Wednesday, March 29, 2017

නෙලුම් යාය සහ ඉවෙන්ට් කෙරුවාව

නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ වැඩිම සම්මාන ලාභියා ලෙස ජීවන තුමා සම්භාවනාවට පාත්‍ර උනෝය. සංගීත අංශයේ හොඳම බ්ලොග් ලිපිය ඇතුළු සම්මාන 7කට පමණ එතුමා වගකීවෝය. ඒ ඉයන් ලින්තොට තුමාට පින්සිදු වන්නටය. සම්මාන උළෙලේ ජීවන තුමාගේ අසල්වැසියා වූ ඉයන්තුමාට සම්මාන සඳහා නම අඬගසන සමහරක් වෙලාවට අමුතු ලෙඩක් සෑදුනෝය. ලෙඩේ උග්‍ර වූ විට එතුමාණෝ ජීවන තුමාව පුටුවෙන් තල්ලුකර දැමුවෝය. යන්නට තැනක් නැති නිසා ජීවන තුමා ස්ටේජ් එක පැත්තට යනවිට නෙළුන් අජිත්තුමාගේ  සේනාංකය එතුමාව බලෙන් අල්ලා සම්මාන රැසක් දුන්නෝය. ඉන් නොනැවතී සහුර්දයාද මොකක්ද කියා පට්ටමකුත් දුන්නෝය.
මෙවන් කුණු කොන්තරාත් ජීවන තුමාට සිම්පල්ය. ජීවන තුමා ඇද ඇති කුණු ගොඩවල් අබාන්ස් එන්වයර්න්මන්ටල් සර්විස් එකෙන්වත් ඇද නැතිය. එතුමාගේ තට්ටය පෑදුනෙත් කුණු ඇදලාය. ලංකාවට සංචාරකයෝ ගෙන්වා ගන්න සංවිධානය කළ හික්කා ෆෙස්ට්, අයිෆා, චෝගම් කර්මාන්ත ප්‍රදර්ශනය පමණක් නොව ඉතාලියේ කළ  එක්ස්පෝ මිලානෝ වැනි කුණු කඳු එක්ක බලනා කල මේවා නතිංග් ය. මොනවාදෝ කප්පරක් කාපු එකාට මොනවාදෝ ගඳත් ගඳක් ද කීවාලු. (හරි වචනය දැම්මොත් ගෘහස්ථ වාරණ මණ්ඩලයට හසුවෙනවාය)
ජීවන තුමා ඇද ඇති කුනු කඳුවලට සම්මාන ලැබුනේනම් බ්ලොක් ගල් වෙනුවට එවා තියලා මහ බැන්කුව වගේ පිට්ටු බම්බුවක් හදන්නට තිබුනේය. කොයි තරම් මැරීගෙන කුනු ඇද්දත් අන්තිමෙට ඉතිරි වෙන්නේ කුනු කතා විතරක්ය. මහපරිමාන ඉවෙන්ට් එකක් නොව බෝතල් පාටියක්වත් හරියට සංවිධානය කරගන්න බැරි උන් කරන්නෙ කඩාකප්පල් කරන්න හදන එකය. බොරු ප්‍රචාර පතුරුවන එකය. ඒවාටම හරියන අබිලින් මොඩල් චීත්ත අඳින නපුන්සක සෙට් එකක් රාජ්‍ය සේවය අරක්ගෙන සිටින්නෝය.  ජීවන තුමා අපරාධ පරීක්ශන දෙපාර්ථමේන්තුවට බඩගෑවේද, අලුත් කඩේට තවමත් බඩගාන්නේද ඉවෙන්ට් කරන්න ගොසිනි. ඒ විතරක් නොව ජනාධිපතිවරණය කරන්න ගිහින් හිටං තව පොඩ්ඩෙන් සුදු වෑන් සම්මානයද ලබා ගන්නවාය. අට වෙනිදට පසුව එම සම්මානය. දෙනවාය කියා කලින්ම පොරොන්දු වී තිබුනෝය.ජනාධිපතිවරණය ගැස්සුනානම් හිටං මෙලහට සම්මානය ලබා වලපල්ලේය. ජනාධිපතිවරණ  සම්මාන උලෙල සංවිධානය කරපු උන් දැන් සලාක ක්‍රමයට වැලිකඩ කූරු ගනන් කරනවාය.
ඒ අනුන්ට බොරුවට හොරා කී එවුන් අත්තටම හොරකම් කර මාට්ටුවී ඇති නිසාය.

