Monday, November 3, 2014

සෙනසුරු මාරුව සහ After Sales Service

සෙනසුරාද හවස හෙනහුරා ලැපට කෙලෝගෙනම මාරු උනාද කොහෙද. මදර් බෝඩ් එක හුචස්. ඉරිදා නෝ නෙට්, ඉස්පෙසලි නෝ සොසල් නෙට්, නො බ්ලොග් , ඔක්කොම නෝ ම තමයි. හෙලිකොප්ටරෙන් අරන් ගෙහින් ඇමසන් වනේ ගලක් උඩට අතැරිය වගේ.
සඳුදා උදේ නමය මාරට ගෙස්ටේට්නර් එකට කෝල් එක දුන්න. සුදාර  කියල ටෙක්නිකල් මැනේජර් කෙනෙක් ආන්සර් කරේ. දහයට ටෙක්නිකල් ඇසිස්ටන් කෙනෙක් මේසේ ඉස්සරහ. ගේට් පාස් දාල , පොත් පත් වල ලියල ගෙනියනකොට 11.00 යි සති දෙකකට බඩු බනිස් කියල හිතල 2008 අවුරුද්දේ පාවිචිචි කරපු මැසිම මලකඩ කඩල ගත්තා. එක හද හද ඉන්නකොට 2.00 ට විතර මෙන්න කෝල් එක එනවා මම ආව කියල. මොකාද බැලුවම ලැප ගෙනියපු එකා අලුත් මද බෝඩ් එකක් දාගෙන ඇවිත්.අවුරුදු තුනේ වොරන්ටිය නිසා චාජස් මොකුත් නෑ කිව්වා. මම මේ ඉන්නේ මොනරටේ ද කියල හිතුන. මම ජීවිතේට දැකපු වේගවත්ම ආෆ්ට සේල්ස් කස්ටමර් සර්විස් එක. විශේෂයෙන්ම කොම්පියුටර් ෆීල්ඩ් එකේ ලැබෙන්නෙම නැති දෙයක් තමයි ඕක
කියන්න බැරි උනානේ ලැප් ටොප් එක Fujitsu.
ලැපට ලොග් වෙලා බලනකොට මාතලන් දම්පාට දේදුන්නට පොඩි ප්‍රොමෝෂන් එකකුත් දීල. එකට ඉස්තුති කරන්න කියල කොටපු කොමෙන්ට් එක පොස්ට් එකක් හැටියටම දැම්ම මාතලන්ටයි ගෙස්ටේට්නර් එකටයි දෙකටම ඉස්තුති කරන්න. මොකද කොම්පීටරේ කැඩුනම වොරන්ටි ගන්න ගියාම ගොඩක් තැන්වල කස්ටමර්ලා බල්ලෝ බළල්ලු ගානට දාල කටයුතු කරන හැටි දන්නා නිසා. මේ වගේ කඩිනම් සේවයක් දිගටම පවත්වාගෙන යන්න ගෙස්ටේට්නර් එකට ශක්තිය ධෛහිර්‍යය ලැබෙන්න කියල සුබ පතනවා. අනිත් කොම්පැනි වලටත් ඔවුන්ව ආදර්ශයට ගන්න කියල ඉල්ලනවා.

4 comments:

  1. ගනන් ගන්න එපා මචෝ.. හොඳ කොම්පැනි වගේම හොඳ බ්ලොග් කාරයොත් තව ඉන්නවා..

    ReplyDelete
  2. ගොඩක් වෙලාවට වැරද්දෙදි පලු යන්න බැනල පෝස්ටු දුසිම් ගණන් දාන පරිසරයක, තමන්ට උදව් කරපු , යහපත් සේවයක් දීපු කෙනෙක්ට ස්තුති කරන්න පොස්ටුවක් දාන එකෙන් පේන්නේ 'ඔබේම' හොඳ ගතිය...

    ReplyDelete
  3. නියමයිනේ!! ගෙස්ටෙට්නර් සෑහෙන්න පරණ කම්පැනියක් නේද?

    ReplyDelete
  4. fujitsu වගේ ලැප් නම් ඉතිං සුපිරි බඩු... බය නැතිව අවු.3 වොරන්ටි දෙන්නේ ඒකයි... ගෙස්ටේට්නර් ගුණ වයපු එක ගැන සතුටුයි. වැරද්දක් උනාම බනින්න ගොඩ දෙනෙක් හිටියට නිවැරදි දෙයක් අගය කරන්නන් ඉන්නේ ඉතාම අතලොස්සයි...

    ReplyDelete