Saturday, September 13, 2014

සංගීත චාරිකාවක් 24 - Pussycat සහෝදරියන් තිදෙනෙකු ගෙන් සමන්විත වූ සංගීත කණ්ඩායම

එක පවුලේ සහෝදරියන් තිදෙනෙකුගේ ගායන කුසලතාව තුලින් ලෝක ප්‍රසිද්ධ වූ Pussycat ගායනා කණ්ඩායමේ කතාව අද සංගීත චාරිකාව වෙත ගෙන එනවා. මේ පොස්ටුව ලියන්න හිතුනේ ජාලය පුරා සැරිසරන කොට අහම්බෙන් ඇස ගැටුණු My Broken Souvenirs ගීතය වසර 25ක් විතර ඈතට සිත ගෙනගිය නිසා. කලෙක මෙම ගායිකාවන් තිදෙනා ගුවන්විදුලි ඉංග්‍රීසි සේවය බදු අරන් තිබුනා කීවොත් නිවැරදියි. 
පුසිකැට් නෙදර්ලන්තයේ බිහිවුන කන්ට්‍රි සහ පොප් ශෛලීන්හි නිර්මාණ බිහි කල සංගීත කණ්ඩායමක්. මෙම කණ්ඩායම : Toni, Betty සහ Marianne නම් සහෝදරියන් මුලික කොටගෙන Lou Willé , Theo Wetzels, Theo Coumans සහ John Theunissen යන සාමාජිකයින්ගෙන් සමන්විත වුවා.




සංගීත කණ්ඩායම පිහිටුවාගැනීමට පෙර මෙම සහෝදරියන් තිදෙනා නෙදර්ලන්තයේ ලිම්බර්ග් නගරයේ දුරකථන ක්‍රියාකාරිනියන් ලෙසින් සේවය කළා. මෙම කාලයේදී Theunissen, Wetzles සහ Coumans තිදෙනා ස්කම් නම්වූ සංගීත කණ්ඩායමේ වාදකයන් වශයෙන් කටයුතු කළා. Ricky Rendall නම් වූ සංගීත කණ්ඩායමේ වාදකයකු වූ Lou Wille සහ ටොනිගේ විවාහයෙන් පසුව සියලු දෙනා එක්වී Sweet Reaction නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත් අතර එම කණ්ඩායමේ නම පුසිකැට් ලෙසින් පසුව වෙනස් කරනු ලැබුවා.

1975 වසරේ මෙම කණ්ඩායම එළිදැක්වූ මිසිසිපි ගීතය සමස්ත යුරෝපය පුරා ප්‍රචලිත වූවා. නමුත් මෙම ගීතය බ්‍රිතාන්‍ය ගීත දර්ශක වලට ඇතුලත් වුයේ 1976 ඔක්තෝම්බරයේ UK Singles Chart හි පලමු තැනට පැමිණීමෙන් පසුවයි. Werner Theunissen නම් වූ සහෝදරියන් තිදෙනාගේ ගිටාර් ගුරුවරයා ගීතයේ පද රචකයා වනවා. මිසිසිපි ගීතය ලොව පුරා පිටපත් මිලියන පහකට වඩා අලෙවියක් වාර්තා කොට තිබෙනවා.



අනතුරුව 1976 වසරේ ගායනා කල Smile සහ 1978 වසරේ ගායනා කල Hey Joe ගීත දෙකද සුවිසල් අලෙවි වාර්තා වලට හිමිකම් කීවා.

Smile

Hey Joe

පුරා දශකයක කාලයක් ගීත ඇල්බම් 17ක් එළිදැක්වූ මෙම කණ්ඩායම ලොව පුරාම ප්‍රසංග පවත්වමින් චාරිකාවන් හි යෙදුනා. 70 සහ 80 දශකයේ බටහිර ජර්මානු Musikladen රුපවාහිනී මාලාවේ පුසිකැට් කණ්ඩායමහි ගීත ප්‍රචාරය වුවා. කණ්ඩායමේ අනෙකුත් විශ්ෂ්ඨ නිර්මාන වන Georgie, Wet Day in September සහ My Broken Souvenirs ගීත ලොව පුරා ගීත දර්ශක වල ස්ථාන ගතව තිබෙනවා.

Georgie

Wet Day in September

චාරිකාව තව දුරයි.

විසිපස් වන කොටසින් හමුවමු

9 comments:

  1. මිසිසිපි වගේම අනික් එව්ව ටිකත් ලස්සනයි...
    ජය වේවා

    ReplyDelete
  2. යකෝ එක දිගටම සංගීත කණ්ඩයම් ගැන නොලිය වෙන මොනාහරිත් ලියහන් :D

    ReplyDelete
    Replies
    1. මම දන්නේ ඔච්චරයි නේ බං

      Delete
    2. සංගීත කණ්ඩායම් ගැන නැතුව පට්ට සිංදුවක් ගැන ලියහන් එහෙනං.

      Delete
    3. මම මේක ලියන්නෙත් හරිම අමාරුවෙන්. මොකද ලේඛන හැකියාව මට තියෙන්නේ හරිම අඩුවෙන්. සමහර පොස්ට් කියවනකොට උඹලට ඒක තෙරෙනේව ඇති. සින්දුවක් ගැන (අර බීටලය ලියනවා වගේ) පට්ට පොස්ට් එකක් ලියනවා තියා හිතන්නවත් අමාරුයි.

      Delete
    4. උඹගෙ ලේඛන හැකියාව ඇතිද මදිද කියන එක තීරනය කරන්නෙ ලියන උඹ නෙමෙයි කියවන අපියි. ඒ නිසා ලියහංකො පණ්ඩිතය නොවී. කතාවටත් කියන්නෙ කම්මැලියට දිවැස් තීනව කියල.

      Delete
    5. දිවැස් නෙවෙයි දෙදිවැස් තියෙන්නේ. ඇස් දෙකට දෙකක් තියෙනවා

      Delete
  3. ස්තුතියි දැම්මට මේ බෑන්ඩ් එක ගැන. Katzenjammer කියන ජර්මන් බෑන්ඩ් එක දන්නවද?

    ReplyDelete