Tuesday, November 11, 2014

බටහිර සංගීතය අධ්‍යනය සඳහා - මනාගේ පින්තාරුව

සිංහල බ්ලොග් අවකාශයේ සංගීතය ගැන ලියවෙන බ්ලොග් අඩවි කිහිපයක් ම තිබුනට සංගීත අධ්‍යාපනය වෙනුවෙන් එම අඩවි වල ලිපි පලවෙනවා අඩුයි. විශේෂයෙන්ම බටහිර සංගීතය අධ්‍යනය කරන අයට සිංහලෙන්  ප්‍රකාශයට පත් වෙන පොත පතද ඉතාමත් විරලයි. වෙළෙඳ පොලේ දක්නට ලැබෙන පොත් අතරින් බහුතරයක් ඉන්දියානු සංගීතය සහ බටහිර සංගීතය පටලවාගෙන ලියා ඇතිබව පෙනීයන කරුණක්.
    එවන් අඩුපාඩුවක් මැකිය හැකි සිංහල බ්ලොග් අඩවියක් අහම්බෙන් ඇස ගැටුණු වෙලාවේම හිතුනා එයට පොඩි ප්‍රචාරයක් දීල දිරි ගැන්වීමක් කිරීම යුතු කමක් කියල.
මේ අලුත් බ්ලොග් අඩවිය මනාගේ පින්තාරුවයි. 

බටහිර සංගීතය අධ්‍යනය කරන අයට තාක්ෂණික වශයෙන් නිවැරදි තොරතුරු රැසක් මනාගේ පින්තාරුවේ දැනට පලවී ඇති ලිපි කිහිපය තුල දක්නට ලැබෙනවා.

උදාහරණයක් ලෙස පහත කොටස උපුටා දක්වන්න පුළුවන්

//මේජර් කෝඩ් එකක් හැදෙන්නෙ කොහොමද?//


//මේජර් කෝඩ් එකක් කියන්නේ කිසියම් ස්වරයක් මුලික කරගෙන එයට තව ස්වර දෙකක් යොදාගනිමින් නිර්මාණය කරන ස්වර පන්තියටයි.එය මෙසේද පැහැදිලි කල හැකියි. ඔයාට C මේජර් කෝඩ් එක වාදනය කල යුතුනම්,  මුලින්ම C(ස) note (ස්වරය) එක ගත යුතුයි.මෙහිදී සංගීතයේ තියෙන ස්වර දොළහ ගැන අවබෝධයක් තිබිය යුතුයි.(C  C# D  D#  E  F  F# G  G#  A Bь B) මෙම උදාහරණයට අනුව C(ස) note එක අපි ගන්නවා අංක එක(1) ලෙසට.එතැන් සිට පස්(5) වෙනි ස්වරය (E /ග) සහ  අට(8) වෙනි ස්වරය (G/ප) යන ස්වර තුන යොදා ගනිමින් C මේජර් කෝඩ් එක නිර්මාණය කරගන්න පුළුවන්. පහත රුපය බැලුවම තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්.//

ඒ වගේම මනාගේ පින්තාරුව අඩවියේ ගිටාර් වාදනය පිලිබඳ මුල සිටම වැදගත් කරුණු රැසක් අඩංගු ලිපි පෙළක් පටන් අරන් තියෙනවා. ගිටාර් වාදනය යටතේ පලවී තිබෙන ලිපි මුල් දෙක අති විශිෂ්ඨයි. එමෙන්ම සරලයි. මුලිකව දැනගැනීමට අවශ්‍ය තාක්ෂණික සහ සෛද්ධාන්තික කරුණු සියල්ලම පාහේ මේ ලිපි මගින්  ආවරණය කරනවා.
සිංහල බ්ලොග් අවකාශය තුල පැවති අඩුපාඩුවක් සපුරන මේ අඩවිය වෙත උපරිම ප්‍රචාරණයක්  ලබා දෙන්න කියල සහෝදර බ්ලොග් ලේඛකයන්ගෙන් ඉල්ලන ගමන්ම බ්ලොග් අඩවිය අතරමග නවතා දමන්නේ නැතුව දිගටම පවත්වාගෙන යන්න කියල මනාගෙනුත් ඉල්ලාසිටිනවා.

ඔබට සුභ පැතුම්!

22 comments:

  1. ඒක හොඳ වැඩක් තමයි! මාත් මෙච්චරකල් බෙර ගහන්නු ගත්තු ගිටාර් එක "ප්ලේ කරන්න" උත්සාහ කරනව ඔය පාඩම දිහා බලාගෙන.

    ReplyDelete
    Replies
    1. ගිටාර් ටියුනර් එකකුත් ගන්න. ගහන්න කලින් ටියුන් කරලා පටන් ගන්න. නැතිනම් කන සවුත්තු වෙනවා.

      Delete
    2. ගහන්න කලින් ටියුන් කරන්න ඕන කියලා ඉන්දිකයට කියන්න ඕන නෑ මයෙ හිතේ..

      අනික මොනවද මේ කියන කැත කතා...