++++++++++++++++++++++++++++++++++++++++
මෙච්චර වෙලා කලේ කොලේ වැහුව එකය. දැන් කරලේ වහන්න සූදානම්ය
නෙලුම් යාය පට්ටෙට ඔගනයිස් කර තිබුනෝය. කාල සටහන නම් අවුල්‍ ය. සම්මාන උළෙලක් ඒ මට්ටමෙන් තිබිය යුතු බව බොහෝ ඉවෙන්ට් කර ඇති ජීවන තුමාගේ අදහසය. රජා උනාට පසුව කෙසෙල් කොලේ බත් කන එකට ජීවනතුමා එකෙන්ම අන්ලයික් ය.
දියමුල්ලෙ සෙටින් එක නියම පොශ් එකකි. එවන් පොශ් ඉවෙන්ට් එකක් අනුග්‍රාහකයන්ගෙන් තොරව කල නොහැක. එක එකාගෙන් අනුග්‍රහය අරගෙන දුන්නු සම්මානය ගත්තාය කියා බ්ලොග් කාරයො කාටවත් කඩේ යන්නේ නැතිබව හෙට උදේට ඉර පායනවා වගේ සුවර් ය. ඉවෙන්ට් එකක් කරගන්න බැරි ගොබිලෝ ඉරිසියාවට කියන කතා අර මොකක්ද එකක් තරනම්වත් ගනන් ගත යුතු නැත. (හරි වචනය දැම්මොත් ගෘහස්ථ වාරණ මණ්ඩලයට හසුවෙනවාය) කොහොම නමුත් වසරේ හොඳම උළෙල සඳහා  වු සම්මානය නෙලුම් යාය ඔගනයිසින් සෙට් එකට දෙන්නට ජීවන තුමා නිර්දේශ කරනවාය.

