Saturday, September 30, 2017

සිංහල ම්ලෙච්ඡයෝ

අපගේ රැකියා ස්වභාවයට අනුව නිරතුරුවම විවිධ රටවලට සහ ජාතීනට අයත් විදේශිකන් හමුවෙති. ඔවුහු ඉංග්‍රීසියෙන් Good Morning,  Good Evening නැතහොත් Hello යනුවෙන් මුල් සුභ පැතුම පිරිනමනා විට අප හුරුවී සිටිනුයේ දෑත් වැඳ හෝ අතට අත දී "ආයුබෝවන්" කියමින් සුභ පැතීමටය. එවිට බොහෝ විදේශිකයින් වචනයේ තේරුම අසති.  වචනයේ තේරුම "ඔබට දීර්ඝායු වේවා" යයි දැනගන්නා ඔවුහු අප සමග සාකච්චාව අරඹන්නේම පැහැදීමකිනි.  

අනතුරුව අපගේ නාම පත්‍රය (Visiting Card) බලා නම වැරදියට උච්චාරණය කරනා විට අප එය නිවැරදි කරමු. අනතුරුව අපගේ භාෂාවේ අකුරු 60 කින් යුත් හෝඩිය තුල විවිධ ශබ්ධ 1064ක් සඳහා වෙනස් ලෙසින් ලිවිය හැකි බව පවසන විට ඔවුහු පුදුම වෙති. ටික වේලාවකදී අපගේ සංස්කෘතිය ගැන පැහැදෙන ඔවුහු අප රට පිලිබඳ ඉතාමත් ප්‍රසන්න ආකල්පයක් ඇතිකර ගනිති. අපගේ මිතුරන් බවට පත්වෙති.

මෙලෙස හඳුනාගත්, අප රටහි සංස්කෘතිය පිළිබඳව ඉතාමත් යහපත් ආකල්පයකින් යුතු වූ ජපන් ජාතික මිතුරියක් පසුගිය දිනෙක අසනා ලද ප්‍රශ්නයකින් මා ඉතාමත් අපහසුතාවට පත්වුනෙමි. සිංහල බෞද්ධයන් ම්ලෙච්ඡයන් පිරිසක් වන්නේද යන්න ඇය අසා සිටියාය. රොහින්ග්‍යා සරනාගතයනට එල්ල කළ විරෝධය මාධ්‍ය මගින් ජපානය කරා ගොසින් ඇත්තේ එලෙසිනි. බෞද්ධ කාන්තාවක් වන ඇය අපගේ භික්ෂුන්ගේ හැසිරීම පිලිබඳ පුදුමය පල කළාය. සිද්ධිය සම්බන්ධව ඇය දැක ඇත්තේ ඡායාරුප පමණකි. වීඩියෝ දර්ශණ දුටුවේ නම් කුමක් කියනු ඇතිද? මෙය සිංහල බෞද්ධයන්ගේ ක්‍රියාවක් නොව ජාතිවාදී උන්මත්තකයන් කිහිපදෙනෙකුගේ  ක්‍රියාවක් බව ඇයට ඒත්තු ගන්වන්නට සැහෙන වෙහෙසක් දරන්නට සිදුවිණ. ඇය නැවත නැවතත් අසා සිටියේ භික්ෂුන්ගේ හැසිරීම පිලිබඳවය. 

මේ සිද්ධිය පිටුපස ඇතියි කියවෙන පොලිස් නිලධාරියකු විසින් සරණාගත තරුණියක දුෂණය කිරීමේ චෝදනාව විදෙස් මාධ්‍ය තුල එතරම් ඉස්මතු නොවීම ලොකු දෙයකි. නැතිනම් ස්ත්‍රී දුෂකයන් වෙනුවෙන් භික්ෂුන් පෙනී සිටිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ඇත.

