Thursday, February 4, 2016

සංගීත චාරිකාවක් 32 - Flash Cadillac & the Continental Kids



දම්පාට් දේදුන්නේ සංගීත චාරිකාව තුල බොහෝවිට ලියවුනේ ශ්‍රී ලංකාව තුල ජනප්‍රිය සංගීත කණ්ඩායම් ගැන පමණයි. එම ආකෘතිය වෙනස් කරමින් ලියවෙන මෙම ලිපිය අප රට තුල එතරම් ජනප්‍රිය නොවූ එනමුත්  සංගීත රසය උපරිමයෙන් අඩංගු ගීත එළිදැක්වූ Flash Cadillac & the Continental Kids ගැන ලියවෙනවා.

1950 දශකයේ  එක්සත් ජනපදයේ ජනප්‍රියත්වටය පත් වූ ෂා නා නා සංගීත කණ්ඩායමේ   හාසකානුකාරක විලාසය ගුරුකොට බිහිවූ සංගීත කණ්ඩායම් අතරින් එකක් ලෙස  ෆ්ලෑෂ් කැඩීලැක් ඇන්ඩ් කොන්ටිනෙන්ටල් කිඩ්ස් හඳුන්වා දිය හැකිය.
මෙම කණ්ඩායම 1969 වසරේ මාර්තු මස කොලරාඩෝ හි දී පිහිටුවා තිබෙනුයේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසිනි.
 
මෙම කණ්ඩායම American Graffiti සහ  Apocalypse Now නම් වන චිත්‍රපට දෙකෙහි අතිශය සාර්ථක ගායනයන් ඉදිරිපත් කරමින් ජනප්‍රිය වුවා. අනතුරුව American Bandstand and Happy Days නම් වන රුපවාහිනී කතා මාලාව සඳහා සංගීතය සපයනු ලැබුවා.

1973 වසරේ නිකුත්කළ ඔවුන්ගේ ප්‍රථම ඇල්බමය තුල වූ රොක් ඇන්ඩ් රෝල් ගීත ජනප්‍රිය වුයේ අනාගතය පිළිබඳව බලා පොරොත්තු මතුකරමිනි.
කණ්ඩායමේ දෙවන ගීත එකතුව වූ No Face Like Chrome 50, 60 සහ 70  දශකයන්ගේ ආභාෂය පෙන්නු කරනා අතර ඒවා බ්‍රිතාන්‍ය පබ් රොක් සිහිපත් කරනවා.

එම කණ්ඩායමේ  ‘Dancin’ (On A Saturday Night), ‘Good Times, Rock & Roll’ සහ  ‘Did You Boogie ගීත එක්සත් ජනපදයේ සංගීත රසිකයන් වෙතින් ඉමහත් ප්‍රසාදයක් දිනාගත් නිර්මාණ ලෙස හඳුන්වා දිය හැක.

 Dancin (On A Saturday Night)

Good Times Rock & Roll
 
 

Did You Boogie

මේ වනවිට මෙම කණ්ඩායමේ නාමය Flash Cadillac ලෙස කෙටි කර ගෙන ඇති අතර අංග සම්පුර්ණ තුර්ය වාදක වෘන්දයක් සමග ප්‍රසංග පවත්වනු ලබයි. තවද එක්සත් ජනපදයේ පැරණි සංගීතය ප්‍රිය කරනා රසිකයන් අතර අතිශය ජනප්‍රිය Supergold ගුවන්විදුලි ප්‍රසංගය සංගීතවත් කරනුයේද Flash Cadillac විසිනි.


2 comments:

  1. සිත්ගන්නාසුලුයි. තව විස්තර ලිව්වනම් හොඳයි කියල හිතෙනවා.

    මෙයාල ගැන නම් ඇත්තටම මම අහල තිබ්බේ නැහැ සින්දු මිසක්. ඉස්සර ඉතින් සින්දුව මිසක් කවුද කියන්නේ කියන එක එතරම් ගානක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. සින්දුවයි කණ්ඩායමේ නමයි විතරයි මමත් දැනගෙන හිටියේ.
      අන්තර් ජාලය නැතිනම් ඔය ටිකත් දැනගන්න වෙන්නේ නැහැ.
      මොකද අපිට මියුසික් මැගසින් එනවා කියල යැ.

      Delete