Sunday, November 5, 2017

බ්ලොග් අඩවියක් නිර්මාණය කරන්නේ කෙසේද? - අංක 01

1. හැඳින්වීම
මෙම ලිපිය ලියවෙන වසර 2017 නොවැම්බර් මස වන විට මෙරට අන්තර්ජාල ලේඛකයන් අතර බ්ලොග් අඩවි ඇරඹීම පිළිබඳව උනන්දුවක් ඇතිවී තිබීම යහපත් ප්‍රවනතාවකි. හදිසියේ මෙම උනන්දුව ඇතිවීමට හේතු සාධක වී ඇත්තේ ෆේස්බුක් හි පරිපාලනය විසින් ෆේස්බුක් පේජ් (Facebook Pages) සහ ෆේස්බුක් මිතුරැ හවුල් (Facebook Groups) හි පළකරනා ලිපි සහ නිර්මාණ, ගිණුම් අයිති කරුවන්ගේ නිවුස් ෆීඩ් (News Feed) හි දිස් නොවන ලෙසින් ඇතිකරනා ලද අභ්‍යන්තර සැලසුමෙහි වෙනස්කමකි. මේ නිසා පෙරදී ෆේස්බුක් මිතුරැ හවුල් හරහා දස දහස් ගණනින් පාඨකයන් වෙත සිය නිර්මාණ ගෙනගිය නිර්මාණ කරුවන් අපහසුතාවට පත්ව සිටිති. දැන් ෆේස්බුක් මිතුරු හවුල් වල ලිපි නිවුස් ෆීඩ් වෙත යොමු කිරීමට මුදල් ගෙවිය යුතුය. මෙම සැකැස්ම ඇතිකිරීමට පෙර බ්ලොග් අඩවි ප්‍රවර්ධනය කරනා ලද්දේද මේ මිතුරු හවුල් හරහාය. අලුත් තත්ත්වය තුල බ්ලොග් අඩවි වෙතට පැමිණෙන පාඨක පිරිසෙහිද සැලකියයුතු අවපාතයක් දක්නට ලැබෙනා බවද කිවයුතුය. එයට හේතුව වන්නේ සිංහල බ්ලොග් පාඨකයා ලුහුබඳින්නන් (Followers) ලෙසින් සිය ප්‍රියතම අඩවි සමග නො බැඳී ෆේස් බුක් මතම විස්වාසය තබා කටයුතු කිරීමය.

මේ තත්වය සමනය කරගැනීම සඳහා විකල්පය වන්නේ බ්ලොග් අඩවි අරඹා ඒවායේ ලිපි පල කිරීමය. අනතුරුව ලිපි ප්‍රවර්ධනය සඳහා ෆේස් බුක් මත පමණක් රැඳී නොසිට ගුගල් ප්ලස් වැනි විකල්ප සමාජ ජාලා සහ සින්ඩිකේටර භාවිතා කිරීමය.

2. බ්ලොග් අඩවියක් ඇරඹීමෙන් ඇති වාසි
ෆේස් බුක් සමාජ ජාලයෙහි  ලිපි පලකළ විට  ඒවා පල කරනා ලද පුද්ගලයාගේ මිතුරු ලැයිස්තුව වෙත වේගයෙන් ගමන් කර ඔවුන්ගේ නිවුස් ෆීඩ් හි දිස් වෙයි. ගිණුමේ සිටිනා තවත් මිතුරන් වෙනත් ලිපි පළකරනා විට පළමු ලිපිය නිවුස් ෆීඩ් හි පහලට ගමන් කරයි. එය නැවත ඉහලට පැමිණෙන්නේ තමා හෝ වෙනත් මිතුරකු එය ලයික්, ශෙයා හෝ කොමෙන්ට් කරනා විටදීය. ගිණුමේ සිටිනා මිතුරන් ලයික් කර අවසන් වූ පසුව ලිපිය දිස් වන්නේ නැත. ලිපිය වරින් වර සහෙයා කිරීම මගින් ටික කාලයක් ඉහලින් තබා ගත හැකි වුවද එය ගිණුමේ මිතුරන් අපහසුතාවට පත් කරනා ක්‍රියාවකි. බ්ලොගර් වැනි වේදිකාවක (Platform) පවතින බ්ලොග් අඩවියක ලිපියක් පල කල විට එය  ස්වයංක්‍රීයව ඊමේල් මගින් බෙදාහැරීමේ ක්‍රමවේදයක් ඇත. ලිපිය පල කල වහාම බ්ලොග් අඩවිය ෆොලෝ කර ඇති සියලු දෙනාට නව බ්ලොග් ලිපිය (Blog Post) පිළිබඳව දැනුවත් කර ඊමේල් පණිවුඩයක් ලැබෙයි. මෙයට අමතරව බ්ලොග් අඩවිය ලියාපදිංචි කර ඇති සියලුම සින්ඩිකේටර වල ලිපිය දිස් වෙයි. කාලයත් සමග සින්ඩිකේටර වල ලිපිය පහලට ගමන් කලේ වුවද ඊමේල් පණිවුඩය දිගටම ගිණුමේ පවතියි.