මේ 1983 නොවන බව අප අමතක නොකළ යුතුය. සන්නිවේදන තාක්ෂණයේ සහ අන්තර්ජාලයේ දියුණුවත් සමග පුවත් සැනෙකින් ලොව පුරා පැතිර යයි. අනෙක් අතට මානව හිමිකම් සහ මානව හිතවාදය පිළිබඳව ලොව පුරාම විශාල උනන්දුවක් පවතියි. 83 කළු ජූලියේදී අහිංසක දෙමළ මිනිසුන් ගිනි දැල් වලට විසිකර මරා දැමූ ආකාරයට දැන් කටයුතු කල නොහැක. 

මේ වන විටත් රෝහින්ග්‍යා සරණාගතයන් පිරිසකට ගල්කිස්සේ දී ඉකුත්දා සිදුවූ හිංසනකාරී සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ  මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කර ඇති බවට වාර්තා වේ. 

නමුත් ජාතිවාදය ජීවිකාව කරගත් පිරිසට රටෙහි කීර්ති නාමය පිලිබඳ කිසිදු වගක් නැත. සමස්ථ සිංහලයන් අතරින් ඉතාමත් සුළු පිරිසක් වන ජාතිවාදී ම්ලෙච්ඡයන් පිරිස මර්ධනය නොකළහොත් රටහි ප්‍රතිරූපයට ඇතිවන  ඇතිවන හානිදායක තත්වය නායකයන් තේරුම් ගත යුතුය. 

32 comments:

  1. Puka denna netiva ammava deepan Saran a Agatha in ta huka huka inna

    ReplyDelete
    Replies
    1. සිංහල ම්ලෙච්ඡයා ගේ නියම ස්වභාවය මේ කොමෙන්ටුව පෙන්නුම් කරයි.
      තමන්ගේ ප්රොෆයිලයෙන් පැමිණ තමන් කවුදැයි කියන්නට තරම් ආත්ම ශක්තියක් නැත.
      සිංහලයන් වෙනුවෙන් පෙනී සිටින්නේයැයි කීවද සිංහල අකුරින් කොමෙන්ටුවක් දමන්නට තරම් වත් පරිචයක් නොමැත.
      වෛරී සිතුවිලි තුල සිරව සිටියි.
      මහා පරිමාණයෙන් ප්‍රචණ්ඩත්වය මුදා හරියි.

      Delete
  2. Jeevan pako. Ammava deepan thambinta hukala thava tho vage avajaathakain me ratata bihi karanna

    ReplyDelete
    Replies
    1. ඔබ කෝප වී ඇතිබව පෙනේ. එසේ කෝපවීමට 'ජීවන' ඔබට කළදෙය කුමක්ද? බුදු බණ මේ යයි පෙන්වා දීමද? ඒ කෝපයෙන් ඔබ ඇතිකරගත් දේ කුමක්ද? නැතිකරගත් දේ කුමක්ද?

      න ච ඛුද්දං සමාචරෙ කිඤ්‌චි, යෙන විඤ්‌ඤූ පරෙ උපවදෙය්‍යුං
      සුඛිනො ව ඛෙමිනො හොන්‌තු, සබ්‌බෙ සත්‌තා භවන්‌තු සුඛිතත්‌තා.

      නුවණ ඇති අයගෙන් දොස් අහන්න වෙන පුංචි දෙයක් වහ්ත් දේවල් කරන්න එපා.
      සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! නිරුපද්‍රිත වෙත්වා!සුවපත් සිත් ඇත්තෝ වෙත්වා!
      කරණීය මෙත්ත සූත්‍රය
      http://www.thripitakaya.org/tipitakaya/Index/608?s=21127

      Delete
    2. සිංහල ම්ලෙච්ඡයා ගේ නියම ස්වභාවය මේ කොමෙන්ටුව පෙන්නුම් කරයි.
      තමන්ගේ ප්රොෆයිලයෙන් පැමිණ තමන් කවුදැයි කියන්නට තරම් ආත්ම ශක්තියක් නැත.
      සිංහලයන් වෙනුවෙන් පෙනී සිටින්නේයැයි කීවද සිංහල අකුරින් කොමෙන්ටුවක් දමන්නට තරම් වත් පරිචයක් නොමැත.
      වෛරී සිතුවිලි තුල සිරව සිටියි.
      මහා පරිමාණයෙන් ප්‍රචණ්ඩත්වය මුදා හරියි.

