Wednesday, October 22, 2014

සංගීත චාරිකාවක් 27 - ABBA 01

ලංකාවේ වඩාත්ම ප්‍රසිද්ධ බටහිර සංගීත කණ්ඩායම කුමක්දැයි ඇසුවහොත් පිළිතුර ලෙස නම් දෙකක් නිතැතින්ම ලැබෙනවා. ඒ ඇබා සහ බෝනියෙම්. අද දක්වාම මෙරට සංගීත රසිකයන් මෙම කණ්ඩායම් දෙක ගායනා කල ගීත ඉමහත් රුචියකින් රස විඳින බව නොරහසක්.

සංගීත චාරිකාව තුල මා වඩාත්ම රසවිඳි සංගීත කණ්ඩායම ගැන කෙටි ලිපියක් පල නොකොට ලිපි කිහිපයක් තුලින් සම්පුර්ණ විස්තරයක් ගෙන ඒමට බලාපොරොත්තුවෙන් අද එහි පළමු කොටස වන හැදින්වීම මෙලෙස සටහන් වෙනවා.
People Need Love ගීතය ජනප්‍රියත්වයට පත් වීමත් සමග ලෝක සංගීත වේදිකාව ආක්‍රමණය කරනා ඇබා කණ්ඩායම අතිවිශාල සංගීත සහ අලෙවි වාර්තා පිටුවමින් ලොව පුරා සංගීත රසිකයන්ගේ ආදරය දිනාගන්නේ කෙටි කාලයකිනි.

ඇබා සංගීත කණ්ඩායම 1972 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම් හිදී පිහිටුවනු ලබනුයේ ඇග්නේතා ෆෙල්ස්කෝ Agnetha Fältskog), බියෝන් උල්වියෝස් (Björn Ulvaeus,) බෙනී අන්දශෝන් (Benny Andersson) සහ ඔන්නි ෆ්රීද් ලීග්සා (Anni-Frid Lyngstad )නම් ගායක ගායිකාවන් හතර දෙනා විසිනි. මේ හතරදෙනාගේ නම් වල මුල් අකුරු හතර වන ABBA කණ්ඩායමේ නාමය වශයෙන් යොදාගත් අතර පසුව වෙළඳ ලාංචනය ලෙස ᗅᗺᗷᗅ සංකේතය භාවිතා කළා. පොප් සංගීත ඉතිහාසය තුල වැඩිම වාණිජ සාර්ථකත්වය ලබාගත් කණ්ඩායම ලෙස ඇබා නම් කල හැක. 1975 වසරේ සිය 1982 වසර දක්වා ලොව සියලු සංගීත දර්ශකවල ඉහලම ස්ථාන මෙම කණ්ඩායම ලබාගත්තා. 1974 වසරේදී ඇබා කණ්ඩායම යුරෝවිෂන් සංගීත තරඟය ජයග්‍රහණය කලේ තරඟාවලියේ හොඳම කණ්ඩායම බවට පත්වී ස්වීඩනයට ගෞරවයක් ලබා දෙමිනි. එම තරඟය සඳහා ගායනා කල Ring Ring ගීතය අද දක්වාද ජනප්‍රියතාවයේ ඉහලම තැනක පවතිනවා.



ස්වකීය සංගීත චාරිකාව තුල ඇබා කණ්ඩායම සිය සංගීත ඇල්බම පිටපත් 380කට අධික සංඛ්‍යාවක් අලවි කරමින් ලොව වැඩිම අලෙවියක් සහිත සංගීත වේදීන් බවට වාර්තාව පිහිටුවනවා.

ඉංග්‍රීසි ප්‍රධාන භාෂාව නොවන රටකින් බිහිවී එකසත් රාජධානිය, එක්සත් ජනපදය, අයර්ලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව වැනි ඉංග්‍රීසි බස කතාකරන රටවල සංගීත දර්ශක දිගින් දිගටම ජයගත් ප්‍රථම සංගීත කණ්ඩායම බවට පත්වී ඇබා තවත් වාර්තාවක් සිය ජයග්‍රහණ අතරට එකතු කරහෙන ඇත.

