Saturday, August 13, 2016

කොළඹ ජ්‍යාත්‍යන්තර මුල්‍ය නගරය සහ වෙනස් කලයුතු ජාතික ඉඩම් ප්‍රතිපත්තිය

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කොළඹ ජ්‍යාත්‍යන්තර මුල්‍ය නගරය නමින් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම් ගතවීම සතුටට කරුණකි. අක්කර 500කින් යුතු මෙම ව්‍යාපෘතිය පවත්නා රජය යටතේ තාවකාලිකව අත් හිටුවනු ලදුව නැවත වැඩ අරඹනුයේ නිසි පාරසරික අධ්‍යනයක් සමගම රටට අහිතකර කොන්දේසියක් වූ පෙරදී ආයෝජකයනට ලබාදුන් සින්නක්කර භුමි අයිතිය  ඉවත් කර අනූ නව අවුරුදු බදු පදනම යටතේවීම සාධනීය තත්වයකි. වරාය නගර ව්‍යාපෘතිය තුලින් ලැබෙන විදේශ ආයෝජන, තාක්ෂනය, ප්‍රවර්ධන වටිනාකම, රැකියා උත්පාදන අවස්ථා මෙන්ම අනාගතයේදී ව්‍යාපාර ආරම්භ කලවිට ලැබෙන විදේශ විනිමය මෙරටට විශාල ප්‍රතිලාභ ගෙනදෙනු ඇත.

ශ්‍රී ලංකාවේ භුමි ප්‍රමාණය සමග සසඳන කල අක්කර 500ක් යනු ඉතාමත් කුඩා භුමි ප්‍රමාණයකි. නමුදු අක්කර  පන්සියයක ව්‍යාපෘතියක් සඳහා මුහුද ගොඩකිරීම වැනි අතිශය පාරිසරික සංවේදී ක්‍රියාවකට යොමුවීමට හේතුව වී ඇත්තේ රටේ ඉඩම් නොතිබීම යැයි පැවසීම මුසාවකි. එය රටේ ඉඩම් ප්‍රතිපත්තිය පිලිබඳ ප්‍රශ්නයකි. මහා පරිමාන ව්‍යාපෘති සඳහා සුදුසු භුමි ප්‍රදේශ රට වටා කොතෙකුත් ඇත. නමුත් එම සියලුම ප්‍රදේශයන් පුද්ගලික හිමිකරුවන් අතර ඉතා කුඩා කොටස් ලෙසින් බෙදී ගොසිනි. ආර්ථික වශයෙන් ඉතා සංවේදී ස්ථානවල අනර්ඝ ව්‍යාපාරික වටිනා කමින් යුතු ඉඩම් තුල කොත්තු කඩ, ෆාමසි, විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන වැනි විශාල ආර්ථික අගයක් උත්පාදනය නොවන ව්‍යාපාර පවත්වාගෙන යනු දක්නට ලැබේ. උදාහරණයක් ලෙස කොල්ලුපිටිය ගාළුපාරේ පවත්වාගෙන යනුලබන ව්‍යාපාර පෙන්වාදිය හැක. එම ප්‍රදේශයේ විශාල ඉඩමක පර්චසයක් රුපියල් මිලියන 10ක පමණ ඉහල වෙළෙඳ වටිනා කමකින් යුතු වුවද කුඩා ඉඩම් වලට එවන් වටිනා කමක් ඇත්තේ නැත. දැනට පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා විශාල ආදායමක් ලැබෙන බවක්ද  දකින්නට නැත. එවන් ආර්ථික වශයෙන් සංවේදී පෙදෙස් රටට විශාල ආදායමක් ලබාගත හැකි ආයෝජන කලාපයන් බවට පත් කළහැකි ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීමද නොපමාව සිදුකළ යුතුය.





7 comments:

  1. අපේ රටේ ඉඩම් ප්‍රතිපත්තිය වන්නෙ අනික් හැම එකම මෙන් දේශපාලකයාගේ අභිමතයයි

    ReplyDelete
    Replies
    1. දේශපාලකයාගේ අභිමතයට හරි දෙන්න ඉඩම් නැතිවීම නිසා තමයි ඉඩම් ප්‍රතිපත්තිය ඕන කරන්නේ.

      Delete
  2. ඝෝඨා කළේ ඕක තමයි. යමක් අළුතෙන් සිතිය යුතු ළිපියක්.

    ReplyDelete
    Replies
    1. මෙගා පොලිස් යටතේ ඕක වේවිද කියල බලමු....

      Delete
    2. මෙගා පොලිස් ඇමතිකමට අයිඩියල් ගෝඨා තමා

      Delete
  3. ගෝඨා මහත්මයාව ගේන්න ට්‍රයි එකක්ද?

    ReplyDelete