Wednesday, August 6, 2014

සංගීත චාරිකාවක් 15 - International Submarine Band

කන්ට්‍රි ගීත රසික රසිකාවියන් වෙනුවවෙන් අද පොස්ට් එක ලියන්න ඕන කියල හිතුනා. කන්ට්‍රි රොක් ශෛලීයහි පුරෝගාමී සංගීත කණ්ඩායමක් වන International Submarine Band හි කතාව මෙලෙස දිගහැරෙනවා.

1965 වසරේ Gram Parsons හාවඩ් විශ්වවිද්‍යාලයට දර්ශනය හැදෑරීම සඳහා ලියාපදිංචි වනවා. නමුත් ජන සංගීතය කෙරෙහි දර්ශනය හැදෑරීමට වඩා සිත යොමු කරන පාර්සන්ස් ඒ වනවිටත් The Like නමින් සංගීත කන්ඩායමක් Berklee College of Music හි සිසුන් පිරිසක් සමග පිහිටුවාගෙන අවසන්. ජැස් සංගීතය හදාරන සහෝදර ශිල්පීන්ගේ ශෛලීය සමග ජනගී ආරට ගායනයේ යෙදෙන පාර්සන්ස්ගේ කටහනඩ අනුගත වන්නේ නැහැ. එබැවින් 1965 වසරේ The Like කණ්ඩායම විසිරුවා හරින පාර්සන්ස් Trolls නම්වූ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයකු වන John Nuese සමග Country Rock ශෛලීය තුල නව ගමනක් අරභමින් The International Submarine Band පිහිටුවා ගන්නවා. ගිටාර වාදනය හා ගායනයේ යෙදෙන Parsons බේස් වාදනය සඳහා Ian Dunlop ඩ්‍රම්ස් වාදනය සඳහා Mickey Gauvin ද කණ්ඩායමට එක කරන්නවා.

කණ්ඩායමේ ප්‍රථම නිර්මාණය 1966 වසරේ Johnny Mandel ගේ තනුවකට ගායනා කල The Russians Are Coming ගීතයය. මෙය දැනට සොයා ගත හැකි The International Submarine Band හි එකම වීඩියෝවය. 45 RPM තැටියක එළිදැක්වූ මෙහි අනෙක් පස Truck Driving Man ගීතය තැටිගත කර තිබුණි.

The Russians Are Coming
 Truck Drivin Man
 
1966වසරේ අවසන් භාගයේ Sum Up Broke සහ One Day Week නම් ගීත දෙක එළිදක්වනවා. වාණිජ සාර්ථකත්වයක් තවමත් ලබාගත නොහැකි වූ මෙම කණ්ඩායම ලොස් ඇන්ජලීස් වෙත සංක්‍රමණය වී එහිදී The Trip, නම් චිත්‍රපටයක පෙනී සිටිනවා. කෙසේ වෙතත් වාණිජ වශයෙන් අසාර්ථක වීම නිසා කණ්ඩායම 1966 අගදී විසිරුවා හැරෙනවා.

Sum Up Broke
  One Day Week


Gram Parsons සහ John Nuese මුල් නම යටතේම නව කණ්ඩායමක් එකතු කරගෙන1967 අප්‍රියල් මස Luxury Liner සහ Blue Eyes ගීත දෙක එළිදක්වනවා.

Luxury Liner
 Blue Eyes
 
1967 නොවැම්බර මස Safe at Home. ඇල්බමය තැටිගත කරනා අතර එම ඇල්බමයේ පාර්සන්ස් ගේ අතිශය ජනප්‍රිය Do You Know How It Feels To Be Lonesome සහ Strong Boy නම් ගීත අඩංගු වනවා.

Do You Know How It Feels To Be Lonesome
Strong Boy


1967 දෙසැම්බරයේ මෙම ඇල්බමයේ තැටිගත කිරීම් අවසන් වුවද එය එළිදක්වීම මාස කිහිපයක් ප්‍රමාද වන අතරේ 1968 පෙබරවාරියේ පාර්සන් කණ්ඩායමෙන් ඉවත්ව The Byrds කණ්ඩායමේ Sweetheart of the Rodeo ඇල්බමයේ තැටිගත කිරීම් සඳහා සහබාගී වනවා. මේ වනවිට International Submarine Band නාමයට හිමිකම් කියන Lee Hazlewood විසින්  The Byrds ට විරුධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

පාර්සන්ගේ කටහඬ ඉවත් කොට ගායනය සඳහා Roger McGuinn යොදවාගෙන Sweetheart of the Rodeo ඇල්බමය එල්දක්වීමට කටයුතු සුදානම් කලද අවසානයේ You're Still on My Mind, Life in Prison සහ Hickory Wind ගීත ත්‍රිත්වය පාර්සන්ගේ ගායනයෙන්ම එළිදක්වනවා.