සංගීත කණ්ඩායමේ මුල යුගයේදී ෆෙල්ස්කෝ සහ උල්වියෝස් යුවළද අන්දශෝන් සහ ලීග්සා යුවළද ආදරයෙන් බැදී විවාහ වන නමුදු පසුකලෙක වෙන් වනවා. කණ්ඩායමේ ජනප්‍රියත්වයේ ඉහලම කාලයේදී වෛවාහික සම්බන්දතා දැඩි ආතතියකට ලක්වීමේ හේතුවෙන් ෆෙල්ස්කෝ සහ උල්වියෝස් යුවලෙහි විවාහය 1979 වසරේදී ද අන්දශෝන් සහ ලීග්සා යුවළ ගේ විවාහය 1981 වසරේ දීද බිදී යනවා. මෙමෙ යුවලයන්හි සබඳතාවයේ වෙනස්වීම් අදාළ කාලවල එළිදැක්වූ නිර්මාණ මොනවට පෙන්නුම් කරනවා.

Super Trouper
The Winner Takes It All

1982 වසරේදී ඇබා කණ්ඩායම බිදී ගිය පසුව උල්වියෝස් සහ අන්දශෝන් සාර්ථක ලෙස ගීත රචනයේ සහ සංගීත නිර්මාණයේ යෙදෙන අතර ෆෙල්ස්කෝ සහ ලීග්සා තවදුරටත් ගායනයේ යෙදන නමුත් පෙර සාර්ථකත්වය ලබා ගැනීමට සමත් වන්නේ නැහැ.

ඇබා කණ්ඩායමේ සාමාජිකයන්ගේ විස්තර ABBA දෙවන කොටසින්

16 comments:

  1. අනේ... අනේ..... ඉක්මනට ලියන්න. මේ මගේ 'පිස්සු වට්ටපු' සින්දු කියපු කට්ටියක්. මම ඔය ආදර හුටපට ගැන නම් දන්නේ අදයි , මොකද මම ඒ ගැන හෙව්වේ නැති හන්ද. ඒත් කණ්ඩායම බිඳිලා ගියේ මොකද කියල හිත හිත උන්න මිසක් ගුගල් දෙය්යගෙන් වත් ඇහුවේ නැහැ. ඇත්තටම මමත් ඔබේ ඒ සාමාන්‍ය කුලකයේ එකියක්. බොනියම් සහ ABBA ... ෆෑන් කෙනෙක්!

    අපේ ඉස්කෝලේ ස්පෝර්ට්ස් මීට් එකට ඩ්‍රිල් ඩිස්ප්ලේ එකක් කළා, ඒක බැලට් එකක්. තනිකරම ABBA ලගේ සින්දු වලින් තමයි කලේ... මගේ පොස්ටුවක ලියල ඇති ඒ නැට්ටුක්කාරකම් ගැන. සිංදුවල විස්තර ලිව්වේ නැහැ, ලියන්න තරම් දැනුමක් නැති හන්ද.

    ReplyDelete
    Replies
    1. බටහිර සංගීතය තුල බ්ලූග්‍රාස් ඉඳල හෙවි මෙටල් දක්වා පරාසය තුල ගොඩක් සංගීත කණ්ඩායම් වල ගීත ආසාවෙන් ඇහුවත් මගෙත් අංක එක ඇබා. එකයි මේ කණ්ඩායම ගැන සම්පුර්ණ විස්තරයක් කොටස් වශයෙන් ලියන්න හිතුනේ.
      මේ කණ්ඩායම දෙස සංගීතමය කෝණයකින් බැලුවොත් ලස්සනට හාමනි කරන කටහඬවල් තමයි ලොකුම ආකර්ෂණය.
      අර ඔයා කියන ආදර හුටපට සහ පුද්ගලික හුට පට කලින් පොස්ට් වල ලියල නැහැ. එහෙම ලියනවනම් මැඩෝන ගැන තවම ලියනවා. නමුත් ABBA සංගීත නිර්මාණ ඔවුන්ගේ පුද්ගලික සම්බන්ධතා සමග බද්ධ වෙලා තියෙනවා. එය දෙකක් නොව එකක්. වචන වල අර්ථය අමතක කරත් The Winner Takes It All ගීතයේ සංගීතය කෙතරම් හොඳින් විරහව පිළිබිඹු කරනවද කියල ඇහැල බලන්න.

      Delete
  2. මන් ලඟත් තියෙනවා සින්දු ටික. abba musical එක බැලුවද. නියමයි. බෝනි එම් නම් සින්දු 2කක්ද කොහෙද තියෙන්නේ. ඔටාවන් මතකද. ඒ ගොල්ලෝ ගැනත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔටාවාන් DISCO සින්දුව නියමයි නේද?
      කොහොමටත් බෝනිඑම් සහ ඔටාවාන් ගැනත් මීළඟට ලියන්න තමා හිටාගෙන උන්නේ.

      Delete
    2. හිටගෙන ලියන්න එපා බං ඉඳගෙන ලියපන්.

