Monday, September 11, 2017

අනුනට සාර්ථකත්වය උගන්වන වංචනිකයන් - 1

යුග ගණනාවක් පුරා සිය මුලික අවශ්‍යතා සපුරාගෙන සරලව දිවි ගෙවූ මිනිසා සංකීර්ණ ජීවන රටාවකට යොමු වුයේ කාර්මික විපලවයෙන් පසුවය. කාර්මික විප්ලවය මිනිසා වෙත බොහෝ පාරිභෝගික භාන්ඩ රැගෙන  ආවේය. මේ පාරිභෝගික භාන්ඩ වෙත ලොල් වූ මිනිසා ඒවා හැකි තරමක් තමන් සතු කරගැනීමට තරඟයකට එළඹුණි. එයටම සමගාමීව වැඩවසම් ක්‍රමය සහ රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටීම තුල මිනිසාට විශාල නිදහසක්ද ලැබුනේය. 

මේ නිදහස් වාතාවරණය තුල සමාජයේ ඕනෑම සාමාජිකයකුට සිය වෙහෙස මගින් ඉහලට ගමන් කිරීමට අවකාශ ලැබිණ. ඉන් ඉක්බිතිව මිනිසා තුල එකිනෙකා පරදවා ඉහලට නැගීමේ ආශාව ඇතිවිය. වැඩි භෞතික වස්තුන් රැස් කරගන්නා පුද්ගලයා සාර්ථක පුද්ගලයකු වශයෙන් හැඳින්වින.මේ නිසා සෑම දෙනාම සාර්ථකත්වය සොයා තරඟයකට පිළිපන්නේය.

තරඟය ඉතාමත් දරුණු එකක් විය. සුළු පිරිසක් තරඟය ජය ගන්නා විට අති බහුතරයක් දෙනා පරාජිතයන් බවට පත් වුහ. නමුත් තවමත් පරාජිතයා තුල තරඟය ජයගන්නා අරමුණ පැවතිණ. 

මෙයින් ඇති කරනා ලද  රික්තය තුල පරාජිතයන් සඳහා සාර්ථකත්වයට මාවත දේශනා කරනා සාස්තෘවරු බිහි විය. ඔවුන් අසාර්ථක මිනිසුනට සාර්ථකත්වයට මග දේශනා කළහ. වඩාත්ම සිත් ගන්නා සුළු කාරණය නම මේ සාස්තෘවරුන් ගෙන් බොහොමයක් දෙනා සාර්ථකත්වය දේශනා කිරීම පටන් ගන්නා අවධිය වන විට බෙහෙවින්ම අසාර්ථක මිනිසුන් වීමය. මිනිසා තුල පවතින සාර්ථකත්වයට ඇති ලෝභය නැතහොත් කෑදරකම මේ සාස්තෘවරුන් මහා ධනවතුන් බවට පත්කරලීය.

උදාහරණයක් වශයෙන් කිවහොත් දියුණුවේ රන් දොරටුව නමින් සිංහලට පරිවර්තනය කරනා ලද Law of Success කෘතියේ සම්පාදකවරයා වන නැපෝලියන් හිල් යනු එම පොත් පෙළ ලියනා අවදිය වන විට කිහිප වතාවක් බංකොලොත් වූ පුද්ගලයෙකි. මුල්‍ය වංචා වලට හසුවූ අයෙකි. නිසි අධ්‍යාපනය හෝ අවසරය නොමැතිව නීතිඥයකු ලෙසින් පෙනී සිටි වංචනිකයෙකි. සිය ජීවිත කාලය තුල තෙවරක් දික්කසාද වූ අයෙකි. නමුත් ඔහු විසින් සාර්ථකත්වය ගැන ලියනා ලද විවිධ පොත් මිලියන 20ත් 50ත් අතර ප්‍රමාණයයන ගෙන් විකිණීමෙන් අලෙවි වාර්ථා තබා ඇත.

