Thursday, October 16, 2014

ශ්‍රී ලාංකීය බ්ලොග්කරුවන්ගේ විද්‍යා සඟරාව

සිංහල බසින් කෙරෙනා  විද්‍යා සහ තාක්ෂණ සන්නිවේදනයේ වර්තමාන කඩාවැටීම පිළිබඳව චානුක වත්තේගම විසින් ලියන ලද, මාතලන් බ්ලොගයේ පල කරන ලද ලිපිය ඉතාමත් හොඳ සංවාදයක් ගොඩ නැගීමට නිමිත්තක් උනා. මේ සංවාදය දිගින් දිගට ගලායනවිට දම්පාට දෙදුන්නහි මතුකළේ විද්‍යා සන්නිවේදනය පිලිබඳ සිංහල බ්ලොග් කරුවන්ගේ වගකීම නිසි ආකාරව ඉටුවන්නේද යන ප්‍රශ්නයයි. එහිදී සිංහල බ්ලොග් කරුවන් බොහොමයක් විද්‍යා අංශයේ උගතුන් වුවද විද්‍යා ලේඛනය පිළිබඳව පවතින මන්දෝහත්සීබව නොසැලකිල්ල සහ අනවධානය සංවාදයට ලක් උනා. බොහෝ තර්ක විතර්ක මැද බ්ලොග්කරුවන් කිහිප දෙනෙක් නව ආරක විද්‍යා සන්නිවේදනයක ආරම්භය ලබාදීමට එකඟ උනා. එපමණක් නොව මේ වනවිට ලිපි දෙකතුනක් බ්ලොත් වලට එකතුවී හමාරයි.

නමුත් බ්ලොග් තුල ලියවෙන විද්‍යා ලිපි ඇස ගැටෙනුයේ සුපුරුදු පාඨක වලල්ල වෙතම බැවින් පොදු ජනතාව සහ සිසු සිසුවියන් වෙත දැනුම කාන්දු වීම වලකිනවා. මෙම බාධකය ජය නොගතහොත් අපගේ ප්‍රයත්නයට නව වටිනාකමක් එකතු වන්නේ නැහැ. ලියවෙන ලිපි විවිධ බ්ලොග් අඩෙවි වල පලවන නිසා සොයාගැනීමේ අපහසුතාවක් ද පවතිනවා. එබැවින් ලියවෙන සියලු ලිපි එක තැනකට යොමු කර ගොනු කළ යුතුය.

මේ සඳහා ආරම්භයක් වශයෙන් "ශ්‍රී ලාංකීය බ්ලොග්කරුවන්ගේ විද්‍යා සඟරාව" නමින් ෆේස් බුක් කණ්ඩායමක් ආරම්භ කිරීමට අප මුලික වුවා. ඔබ සැමගේ දැනට ලියැවී තිබෙන විද්‍යා ලිපි එම සඟරාවට යොමු කරන මෙන් ඉල්ලා සිටිනවා. අදාළ ස්ථානයට https://www.facebook.com/groups/1501077566812433/ වෙතින්  යොමුවිය හැකිය. අවම වශයෙන් ලිපි 20ක් වත් එකතුවූ පසුව සඟරාව සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට අප බලාපොරොත්තු වනවා. එතෙක් ඔබ සැම ස්වකීය ෆේස් බුක් ගිණුම් හරහා සාමාජිකත්වය වර්ධනය කරගැනීමට සහය දෙනු ඇතියි බලාපොරොත්තු වනවා.

ෆේස් බුක් සඟරාවට අමතරව මෙම ලිපි සඳහා ප්‍රචාරය දිය හැකි වෙනත් ක්‍රමවේද ඇතොත් ඒ පිළිබඳවද අප දැනුවත් කරන්න. සින්ඩි වල බ්ලොග් අඩවි පෙන්නුම් කරනා ආකාරයට එකම පිටුවක් තුල ලිපි රැසක විස්තර සඳහන් කර පහසුවෙන් පාඨකයා වෙත එම ලිපි පිලිබඳ විස්තරයක් ලබා දිය හැකි ක්‍රමයක් තිබේද?

නිතර අන්තර් ජාලයේ රැඳී සිටීමට කාලය සහ අවකාශ ඇති දෙදෙනකු ඇඩ්මින් වරුන් ලෙස පත්කරගැනීමටද අවශ්‍යතාවක් පවතිනවා. ඔබ ඒ සඳහා කැමති නම් happymusicteam@gmail.com වෙත දන්වන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලාංකීක බ්ලොග් කරුවන් වශ‍යෙන් ඔබගේ හැකියාව සහ දැනුම යෙදවීමෙන් , දේශයේ විද්‍යා දැනුම සන්නිවේදනය සඳහා දායක වන ලෙසද ඔබගේ අදහස් සහ යෝජනා මෙහි කොමෙන්ටු ලෙස සටහන් කරන ලෙසද අවසාන වශයෙන් සහෝදර ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

19 comments:

  1. ජීවන ...................

