Sunday, August 14, 2016

සයිටම් (SAITM) විරෝධය සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය

සයිටම් අද දින දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් ව ඇත. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය වැනසෙනවා කියමින් මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වසා දමන ලෙස අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය සහ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය  ප්‍රමුඛ පිරිසක් රජයට බල කරති. මෙම සිදුවීම් මාලාවම මෙයට පෙර උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන්ද දක්නට ලැබිණ. එහිදීද ඉදිරියට දමාගෙන තිබුනේ නිදහස් අධ්‍යාපන කප්පාදුව යන ජනප්‍රිය සටන් පාඨයයි. අවසානයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැසකගේ ජීවිත බිලිගනිමින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල රජයට පවරා ගැනින.

දන් ප්‍රශ්නය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරාගැනීමෙන් නිදහස් අධ්‍යාපනය සුරැකුනිද යන්නයි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගත් නමුත් වෙනත් ක්ෂේත්‍ර වල අධ්‍යාපනය සඳහා පුද්ගලික අධ්‍යාපන ආයතන විශාල සංඛ්‍යාවක් පිහිටුවින. ඒවාට ගෙවීමට හැකියාව ඇති පවුල්වල දරුවන් විවිධ ක්ෂේත්‍ර වල උපාධිධාරීන් වුහ. තවත් පිරිසක් විදේශ අධ්‍යාපනය ලබා ගත්හ.

නිදහස් අධ්‍යාපනය ගැන කථිකාවේදී බොහෝ දෙනෙකු නොමිලේ අධ්‍යාපනය සහ නිදහස් අධ්‍යාපනය පටලවාගෙන ඇත. රාජ්‍ය විශ්ව විද්‍යාල වල නොමිලේ ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය, නුතන තාක්ෂණය සහ රැකියා වෙළෙඳපොල සමග අධ්‍යාපනයේ ඇති සමාන්තර භාවය ගැන කිසිවකු කතා නොකරති. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරවරුන් සහ විද්‍යා උපාධිධාරීන් සුළු ප්‍රමාණයක් සමගින් කලා උපාධිධාරීන් අති විශාල ප්‍රමාණයක් රජයේ විශ්ව විද්‍යාල මගින් සෑම වසරකම සමාජ ගත කරති. මේ අතරින් බහුතරයක් කලා උපාධිධාරීනට රැකියා අවස්ථා නොලැබී රැකියා ඉල්ලා උද්ඝෝෂණ කරති. හේතුව වී ඇත්තේ විෂය ධාරාව රැකියා වෙළඳපොල සමග සමපාත නොවීමය.
පවත්නා අධ්‍යාපන ක්‍රමය යටතේ වෛද්‍ය හෝ ඉංජිනේරු පීඨයකට ඇතුළුවීමට සුදුසුකම් ලැබීමට ඇත්තේ ඉමහත් තරඟයකි. මේ තරගය ජය ගැනීමට ඉහල අධ්‍යාපන මට්ටමක් සහිත පාසලක් මෙන්ම විශාල මුදලක් වැයකර අතිරේක පන්ති වල අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව තිබිය යුතුය.  මෙයට අවශ්‍ය සාමාජීය සහ ආර්ථික හැකියාව ඇත්තේ ඉහල මධ්‍යම පාන්තිකයන් වෙතය. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව ජනප්‍රිය පාසල් වලට අතුලත් වන පහල මධ්‍යම පාන්තික පවුල් වල දරුවන් සුළු ප්‍රමාණයකට ද තරඟයට මුහුණ දීමේ හැකියාව ලැබේ. ඉහල ආදායම් ලාභී පවුල් වල දරුවන් බොහොමයක් විදෙස් අධ්‍යාපනයට යොමුවන අතර තරඟයට මුහුණ දීමට නොහැකි අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන් කලා විෂය ධාරාව වෙත යොමු වෙති. අමතරව රටේ බහුතරයක් පාසල් වල විද්‍යා විෂය ධාරාව උගන්වන්නේද නැත.

