Wednesday, March 1, 2017

ජඩ මාධ්‍යවේදියකු වීමේ ඒකායන මාර්ගය (අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි)

1. මුලින්ම  කවුරුන් හෝ තොල්කයකු  මාර්ගයෙන් බලවත් ඇමතිවරයකු හමු වන්න .
2. හැකිපමණ ඉක්මනින් අදාළ ඇමතිවරයාගේ ගුණ වැයුම් රැසක් තම මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරන්න.
3. ඊ ලඟට ඇමති වරයා උත්සවයකදී අහම්බෙන් මෙන් හමුවූ බව හඟවා නැවත තෝල්කයා හරහා කතා කරන්න .
4. එවිට ඇමතිවරයා ආරාධනා කරනා මධු පානෝත්සවයට සහභාගී වන්න.
5. මධු පානොත්සවයෙදී ඇමතිවරයා ලබාදෙන සට්ටඹි ක්‍රියා සියල්ල මතක තබා ගන්න.
6. ඇමතිවරයා ගජමිතුරකු බව තම මාධ්‍ය ආයතනයේ හිමිකරුවනට අඟවා ඔවුන්ගේ ජාවාරම් සඳහා අනුග්‍රහය ලබාදෙන බව පවසා හිරිකිතයකින් තොරව මාධ්‍ය හසුරුවන්න.
7. ප්‍රධාන කතුවරයා හෝ ඉහල නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගන්න.
8. එම ගැටුම් පිලිබඳ ඇමතිවරයා දැනුවත් කර හොඳ හිත වැඩිදියුණු කරගන්න.
9. ඇමතිවරයා යටතේ පවත්නා ආයතන වල සභාපතිවරුන් සහ ඇමතිවරයා සහභාගී වන උත්සව වලට සහභාගී වන්න.
10. ඇමති වරයා සමග ඇති සම්බන්ධය සභාපති වරුනට පෙන්වන්න.
11.  පසුව ආයතන වලට ගොස් සබාපති වරුන් මුන ගැසෙන්න.
12. සභාපති වරුන් ගේ ප්‍රශ්න ඇමති වරයාට ගෙනයන පණිවුඩ කරුවා වන්න.
13. මීළඟට ආයතන වල සුළු කොන්තරාත් භාරගන්න.
14. කොන්තරාත් දීමට විරුද්ධ නිලධාරීන් කෙසේ හෝ බැලන්ස් කරන්න.
15. බැලන්ස්  කිරීමට අපහසු නිලධාරීන් සභාපති වරුන් සමග අමනාප කරවා මාරුකර දමන්න.
16. මේ සියළු ක්‍රියා දාමය අතරතුර තම මාධ්‍ය භාවිතා කර ඇමතිවරයාගේ සහ සභාපති වරුන්ගේ කුණු අපුල්ලන්න.
17. දැන් ඔබගේ හොඳම කාලයයි. ඇමතිවරයා විසින් ඔබට, ඉඩම්, ගෙවල්, වාහන, ලැප්ටොප් ආදිය රජයේ මුදලින් ලබාදෙන ලෙස සභාපතිවරුනට බල කරනු ඇත. ඒවා අකමැත්තෙන් මෙන් භාර ගන්න එකඟ වන්න.
18. පසුදාම අදාළ සභාපති වරුන්ගෙන් එකඟවූ වරදාන ඉල්ලා ඔවුනට ඇනයක් වන්න.
19. වරදාන ලබා නොදෙන සභාපති වරුනට විරුද්ධව මාධ්‍ය හසුරුවන්න. එකක් දෙකක්  වදින විට සියල්ල ලැබෙනු ඇත.
20. තමන් පොත් ලියන්නේ  නම් ඒවා තොගයම රජයේ ආයතන වලට  ගෙනගොස් දමන්න. අනතුරුව මුදල් ලැබෙන තෙක්ම ආයතන වල නිලධාරීනට ඇනයක් වන්න.
21. චන්දයක් ළං වූ පසුව පරාජය පෙනිපෙනී වුවද පැත්ත මාරු  නොකරන්න. ඇමතිවරයාට හොඳටම පක්කිලි කම් කර මාධ්‍ය අවභාවිතා කරන්න. චන්ද පෝස්ටර් සහ රුපවාහිනී දැන්වීම් ඔබම භාරගන්න. ඒවාට ලැබෙන මුදල් යටිමඩි ගසන්න. මුද්‍රණාල වලට සහ රුපවාහිනී ආයතනවලට පොලු තබන්න.
22. චන්දය දිනුවොත් රජයේ ලොකු තනතුරක් ලබාගන්න.
23. පැරදුනොත් ඉහත ක්‍රමවේදය මුල සිට නැවත අනුගමනය කරන්න.

20 comments:

  1. මරු බං..

    මම මේක ෂෙයාර් කළා බුකියේ..

    ReplyDelete
    Replies
    1. මාතලන් උඹ පොන්යින්ට බයේ ඇනෝ කැපුවේ ඇයි? ජඩ මාධ්‍යවේදියකු වීමේ ඒකායන මාර්ගය යන නිසා නේද?

      Delete
    2. මරු කිව්වට මරුම නැහැ.
      තව තියෙනවා

      Delete
  2. Maadya kaarayo thamai wediyenma pagaa gahanney :(

    ReplyDelete
  3. පස්ට පට පටස්...

    සහතික ඇත්ත අමුවෙන්ම

    ReplyDelete
    Replies
    1. කොහොම හරි කට්ට කාල උනොත් කාටද?
      විදේශ සංචාරද, අරවද, මේවද.

      Delete
  4. Replies
    1. දැකපු දෙතුන් දෙනා කරපු විදිය විතරයි මේ තියෙන්නේ.
      රජා අන්දපු සෙට් එක ගාවට පංති ගිහින් ඉගෙනගත්තත් පාඩු නැහැ.

      Delete
  5. ඇයි තව ඇමති නෝනගේ පිට අතුල්ලන එක...

    ReplyDelete
    Replies
    1. ඇයි රත්තරං බිස්නස් එකට සෙට් වෙන එක

      Delete
  6. මේක අත් හදා බලන්න තැනක් සෙට් කරන්න බැරිද? පඩි නැතුව සුවෙච්චා සේවයට හරි කමක් නෑ..

    ReplyDelete
    Replies
    1. අයියෝ තැන් 200ක් විතර තියෙනවා

      Delete
  7. ඇමතිගෙ වැරැද්දක් ලියලා හයිලයිට් වෙලා ලං උනොත් ඔයිට වඩා ලේසි නැද්ද හා?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕකුන් කවදාකවත් රිසක් ගන්නේ නැහැ. එකනේ ජඩ මාධ්‍යවේදීන් කියන්නේ

      Delete
  8. හොඳට කල්පනා කරලා ලියල තියෙන බවක් පේනවා. ජිවන අලුත් රැකියාවකට මගක් හොයනවද මන්ද හේ හේ

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ.
      ඕක කරපු පස් හය දෙනෙක්ම ගිය ආණ්ඩුව කාලේ දැකල තියෙනවා.
      මේ වෙනකොට උන්ගෙන් දෙන්නෙක් සයිකල් එක නැවත පටන් අරගෙන සැහෙන දුර ගිහිං

      Delete