Monday, February 2, 2015

සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව - ඌන පූර්ණයක්

අප සුමිතුරු සින්දු ඇනෝ සිය බ්ලොගයේ පලකළ ගනුෂ්ක රන්දුල විසින් රචිත සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව ඉතාමත් ඉහල මට්ටමේ පර්ය්ෂනාත්මක ලිපිය කියවීමට ලැබුනේ පලකොට දින කිහිපයක් ඇවෑමෙනි. එබැවින් මවිසින් එම ලිපියට දැමු කොමෙන්ටුව බොහෝදෙනෙකු ඇස නොගැටීම තුල සී ටී ප්‍රනාන්දු ගේ ගීත තැටි ජනප්‍රිය වීමට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් පිලිබඳ මා කියවා ඇති සාධකයක් ඔබ වෙත සන්නිවේදනයට එහි අන්තර්ගතය නැවත සංස්කරණය කොට මෙහි පලකරනවා.

සී. ටී ප්‍රනාන්දුගේ ගීත රසිකයන් අතරට යාමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඒවා ඉතාමත් ගුණාත්මක තැටිගත කිරීමකින් යුක්ත වීමය. ඔහුගේ බොහෝ ගීත HMV, Philips වැනි සමාගම් විසින් මහා බ්‍රිතානයයෙදී තැටිගත කරන ලද බව කියවෙයි. සමකාලීන සිංහල ගීත වල මුල් තැටි වල බේස් සහ ට්‍රිබල් පරාසය පැහැදිලිව අසන්නට නොලැබෙන නමුත් CT ගේ ගීත වල බේස් සහ ට්‍රිබල් පරාස දෙකම හොඳින් ස්ථාන ගතව තිබෙනවා. නමුත් සමකාලීන සිංහල ගීත බෙහෙවින්ම තැටිගතව තිබෙනුයේ මිඩ් පරාසය ඉස්මතු වන ලෙසිනි. ඔහුගේ සමහර ගීත වල බේස් ගිටාරය වෙනුවට ඩබල් බේස් හෝ චෙලෝ වාදනය ඇසෙනුයේ ඒවා බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායම් වල වාදනයන් සමගින් තැටිගත කිරීම නිසා වන්නට පුළුවන.

මුල් ලිපිය මෙතැනින්

8 comments:

  1. සීටී මහරැජිනගෙ මංගල්ලෙ ගීගයාපු විස්තරයත් එක්කලානම් හරි මේකටම.

    ReplyDelete
    Replies
    1. මම කියවපු ලිපියේ ඒක ගැනත් ලියවිලා තිබුනා.තව ගොඩක් විතර තිබුනා.
      ඒ කාලේ බ්‍රිතාන්‍යයට නැවේ යන්න මාසයක් ගතවෙනවා කියල තිබුනා. ක්‍රිස්තියානි භක්තිකයන් විනෝද ක්‍රියා වලින් වැළකිලා ඉන්න පාස්කුවට පෙර දින හතලිහ වන චතාරික සමය ගමනට තෝරාගත් බවද කියවනවා. ගෙදර තියෙන පරණ පත්තර තොගය පෙරලුවාට ලිපිය හොයාගන්න බැරි උනා.

      Delete
  2. සීටී................ නියම ගායකයෙක්. තාම අපි ඒ ගීත වලට වශී වෙලා ඉන්නේ...... (මග අැරිච්ච ටිකත් කියපු ඒක හොදයි කියලා හිතෙනවා.)

    ReplyDelete
    Replies
    1. ලංකාවේ එල්විස් ප්‍රෙස්ලි කීවොත් හරියට හරි.

      Delete
  3. සීීටීට හොද කට හඩක් තියෙනවා.ගායකයෙකුට හොද හඩක් තියෙන්න ඕනි.අද ඉන්නේ වොයිස් හදා ගත්තු අයනේ.ආ දැන් ගායයෝ නෑනේ

    ReplyDelete
    Replies
    1. අද නියම ගායනයක් අහන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. ගායනයන් විතරක් නෙවෙයි වාදනය පවා කොම්පියුටරයිස්ඩ්. කටහඬක් හදාගන්න වෙන මහන්සිය මගහැරලා රේකොඩින් එකේදී හඬ මොඩියුලේට් කරනවා. මොඩියුලේට් කරලා ගැඹුරු ජවසම්පන්න හඬ හදාගන්න අමාරුයි. එක නිසා පොන්න හඬින් තමා ගීතය කරන්නේ.
      මේ ලඟදි ලංකාවේ ජනප්‍රිය තරුණ ගායකයකු ලැජ්ජා නැතිව කියල තිබුනා එයාගේ ජනප්‍රිය වුනු අලුත්ම ගීතය ස්ටේජ් එකේ කියන එක විශාල අභියෝගයක් කියල
      මම හැමදාම කියන දේ තමා සජීවීව ගයන්න බැරි, සජීවීව වයන්න බැරි ගීතය ගීතයක් නොව වංචාවක් කියන එක.

      Delete
  4. ගනුෂ්ක රන්දුල සී ටී ගැන ලිඋ ලිපිය අපගේ LANKA RADIO වැඩසටහනින් ගුවන් ගත කරන්න මේ මස 17 සිතාගෙන සිටින බැවින් ඔහුගේ දුරකථන අංකය සහ ලිපිනය අපට එවන්න: lankaradio@outlook.com ...Thanks...

    ReplyDelete