මේ අනුව අධ්‍යාපනය නිදහස් යනුවෙන් හැදින්වුවද එය නිදහස් අධ්‍යාපනයක් නොවේ. ඕනෑම දරුවකුට තමන් කැමති ක්ෂේත්‍රය වෙත යොමුවීමට ප්‍රවේශ මාර්ගය අහිමි කොට ඇත. පහල මධ්‍යම පාන්තික සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවනට තමන් කැමති ක්ෂේත්‍රය වෙනුවට උසස් පෙළ සූදුව තුලින් ගාල් කරනු ලබන ක්ෂේත්‍රය තෝරා ගැනීම හැර විකල්පයක් නැත.මේ අනුව රටේ පවතිනුයේ නිදහස් අධ්‍යාපනය නොව නොමිලේ දෙන අධ්‍යාපනයකි.

මෙම විෂම ක්‍රමය යටතේ, රටේ බදු ගෙවන සමස්ථ ජනතාවගේ මුදලින් නොමිලේ අධ්‍යාපනය ලබන වෛද්‍ය, ඉංජිනේරු සහ විද්‍යා උපාධිධාරීන්ගෙන් සැලකිය යුතු පිරිසක් රට හැරයති. කලා උපාධිධාරීන් රැකියා ඉල්ලා අරගල කරති. නොමිලේ ඉගෙනගෙන රට හැර යන්නවුන් වෙනුවෙන් සහ රටේ මහා මාර්ග අවහිර කරන්නවුන් වෙනුවෙන් සමස්ථ ජනතාවම බදු ගෙවති.

මෙයට විසඳුම වනුයේ උසස් පෙළ සූදුව අත්හැර දැමීමය. උසස් පෙළ අවම මට්ටමින් සමත් වන සියළුම සිසුනට තමන්ට කැමති ක්ෂේත්‍රයක් තෝරා ගැනීමට නිදහස ලබාදීය යුතුය. මේ සඳහා නොමිලේ ලබා දෙන අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත්ව රටේ සෑම දරුවකුටම තමන් කැමති ක්ෂේත්‍රයේ උපාධිය,  රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල වෙතින් ලබාගැනීමට අධ්‍යාපන ණයක් ලබා දිය යුතුය. 

8 comments:

  1. අද්‍යාපනයට සීයට හයක් වෙන්කර ගන්ඩ බැරි රටේ රජය විසින් අද්‍යාපන ණය ලබාදීම ගැටලු සහගත විය හැකිය.....

    අධ්‍යාපනය මුදලට විකිණීම නැවැත්වීම සක්‍රයාටවත් බැරි වැඩකි.ඔය විශ්වවිධ්‍යාල කාරයෝ සෑහෙන්ඩ කුහක පිරිසකි.උන් හිතන් ඉන්නේ උන් රටේ පට්ට බෑල් ටික කියාය.උ.පෙල සමත් වී ඉහලම ලකුණු ලබාගත් පමණින් ඔවුන් බහුශෘතයෝ නොවන වග ඔවුන්ට තේරෙන්නේ නැත.වි.වි. තේරී පත්වන්නේ පෙනී සිටින්නන්ගෙන් සියයට 10 පමණ පිරිසකි.ඉතින් ඉතුරු සීයට 90 පමණ වන පිරිසට කුමක් වන්නේද?මොවුන්ට අනුව නම් උන් ගොන්නු සේ රැකියාවක් කර මොවුන්ට ඉගෙන ගැනීමට බදු ගෙවිය යුතුය.උන් හිතන් ඉන්නේ ඒ පිරිස ඔවුන්ගේ වහලුන් සේය.මක්නිසාද ට්යත් ඔබට මතකනම් පසුගිය කළ ඔවුන් වි.වි පිටත පිරිස ඇමතුවේ අට පාස් මෝඩයෝ ලෙසය.ඒ මෝඩයන්ට වි.වි. ගැන කතාකිරීම තරම් නොවන බවද කීවේය.ඉතින් උන් උන්ගේ වහලුන් නැතිවෙනවාට පට්ට අකමැතිය.මේ කෑගසන්නේ ඒ හිංදාය.උන් නිදහස් අධ්‍යාපනයට පොල් වල්ලක තරම් වත් ආලේ කරන්නේ නැත.නිදහස් යැයි කියන්නා වූ අධ්‍යාපනය ලබා එය මුදලට විකුණති අනේ හුකේ...ඉතින් උන් ඔච්චරටම නිදහස් අධ්‍යාපනය ආලේ කරයිනම් ඔවුන් ලැබූ අධ්‍යාපණයෙන් පිටකරන ශ්‍රමය නොමිලේ ලබාදිය යුතුය. ඉතින් එහෙම කොරන්නට බැරිය...මොකද අධ්‍යාපනය ලැබෙන්නේ නොමිලේ නොවන බැවිනි...ඒ ඔබගේත් මගේත් මුදලින් බැවිනි....වි.වි.පඬිවරු පීස් අපේ සල්ලි වලින් ඉගෙන ගන්නවා නම් කටයි පුකයි වහගෙන ඉගෙන ගන්ඩ.....අර ඉතුරු අනූව උන්ගේම සල්ලි වලින් ඉගෙන ගෙන කටත් පුකත් ඇරගෙන සිටියාට ගැටලුවක් නැත....