මාගේ කතාව මෙයින් අවසන් අසාසිටි ඔබ සැමට???????? සොරිහ් තව තියෙනවා...............
නෙලුම් යාය සන්විධානය කරන්න ගිහින් හිත් රිදවා ගත්තු කට්ටියද බොහොමයකි. මේ  ටික උන් වෙනුවෙන්‍ ය. බොක්කෙන් වැඩ කරන් උන්ට කරන්නට බැරි දෙයක් නැත. කොහොම හරි දත කාගෙන අතින් කයිට් කරගෙන කරනවාය. මහන්සිය ගැන ගානක්වත් නැතිය. හැබැයි පොඩි පොඩි දේවල් වලින් හිත රිදවා ගන්නට ලෝක සූරයෝය. පොඩ්ඩ වචනයක් ටැපලුනොත් බඩු බනිස් ය. ඉවෙන්ට් කරන්න ගිහින් ජීවන තුමාට වෙච්චි දේවල් එක්ක ගත්තොත් මේවා හූනු බිජු සයිස් ය. විසේසයෙන් කලා හිතාටයි අටමාටයි සිදුවුනු දේවල් අමතක කරන්න කියලා ජීවන තුමාගේ ඇඩ්වයිස් එකය. ලැබුනු ගල් මුල් හැටියට අත පය කඩා නොගෙන යහතින් සිටින්නේ පැරා තුමා පමනක්‍ ය. එතුමන්ගේ කබර හමට ජීවන තුමාගේ රෙස්පට් එකය.
සම්මාන දෙන්න දේශපාලුවෝ එන එක කට්ටියකට ප්‍රශ්නයක් වෙලා තියෙන වග දැන ගන්න ලැබුනෝ ය. ඔවුහු වැඩි වැඩියෙන් එනවාට ජීවන තුමා නම් කැමතිය. උන්ගෙන් සම්මාන ගන්න එක ලැජ්ජාවක් බව සමහරු කීවෝය. අම්මමෝ නැතිව පට්ට පදිරි වෙනකල් බනින එකාලට සම්මාන දෙන්න සිදුවීම දයිවයේ සරදමක් ය. ලැජ්ජා වෙන්න ඕනා මෙහෙව් නසරානි රැලකට සම්මාන දෙන්න එන දේසපාලුවෝය. ලබන පාර වැඩි වැඩියෙන් දේශපාලුවෝ ගෙන්වන්න කියා ජීවන තුමා නෙලුම් යායට රික්වෙස්ට් කරන්නාහ.
මොනතරන් පොශ් ඉවෙන්ට් තිබුනත් ජීවන තුමා වැඩියෙන්ම ලයික් ආෆ්ටර් ඉවෙන්ට් එකට ය. මෙදා ආෆ්ටර් ඉවෙන්ට් එකේ මහාචාර්‍ය මාතලන් තුමා සහ චෙෆාකි තුමා නැති අඩුව ලොකුවටම දැනුනෝය. ශ්‍රී ලාංකික බ්ලොග් කරුවන්ගේ නිල සංගීත කණ්ඩායම වන පයියාගල ජීවන ස්ටාර්ස් ඔවුන් දෙදෙනා නැතිව ලෝක අමාරුවක වැටුනෝය. සිංදු වල සුතිය පැන්නාම ට්‍රැක් කරන්න කෙනෙක් නැතිව සංගීත සාජ්ජය කතරගම කොලඹ සෙමි ලක්ෂරි බස් එකේ සැට් එක වගේ උනෝය. අටමා තුමා නම් නොහිටිය එකමය හොඳ . එතුමා ඉල්ලන සිංදු ගහන්න කේමදාස මාස්ටර්ගේ ඔපෙරා කණ්ඩායමටවත් බැරිය. ඒ තරමට ඇඩ්වාන්ස් සිලෙක්ශන්ය.
ඉවරාරාරාරායි..................................

ප:ලි: පොඩිඑකාගේ ඉස්ටැයිල් එක සින්හල බ්ලොග් කලාවට හඳුන්වා දුන් මාතලන් තුමාට මම තුමාගේ මෙව්වා එක ය.

37 comments:

  1. මාත්තයා මට දුන්න මාත්තයගේ ෂර්ට් කෑල්ල මම හෝදලා ඇරං තියන්ඩ කියලා අපේ පවුලගේ අතට දුන්නා ගෙදර ආපු ගමං , ආයේ ඉතින් ලොවෙත් නැති ජාති කමිස පොඩ්ඩ ....අපේ කොල්ලන්ගේ ඇට්ටෝං ගෙවල් වල ඇන්දෑකී කැත නැතුව , මාත්තය ආයිමත් රෑට බස් එකට නගින හැම වෙලාවෙම කබර පදං යාළු අංසයක් එක්ක එන්ඩ ....බොක්කෙන්ම ටිකට් ෆී .....මාත්තයට රත්නත්තරේ පීටයි ...ආරස්සාවයි ....මම මාත්තය ගෙදර ගිය බස් එකේ කන්ඩට්ටර්

    ReplyDelete
    Replies
    1. .................. පත්තරෙත් ගිහින් ඉවරයි වගෙ....

