Wednesday, August 23, 2017

වෙනස සැපද?

යහපාලන රජය පිහිටුවීමට දර දිය අදිනු ලැබූ පිරිස බොහෝය. මේ අතරින් බහුතරයක් කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී, පැවති දුර්දාන්ත පාලන ක්‍රමය පෙරලා දැමීමේ අදහසින්ම පමණක් කටයුතු කරනා ලද පිරිසකි. මෙයට පෙරදී ආණ්ඩු පෙරළි සඳහා පෙරමුණ ගනු ලැබුයේ සමාජ ක්‍රියාකාරීකයන් සහ මාධ්‍යවේදීන්ය. නමුත් යහපාලන රජය පිහිටුවීමේ පෙරමුණ ගෙන සිටියේ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන්ය. එය තාක්ෂණයේ දියුණුවත් සමගම බිහිවූ නව ප්‍රවනතාවකි.  ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ල රාජපක්ෂ ගැතිව සිටි අවදියක විපක්ෂ දේශපාලනය සඳහා ඉතිරිව තිබුනේ ෆේස් බුක් ප්‍රධාන සමාජ මාධ්‍ය පමණකි.

නව රජය බිහිවීමත් සමගම රජයේ ප්‍රධාන තනතුරු සමහරක් සඳහා යහපාලන ප්‍රතිපත්ති වෙත කිසි ලෙසකවත් නොහොබිනා චරිත කිහිපයක් තෝරා ගැනිණ. වෙනස වෙනුවෙන් කැපවූ පිරිස් "දැන් වෙනස සැපද?" ලෙසින් ගර්භාවට ලක් වන මට්ටමට සමහර තීරණාත්මක  තනතුරු වෙත පත් කරනා ලද පුද්ගලයන්ගේ පෙර ක්‍රියාකලාපය නොහොබිනා මට්ටමක පැවතිණ. නමුත් සමාජ ජාල හෙළිකිරීම් මැද එවන් බොහෝ පුද්ගලයින්ගේ තනතුරු ගලවා දැමීමට රජයට සිදුවිය. 

කවුරුන් කෙසේ විවේචනය කලද මේ වනවිට යහපාලන රජය පිහිටුවීම නිසා රටෙහි සුවිසල් සාමාජීය සහ දේශපාලනමය ප්‍රගමනයක් සිදුව ඇත. පෙර දුර්දාන්ත සමයේදී රජය විවේචනය කරනා ලද පුද්ගලයනට සුදු වෑන් සාත්තුව ලැබුනද නව රජය තුල එවන් ප්‍රජාතාන්ත්‍ර විරෝධී ක්‍රියා පසුගිය වසර දෙක පුරාවට වාර්තා වුයේ නැත. මේ වෙනස රාජපක්ෂ කුක්කනට බොරදියේ මාළු බෑමට කදිම අවස්ථාවක් උදා වී ඇත. අවම වශයෙන් සෑම සතියකට වරක් ප්‍රධාන මාර්ග හරස් කරමින් පවත්වන විරෝධතා සාමාන්‍යකරණය වී ඇති බව දක්නට ලැබෙයි. රාජපක්ෂ රෙජීමයේ අනුග්‍රහයෙන් සහ මුල්‍ය ආධාරයෙන් ආරම්භ කරනා ලද සයිටමයට විරුද්ධව අද ජනතාව පෙළමින් විරෝධතා දක්වනුයේ රාජපක්ෂ කුක්කන් වීම පුදුමයට හේතුවක් නොවන්නේය.

පසුගිය සති කිහිපය තුල ජනමතයට හිස නවමින් චෝදනා වලට ලක්වූ රජයේ ප්‍රධාන අමාත්‍ය වරුන් දෙදෙනකු ඉවත් කිරීමට රජය ගන්නා ලද තීරණය රටෙහි ඉදිරි ගමන කෙරෙහි බලාපොරොත්තු තබා ගත හැකි තත්වයක් උදාකර ඇත. එය තවත් අතකින් අනෙකුත් දේශපාලන නායකයනටද රතු එලි දල්වීමකි. එනම් චෝදනා වලට ලක් වුවහොත් කුමන තරාතිරමක සිටියද බේරා ගැනීමට කිසිවකු නොමැති බව මතක් කර දීමකි. 