    ReplyDelete
  2. නිකෝල් , නේතන් සහ ලංකාවේ සරසවි සිසුන්

    http://transyl2014.blogspot.ca/2016/07/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. ට්‍රරාන්ස් සිල්වෙනියා ගේ ලින්කුවේ ඇති ලිපිය පහතින්

      යෝක් විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවේදී මට නිකෝල් කැප්‍රියෝටි හමු විය​. කැපචීනෝ කෝප්පයක් ගත් ඇය මගේ මේසයට ආවාය​.

      "කොහොමද මැප් ගේ පරියේෂණ වැඩ ? මම ඇසුවෙමි.

      ඇල්ස්ටෙයාර් මැප් පරියේෂණ මනෝ විද්‍යා මහාචාර්‍යවරයාය​. නිකෝල් ඔහු යටතේ මනෝ විද්‍යා පරියේෂන විශයක් කරන්නීය​. ඇල්ස්ටෙයාර් මැප් අමුතු අන්දමේ චරිතයකි. ඔහු බොහෝ සෙයින් විහිළු කරයි. එහෙත් ඔහු සිටින්නේ දුකෙන් බව මගේ සිත කියයි.

      " මහාචාර්‍ය මැප් ගේ හැටි දන්නවානේ ? නිකොල් සිනාවක් පාමින් කියන්නීය​.

      ඔහු සමග වැඩ කිරීම විනෝද ජනකය​. නමුත් විභාග ප්‍රතිඑල දෙන විට ඔහු ඉතා තදය​. මේ නිසා සිසු සිසුවියන් විභාග කාලයට ආතතියෙන් යුතුව මුහුණ දෙති.

      "මම විභාගයට නියමිත පොත් සල්ලි දීලා ගත්තේ නෑ . ඔන් ලයින් පොත් අඩු මිලට ගත්තා ඒවා වලින් තමයි ඉගෙන ගන්නේ " නිකොල් කීවාය​.

      නිකොල් වැනි සිසුවියන් ඉගෙන ගන්නේ අතිරේක රැකියා කරමිනි. උදේ දේශන වලට එන ඇය සවස් වරුවේ බේ විව් හි ටිම් හෝර්ට්න්ස් කෝපි අවන්හලක සේවය සඳහා යන්නීය​.

