Sunday, April 3, 2016

Happy Music Team - පැරණි මතකයන් සමග...........

අද ඉරිදා. දැනට ටික කාලයකට ඉස්සර නම් ඉරිදා කියන්නේ සංගීතයෙන් පිරුණු දවසක්. උදේ දහයට විතර් පටහ ගන්න සංගීත පුහුණුව ඉවර වෙන්නේ හවස තුනත් පහුවෙලා. දැන් ටික කාලයකට සංගීත පුහුණුව නවත්තල තියෙන්නේ. මේ අවුරුද්දේ ලොකු පුතා උසස් පල කරනවා. ලබන අවුරුද්දේ දෙවැනි පුතා උසස් පෙළ. ගෙදර සංගීත භාණ්ඩ ටික ඔක්කොම පුස් කකා උඩ බලාගෙන ඉන්නවා.

කම්මලිකමට ඉන්න අතරේ පරණ කරපු ප්‍රසංගයක වීඩියෝවක් බැලුවා. මේ ප්‍රසංගය කරේ 2014 අග විතර. ගමේ ධර්ම දුත ළමා සමාජයට අරමුදල් එකතු කරන්න පවත්වපු මේ ප්‍රසංගයට ලොකුපුතා ගායනා කරපු ගීතයක වීඩියෝවක් පහතින් තියෙනවා. මේ ප්‍රසංගයට පියානෝ වාදනය කරන්නේ ලක්ෂාන් මල්ලි.  එයා තමයි කණ්ඩායම පුහුණු කරලා සංගීත අධ්‍යක්ෂණය කරන්නේ. බේස් ගිටාරය වාදනය කරන්නේ දෙවෙනි පුතා. පොඩි පුතා ඩ්‍රම්ස් වාදනය කරනවා.
ආයෙත් සංගීත ප්‍රසංග කරන්න වෙන්නේ අගෝස්තුවෙන් පස්සේ.

15 comments:

  1. ඊලඟ ප්‍රසංගය කරකොට අපිටත් කියන්න....එන්නං රස විඳින්න...!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් කියන්නම්......

      Delete
  2. ඊලඟ ප්‍රසංගය කරකොට අපිටත් කියන්න....එන්නං රස විඳින්න...!

    ReplyDelete
  3. ගහේ කටු උල කල මනාද? අගෙයි.

    //ඊලඟ ප්‍රසංගය කරකොට අපිටත් කියන්න....එන්නං රස විඳින්න...!// X 2 :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් කියන්නම්. බොහොම දුරට නොවැම්බර් විතර ප්‍රසංගයක් පවත්වන්න හිතාගෙන ඉන්නවා.

      Delete
  4. සංගීත පව්ලක්... ඒ වගේ ප්‍රසංගයක් බලන්නත් ආසයි..

    ReplyDelete
    Replies
    1. ඊළඟ ප්‍රසංගයට දැම්මම ආරාධනා කරා හරිය.

      Delete
  5. හොද හැකියාවක් තියෙනවා..... ජයවේවා...

    ReplyDelete
  6. බොහොම සන්තෝසයි...

    හැකියාව ගොඩක් අගය කරනවා...

    ReplyDelete
  7. //ගෙදර සංගීත භාණ්ඩ ටික ඔක්කොම පුස් කකා උඩ බලාගෙන ඉන්නවා//

    ඒකනම් අපර‍ාදේ

    ReplyDelete