      Delete
  3. නම ලියාගන්න බැරිඅය කුනුහරුප ලියනව... මුඩුක්කු සක්කිලින්ට මොන ඉන්ටෙර්නෙට් ද.... Amil

    ReplyDelete
    Replies
    1. සිහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිනා වීරයන් උනාට සිංහල අකුරින් කොමෙන්ටුව ටයිප් කරගන්නවත් බහ.
      සිංහල අකුරු ඇමිණුම ඉතාමත් පහසු තාක්ෂණයකින් යුක්ත උනත් ඒ සම්බන්ධව දැනුමක් නැහැ.
      දන්නේ කුණුහරුප විතරයි. වෛරය විතරයි.

      Delete
  4. ඔය කියන ජපානෙ මුස්ලිම් මිනිස්සුන්ට පදිංචි වෙන්නවත් දෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ගැන දන්නේ නැහැ. නමුත් මමයි මගේ මුස්ලිම් යාළුවෙකුයි දෙන්න එකට ජපානේ වීසා ඇප්ලයි කරා. හරියට දවස් හයෙන් දෙන්නටම වීසා ලැබුනා. මගේ යාලුවට මුස්ලිම් කියල වෙනසක් උනේ නැහැ.

      Delete
  5. කෙතරම් අපහසුවෙන් උනත් එකී වීඩියෝව බලන් හිටිය. නවසිය හැත්තැ ගනන්වල වියට්නාමෙන් පැනල ආපු බෞද්ධ අනාථයන්ටත් මුස්ලිම් බහුතරයක් ඉන්න මැලේසියාවෙත් ඉන්දුනීසියාවෙත් කතෝලික බහුතරයක් ඉන්න පිලිපීනයෙත් අනාථ කඳවුරුවල රැකවරන දුන්න. ගැටළු නොතිබුනා නෙවෙයි ඒ රටවලදිත්. (ඒ කාලෙ සමහරවිට දේස සීමාවට ආපු අනාථයො අරගන්නෙ නැතිව කෑම බීමත් ඉන්ධනුත් දීල යවපු අවස්ථාත් මම කියවල තියෙනව)(ථායි ලන්තය ත් ඒ සේවයම කලා.හැබයි දකුණු ථායිලන්තයෙ මුහුදු කොල්ල කාරයො බෞද්ධ අනාථයන්ගෙ බෝට්ටුවලට පැනල කාන්තාවන් දූෂනය කළා. කෙටේරිවලින් ගහල කටවල්වල දාගෙන ආපු රත්තරන් දත් කඩල ගත්ත ඒ අසරණයන්ගෙ. එක අවස්ථාවක අනාථවූ භික්ෂුවකගෙ සිවුර යටට කාන්තාවන් දාල බේරගත්ත කථාවකුත් මම් අහල තියෙනව. මොකද මූදු කොල්ල කාරයො සිවුරට අතතියන්න බය උනා. ඒ අයත් උපතින් බෞද්ධයො තමයි මගෙ හිතේ. ). ආගමික ස්ථානයක දි රාජ අපරාධකාරයෙක්ව වත් අත් අඩංගුවට ගන්න එපා කියල නීති හදමින් බුදු දහමින් ශික්ෂණය ලැබූ පැරණි රජවරුනුත් ගරු කලේ අහිංසාව දේශනා කල බුදුහිමියන්ට. අව්‍යාපාදය සහ අවිහිංසාව ප්‍රඥාවට ඇතුලත් කළ බුදුහාමුදුරුවනුත් මතක් උනා, ආර්ය සංඝ පරම්පරාව නමැති රන්දම් වැලේ මේ මලකඩ කාපු කම්බිකෑලි ටික දැකල. ඒ රැස්වීම ඉවර කරපු අර ආර්ය සංඝ නම් වූ රන් දම්වැලේ මේ දිරචච් කම්බි කෑලි ඔබ හැමට තෙරුවන් සරණයි කියළත් කිවුව. (ඉහත තිබ්යෙන්නෙ වෙන ග්ලොගයකට මං දාපු කොමෙන්ට් එකක්)

