Thursday, September 21, 2017

බුදු සසුනට වින කටින්නේ අන්‍ය ආගමිකයන් නොවේ.

ශ්‍රී ලංකාවේ පවතින සංස්කෘතික සහ සාමාජීය ව්‍යුහය බුදු දහම මුලික කරගෙන ගොඩ නැගී ඇත. සිංහල බෞද්ධයා පමණක් නොව සිංහල කතෝලිකයාද සිය පැවැත්ම තුල පෙන්නුම් කරනුයේ බුදු දහමේ ආභාශයයි. අප වෙත කතෝලික දහම පැමිණි යුරෝපීය සමාජයේ සංස්කෘතියට වඩා හාත්පසින් වෙනස් සංස්කෘතියක් සිංහල කතෝලිකයාට ඇත. සමහරක් චාර්යා රටාවන් වෙනස් වුවද ප්‍රධාන වශයෙන් කතෝලිකයා වෙත පවතිනුයේ බෞද්ධ සංස්කෘතිය වෙතින් ශික්ෂණය වූ පවුල මුලික සංස්කෘතියකි. මේ අනුව ගත් කල මුළු රටේම සංස්කෘතිය පදනම් වන්නේ බුදු දහම කේන්ද්‍ර කරගෙන බව පෙනෙයි.

නමුත් මේ වන විට දේශීය සංස්කෘතියේ  බෞද්ධ පදනම වෙත එල්ල වී ඇති තර්ජනය ඇති මහත්ය. නිදහසින් පසුව මෙරට තුල ඇතිවූ ඊනියා බෞද්ධ ප්‍රබෝධය අවසානයේ මාරක ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ රටේ බෞද්ධ සංස්කෘතියට ය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්යෙන් නිදහස ලැබීමෙන් අනතුරුව බල ලෝභී දේශපාලන නායකයන් රොත්තකගේ ග්‍රහණයට හසුවිය. මේ ඊනියා නායකයින්  බලයට පැමිණීම සඳහා මෙරට පවතින බෞද්ධ පදනම නින්දිත ලෙසින් ගණිකා වෘතියේ යෙදවූ බව මෑත ඉතිහාසය අධ්‍යනය කරනා විට හොඳින්ම පෙනී යයි. බලලෝභී නායකයන් විසින් බෞද්ධ සමාජය ප්‍රධාන අවස්ථා හතරකදී දරුණු පිරිහීමකට ලක් කර ඇත.

1. බණ්ඩාරනායක විසින් බලයට පැමිණීම සඳහා පංච මහා බලවේගය නම්වූ සන්නාමය යටතේ සංඝ සමාජය අලෙවිකරණය සඳහා යොදවා ගැනීම.
2. භික්ෂු විනයට කෙලෙසකින්වත් නොගැලපෙන ලෙසින් දේශපාලන පක්ෂයක් අටවාගෙන ඡන්ද අපේක්‌ෂකයන් ලෙස භික්‌ෂූන් 260 ක්‌ පමණ මැතිවරණයට තරඟ කරවීම 
3. ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ප්‍රමුඛ මැර කල්ලියකට දේශපාලන අනුග්‍රහය ලබාදීමෙන් රටේ සුලු ජාතික කණ්ඩායම් පීඩනයට  කිරීම.
4. දේශපාලන නායකයින් විසින් අමු අමුවේ සිදු කරනා ලද චන්ද දුෂණ සහ මුල්‍ය අවභාවිතාවන් නිසා අධිකරණයෙන් වරදකරුවන් කරනාලද නිලධාරීන් වෙනුවෙන් පෙනීසිටීමට සංඝයා වහන්සේලා යොමු කරවා සංඝ සමාජය අවඥාවට ලක් කිරීම 