      Delete
  2. //ලැජ්ජා වෙන්න ඕනා මෙහෙව් නසරානි රැලකට සම්මාන දෙන්න එන දේසපාලුවෝය.//

    මේක වැරදිය. ගියවර ඔය සනුහරේම දියවන්නාවට දැම්මේ සයිබර් ලෝකයෙන්මය. බ්ලොග් වලින්ය. බුකියෙන්ය. එහෙව් සැට් එකකට සම්මාන දෙන්න උන් පැමිණිය යුත්තේ යුතුකමක් ලෙසටය. උන්ට වැඩ කළ උන් නසරානීයේ කුලකයට දැමීමත්, උන්ට සම්මාන දෙන්නට එන දේසපාලුවෝ ලැජ්ජා විය යුතු යැයි කීමත් හෙලා දැකිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඕකුන්ට කොහෙද බන් යුතුකම් ලජ්ජ නැතිකම මිසක්

      Delete
  3. ඈ ජීවනතුමෝ.. තෝතුමා මගෙ ගිටාර් කට්‍ට ගැන නිකමට මෙන්ශන් කොලාද?? අනේ ඒකට දෙයියන්ගෙම පිහිටයි...

    ReplyDelete
    Replies
    1. අම්මප මටත් කියන කොටයි මතක් වුනේ .

      Delete
    2. සජ්ජා තුමාගේ ගිටාරය සම්බන්දව විතරක් නොව සක්කර ඩෙයියාගෙ වරමින් කම්බි නැතිව වාදනය කරපු ආකාරය ගැනද මෙව්ව එකක් නොලිවීම ගැන ජීවන තුමාට බලවත් මෙව්වා එක

      Delete
    3. සුදීකතුමාගේ ගෙදර තියනවා උඹට ඇවිත් ගන්ඩ කියුවා සජ්ජෝ

      Delete
    4. එල එල... මං ඉල්ලගන්නං.. අනේ ඕක විඳින දුකක්... ගියපාර මාස ගානක් කමියගෙ කාමරේ වේලුනා... හැක්

      Delete
    5. සජ්ජාගේ ගිටාර් පඩංගුව!

      Delete
  4. ////නමුත් වසරේ හොඳම උළෙල සඳහා වු සම්මානය නෙලුම් යාය ඔගනයිසින් සෙට් එකට දෙන්නට ජීවන තුමා නිර්දේශ කරනවාය. //// ජය වේවා

    ReplyDelete
  5. සහෘදයාතුමාට මගේ මෙව්වා එක!

    නදීකාච (=නදී නම් නිවේදිකාව) ඔබට ඒ පට්ටම දෙන හැටි මං සජීවි ප්‍රචාරයෙන් දැක්කා.

    ReplyDelete
    Replies
    1. E-Fac-Memories යනු පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ විද්‍යාර්ථීන් විසින් තම විශ්වවිද්‍යාල සාමය පිළිබඳව සටහන් පළ කරන බ්ලොගයකි.

      මම එහි සංස්කාරක වෙමි.

      මගේ අත්දැකීම් ඇතුළත් කර 2015 දෙසැම්බරයේ දී ප්‍රකාශණය කරන ලද පොතේ නම ද eFacMemories වේ.

      https://rasikalogy.blogspot.com/2015/12/efacmemories-my-four-years-at-peradeniya.html

      Delete
    2. රසික තුමාගේ නිර්මල අකලංක අයිතිය වෙනුවෙන් බ්ලොග් කරුවො සැවොම සන්විදානයවී විරොදතාවක් පවත්වා ගාලු පාරෙ බාත් රූම් එකෙන් ස්නානය කරවා ගත යුතු ය

      Delete
  6. සහුර්දයා තුමාට මගේ බොක්කේ සැලියුට් එක.. ඔය ගැම්මෙන් තව දෙතුං දෙනෙක් උන්නම අලුතෙන් හෝටලයක් හදලාම ඒකේ සම්මාන උස්සව තියන්න බැරිය.. ජයේයා!!!