    තව කරුණක් සඳහන් කල යුතුයි. අන්ත වාදී ඉස්ලාමය පැරදවිය යුත්තේ තමන් අතර ඉන්නා සාධාරණව හිතන, මැදහත් මුස්ලිම් මිතුරු මිතුරියන්ට අපි ශක්තියක් වීමෙනුයි. නැතිව ඔවුනුත් අන්තවාදීන් ගොඩට දාල නෙවෙයි.
    රෝහින්ග්යා අසරණයන් ත්‍රස්තවාදීන් කියල කියන්නෙ මොන බුද්ධි අංශ වාර්තා අනුවද?
    (ත්‍රස්තවාදියාටත් බඩගින්න, පිපාසය දැනෙන්නැද්ද? කියල මං අහන්නෙ නැත්තෙ සමහරුන්ට ඒතරම් පෘථුල බෞද්ධ මනසක් නැතිබව දන්නා නිසා.)

    ReplyDelete
    Replies
    1. //අන්ත වාදී ඉස්ලාමය පැරදවිය යුත්තේ තමන් අතර ඉන්නා සාධාරණව හිතන, මැදහත් මුස්ලිම් මිතුරු මිතුරියන්ට අපි ශක්තියක් වීමෙනුයි. නැතිව ඔවුනුත් අන්තවාදීන් ගොඩට දාල නෙවෙයි.//
      හරියටම හරි.
      අපේ මුස්ලිම් මිතුරන් අතර කෙතරම් සුන්දර මිනිසුන් සිටිනවාද?

      Delete
    2. 70 ගණන්වල වියට්නාමේ තිබුන තත්වයවත්, 83 ලංකාවේ තිබුන තත්වයවත් නෙවෙයි දැන් මානව හිමිකම් සහ මානව සමානාත්මතාව පිලිබඳ ව තියෙන්නේ. දැන් ඔය සෙල්ලම් දාපු කාලේ ඉවර වේගන් එන්නේ. මැදපෙරදිග උනත් තත්වය හොඳ අතට පෙරළෙමින් තියෙනවා. ඩුබායි මුස්ලිම් රටක් නොවන මට්ටමටම හොඳ තත්වය කට හැරිලා. ලෝකය ඉදිරියට යනකොට අපිව අන්තවාදීන් පිරිසක් පල්ලමට ගෙනයන්න හදනවා.

      බොදු බල සේනා මේ ගැටලුවේදී අරගෙන තියෙන ස්ථාවරය ඇත්තෙන්ම ප්‍රසංශනීයයි.

      Delete
  6. සරණාගත ගැටලුව පිලිබඳ බොදු බල සේනා නිවේදනය

    Mynmar Refugees should be delt with Humanity..

    Supporting Mynmar Buddhists ..Defeating Terrorism and Protecting Rights of Refugees are different subjects..we should not mix them without proper understanding and Knowledge.

    Request all to respect Humanity and Look through Budddhist Perspectives ..

    Bodu Bala Sena

    මියන්මාරයේ බෞද්ධයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම මෙන්ම මේ රටට තාවකාලිකව පැමිණෙන සරණාගතයින්ට මේ රටේ පවතින නීති හා මනුෂ්‍යත්වය පදනම්ව කටයුතු කල යුතු බව බොදු බල සේනා මතයයි..

    මියන්මාරයේ රෝහින්ගා අරබුදය ඉතා සංකීර්ණ තත්වයක් වන අතර මේ පිලිබදව අප ඉතා බුද්ධිමත් ව හා සැලකිල්ලෙන් කටයුතු කල යුතුය..

    යම් මුස්ලිම් මන්ත්‍රී වරුන් පිරිසක් දුර දිග නොබලා මියන්මාර් තානාපති කාර්යාලය ඉදිරියේ කරනු ලැබු අනවශ්‍ය විරෝධතා නිසා හා රජය කරනු ලබන පරස්පර ප්‍රකාශ නිසා විව්ධ කණ්ඩායම් රට තුල ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන අතර මෙහිදී යම් දේශපාලන උවමනාකම් ද යොදා ගෙන තිබෙන බව වාර්තා වේ.

