Saturday, August 16, 2014

සංගීත චාරිකාවක් 18 - The Charlie Daniels Band

ලොකු පුතා චාලි ඩැනියල්ස් ගේ කන්ට්‍රි රොක් සින්දුවක් වන Drinkin' My Baby Goodbye හොයාගෙන ප්‍රක්ටිස් කරන්න ඕන කියල මට පෙන්නුවා. හොඳ තෝරාගැනීමක් උනත් නියම වයලීන් පාරක් යනවා කියල කිව්වම දෙන්න හිතුන ඔලුව හිල් වෙන්න. මේකට තාම වයලීන් එකයි රවුකිඤ්ඤයයි අඳුනා ගන්න බැහැ. කොහොම උනත් මට පොස්ට් එකක් ලියන්න නිමිත්ත සෙට් උනා.



ගී පද රචකයෙකු, ගිටාර් සහ රවුකිඤ්ඤ වාදකයකු වන චාලි ඩැනියල්ස් බෙහෙවින් ප්‍රසිද්ධ වුයේ ඔහුගේ The Devil Went Down to Georgia නම් වූ ගීතයෙනි. 1950 දශකයේ මුල් භාගයේ සිට සංගීතයේ යෙදුනු ඔහු 1969 සහ 1970 වසරවල තැටි ගත කෙරුණු Bob Dylan ගේ ඇල්බම් තුනක ඉලෙක්ට්‍රික් බේස් වාදන ශිල්පියා ඔහු ලෙස කටයුතු කලේය

චාලි ඩැනියල්ස් සිය ප්‍රථම ඒකල ඇල්බමය පිට කරනුයේ 1971 වසරේදීය. 1973 වසරේ ඔහුගේ Uneasy Rider ගීතය Billboard Hot 100 දර්ශකයේ නව වන ස්ථානයට පැමිණින. මේ කාලයේදී Marshall Tucker Band හේ ගීත ඇල්බම පහක රවුකිඤ්ඤ වාදනය කල ඔහු වාදකයකු වශයෙන් ඉමහත් ජනප්‍රිය විය. 1975 වසරේ The South's Gonna Do It Again නමින් Southern rock නම් සංගීත ශෛලීය පිළිබඳව ගැයූ ගීතය බෙහෙවින් සම්භාවනාවට පාත්‍ර උනා. තවද එම වසරේම Long Haired Country Boy ගීතය minor hit in that year වශයෙන් නම් කෙරුනා.

The South's Gonna Do It Again
Long Haired Country Boy
 

1979 වසරේදී චාලි ඩැනියල්ස් හොඳම කන්ට්‍රි ගායනය සඳහා වූ ග්‍රරැමී සම්මානය ලබාගනුයේ The Devil Went Down to Georgia නම් ගීතයටය. තවද එමගීතය Billboard Hot 100 දර්ශකයේ තුන් වන ස්ථානයද දිනා ගත්තේය. ඊලග වසරේදී තිරගතවූ Urban Cowboy නම් සිනමා පටයට The Devil Went Down to Georgia ගීතය තෝරා ගත් අතර ගීතය තවදුරටත් ජනප්‍රිය වීමට හේතුවක් විය. තවද මෙම ගීතයේ හෙවි මෙටල් සංස්කරනය් Guitar Hero III: Legends of Rock නම් එකල අතිශය ජනප්‍රිය වූ වීඩියෝ ක්‍රීඩාව සඳහාද යොදාගන්නා ලදි.

The Devil Went Down to Georgia 


කන්ට්‍රි ගායකයකු වුවද, ඔහුගේ In America, The Legend of Wooley Swamp සහ Still in Saigon ගීත පොප් දර්ශකද ආක්‍රමණය කලේය.

In America

 The Legend of Wooley Swamp

 


Still in Saigon

චාරිකාව තව දුරයි
දහනව වන කොටසින් හමු වෙමු


9 comments:

  1. යකෝ.... තෝ ද දම්පාට දේදුන්න.... කියවල එන්නං මචෝ.....

    ReplyDelete
    Replies
    1. දේදුන්න පිටිපස්සේ හැංගිලා තමා ඉන්නවා

      Delete
  2. ඔබගේ බ්ලොගය පුරාම ඇත්තේ විකිපීඩියාවෙන් අහුලාගත් ඕපාදුප නැතහොත් ගොසිප් පමණි. ඒවා එකිනෙක සංසන්දනයට වුවද අප සුදානම්ය. අහුලාගත් දැනුම සිංහලෙන් ලියා ලංකාවේ ගොනුන් ඉදිරියේ, ඔබ බටහිර සංගීතය පිලිබඳ විශාරදයකු විලස පෙනී සිටියි.

    ReplyDelete
  3. හඃ හඃ ඌරගේ මාලු ඌරගෙ ඇගේම තියල කපල

    ඕක අලුත් දෙයක් නෙවෙයි. 16 වෙනි පොස්ට් එකේ මම ඕක කියල තියනවා wiki එකෙන් තමයි ඉතිහාසය ගන්නේ කියල. (http://dampatadedunna.blogspot.com/2014/08/16-bellamy-brothers.html)
    සුවර් එකටම FB ගෘප් එකකින් ආපු එකෙක්. මොකද අලුත් FB Group කීපයකට පොස්ට් එකේ ලින්ක් දැම්ම. පරණ ඒවා කියවපු කට්ටිය විකි එකෙන් ගන්න බව දන්නවනේ.

    ReplyDelete
  4. අරක වයලීනයක් වගේනෙ බං.. රවුකිඤ්ඤය මීට කලින් අහල තිබුන්නෑ.. වයලීනෙ සද්දෙට පොඩ්ඩක් වෙනසක් නං තියේ..
    අදත් මීට කලින් අහල නැති බෑන්ඩ් එකක් ගැන දැනගත්තා..
    ඔය ඇනෝල කියන එව්ව ගණං ගන්න එපා..

    ReplyDelete
    Replies
    1. වයලීනය සහ රවුකිඤ්ඤය යනු එකම සංගීත භාණ්ඩය සදහා වාදනය කරනු ලබන ශෛලීයට යෙදෙන නම් දෙකකි.
      වයලීනට සම්භාව්‍ය සහා ජෑස් සංගීතයේ යොදාගන්නා අතර රවුකිඤ්ඤය, ෆොක් (ජනගී ආර) කන්ට්‍රි සහ බ්ලුග්‍රාස් ශෛලීන් සඳහා යොදා ගැනේ
      නමුත් පැහැදිලි වෙනසකය ඇත්තේ රවුකිඤ්ඤය සඳහා ගැඹුරු හඬක් ලබාගැනීමට බොහෝවිට ලෝහ තත් යොදාගැනීම සහ වයලීනය සඳහා බොහෝවිට ගට් වර්ගයේ තත් යොදා ගැනීමය

      Delete
    2. ආහ්..දැනුයි තේරුනේ.... :D

      Delete
    3. තව පොඩ්ඩක් පැහැදිලි කරොත් රිදම් ගිටාරය සහ ක්ලැසික් ගිටාරය වගේ. රිදම් ගිටාරය ලෝහ තත් වලින්ද ක්ලැසික් ගිටාරය ගට් වර්හයේ තත් වලින්ද සමන්විතයි.

      වයලීනය බොහෝවිට තවත් සංගීත භාණ්ඩ සමග මුසු කොට වාදනය කරන අතර රවුකිඤ්ඤය නිතරම එකල වාදන (Solo) සඳහා යොදා ගනියි.(පළමු වීඩියෝව බලන්න)

      Delete
  5. amazing...
    friend donot publish long posts. It takes some times to load.

    ReplyDelete