    ReplyDelete
    Replies
    1. තව දෙතුන් දෙනෙක්ට කෙලවන්න පොටක් වගේ

      Delete
  7. අර පඩංගු සජ්ජගේ කසි කබල් ගිටාරේට වයර්ර් අමුණන්න අත පය හිල් කරගෙන සපෝට් කල මාව අමතක කර ලොකු පොස්ට් එකක් ලිවීම හෙලාම දකිමි. කාගේත් සහෘදයාට සුබ පැතුම්. තමන්ගේ සම්මානේ ගන්නට ගිය වෙලාවේ එකත් අනුන්ගේ එකක් ගන්නට ආවා කියලා හිතපු එවුන්ට බඩම පලයව්

    ReplyDelete
    Replies
    1. අතපය හිල් කර ගත්තු එක අපරාදේ ය. මම තුමා සක්කර ඩෙයියන්න්ට කෝල් එකක් ගන්නා විට එතුමා තරයෙ කියා සිටියේ ඉවාන් නම් යුශ්මතා ගිටාරයට කම්ම්බි දමන නිසා වැඩිය නොහැකි බවය

      Delete
    2. //තමන්ගේ සම්මානේ ගන්නට ගිය වෙලාවේ එකත් අනුන්ගේ එකක් ගන්නට ආවා කියලා හිතපු එවුන්ට බඩම පලයව් //
      ++++++++++++++++++++++

      Delete
  8. //ගෘහස්ථ වාරන මන්ඩලය // මෙව්වනෙ ජාත්‍යන්තර ගැටලු

    ReplyDelete
    Replies
    1. අඩෝ අපහාස කරන්ඩෙපා රත්තරං බාන්ඩෙට

      Delete
  9. කාගේත් සහෘදයා කවුදැයි නොදැන අපි අන්දමන්ද වී ඉද්දි, අන්තිමට මේ නම් ඇත්තම ඇත්ත ජීවන ප්‍රනාන්දු විය යුතුයැයි අවබෝධ කරගන්නට මොහොතක් එළඹිණි.

    මේ බ්ලොග් එකට ආවෙ අදයි. අඳුනගන්න ලැබීම සතුටක්... ජයග්‍රහණයටත් සුබ පැතුම්!!!

    ReplyDelete
  10. තනියට කොන්ද gen benum ahapu මාව අමතක කළ ඒකට පුර්ණ විරෝධය
    දමිත්

    ReplyDelete
  11. මේ සැරෙත් ඔහෙද ගිටාර් ගැහුවෙ? අර සුදීක අයියට දුන්නෙ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. ශුදීක අයියා ගිටාර් ගහන පොටෝ එකක් ලන්ඩන් තට්ටයාගේ ෆේස් බුක් එකවුන්ට් එකේ තියෙනවා

      Delete
  12. අජිත් හම්බ කලයි කිව්වට වාසි වුනේ සහුර්දයට.

    සුබ පැතුම්

    ReplyDelete
  13. කාගෙත් සහෘදයා ට ජයග්‍රහණයට සුභ පැතුම්. තනියම සංගීතය සපයා ගේම් එක ඇදගෙන ගිය එක නම් නියමයි

    ReplyDelete
    Replies
    1. සම්මාන සෙට් එකක්ම අරන් දුන්නට ඉස්තූතියි

      Delete
  14. සුභ පැතුම්... අර සර්ට් එකට තැන්කියු...

    ReplyDelete
  15. කාගෙත් හිත් ගත් සහෘදය
    සුභ පැතුම් පිරිනමමිය....

    ජයවේවා!!!

    ReplyDelete
  16. අන්න මාතර කොළඹ බස් කොන්දලා ඉන්නවාලු ෂර්ට් ඉල්ලගන්න.

    ReplyDelete
  17. ලැබුණු සම්මානයට ජීවන අයියට මාගේ හදපිරි සුභ පැතුම්.
    ජය වේවා!!!

    ReplyDelete
  18. ලැබුණු සම්මානයට ජීවන අයියට මාගේ හදපිරි සුභ පැතුම්.
    ජය වේවා!!!

    ReplyDelete