අඳුරු සිර කුටි තුල දුක් විඳිමින් විශ්ව සාහිත්‍යයේ නොමැකෙන සටහන් තැබූ ලේඛකයන් රැසක් සිටිති. එවන් ලේඛකයන් කිහිප දෙනෙකු පිලිබඳ සංෂිප්ත විස්තර ගෙනෙනා ලිපි කිහිපයක පළමු ලිපිය මෙසේය.
විලියම් සිඩ්නි පෝටර් (William Sydney Porter) 1898 වසරේ මාර්තු 25 වන දින පස් වසරක සිර දඬුවමකට යටත් වුයේ මුල්‍ය වංචාවකට වැරදිකරු වීම නිසාය. සිර දඬුවම් ලැබීමට පෙර කිසිදු පොතක් ලියා නොතිබුණු ඔහු සිර ගෙදර සිටි කාලයේදී ලේඛනයට නැඹුරු විය. සිර දඬුවම් විඳින කාලයේදී ඔහු විවිධ ආරූඪ නම් වලින් කථා දාහතරක් ප්‍රකාශයට පත් කළේය. මැක්ලර්ස් සඟරාවේ (McClure's Magazine) 1899 දෙසැම්බර් කලාපයේ පළවූ "Whistling Dick's Christmas" කථාව ලියූ ආරුඪ නාමය වූ "ඕ හෙන්රි" නමින් පසු කලෙක ඔහු විශ්ව සම්භාවනාවට පත් විය. හොඳ කල්ක්‍රියාව නිසා ඔහුගේ සිර දඬුවම් කාලය වසර තුනකින් නිම කෙරිණ.
1849 වසරේ අප්‍රියල් මස 23 දින රුසියන් ජාතික පියදෝර් දොස්තොයෙවුස්කි (Fyodor Dostoyevsky) අත්අඩංගුවට පත් වුයේ විප්ලවකාරී අදහස් පැතිරවීමේ චෝදනාව මතය. සාර් ආණ්ඩුව විසින් ඔහුව සයිබීරියාවේ
ඔමස්ක් (Omsk) හි, කතොර්ගා (Katorga) සිර කඳවුර වෙත පිටුවහල් කළේය. සිර භාරයේ සිටි කාලයේදී ඔහු විසින් අපරාධය සහ දඬුවම නම් ලෝක පුජිත කෘතිය ලියුවේය.
මයිකල් සර්වටස් ( Michael Servetus) දහසය වන ශත වර්ෂයේ ස්පාඤ්ඤයේ විසු දාර්ශනිකයෙකි. ඔහු දේවධර්මය, වෛද්‍ය විද්‍යාව, ගණිතය, තාරකා විද්‍යාව, භූගෝල විද්‍යාව, කාය විච්චේදනය ආදී ක්ෂේත්‍ර රැසක් ප්‍රවීනයෙකු විය. සර්වටස් ළදරුවන් බෞතීස්මයට තරයේ විරුද්ධ වූ අතර රෙපරමාදු ප්‍රතිසංස්කරණ වලට අනුව මුලදී කටයුතු කළේය. නමුත් පසුව ක්‍රිස්තියානි ධර්මය පිලිබඳ වෙනත් දර්ශනවාදයක් ඉදිරපත් කිරීම නිසා පණපිටින් පුළුස්සා දමනු ලදුයේය. ටෙස් දොන් ක්වික්සෝටි නම් අමරණීය නව කථාව ඔහු ලියුවේ සිර ගතව සිටි කාලයේදීය.
අයර්ලන්ත ජාතික ඔස්කා වයිල්ඩ් (Oscar Wilde) ලේඛකයෙකු, කවියෙකු මෙන්ම සෞන්දර්යවාදියෙකුද විය. ලන්ඩන් නුවර ප්‍රසිද්ධ නාට්‍ය රචකයෙකු වූ ඔහුගේ "රාවෙන්නා" නම් කාව්‍යය වෙනුවෙන් 1878 දී නිවින්ගේට් සම්මානය ලබා ගත්තේය. ඔස්කා වයිල්ඩ් සිර ගත කරනා ලද්දේ පුංමෛථුනය (sodomy) චෝදනාවට වැරදිකරු කරමිනි. පසුව ඔහුව ප්‍රංශයට පිටුවහල් කෙරිණ. ප්‍රංශයේ සිටියදී ඔහු විසින් "The Ballad of Reading Gaol."නම් නිර්මාණය කළේය. සිර ගෙදරදී ඔහු ලියූ වචන 50,000 කින් යුත් සිය ආදර වන්තයා වූ ඇල්ෆ්‍රඩ් ඩග්ලස්ට යැවූ දීර්ඝ ආදර හසුන වාග් විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් විමර්ශනය කළ හැකි ඉහල ගනයේ ලියවිල්ලකි.
බ්‍රිතාන්‍යයට දුම්කොළ හඳුන්වා දෙමින් දුම් පානය පුරුදු කළේ ශ්‍රීමත් වෝල්ටර් රැලේ (Sir Walter Raleigh) විසිනි. ඔහු ප්‍රසිද්ධ දේශ ගවේෂකයකු වන්නට ප්‍රථම මුහුදු කොල්ලකරුවකු විය. ශ්‍රීමත් වෝල්ටර් රැලේ ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය කොලනි පිහිටුවීමේ ප්‍රමුඛයකු වූ නමුදු රාජ්‍ය ද්‍රෝහී චෝදනාවකට ලක්ව 1603 වසරේ ජුලි 19 දින අත්අඩංගුවට ගෙන සිර ගත කෙරිණ. ලන්ඩන් කුළුනේ සිර ගතව සිටි සමයේ ග්‍රීක සහ රෝම ඉතිහාසය අළලා ඔහු විසින් ලෝක ඉතිහාසය (The Historie of the World) නම් සම්භාව්‍ය කෘතිය සම්පාදනය කළේය.
මුලාශ්‍ර
https://en.wikipedia.org/wiki/O._Henry
https://en.wikipedia.org/wiki/Fyodor_Dostoyevsky
https://en.wikipedia.org/wiki/Michael_Servetus
https://en.wikipedia.org/wiki/Oscar_Wilde
https://en.wikipedia.org/wiki/Walter_Raleigh
http://www.divaina.com/2013/12/22/diyaga10.html
http://archives.silumina.lk/2017/01/22/_art.asp?fn=sm1701223