    මුස්ලිම් හෝ කුමන හෝ අන්තවාදයකට එරෙහිව බොදු බල සේනා සටන් කරනු ලබන අතර එය ඉතාම උපායමාර්ගිකව සිදුවිය යුතු බව අපගේ විශ්වාසයයි.

    බොදු බල සේනා නම, ලාංජන හා විශේෂයෙන් ඤාණසාර හිමිගේ ජායාරූප යොදා ගෙන රෝහින්ගා සරණාගතයින්ට එරෙහිව සෙනග රැස්කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ කටයුතු කරන බව දැනගැනීමට ලැබී ඇති අතර එම කටයුතු වලට අපගේ සම්බන්ධයක් නොමැති බව දැනුම් දෙමු..

    කලබල ඇති නොකොට රටේ සාමය පවත්වා ගැනීමට කරයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු..

    ReplyDelete
    Replies
    1. බොදුබල සේනා මෙවන් ස්ථාවරයකට පැමිණීම ඉතාමත් හොඳ ප්‍රගමනයක් බව කිවයුතුය.

      Delete
    2. මේක හොඳ ප්‍රවනතාවක්. ප්‍රජාතන්ත්‍ර වාදීව ගනු දෙනු බේරගන්න ඉගෙනගන්න ඕන පහුවෙලා හරි.

      Delete
  7. රෝහින්ග්‍යා සරණාගතයන් තැනින් තැනට යනව දැක්කම මටත් දුක හිතුන. ඔය උද්ඝෝෂන කරපු අය කරන්නෙ දේශපාලන න්‍යායපත්‍රයක්. බොදුබලසේනා දැන් හොද ළමයි කියල ජීවන කිව්වට ඇත්තටම වුනේ බොදු බල සේනාව පිටුපස සිටි අය දැන් ඔවුන්ට අනුග්‍රහය නොදැක්වීමයි. දේශපාලන අනුග්‍රහය ලැබුනනම් මුලින්ම සරනාගතයන්ට එරෙහිව කෑගහන්නෙ බොදු බලය තමයි.
    ඔය බොදු බලය ,රාවනා බලය ,සිංහල රාවය කියන අය ඇත්තටම රට ගැන හැඟීමක් ඇති අය නෙමෙයි .ඔවුන් කරන්නෙ රස්සාවක් බවයි මට හිතෙන්නෙ.

    මෙහෙමත් පැත්තක් තියනව. රටේ පොදු මහජනය තුලත් රෝහුන්ග්‍යා වරු ගැන තියෙන්නෙ හොද ආකල්පයක් නෙමෙයි. ඒකට එක හේතුවක් ඔවුන් ගැන තියන මිත්‍යා මත. මේ අය මියන්මාරයේ බෞද්ධ විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා කල බවට වැරදි මතයක් තියනව.
    අනෙක් හේතුව මේක සොරොව්ව ඇරිය වගෙ ලක්ෂ ගනන් එයි ඔවුන් මේ සමාජයට එක්වෙයි කියන බය.ඒකත් බොරු බයක්. ඇත්තෙන්ම රෝහිඋන්ග්‍යා වරුන්ටත් මේ රටේ පුරවැසිබව ලබන්න ඕන නෑ. දැන් ඉබ්බ දියට දාල තියෙන්නෙ. ඉබ්බො ඇන්නෑවෙ කිය කිය දියුනු රටවල සිටිසන්ශිප් හොයනව. ඒකයි කතාව.

    ReplyDelete
    Replies
    1. මේ සෙට් එකත් ඉන්දියාවේ සරණාගත කඳවුරකින් පැනල ඇවිත්, ඔස්ට්‍රේලියාවට යන අතරේදී අපේ නාවික් හමුදාව මෙහෙට ගෙනත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට බාර දුන්න කියල තමයි වාර්ථා වෙන්නේ. තේ කෝප්පයේ කිඹුලන් දකින්න කැප ගහපු රටක් නේ මේක.