සිල් රෙදි වංචාව නිසා සිරගතවුවන් වෙනුවෙන් සංඝයා වහන්සේලා පාරට ඇද දමනා ලද දේශපාලන නායකයින් විසින් රටේ බෞද්ධ පදනමට ඇති කර තිබෙනා හානිය සුළුපටු නොවෙයි. මේ හේතුවෙන් වර්තමානයේදී, බුදු සසුනේ මුර දේවතාවුන් වන සංඝයා වහන් සේලා වෙත සමාජයෙන් විශාල විරෝධතාවයක් එල්ල වී ඇති බව පෙනෙන්නට තිබේ. එම විරෝධතාවයේ පරිමාණය සමාජ ජාලා වෙත යොමු කරනු ලබන ලිපි සහ චායා රුප ආශ්‍රිත නිර්මාණ තුලින් මොනවට පෙන්නුම් කෙරෙයි. සංඝ සමාජය වෙත විරෝධතාවය දක්වන්නන්  අතර අන්‍යාගමික පිරිස් අවම වන  අතර එහි මුලටම සිටිනුයේ බෞද්ධ පිරිස්ය.  තවද උපතින් බෞද්ධ නමුත් මේ වනවිට නිරාගමිකයන බවට හැරී සිටිනා  සෑහෙන පිරිසක් ද වෙති.

සිය දුෂණ වසා ගැනීමට අද දින  සංඝයා වහන්සේලා මහමගට ඇද දමනා ලද පිරිස විසින්ම සිය දේශපාලන යාන්ත්‍රණයට එරෙහි වූ සංඝයා වහන්සේලාට එලව එලවා පහර දුන් ආකාරය මතක් කර දීම වටියි. 2004 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව කථානායක තේරීමේ චන්ද විමසීමේදී විරුද්ධ පාක්ෂික අපේක්ෂකයා වූ වී ජ මු ලොකුබණ්ඩාර දිනවීමට කටුයතු කරනා ලද එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වූ සංඝයා වහන්සේලාට පහරදී ඉන් දෙනමකගේ රහසඟ මිරිකා රෝහල් ගතවන තත්වයට පත් කරනා ලද්දේ මේ පිරිස විසින්මය. ඉනිඳු  නොනැවතී රට පුරා සංඝයා වහන්සේලාට  හක් බෙල්ලන්, හක්කු, සිප්පි යනුවෙන් අවමන් කරමින් පෝස්ටර් අලවන ලද්දේද මේ පිරිසමය.  

මේවා සිදුකරනා ලද්දේ බෞද්ධයන් වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටිනා බව සැමවිට කෑමොර දෙන දේපාලන නායකයන් මිස අන්‍යාගමික පිරිස් නොවෙති.  

11 comments:

  1. ඔබ කියන්නේ ඇත්තක්. ලංකාවෙ මිනිස්සු සංස්කෘතියෙන් බෞද්ධ. ආගම, කථාකරන භාෂාව ආදී වෙනත් අනන්‍යතා වලින් යුක්තයි.' සිංහල බෞද්ධයෝ නම් අපිම වම්හ' යයි කියමින් ලංකාව තමන්ට විතරක් අයිතියයි කියාගන්නා අය හරියට එක සහෝදරයෙක්/සහෝදරියක් මහගෙදර තමන්ට විතරක් අයිතියයි අනිත් සහෝදර සහොදරියන් එලවා දමන්න දඟලන අමන මෝඩයො වගෙයි.

    ReplyDelete
    Replies
    1. සිංහල කතෝලිකයා කෙතරම් දේශීය සංස්කෘතියට අනුගත වෙලාද කියන කාරනාව හොඳින්ම දැකගන්න පුළුවන් දේවස්ථානයන්හි ගැයෙන ගීතිකා වල පදමාලා කියව්වහම.

      Delete
  2. ඒ කිසිවක් මේ අති භක්තිමත් බෞද්ධ බැතිමතුන් යැයි කියාගන්නා බලි නටවන්නන්ට දැන් මතක නැත. පිඬු සිඟා ගිය භික්ෂුන්ට දන් පිළිගැන්වීම වැරදි ක්‍රියාවක් යැයි හිටපු ජනාධිපතිවරයා පැවසු බව අද දිවයින 21.09.2017) පත්‍රයේ නෝමන් පලිහවඩන වාර්ථා කර තිබුණා.