      Delete
  3. ඉස්සර ඇබා එකේ කෑලී දෙක කොයි වෙලාවෙත් මගේ කාමරේට වඩිනවා යට ලීයෙන්. මම හිතන්නේ මේ ළෝකය විනාශ උනත් ඒ පියානෝ ටියුන් ටික විශ්වයේ රැඳිලා තියේවී. සංගීත කන්ඩායමක් රටේ ප්‍රධාන ආදයම උනාය කියන්නෙම විශේෂ දෙයක් නේ..

    ReplyDelete
    Replies
    1. මාතලන්ට මතකද ඒ කාලේ ඔය සින්දු අහපු නැති පත්තර පඩංගු කාරයෝ සෙට් එකක් "බෝනියම්- ඇබා සංස්කෘතිය" කියල මොකක්ද රෙද්දක් පට්ට ගැහුවා.

      Delete
    2. වැද්දන්ට මොන පොප් ද ජීවන්.. උන්ට ඉතින් එකම දේ කිරි කොරහ විතරයි..

      Delete
  4. බකාරා, බ්‍රදර්හුඩ් ඔෆ් මෑන්, ඒවත් ඇබාට අභියෝග කරන්න හැදුවට හරිගියේ නැති වුණත් ඔවුනුත් ඒ කාලයේ ඒ රැල්ලට අනුවම යමින් හොඳ ගීත නිර්මාණය කලා නේද? ඇබාලගේ ෆ'නෑන්ඩෝ එක අනුව යමින්ම කල 'ඇන්ජලෝ (Raunnig away together, running away forever...) හොඳ උදාහරණයක්. අර බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු වලටත් ඔය ෆ'නෑන්ඩෝ එක 'නැෂනල්' කියල වෙනස් කරල සෑහෙන කාලයක් ඇදගෙන ගියා නේද? හොඳට පෙරිල පෙරිල එන දේවල් රස විඳින්න ලැබුණ හින්ද මේවා මතකයේ රැදෙන්න ඇති අපි කාගෙත්. දැන්නම් තොරතුරු ෆ්ලඩ් වෙනව නේද මචෝ. දන්න එකයි නොදන්න එකයි ඔක්කොම එළියට දාන්න මාධ්‍ය තියෙනවනේ. හොඳ දෙයක් වත් හිතේ 'වදින්නේ' නෑ - මොකද ඉක්මනින්ම වෙන උත්තේජනයක්! දරුවන්ගේ කාටූන් වලත් මේ රූපරාමු ගොඩාක් - වේගයෙන් වෙනස් වෙන - තිබීම නිසා දරුවන්ගෙ ෆෝකස් කිරීමේ හැකියාව අඩුවෙනව කියල කරපු බටහිර සමීක්ෂණයක් ගැන දැක්ක මම කොහේ හරි. මතක නෑ කොහෙද කියල ;-)

    ReplyDelete
  5. ඇබා ,බෝනියම් දැන් මතකත් නෑ වගේ, ඉස්ස්ර මටනම් හිනා උන්ගේ කලිසම් වලට .

    ReplyDelete
  6. බොනියම් කොණ්ඩයා මගේ පේවරිට්ටා..

    ReplyDelete
  7. සින්දුවක් දකක් ඇහුවා...... නියමයි ජීවන ඔබේ උත්සහය...... අපි ඔබ සමගයි

    ReplyDelete
  8. සිය සංගීත ඇල්බම පිටපත් 380කට අධික සංඛ්‍යාවක් අලවි කරමින් ලොව වැඩිම අලෙවියක් සහිත සංගීත වේදීන් බවට වාර්තාව පිහිටුවනවා. /////////
    ජීවන......ඔතන අකුරු කිහිපයක් මිස්වෙලා වගෙයි. පිටපත් ගාන.

    අදත් හෙටත් කවදාවත් අමතක නොවෙන ගීත. ඇබා ගීත සංස්කෘතියක් . ඉස්සරහට ලියවෙන තොරතුරු කියවන්න බලාගෙන ඉන්නවා. බොනි එම් ගැනත් ලියයි කියලා හිතනවා.
    මගේ යාලුවෙක්ගේ ගෙදර කුස්සියෙ අබ බෝතලයේ ලේබල් එක ගහලා තියෙන්නේත් ᗅᗺᗷᗅ කියලා.

    ReplyDelete
    Replies
    1. ඇයි බං බම්බා හෝ දෙහිවල තිබුන නේද ඇබා ටේලර්ස් කියල එකක් ඔය විදියටම අකුරු ගහපු..

      Delete
  9. මගෙත් ප්‍රියතම සංගීත කණ්ඩායමක්...

    ReplyDelete