      Delete
  2. මාත් ඔය සයිට් එක දැක්කේ මාතාගේ සින්ඩියේ.. ඒත් බැලුවේ නෑ

    ReplyDelete
    Replies
    1. මම දැක්කෙත් මාතලන්ගේ සින්ඩියේ තමා.

      Delete
  3. අප්පට සිරි පනස් වෙනි පොස්ට් එක.

    ReplyDelete
  4. පනහට සුභ පැතුම්............ මං හිතන්නේ ඉතා කෙටි කලකින් වැඩි ප්‍රතිචාර සමගින් කරපු ලිපි පනහක්...

    කොහොම වුණත් ජීවන්.. අපිත් ඒ පැත්තේ යන්නම්.. ඇත්තට ම අවශ්‍ය දෙයක්.. ඔබ කරපු දැනුවත් කිරීමත් ඉතා වටිනවා

    ReplyDelete
  5. හප්පා මට ඔය ගිටාර් පිස්සුව තිබ්බ...ගිටාර් එකක් නැති වුනත් ගූගල් කරල හොයාගත්තු සිංහල පාඩම් වගයක් බුක්මාර්ක් කරගෙන තිබුණා. කොහොමහරි ගොඩක් ඒවල තිබ්බෙ ආරම්භක පාඩම් විතරයි. ඒවට මොනව උනාද මන්ද. දැං ඉතිං මේක දැක්කාම ආයි නිකං කිති කිති වගේ.. :D

    ReplyDelete
    Replies
    1. අර එකෙක් ගොඩ ඉදන් පීනන්න ඉගෙනගත්තලු

      Delete
  6. හොඳ වැඩක්...

    ReplyDelete
  7. ටිකක් වත් අධ්‍යනය කරපු නැති අංශයක් තමයි සංගීතය. ඉස්කෝලේදී සංගීතය ඉගෙන ගන්න ගියා ගුරුතුමිය සංගීතයට ළමයි තෝරා ගත්තේ සින්දුවක් කියන්න දීලා. එතනින් මම කැපුනා. අදවෙනක්කම් සංගීතය ඉගෙන ගෙන නැහැ.

    ReplyDelete
    Replies
    1. මගේ පොඩි එකාවත් සින්දුවක් කියල සංගීතයට තෝරාගන්න සිස්ටම් එකෙන් කැපුනා.
      දැන් ඒක ඉස්කෝලේ විභාගයට ඉගෙනගන්නේ දේශීය නැටුම්.
      නමුත් මම ගෙදරදී Western Drumming ඉගැන්නුවා. ඇමරිකන් DVD ලෙසන් කිට් එකකින් තමා ඉගෙන ගත්තේ.. මේ වෙනකොට එකට අවුරුදු 12යි. එත් ඕනෑම ඩ්‍රම් නොටේෂන් එකක් කියවල ගහන්න පුළුවන්. ඒ වගේම Radio Gaga / Proud Mary වගේ ඩ්‍රමින් අමාරු සින්දු පවා ගහනවා. ඔය වගේ සංගීතය බෑ කියල ඉස්කෝලෙන් හැලෙන (හලන) ළමයින් කොයි තරම් ඇතිද?

      Delete
  8. බොහොමත්ම ස්තුතියි Jeevana Fernando මහත්මයට මානාගෙ පින්තාරුව ගැන බ්ලොග් කියවන අයට දැනගන්න හොඳ ලිපියක් පළ කරපු එක සම්බන්ධව. ඒ වගේම මගෙ බ්ලොග් එක ගැන මේ ලියල තියෙන කරුණු ටික දැක්කම මට අමුතු පණක් අවා වගේ දැනුන :). ආධුනික බ්ලොග් ලියන්නෙක්ට මෙහෙම දිරිමත් කරන්න ලිපියක් ලියපු එක ගොඩක් වටිනවා. මේ පටන් ගත්ත වැඩේ මගින් නවත්තල දන්නෙ නම් නෑ :) අනිවාර්යෙන්ම පුළුවන් තරම් හොඳින් හෙමින් කරන් යන්න තමයි මනා හිතාගෙන ඉන්නෙ :) ඒ වගේම මගෙ බ්ලොග් එකේ ඔබතුමන්ලා දකින වැරදි දෙයක් තියෙනවනම් ඒ පිළිබඳවත් දැනුවත් කරන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. නැවත වරක් Jeevana Fernando මහත්මයට බොහොම ස්තුතියි කියල කියනවා. ඒවගේම මතලන්ගෙ සින්ඩිය(Maathalan - Priyantha Hewage) සහ බ්ලොග් දර්ශකයටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගෙ බ්ලොග් එක මුලින්ම ඇතුළත් කරගත්තට :) ජයවේවා !!! :)

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය වෙන්නේ නොනවත්වා ලියන එකයි...

      Delete
    2. අනිවාර්යයෙන්ම දිගටම ලියනව ප්‍රියන්ත අයියා :)

      Delete
  9. 50ට සුබපැතුම්! ඒ වගේම 50න් හොඳ වැඩක්.

    ReplyDelete
  10. ජීවන අයියේ බ්ලොග් එක පාළුවට ගිහින් වගේ. ඉක්මනට ලිපියක් දානකන් බලන් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා ජිවන අයියට!!!

      Delete