සාර්ථකත්වය ගැන දේශනා පවත්වන බොහෝ දෙනෙකුගේ චරිතාපදාන නැපෝලියන් හිල් ට වෙනස් වනුයේ ඉතාමත් සුළු වශයෙනි.

සාර්ථකත්ව සාස්තෘන්ගේ පොත් කියවීමෙන් හෝ දේශනා වලට සවන් දීමෙන් සාර්ථකත්වයට පත්වූ අය ගැන දැනගන්නට නම් නැත. නමුත් දේශකයන් මහා ධනවතුන් වූ  බවට නම් කොතෙකුත් වාර්ථා ඇත. මේ පොත් වලින් මිලියන ගණනක් මිනිසුන් සුරංගනා කතා තුල අතරමං කර දමා ඇත. මිලියන ගණනක් ශ්‍රාවකයන් සහ පාඨකයන් මේ වංචනිකයන් ගේ තවත් වංචාවකට නොදැනුවත්වම සිය මුදල් පුජා කර ඇත.

"සාර්ථකත්වයට ඇති හොඳම මාර්ගය අනුන්ට සාර්ථකත්වයට මාර්ගය ඉගැන්වීමය"

10 comments:

  1. එකෙත් ඇත්තක් තියෙනවා

    ReplyDelete
  2. මමත් එකෙන්ම එකඟයි. මම දවසක් ඉතාම දරුණු විවේචනයක් කරලා කෙනෙක් මගෙත් එක්ක සදහටම වෛර බැඳගත්තා. පටන් ගත්තේ කියන Rich dad vs poor dad ලිපිය පදනම් කරගෙන.

    අනුන්ට සාර්ථකත්වය ගැන කියාදෙන එක හොඳයි. නමුත් සර්ව සම්පුර්ණ බව පෙන්වනට යාම අතිශය භයානකයි. සාර්ථකත්වය ගැන පොත් ලියන 'එක්තරා' ලාංකික පුද්ගලයෙකුගේ පොතක් මම දවසක් අහම්බෙන් වගේ කියෙව්වා. මටම පුදුමයි ඒ ලිවීම් ගැන.

    ReplyDelete
  3. එකඟයි, අදවන විට එහෙන් මෙහෙන් අහුලා ගන්නා මනෝවිද්‍යාත්මක සංකල්ප ද පදනම් කරගනිමින් කතාකරනා "ධනාත්මක චින්තනය" යන වචනයම වෙලාවකට ශබ්දකෝෂ වලින්ම ඉවත් වෙනවා නම් කියලා හිතෙන තරමට කරදරයක්. සාර්ථකත්වය ට මඟ පෙන්වන්නෙක් වෙන්න උවමනා කරන්නේ ලස්සන වාග්මාලාවක් විතරයි. ඇත්තටම කලින් දැනගෙන හිටියා නම් මේ තරම් කාලයක් වයකරගෙන ඉගෙන ගන්නෙත් අදටත් ඉගෙන ගන්න මහන්සි වෙන්නෙත් නැතිවම අපිටත් තිබුණා "සාර්ථක වෙන්න මඟ පෙන්වන්නෙක්" වෙන්න :) :)

    ReplyDelete
  4. අපගේ පරක්න්දෙනියේ නැන්දා බැඳපු මාමා ත් රජයේ කම්කරුවෙකි. මමත් මේ ලියපු දේ ගැන ඔහුගෙන් ආසා හරියම කියන්නම්

    ReplyDelete
  5. හෙහ් හෙහ් මරු බිස්නස් එකක් තමා.

    ReplyDelete
  6. ඒකනං ඇත්ත තමයි.ඔයි බණ කියන සේරම එකයි.ආදරය ගැන බන ටෝක් කියවලා ඕලෙවල් කාලෙදි අපව අඩෝපු සුජීව ප්‍රසන්න ආරච්චිත් ඩිවෝස්ලු නේද?.ඔයි චින්තනය ගැන කවර කතාද

    ReplyDelete
  7. මාත් මේ පටන් ගන්න කීලා බැලුවේ

    ReplyDelete