Sunday, March 20, 2016

දවසේ වරද

සිවිල් ජනයාගේ පෞද්ගලිකත්වය කෙරෙහි කිසිදු වගකීමක් නොමැති, නාලිකාවේ ජනප්‍රියත්වය වෙනුවෙන් ඕනෑම පහත් වැඩක් කිරීමට  නොපැකිලෙන ජනමාධ්‍ය සම්බන්ධව සිවිල් ජනතාවට ගතහැකි හොඳම පියවර එම නාලිකා වර්ජනය කිරීමය.
නමුත් මේ අවක්‍රියාවට කිසිවකු කිසිදු බලධාරියකු පියවරක් ගන්නා බවක් නොපෙනෙන බැවින් සහ එයට පොලිස් නිලධාරියෙකුද සහය දෙන බැවින් ප්‍රශ්න කිහිපයක් මතුවේ

මෙවන් හිංසා කිරීමට නීතිය තුල අවකාශ තිබේද?
නීතියේ හිඩැසක් මොවුන් ප්‍රයෝජනයට ගන්නවාද?



9 comments:

  1. ක‍න්න දෙනව නං අපිට
    බොන්න දෙනව නං අපිට
    මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ
    මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ

    කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
    බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ
    කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
    අ‍පේ‍ ක‍ටේ‍ ලෝ‍දි‍ය‍ ටි‍ක‍ වැ‍ටෙ‍න‍ව‍නාං

    කන්න දෙනව නං...

    සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
    සදාචාරෙ මකබෑවී ගියාදේන්
    සංස්කෘ‍ති‍ය‍ වල පල්ලට ගියාදේන්
    අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං

    කන්න දෙනව නං...

    නා‍ට්‍ය‍ය‍ - රජ ගහේ නාඩගම

    ReplyDelete
  2. මම ඔය පාහර මාද්‍ය වර්ජනය කරලා. දන්න එකෙකුට ඔය ** චැනල් බලන්න කියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මම ඕක වර්ජනය කරේ සාත්තර කාරයොයි, කපුවෝයි, දේවාලයි ප්‍රොමෝට් කරන විදිය අප්පිරිය වෙලා.

      Delete
  3. ඕකට නියම එකක් පැරා ලියලා තිබුනා බුකියේ... හොයා ගන්න විදියක් නෑ....

    ReplyDelete
  4. තමන්ගේ වපසරිය නොදන්නාකම...

    වඳුරන්ට දැලිපිහි ලබාදීම.

    ReplyDelete
  5. නියමෙට කියලා දෙනවා......... අන්න එහෙමයි කරන්න ඕනේ.... ඔය නාඩගම නවත්තන්න දැන් කාලේ හරි....

    ReplyDelete
  6. http://nidahass.blogspot.com/2016/03/blog-post_19.html

    ReplyDelete
  7. //දවසේ වරද//
    මුන්ගේ නොහැකියාව..

    ReplyDelete
  8. රූපවාහිනී කලාව ඇතුලේ තනිකරම තියෙන්නේ මිනිස්සුන්ගේ ඕපාදූප දැනගැනීමේ කුතුහලය සහ රසවින්දනය මුදල් කිරීමක්.. චැනල් වලට මුදල් ලැබෙන වෙළඳ දැන්වීම් ටික ප්‍රචාරය කරගන්න අතරේ ප්‍රේක්ෂකයින් රඳවා ගැනීම සඳහා වැඩිපුරම ආස කරන දෙයක් ප්‍රේක්ෂකයින්ට පෙන්වීමක්.. එතැනදී උන්ට අදාළ වෙන්නේ නැහැ මිනිස්සුන්ට පෙන්වන්නේ මල මිනියක්ද, බලු බෙට්ටක්ද කියන දේ..

    ReplyDelete