You're Still on My Mind

Life in Prison


Hickory Wind



මෙම කණ්ඩායමේ කිසිදු නිර්මාණයක් ගීත දර්ශක වල මුල් 40 අතරට නොපැමිණියද කන්ට්‍රි රොක් ශෛලීයහි පුරෝගාමී ඇල්බමය ලෙසින් Safe at Home සම්භාවනාවට පාත්‍ර වේ.

Safe at Home සම්පුර්ණ ඇල්බමය
චාරිකාව තව දුරයි
දහසය වන කොටසින් හමුවමු

7 comments:

  1. මාත් කන්ට්‍රි, ෆෝල්ක්ස් ආරෙ සින්දු වලට කැමතියි..
    ස්තූතියි විස්තරේට..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. මොන සංගීත ශෛලීය පැමිණියත් කන්ට්‍රි ශෛලීයට බොහෝ දෙනෙක් සැමදාම ආදරය කළා

      Delete
  2. ඉන්ස්ටෘමන්ටල් වලට මම මාරම ආසයි.. ඒ හන්දා මේක දැනට සේව් කර ගත්තා මියුසික් ටික ඩවුන්ලෝඩ් කර ගන්නකන්..

    ReplyDelete
    Replies
    1. ඉන්ස්ටෘමන්ටල් මියුසික් කියල වෙනම ඒරියා එකක් තියෙනවා. පසුවට ලියන්නම්

      Delete
  3. අඩේ උබේ පොස්ට් මිස් උනා මචෝ මේ දවස් වල වැඩ ටිකක් වැඩි උනා.මට ඔය කන්ට්‍රි ශෛලිය ගැන තියෙන්නෙ මෙහෙම අයිඩියා එකක්.හරිද වැරදිද දන්නෙ නෑ කන්ට්‍රි වල මූලිකම දේ සින්දුවක් ඇතුලේ කතාවක් කියන එක.නිකන් අර ඇන්ටන් ජෝන් අය්යා කියන්නේ.ඒ වගේ.මියුසික් වල නම් වැඩි වෙනසක් පේන්න නෑ.ඕක අර ඇමරිකාවෙ 16 ,17 සියවස් වල කව්බොයි සංස්කෘතිය ඇතුලෙ තිබ්බනෙ නූතන නයිට් ක්ලබ් වල ආරම්භය සැලූන් කියලා ජාතියක්(කොන්ඩෙ කපන එවුව නෙමෙයි ).ඉතින් ඔය සැලූන් වලට රෑට රෑට බොන්න එන මිනිස්සුන්ට රස විඳින්න ගිටාර් එකක් ගගහා කියන සින්දු ජාතියක් තිබ්බා..ඒ ඇතුලෙත් මොකක් හරි කතාවක් තමා කිව්වේ.අපේ රටේ අර කවි කොල කාරයෝ වගේ.ඔය ඊගල් ලගේ කැලිපෝනියා හෝටලෙත් ඒ වගේ කියලයි මට හිතෙන්නේ.මේක මගේ පෞද්ගලික අදහසක් විතරයි වැරදි නම් කියපන්.

    ReplyDelete
  4. මල්ලි උඹ ඔය කියන්නේ American folk music ගැන.
    Country Music කියන යෙදුම භාවිතයට පැමිණියේ 1940 වසරේ. එයට ප්රකථමව මෙය සඳහා යෙදුනේ Hillbilly Music යන වදනයි.
    American folk music මෙන්ම Hillbilly සංගීතයෙද ඇමරිකානු ආරම්භයකින් යුක්තය. ඇමෙරිකාවේ සුදු ජාතික වැඩකරන ජනතාව අතරින් මතු වූ සංගීත ශයිලිය American folk music නම් වනවා. මෙය අයිරිෂ් සහ සෙලරික් රවුකිඤ්ඤ තාල වලද, සාම්ප්රnදායික බැලේ, කළු අප්රියකානු බ්ලුස් සංගීතය මෙන්ම විවිධ දේශයන්ගෙන් පැමිණි යුරෝපීය සංක්රිමිකයන්ගේ සංගීත රටාවන් ගෙන් ද සැදුම් ලත්තක්.


    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉතින් බලහන්කො අපි හිතන් ඉන්න දෙවල් කොච්චර වැරදිද කියලා.අන්න එහෙම කියන්න එපැයි.මේ බං මන් අහන්න මයි හිටියෙ උබත් අර ලංකාවෙ චිත්‍රපටිකාරයො වගේ ඉතිහාස කතා රැල්ලට අහුවෙලාද?අලුත් එකක් ගැනත් දාපන්කො ඉඳලා හිටලාවත්

      Delete