෝලම් නැටුම් සම්ප්‍රදාය පෙර පැවති ආකාරය ගැන අධ්‍යනයට මෙම කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.

ප. ලි. :-ජෝන් කැලවේ පියතුමාගේ පින්තුරයක් තිබෙනා අයෙකු එය මෙහි පලකිරීමට ලබා දෙන්නේ නම් කෘතඥ වෙමි.

යකුන් නටනවා කෝලම් නටනවා කෘතියේ ලින්කුව 

https://books.google.lk/books?id=A9JVAAAAcAAJ&pg=PA29&lpg=PA29&dq=rev.+john+callaway+ceylon&source=bl&ots=seO7Xtobc3&sig=wo5fvRpkyPswX4AFWjTrKyVx3So&hl=en&sa=X&ved=0ahUKEwjNpc2ylrXTAhUBso8KHXJUDxkQ6AEIIzAB#v=onepage&q=rev.%20john%20callaway%20ceylon&f=false

7 comments:

  1. කෝලම් නැටුම් සම්ප්‍රදාය ඔය මිගමු පැත්තෙන්ද පටන් අරන් තියෙන්නේ ? මම හිතුවේ ඉන්දියාවෙන් ආව කියල.

    ReplyDelete
    Replies
    1. මේක මගේ ප්‍රියතම බ්ලොග් එකක් බවට පත්වේගෙන එනවනෙ ජීවන.
      ඇත්තෙන්ම එහෙම කියන්නත් බෑ , මොකද මට ප්‍රියතම බ්ලොග් නෑ , තියෙන්නේ ප්‍රියතම පෝස්ට් විතරයි


      You might be interested in the following page (You may have already read it):-

      https://books.google.lk/books?id=ThsEAAAAQAAJ&pg=PA711&lpg=PA711&dq=rev+john+callaway+wesleyan&source=bl&ots=MnnTtywPNf&sig=0YHjxBdOBI-HDbSnbVixGxLdHAo&hl=en&sa=X&ved=0ahUKEwiR05XU5bTTAhWCnpQKHTirAgMQ6AEIJzAB#v=onepage&q=rev%20john%20callaway%20wesleyan&f=false


      Delete
    2. ජීවනයගෙ ලිවිල්ල හොඳයි, ඉඳල හිටල දේසපාලුවන්ට කඩේ යන එක තමයි අපිට දිරවන්නෙ නැත්තෙ.

      Delete
    3. උන්ට කඩේ නොගිහින් අරක්කු බොන්නේ කොහොමද රොබෝ.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කැලවේ පින්තූරයක් රිච්මන්ඩ් විද්‍යාලයේ ඇති නේද. ඔහු දෙපාරක් එහෙ මිෂනරි සුපිරින්ටෙන්ඩන්ට් වෙලා ඉඳලා තියනවා

      මේක කියෙව්වහම මට මතක් වුනේ මං සෑහෙන්න ඉස්සර කියවපු පොතක තිබුන දෙයක්. ඒක ලියල තිබුනෙ 19 -20 සියවසේ මෙහෙ වැඩ කරපු ඇන්ග්ලිකන් පූජකතුමෙක්. මං හිතන්නෙ සෙල්කර්ක්. ඔහු කැලවේ වගේ නෙමෙයි. ලාංකික සිරිත් ගැන ඒතරම් පැහැදීමක් තිබුනේ නෑ.
      ඔහු විවේචනය කරලා තිබුනා ලන්කාවෙ පෙරහරවල ගෑනු දණහිසට ගාවට විතරක් ඇඳගෙන ලීකෙලි නටනව කියල දණහිසෙන් පහල නිරාවරණය අශිෂ්ඨයි කියල. ඒ වික්ටෝරියන් කාලෙ.
      අපේ සමහරු ඒ වැලියුස් අපේ කියල අරගෙන ඊට අවු 100කට පස්සෙ විතර කියනව බටහිර විදිහට කොටට ඇඳීම අශිෂ්ඨයි කියල !

      Delete
  3. යකුන් නටනවා කෝලම් නටනවා කෘතියේ ලින්කුව
    https://books.google.lk/books?id=A9JVAAAAcAAJ&pg=PA29&lpg=PA29&dq=rev.+john+callaway+ceylon&source=bl&ots=seO7Xtobc3&sig=wo5fvRpkyPswX4AFWjTrKyVx3So&hl=en&sa=X&ved=0ahUKEwjNpc2ylrXTAhUBso8KHXJUDxkQ6AEIIzAB#v=onepage&q=rev.%20john%20callaway%20ceylon&f=false

    ReplyDelete