දිනෙන් දින සිය වපසරිය පුළුල් කරගන්නා සමාජ ජාලා ක්‍රියා කාරීත්වය හේතුවෙන්, චෝදනා වලට ලක් වන නායකයන්ට එරෙහිව රජය කෙරෙහි ඇතිවන පීඩනය මහා මාර්ගය හරස් කරමින් ජනතාව පීඩාවට පත් කරනා විරෝධතාවනට වඩා සිය දහස් ගුණයකින් විශාලය. කොරේ පිට මරේ කීවාක් මෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත ක්‍රියාකාරී වීම, සන්නිවේදන තාක්ෂණයේ දියුණුව කරනකොට ගෙන  දත්ත විශ්ලේෂණය සඳහා තිබෙන අවස්ථා නිසා දුෂණ හෙලිකරගැනීමට ඇති හැකියාව මෙන්ම  රජය විසින් මර්ධනයෙන් තොරව පවත්වාගෙන  යන ප්‍රජාතාන්ත්‍රීය පාලන ක්‍රමවේදය නිසා විවේචනය සඳහා පොදු ජනතාව බිය නොවීම සියලු අයථා ක්‍රියා වලකා ලීමට හේතුවක් වනු ඇත.

අවසානයේ කිව යුත්තේ වෙනස සැප බවය.

7 comments:

  1. තව මදි ජිවන. පත් කරපු යම ආණ්ඩුවට දක්වපු විරෝධය නිසා තමයි පොඩ්ඩක් හරි ඇහැ ඇරුනේ. නමුත් ගයන්ත ලා සහ හුඟක් ඇමතිවරු හරී වැඩක් කරන්නේ නැහැ. ඔය මදි. හොඳටම මදි. ප්‍රබල විවේචනයක් අවශ්‍යයි.

    ReplyDelete
  2. යහ පාලන රජයේ යාන්ත්‍රණය දුර්වලයි. මෛත්‍රි ගේ තියෙන අති ප්‍රජාතන්ත්‍රවාදී නැමෙන ගතිය හැමෝටම අල්ලන්නෑ.

    ReplyDelete
  3. Replies
    1. රසික ඔයා ඔහෙ කරන්නේ search engine marketing, search engine optimization සයිඩ් එකේ ජොබ් එකක්ද?

      Delete
    2. Jeevan ta nam sapa LU.................income eke wadi wela athi......eda wela kala inna ayata saha YAHA PALANAYEE......

      horu allanna apu MAHA dawal KAMABA horu gana liyanna JEEWAN mahatayata amathaka wela neee....

      jeewan ta BOLG eke thubunamma eyata kamak neha appe rata ta NEHA gahuwath...wage thami mata nam daneanne...

      Rajith wage boru karayoooo....oyalata honda nam....api bala sitinnwa elanga chandee di , oyalamma YAHApalanya 2 kotasa rangapammakam

      honda act karanna............

      Delete
  4. වියුණු ලොවේ තනි මංසල අතරමං වෙලා
    සුසුම් හෙලන පාඨක අප හදවත් සනසා
    අතීතයේ ගිලිහී ගිය ජොලිය රැගෙන යළි වඩින්න
    ආරාධනා ආරාධනා

    නෙලූ නෙලිලි දස අත බ්ලොග පවුරැ තලාවේ
    මැකී ගියාදෝ කාලයේ වෙරළේ
    මල්ලේ පොල් දිගු ගමනින් අනාත වූ දා
    ජාතිකවාදී පියුමන් යළිදු පිපේවා
    ආරාධනා ආරාධනා

    ReplyDelete

  5. “People shouldn't be afraid of their government. Governments should be afraid of their people.”
    ― Alan Moore

    ReplyDelete