    ගේමක් දෙන්න වගේ සූදානම.. අපෙන් සුභ පැතුම්....................................

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි, හැකිනම් ෆේස් බුක් සඟරාවට ප්‍රචාරයක් ලබාදෙන්න

      Delete
  2. බ්ලොග් එකක් ආරම්බ කරන්න...

    කැමති නම් මම වැඩේ පටන් ගන්නම්..

    ReplyDelete
    Replies
    1. පටන්ගන්න ලොක්කා. මමත් අනිවාර්යයෙන්ම ලියනවා මාසෙකට පොස්ට් තුනක්වත්. ඕනනම් බ්ලොග් එකට ටෙම්ප්ලේට් ඔක්කොම හදල දෙන්නම්. බොක්කෙන්ම සපෝට් එක තමා.
      ඇත්තටම කාටත් මගහැරුණු මේ මාතෘකාව කරලියට ගෙනඑම ගැන හැමෝගෙම ස්තුතිය ඔබට හිමිවිය යුතුයි. තවද චානුක වත්තේගම වැනි දක්ෂ විද්‍යා ලේඛකයන් ඔබට එකතු කරගත හැකියි. ඔබ මේක කරොත් විශාල ට්‍රැෆික් එකක් අලුතෙන් සමස්ත බ්ලොග් අවකාශයට එකතු කරගත හැකියි.
      යකඩෙ රත් උණු වෙලාවේ තලලා කඩුව හදමු.

      Delete
    2. එහෙනම් සුභ නැකතක් බලලා. පුහුල් ගෙඩියක් හෙම කපලා නමෝ විත්තියෙන් වැඩෙ පටන් ගමු. මම මේවට පැනලා සපෝට්..

      Delete
  3. ලියන්න! අපි කියවන්නම්!! සුබ ගමන්!!!

    ReplyDelete
    Replies
    1. කියවල විතරක් හරියන්නේ නැහැ. ඔබ වැනි දක්ෂ ලේඛකයන් විද්‍යා සන්නිවේදනයට පැමිණිය යුතුයි.

      Delete
  4. මමත් කියන්නේ බ්ලොග් එකක් පටන් ගමු , එක තමයි හොඳම

    ReplyDelete
    Replies
    1. ඔය පේස්බුක් ඇලජික් කාරායෝ..

      Delete
    2. බ්ලොග් එකක් හදල, දැනටමත් බ්ලොග් තියන උන්ගේ ලිපිවල පොඩි හැදින්වීමක් එක්ක ලින්ක් එක දාමු.
      නැති උන්ගේ පොස්ට් එක කෙලින්ම දාමු. නැතිනම් හිට් කවුන්ට් පිලිබඳ ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන්.
      ස්වයන්ක්‍රීයව කෙරෙන විදියක් කාලය අරගෙන නිර්මාණය කරන්න සොෆ්ට්වෙයා පකීර්ලට බාර දෙමු.
      ඔක්කොම එක පාර කරන්න හිටියොත් මුකුත් කෙරෙන එකක් නැහැ.
      මාතලන් ලොක්කා, ඉක්මනටම පටන්ගමු නේද?

      Delete
  5. ජිවන , නියම අදහස. මුලිකත්වය ගත්තාටත් ස්තුතියි. ඔබල කිවූ නිසා තම මමත් ලියන්න ගත්තේ. මම ෆ්බ් එකට ජෝඉන් වෙන්නම්.

    ReplyDelete
    Replies
    1. FB එකේ ඔයාගේ පොස්ට් දෙක තමයි මුලින්ම දැම්මේ.
      මේක කොහොමහරි ඇදගෙන යමු.

      Delete
  6. ඔන්න ඇඩ් කරා
    ආරාධනයට ස්තුතියි

    ReplyDelete
  7. බ්ලොග් එකකුත් පටං ගන්න ජීවන අයියා.. අපි කියවන්න එනවා එකෙන්ම !!!!

    ReplyDelete
  8. මාතලන්,
    අද දවස ඇතුලත බ්ලොග් එක හදල එවන්නම් අලුත් G+ එකකින්
    කව්රු හරි කියනවද එක මාතලන්ගේ G+ එකට ට්‍රාන්සර් කරගන්නේ කොහොමද කියල

    ReplyDelete
  9. ෆේස් බුක් දන් ගොඩක් ඔපිසි වල බ්ලොක් නිසා මාතලන් කීවා වගේම බ්ලොගක් පටන් ගමු!
    අපි අමාරුවෙන් විබාග ගොඩදාගත්තු අය බව දන්නවනේ
    මයෙ අතින් ලියැවෙයිද දන්නේ නෑ බලමු ඒත්
    බැචෙක් ගේම ගහනකොට කර නොදී කොහොමෙයි!

    ReplyDelete