      උසස් අධ්‍යාපනය සඳහා නිකොල් කැප්‍රියෝටි වැනි සිසුවියන් මෙන්ම පිත්සා බෙදා හරිමින් නේතන් වැනි සිසුන් කරන අරගල මම දුටුවෙමි. නේතන් උස සිසුවෙකි. ඔහු දෙමාපියන්ට බරක් නොවී තම අධ්‍යාපනය කරගෙන යයි. මෙවැනි සිසු සිසුවියන් දකින විට හරකුන් මෙන් දක්කාගෙන ගොස් පාරවල් බ්ලොක් කර ගෙන උද්ඝෝෂණයේ යෙදෙන ලංකාවේ සරසවි සිසුන් කෙතරම් ලාමකද කියා සිතේ.

      ලංකාවේ සරසවි සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබේ.

      " ඔබ දන්නවාද ලංකාවේ සරසවි සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබෙන බව ? මම නිකොල්ට කීවෙමි.

      " විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ... ඇය ප්‍රතිරාව කලාය​.

      " අපට නොමිලේ අධ්‍යාපනය ලැබුනේ හයිස්කූල් දක්වා පමණයි. ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන් වාසනාවන්තයි " නිකෝල් කීවාය.

      අහෝ ඔවුන් ඉගෙන ගැනීමට තිබෙන කාලය නාස්ති කරමින් පාරවල් වල උද්ඝෝෂණ කරන බව ඇය දන්නවා නම්. ඔවුනට මහපොල නොමිලේ ලැබුනද නිකෝල් සහ නේතන් වැනි සිසු සිසුවියන් අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍ය නය ආධාර ලබා ගනිති. එය යළි ගෙවිය යුතුය​.

      පිටස්තර ලෝකය ගැන කිසිවක් නොදන්නා ලිං මැඩියන් වන් ලාංකික සරසවි සිසුන් නවක වධය කරති , ඉංග්‍රීසි ටිකක්​, පරිගණක විශය ටිකක් ඉගෙන නොගෙන පාරවල් පුරා රස්තියාදු වෙති. අරගල කරනවා කියා මහ පාරවල් හරස් කරගෙන වැඩ කරන ජනයා පෙළති. මොවුන් හරකුන් මෙන් දක්වන්නෝ අණ්ඩපාලලා වෙති. ඔවුන් තම දරුවන් පිටරටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවා ලාංකික සරසවි සිසුන් පාරවල් පුරා යවති.

      එදා රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වැසීම සඳහා ත්‍රීමා විතාණ , කොල්ලූරේලා, වෙනුරලා වැනි බිලි බෝයිස්ලා දං ගෙඩියට යවපු සිසු නායකයන් ගේ දේශපාලකයන් ගේ දරුවන් අද ඉගෙන ගන්නේ විදෙස් රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලය​. ඔවුන් පිටරට ඩිග්‍රි ගසා ජීවිතය විඳිමින් සිටින විට බිලි බෝයිස්ලාගේ දෙමාපියන් පවුලේ සොහොයුරු සොහොයුරියන් තවමත් කඳුළු බොති.

      මේ අතර ලාංකික සරසවි සිසුන් රැකියාවක් ඉල්ලමින් උපාවාසයේ යෙදෙති. ඒ අතරවාරයේ ඉංග්‍රීසි හැකියාව ඇති පිටරට උපාධි ගත්තෝ එති. පුද්ගලික අංශය ඔවුන් පාවඩ එළා පිලිගනිති. ඉංග්‍රීසිය , පරිගණක දැණුම නොමැතිව පුද්ගලික අංශයට ගියහොත් තමන් නියත වශයෙන්ම ඇණ ගන්නා බව දන්නා දේශීය විශ්ව විද්‍යාල සිසුන් පතන්නේ රජයේ පින් රැකියාවකි. කළමනාකරණ සහකාර ලෙස රජයේ පත්වීම් ලබා ගන්නා මොවුන් ෆොටෝ කොපියක් ගැනීමට , ෆැක්ස් එකක් යැවීමටවත් දන්නේ නැත​. නිකන්ම ආයතන වල පුටු රත්කරන මොවුන් රජයට මෙන්ම ජනතාවටද බරකි.