ක්‍රමානුකුලව ගොඩ නගා ඇති බ්ලොග් අඩවියක පවතින විශාලතම වාසිය නම් ඕනාම කෙනෙකුට අඩවියේ පළකරනා ලද පැරණි ලිපි පහසුවෙන්  සොයාගත් හැකි වීමය.

ගුගල් හෝ වෙනත් ඕනෑම සෙවුම් යන්ත්‍රයක් (Search  Engine) වෙතින් කරුණු සොයනා අවස්තාවේදී අදාළ මාතෘකාව සම්බන්ධිත බ්ලොග් ලිපි පවතින්නේ නම් එම ලිපි වෙත සෙවුම් යන්ත්‍ර මගින් යොමු කරලීම තවත් ප්‍රධාන වාසියක් වේ.

3. බ්ලොග් අඩවි ආරම්භ කල යුත්තේ කොහිද?
සිංහල පාඨකයා ඉලක්ක කරගත් බ්ලොග් අඩවියක් ආරම්භ කළහැකි ප්‍රධාන ආකාර තුනකි
1. බ්ලොගර් (Blogger)
2. වර්ඩ්ප්‍රෙස් (Wordpress)
3. වෙබ් අඩවියක් ආකාරයෙන්

මේ අතරින් සිංහල පාඨකයාට වඩාත්ම යෝග්‍ය ක්‍රමය වන්නේ බ්ලොගර් වේදිකාවේ බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමය. මෙරට බ්ලොග් අඩවි වලින් සියයට අනුනවයක්ම බ්ලොගර් හි පවතින බ්ලොග් අඩවි වීම හේතුවෙන් එය සිංහල පාඨකයාට බෙහෙවින් හුරු පුරුදුය. ලිපිය පිළිබඳව කොමෙන්ට් දැමීමද ඉතාමත් පහසු වීමද  තවත් වාසියකි.

4. බ්ලොගර් හි බ්ලොග් අඩවියක් ආරම්භ කරන්නේ කෙසේද?
(මීළඟ ලිපියෙන් බලා පොරොත්තු වන්න)

14 comments:

  1. Replies
    1. තෑන්ක් ඌ .......
      තවම හැඳින්වීම, ලිපිය පටන් ගත්තේ නැහැ.

      Delete
  2. මාතලං ගොයියගේ පාඩම් මාලාවත් බෝම සරලව කියල දෙන එකක්..

    ReplyDelete
    Replies
    1. මේක ඊ බුක් එකක් හැටියට අන්තිමේට පබ්ලිෂ් හිතාගෙන ලියන්නේ. බ්ලොග් අඩවියට කලාත්මක පෙනුමක් ලබාදෙන ඇඩ්වාන්ස් සෙටින්ග්ස් සහ බ්ලොග් අඩවිය ප්‍රවර්ධනය (Marketing) පිළිබඳව මේ ලිපි පෙළෙහි සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනවා.

      Delete
    2. එළකිරි. සුභපැතුම්

      Delete
  3. අපිනං අදාල බ්ලොග් අඩවිය ෆලෝ කරල බ්ලොගර් ඩෑෂ්බෝඩ් එක හරහ බ්ලොග් වලට යන කට්ටිය නිසා ෆේස්බුක් අදාලම නෑ.

    තාමත් සමහර බ්ලොග්වල බ්ලොගර් ෆලෝවර් ගැජට් එක දාන්න කට්ටිය උනන්දු නෑ.

    ReplyDelete
    Replies
    1. මේ ලිපි පෙළ ලියන්න හිතුවේ ඔය වගේ තාක්ෂණික කරුණු ගැන සහ බ්ලොග් අඩවි ප්‍රවර්ධනය සම්බන්ධව දැනුවත් කිරීම සඳහා. බ්ලොග් අඩවියක් ආරම්භ කරනා තැන සිට ලියන්නේ ගිය සතියේ පමණක් ෆේස්බුක් ලේඛකයන් දෙදෙනෙක් බ්ලොග් අඩවි සාදා දෙන ලෙස කරනා ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන.

      Delete
  4. බොහොම වටින තොරතුරක් අයියේ. ඉදිරි ලිපි බලාපොරොත්තුවෙන්....

    ReplyDelete
  5. බොහොම වටිනවා ......... දිගටම විස්තර කරන්න කියා ඉල්ලා සිටිමි

    ReplyDelete
  6. ගෝලයින් දහසක් බිහි වේවා.

    ReplyDelete
  7. හොඳ බ්ලොග් බිහි වේවා

    ReplyDelete
  8. මේ ගැන කිහිප දෙනෙක්ම කලින් ලියල තිබ්බත් ආපහු ලියන එක වැදගත් !

    ඒ වගේම සිංහල බ්ලොග් වල මාෆියාවක් වගේ එකක් තියනවා වර්ඩ්ප්‍රෙස් අරහං, ඒ හින්ද අපි වර්ඩ්ප්‍රෙස් ගැන ලිව්වොත් කොන් වෙයිද ? :-D

    ReplyDelete
  9. සිතුවිලි සටහන් බ්ලොග් කියවනය http://sithuwilisatahan.com

    ReplyDelete