    ReplyDelete
    Replies
    1. අනිත් අයට මතක තියෙන්නේ කොහොමද, පහර කාපු භික්ෂුන් වහන්සේලාම පහර දීපු එකාගේ ඔඩොක්කුවට වැටුනහම

      Delete
  3. මෙන්නෝ.. මිෂනාරි ආගමක පඩියට ලියන ලේඛකයෙක් අපේ සිංහල බහුද්ද මෙව්ව එකට මෙව්වා කරනෝ.. අල්ලපියෝ.. මරපියෝ.. කොටපියෝ.. දෙදාස් පන්සීයේ මෙව්ව එක රැකගනියෝ.. :)))))

    ReplyDelete
    Replies
    1. ලියාපු එකාට අබ සරණ පැතීම යුතු කමකි.

      Delete
  4. මේ රට සංස්කෘතියක් ඇති රටක් කළේ කතෝලික ආගම මිසක් බෞද්ධාගම නෙමේ. කුල බේදෙන් පිරිල තිබ්බ ගෑනු උඩට අදින්නෙ නැතුව පාරෙ ගිය එක ගෑනියෙක්ව මිනිස්සු පහක් විතර තියාගත්තු ගෝත්‍රික සමාජයක් සිංහල සමාජය කියන්නෙ. ලංකාවෙ උන්ට සංස්කෘතියක් කියන්නෙ මොකද්ද කියල දුන්නෙ සුද්ද ආවට පස්සෙ කතෝලික ආගම හරහ. ඇදුම් නැතුව හිටපු ගෑනුන්ට හික්මීමක් ඇතුව අදින්න පුරුදු කරේ කතෝලික ආගම හරහ. මහ ලොකු සිංහල බෞද්ධයො හිතාගෙන ඉන්නෙ ඔය සිංහල බෞද්ද සංස්කෘතියක් කියල.

    ReplyDelete
  5. මාර පොරවල් ඔයි බ්ලොග් ලියන්නේ කොහොමද සම්මානවලට නැමෙන නැමිල්ල

    සම්මාන ඕනනම් මේ විදිහට නැමියන් නැතිනම් සම්මාන සුම්මා !!!!

    Ajith DharmaSeptember 13, 2017 at 4:33 AM
    "අම්මටම පෑගිලා වං කකුල රොටියක් වගේ වෙච්චි මාවත් ඇදගෙන අපෙ අම්මත් තොරණ ගාවට යනව"- අම්මා මේ බ්ලොග් එක කියෙව්වා දවසට ආච්චි අම්ම එක්ක එකතු වෙලා දෙහි කපයි සුරංග මලයට.
    තොරන් දෙයියෙක් වගේ අර තොරන් වල ලයිට් පත්තු වෙන හැටි ඔහොම මතක තියා ගත්තේ කොහොමද?
    එසේම ලැබූ සම්මාන ප්‍රශංසා අඩියට සුභ පැතුම් සුරංග.
    (තව පොඩි ප්‍රශ්නයක් මේ කොමෙන්ට් වලට දාපු උත්තර දිහා බලන කොට හිතුන සුරංග ළමය යෙහෝවා විට්නස් එකට වත් බැඳුණද කියල. )
    Reply

    surangamlrSeptember 13, 2017 at 5:51 PM
    ඉතාමත් ශෝබමාන සහ සවිස්තරාත්මක අදහස් දැක්වීමකින් බ්ලොග් ලිපිය සුවඳවත් කළ ඔබට මාගේ ආචාරය. ඔබට පැහැබර සහ සුවදායී දිනයක් උදාවේවා

    හැදෙන ගහ මෙන්න මෙහෙමයි හැදෙන්නේ අදර්සෙට අරගෙන කොමන්ට් කරන්න .
    ජකජක ජම්බු ජකර බක බක ගන් කබර ලියලා හරි කමක් නැ

    ReplyDelete
  6. https://thattayagekolama.blogspot.com/p/blog-page_63.html

    වෙලාව තිබුනොත් එබිල යන්න! ඔබගේ ලිපියට අගේ පිළිතුර මෙහි ඇත.

    ReplyDelete