      Delete
  8. ජපානය සහ මුසලුවෝ

    ඉස්ලාමය ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම විහිදී ගිය ආගමකි.නමුත් එහි අන්තර්ගතය විමසා බැලූවිට ආගමක් ලෙස හැඳින්වීමට නොහැකි තරම් මිලේච්ඡ අදහස්වලින් පිරී ඇතිබව පෙනේ.2011 වන විට ලොව සිදුවූ ත්‍රස්ත ප්‍රහාර වැඩිම ප්‍රමාණයක් බැරව තිබුණේ සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදීන්ගේ ගිණුමටය.සිද්ධීන් 5,700කට වැඩි ගණනක් සුන්නි මුසලුන් විසින් සිදුකර තිබිණි.එය සියලු ප්‍රහාරවලින් 56%ක ප්‍රතිශතයකි.24%ක් ෂියා මුසලුන් විසින් සිදුකර තිබිණි.ඒ අනුව 2011 වසරේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලින් 94%ක් මුසලුන් විසින් සිදුකර තිබිණි.අනාගතයේදී ලෝක ත්‍රස්තවාදයෙන් 100% ප්‍රතිශතයක් මුසලුන් විසින් අත්කරගනු ඇත.

    2013දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ වාර්තාවකට අනුව ලොව පුරා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර සංඛ්‍යාව 9,707කි.ඒවාහි ප්‍රතිඵල ලෙස 17,800ක් මිය ගිය අතර 32,500ක් තුවාල ලබා තිබේ.ඊට අමතරව පුද්ගලයන් 2,990ක් පැහැරගැනීමට ලක්ව තිබේ.එම වාර්තාව වෙනුවෙන් මූලාශ්‍ර සපයාගෙන තිබෙන්නේ 2013 වසරේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලින් 32%ක් මගිනි.මෙහිදී සිදුවූ මරණ 17.800 න් වැඩි ප්‍රමාණයක් හෙවත් 31.76%ක් අයි එස් අයි එස් ,බොකො හරාම් සහ තලෙයිබාන් ත්‍රස්ත සංවිධාන විසින් සිදුකර තිබේ.

    මුස්ලිම් ත්‍රස්තවාදීන් ඔවුන් ගැන ආඩම්බර විය යුතුය:මන්ද ඔවුන් ලෝක ත්‍රස්තවාදී ප්‍රහාරවලින් 100% අත් කරගැනීමට ඉතා ආසන්නයට පැමිණි තිබීමයි.

    මුසලුන් තමන්ගේ සැබෑ ස්වරූපය නොපෙන්වූ රටක් ලොව නැති තරම්ය.නමුත් එවැනි රටක් තිබේ.මිහිපිට තිබෙන දියුණුම රාජ්‍යය වන්නේ එයයි.නේටෝ සාමාජිකයෙක් සහ එක්සත් ජනපදයේ මිතුරෙක් වන මෙම රට තුල මේවන තෙක් කිසිදු ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවී නැත.එසේම මුසලුන්ගේ උද්ඝෝෂණ,කලකෝලාහල හෝ වෙනත් විනාශකාරී සිද්ධියක් එහි සිදුව නොමැත.

    මෙම වාසනාවන්ත රාජ්‍යය වන්නේ ජපානයයි.

    ..............................

    උපුටා ගැනීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1722469

    අවසාන වශයෙන් අර ජපන් කෙල්ලට ගිහින් මෙන්න මේ ටික කියපන්
    "ගැටළුව තමාගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනිකය"

    ReplyDelete
    Replies
    1. එටකොට ගැටලුවට ඇති දාර්ශනික නොවන පිලිතුර ප්‍රචන්ඩත්වයද?

      Delete
    2. ප්‍රචණ්ඩ විය යුතු තැන ප්‍රචණ්ඩ විය යුතුයි. යුද්ධය අවශ්‍ය තැන යුද්ධය කළ යුතුයි.

