Wednesday, March 30, 2016

රොක් සංගීතයේ ඉතිහාසය



මෙතෙක් දම්පාට දේදුන්නෙහි සංගීත චාරිකාවක් ලිපි පෙළ තුල ලියවුනේ ගායකයන්, සංගීත ශිල්පීන්, සංගීත කණ්ඩායම් සහ ඔවුන්ගේ නිර්මාණ පිලිබඳවය. අද පටන්ගන්නා මෙම ලිපි පෙළ පුරා විවිධ  සංගීත ශෛලීන්හි ඉතිහාසය පිළිබඳව ලියැවෙනු ඇත.

රොක් සංගීතයේ ඉතිහාසය පිළිබඳව පිළිගත් නිශ්චිත මතයක් පලවී නොමැත. පළමු රොක් ගායකයා කවුරුද යන්න මෙන්ම පළමු රොක් ගීතය කුමක්ද යන ප්‍රශ්න දෙකට බොහෝ මතවාද පවතියි. කෙසේ නමුත් රොක් සංගීතය බිහිව ඇත්තේ පැරණි ආර් ඇන්ඩ් බී සංගීතය කන්ට්‍රි සහ බටහිර සංගීතය සමග මුසුවීමෙන් බව පිළිගත් මතයයි.
රොක් සංගීතයේ ආරම්භක වකවානුවද අවිනිශ්චිතය. වෙනත් සංගීත ශෛලීන් ජනප්‍රියව තිබු විසිවන සහ තිස් වන දශකයන්හි පවා කන්ට්‍රි සහ බටහිර ගීත කිහිපයක රොක් ඇන්ඩ් රෝල් ශෛලීයේ මුලික කොටස් නිරීක්ෂණය කළහැක.

රොක් ඇන්ඩ් රෝල් වාක්‍ය ඛණ්ඩය නැතහොත් යෙදුම මුල් යුගයේ භාශාත්මකව යොදවාගෙන ඇත්තේ සෘන්ගාත්මක අර්ථයකිනි. මෙම වාක්‍ය ඛණ්ඩය අර්ථ දෙකකින් යොදාගෙන ඇති බව පෙනේ. එනම් නර්තනය සහ මෙවුන්දමය. ගීතයක මෙම වාක්‍ය ඛණ්ඩය මුල් වරට යොදාගෙන ඇත්තේ ට්‍රික්සි ස්මිත් ගේ “My baby rocks me with one steady roll.” නම්වන 1920 වසරේ එළිදැක්වූ නිර්මාණයහිය. කෙසේ නමුත් මුල් වරට රොක් ඇන්ඩ් රෝල් යෙදුම භාවිතා කර ඇත්තේ ඔහියෝහි ඩී.ජේ. ශිල්පියකු වූ ඇලන් ෆ්‍රීඩ් විසිනි. එතැන් පටන් රොක් සංගීතය විධිමත් මගකට යොමුවූ බව විචාරකයන්ගේ මතයයි.

බිල් බෝඩ් දර්ශකය තුල ස්ථාන ගතවූ පාලමු රොක් ගීතය ලෙස සැලකෙනුයේ බිල් හාලේ ගේ Rock around the clock නම් ගීතයයි.

රොක් සංගීතයේ ඉතිහාසය පුරා වෙනත් කිසිදු සංගීත ශෛලීයක ට වඩා ජනප්‍රිය තාරකා බිහිව ඇත. ඒ අතරින් මුල් යුගයේ ජනප්‍රිය ගායකයන් ලෙස බිල් හාලේ,  චුක් බේරී සහ ලිටල් රිචර්ඩ් නම්කළ හැක. මෙම පැරණි ජනප්‍රිය ගායකයන්ගේ ගීත සංගීත ලෝකය කළඹවමින් රොක් සංගීතය ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ගෙන ඒමට මගපාදා ඇත.
   