      රජයටවත් , දෙමාපියන්ටවත් , තමන්ටවත් බරක් නොවී නිකෝල් ලා නේතන් ලා උසස් අධ්‍යාපනය ලබති. විශය කරුණු හොඳින් හැදෑරීමෙන් උසස් ලෙස සමත් වී ජීවිත ජය ගනිති. අවසානයේදී එකී රටවල් දියුණු වන අතර අපේ රටවල් එක තැන පල් වෙති. අපගේ දේශපාලුවන් මේ කාලකන්නි තත්වයට හේතුව බටහිර කුමන්ත්‍රණ කියා ජනතාවට කියති. ජනතාව අත්පොලොසන් දෙති. බටහිරට බනිති.

      මේ විශම චක්‍රය නවතින්නේ කවදාද​?

      Delete
  3. සයිටම් පිලිබඳ මටනම් තියෙන්නේ ප්‍රමිතිය සහ නියාමනය පිලිබඳ ගැටළුවක් විතරයි එය කළමනාකරණය කිරීම ඒ තරම් අසීරු නැහැ , නමුත් සයිටම් පාලනාධිකාරය මෙන්ම වෛද්‍ය සංගමයත් කැත්තට පොල්ල මෙන් හිඳිමින් මූලික කරුණෙන් බැහැරට හැම විටම ගමන් කිරීම නිසා දැන් එය අතරමැදි තැනකට පැමිණිය නොහැකි තත්වයකට පත්වී තිබෙන අයුරක් පෙනේ

    ReplyDelete
  4. මහින්ද නැති එකේ පාඩුව බං... වෙන මක්කත් නෙමෙයි... උන්ගේ කරුමෙට පලවෙනි සෙට් එක එලියට එන කොට මහින්ද මහත්තයා ගෙදර.. මින්ස්සු එයාම ඉල්ලන්නේ ඇයි කියලා තේරෙනවනේ.. එහෙනම් ඉතින් ඔය ආන්ඩුවේ වෙන්ඩ ඩොක්ටර්ලා ඔක්කොම සුදු වෑන් එකේ එක්කගෙන ගිහින්... එකෙක් ගෙනිච්චම වැඩේ ඉවරයි..

    ReplyDelete
  5. //මේ අනුව රටේ පවතිනුයේ නිදහස් අධ්‍යාපනය නොව නොමිලේ දෙන අධ්‍යාපනයකි.//
    සහතික ඇත්ත.
    ඒ වගේම මේ ලිපියේ කරුනු සමඟ සීයට සීයක් එකඟයි.
    රජයේ විශ්ව විද්‍යාලයකට නොගිහින් නමුත් පුද්ගලික ආයතනකය කෝස් එකක් කර පසුව රැකියාවක් කරන අතරේ කාර්මික විද්‍යාලයකින් ඉගෙන ගෙන ලංකාවේ වසර කීපයක් රැකියාව කර මැදපෙරදිග රැකියාව කරමින් රටට විදෙඇශ විනිමය එවන මමත් ඇතුලු මෙහේ බොහෝ දෙනෙක් ගැන සැලකුවොත් අපිට ඒ පුද්ගලික අධ්‍යාපනය නොලැබුනානම් රටේ බර අඩු කරන විදේශ විනිමය එවන පිරිසක් නෙමේ රටට තවත් බරක් වෙන්න ඕන තරම් ඉඩ තිබුනා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත දුකා,
      මේ කාලකන්නි විශ්ව විද්‍යාල ප්‍රජාව පෝශනය කරන්න, උන්ට උගන්නන උඹලා අපි කන කට්ට උන්ට කියලා තේරුම් කරලා දෙන්න බැහැ කවදාවත්.
      මොකද බීරි අලින්ට වීනා වැයුවට උන්ට ඒක ඇහෙන්නේ නැති නිසා'

      Delete
  6. ජීවන,
    මේ ප්‍රශ්නය ගැන තව තවත් සමාජ කතිකා ගොඩ නැගිය යුතුයි ඔබගේ සාධාරණ උත්සහයට ප්‍රනාමය.

    ReplyDelete