      Delete
    3. හොදම උදාහරණෙ මෙහෙ යුද්ධෙ තියන කාලෙ යුරෝපෙන් අපිට දුන්න උත්තර ඔක්කොම ඔයා කියන විදිහෙ දාර්ශනික උත්තර. ඒත් උන්ට කෙල වෙන්න ගත්තම ඒව ඔක්කොම අමතකයි.

      Delete
    4. 83 දී ඔය වගේ ප්‍රචණ්ඩ වෙන්න ගිහින් තමයි අවුරුදු 30 ක යුද්ධයකට මග පෑදුවේ.

      අඩුම තරමින් තමන්ගේ අනන්‍යතාව හෙළි කරන්න බැරි ඇනෝ වීරයෝ ලෙයම ඉල්ලනවා.

      Delete
    5. මට අවශ්‍ය අදහස ප්‍රකාශ කිරීම මිසක් අනන්‍යතාව පෙන්වීම නෙමේ. අනන්‍යතාව පෙන්වා පොරක් වීමට අවශ්‍ය නෑ. 83 ප්‍රචණ්ඩත්වය සාධාරණ නෑ. ඒත් කොටි සංවිධානය ඊට කලින් ඉදන් හැදිලයි තිබ්බෙ. ඒක උනත් නැතත් කොටි යුද්ධය කරනවමයි. ප්‍රභාකරන් යාපනේ ආමි එකේ අය මැරුවෙ ඔය කියන ප්‍රචන්ඩත්වය ඇති වෙන්න කලින්.

      Delete
    6. අනන්‍යතාව නැති තැන විශ්වාසනීය භාවය නැත.

      Delete
    7. විශ්වාසයක් අවශ්‍යද නැත.

      Delete
    8. ape ratata awith ona ekek ona deyak karana thuru apa buddagame namayen nihada wiya yuthuda. rohingiya saranagathayan ta yanna ape ratata wda kochchara langa ratawal thiyenawada. me hadanne mehi unge jathiya bokireeme kuuta upakramayai. oka sinhalayata therei thawa awrudu 10 kin withara muslim jathiya weda penwana wita.

      Delete
  9. චන්දයක් එන්න තියෙනවා සහෝ. ඒකට බෞද්ධ කට්ටිය ටිකක් අවුස්සල ගන්න තමයි මේක කලේ. ඒක නිසා ගණන් ගන්න එපා. අපි දින්නම ඔක්කොම සරණාගත්යො මෙහෙ ආවත් කමක් නැහැ. ඊට පස්සෙ එක චන්දෙදි ඕනනම් ඒ කට්ටියට පොඩි ගෙම්බර් එකක් දානවා කැමරා ඉස්සරහ. මීට -- රජා බලයට ගේන්න සිවුර විකුණන සංවිධානය

    ReplyDelete
    Replies
    1. ඔය සංවිධාන පිටුපස හිටපු ගෝඩ් ෆාදර්ල දැන් බලන්නේ උන් රැකෙන්නේ කොහොමද කියල. උන් කොයි වෙලාවේ කල්දරම් බත කන්න වෙයිද කියල බල බල ඉන්නේ. දැන් රාවනාල ඔය දේවල් කරන්නේ කාගේවත් චන්දයක් බලාගෙන නෙවෙයි. අඩුම තරමින් කොරියාවෙ ඉන්න මෝඩ තකතීරුවන්ගෙන් එන ආධාර ටික රැක ගන්න.

      Delete
  10. රැඩිකල්වාදියාTuesday, October 03, 2017 6:29:00 AM

    උතුරෙ අහිංසක මිනී මරනකොට හුරේ දාපු සිංහලයින්ගෙන් වෙන මොනා බලාපොරොත්තු වෙන්නද.

    ReplyDelete
    Replies
    1. මැච් එකේ ස්කෝර් එක බලනවා වගේ කොටි 75 යි හමුදාවේ 30යි කියකිය නිවුස් තලුමරපු රටනේ..............

      Delete