Chuck Berry



Little Richard


Bill Harley



21 comments:

  1. ඔය බටහිර සංගීතේ ගැනනං මෙලෝ දැනුමක් නැ , ub 40 , සහ බොබ් මාලේගේ සින්දු වලට , අරාෂ්ට , ෂැගීට එහෙම ආසයි

    ReplyDelete
    Replies
    1. ඔය මොකක් හරි දේකට තට්ටුවක් දානවා වාගේම , කවුරු හරි කියන ඒවා අහගන ඉන්ඩත් ආසයි , මං කැමති සින්දු කොයිම තැනකවත් ( කොටින්ම බොන තැනකවත් ) මට කියන්ඩ දෙන්නෙත් නැ , ඉන්න උන් කියන්නෙත් නැ

      Delete
    2. හරි හරි මචෝ ඊළඟ පාර සෙට් උනාම උඹ කැමති සින්දු කියන්නම්.

      Delete
    3. අනිවා.... ඕනෙ පාටිය ඉවරයි, දැං තොපි පලයවු කියල කියන්න හොඳම විදිහ තමා අටම්ට සිංදුවක් කියන්ඩ දෙන එක......

      Delete
    4. අලුත්ම ප්‍රස්ථා පිරුළ "අටමා සිංදු කිව්වා වගේ"

      Delete
    5. විහිලු කරන්නෙපා යකෝ.
      අටමයියේ උඹ කැමති සින්දු මොනවද කියල කියහංකො. අපි දවසක සෙට් වෙලා උඹ කැමති සින්දු ම කියමු.

      Delete
    6. අටමා සිංදු කියනවා මමනම් අහලාම නැත....!

      Delete
    7. ඒ උනාට අටමගේ චොයිස් මාර ඇඩ්වාන්ස්......

      Delete
  2. සිංදු කිව්වට මොකද බං සංගීතේ ගැන තමයි මම දන්නෙම නැත්තේ.

    ReplyDelete
    Replies
    1. දන්නේ නැති අයට දැනගන්න තමයි ලියන්නේ.

      Delete
    2. මම නං කැමති Heavy metal

      Delete
  3. හාඩ් රොක් ආස නැති උනත් රොක් ඇන්ඩ් රෝල් නම් ආසයි. වෙන මොනවත් නෙවෙයි ඒකෙ තියෙන බම්පින් හැඟීමට...

    ReplyDelete
    Replies
    1. ඔය දෙක විතරක් නෙවෙයි රොක් සංගීතයේ ශෛලීන් 20ක් විතර තියෙනවා. පස්සේ ටික ටික ලියන්නම්.

      Delete
  4. රොක් සංගීතයට ආසා උනත් මේ විස්තර දැනං හිටියෙ නෑ. ස්තූතී ජීවන.

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී ලියනවා තවත් විස්තර ගොඩක්.
      හැමෝම කරන දිරිමත් කිරීමට ගොඩක් ස්තුතියි

      Delete
  5. එල්විස් ප්‍රෙස්ලි මොනාද කලේ මචෝ එතකොට...!

    ReplyDelete
    Replies
    1. එල්විස් ප්‍රෙස්ලි ගේ භූමිකාව ඊළඟ ලිපියක ලියනවා..

      Delete
  6. අපරාදෙ කියන්න බෑ හරි අාතල් අහද්දි! ඉවර උනාට පස්සෙ තමා පොඩ්ඩක් කන කීං කීං ගාන්නෙ :D

    ReplyDelete
    Replies
    1. හොඳ හෙඩ් ෆෝන් සෙට් එකකින් ඇහුවොත් එහම නෑ

      Delete
  7. අදයි කියෙව්වේ... බොහෝම ඉස්කෝතුයි කිව්වා....

    ReplyDelete
  8. නියම ආර්ටිකල් එකක්,ඔයා Purple Rain Prince ගැනත් ලියනවාද ?

    ReplyDelete