Saturday, August 23, 2014

සංගීත චාරිකාවක් 19 - ජග් සංගීත කණ්ඩායම් (Jug Band)

සාම්ප්‍රදායක නොවන සංගීත භාන්ඩ යොදාගෙන වාදනයේ යෙදෙන සංගීත කණ්ඩායම් විශේෂයක් ජග් සංගීත කණ්ඩායම් නැත හොත් Jug Band නමින් හඳුන්වනවා. මැටි බරනියක් හෝ වීදුරු බූලියක් කණ්ඩායමේ එක සංගීත භාණ්ඩයක් ලෙසින් භාවිතා කිරීම මෙම සංගීත කණ්ඩායම් වල විශේෂත්වයයි. මෙම වර්ගයේ සංගීත කණ්ඩායම් 1920 දශකයේ ජනප්‍රියත්වයට පත්වී තිබුනා. පසු කලෙක බීට්ල්ස් නමින් ප්‍රසිද්ධවූලොව අග්‍රගන්‍ය සංගීත කණ්ඩායම් ආරම්භය Quarrymen Skiffle Band නම් වූ ජග් සංගීත කණ්ඩායමයි. කන්ට්‍රි, ෆොක් සහ රොක් යන ශෛලීන් හි ගීත නිර්මාණ රැසක් බිහිකළ Nitty Gritty Dirt Band ආරම්භ වනුයේද ජග් සංගීත කණ්ඩායමක් ලෙසයි. පැරණි ජග් සංගීත කණ්ඩායම් බොහොමයක සංගීත ශෛලීය Rock and Roll ආරට නෑකම් කියනවා.


( මේක හමුවුණු හොඳම වීඩියෝ එකමෙතනින් යන්න)
Playing The Jug at the Wilson County Fair

ජග් සංගීත කණ්ඩායම් වල තවත් විශේෂත්වයක් වනුයේ සංගීත භාණ්ඩ බොහොමයක් නිවසේම සාදාගැනීමයි. මෙම සාම්ප්‍රදායික නොවන සංගීත භාණ්ඩ වලට අමතරව ගිටාර, වයලීන, මැන්ඩලීන් සහ බැන්ජෝ වැනි තත් භාණ්ඩ මෙම කණ්ඩායම් භාවිතා කරනවා. සාම්ප්‍රදායික නොවන සංගීත භාණ්ඩ ලෙස රෙදි සෝදන තහඩු බේසම් වලින් සාදා ගන්නා Washtub Bass, රෙදිසේදීමේ උපකරණයක් වන Washboard, ලෝහ සහ ලී හැඳි, හිස් ටින්, ආහාර පිසිනා ලෝහ හට්ටි, හිස් තේ පෙට්ටි වලින් සාදා ගන්නා Tea Chest Bass යොදා ගන්නවා.



Jug
මැටි බරනියකට හෝ වීදුරු බුලියකට කටින් හුලං පිඹීම මගින් බේස් ස්වර පරාසයක හඬක් ජග් සංගීත භාණ්ඩය මගින් උපදවනවා. මෙහිදී වාදකයා බුලීයේ කටට අඟලක පමණ ඇතින් මුඛය තබාගෙන තොල් මගින් පුරු ශබ්දයක් ඇති කරන ගමන් බූලිය වෙත සුලං පිබිනවා. කිසිවිටෙකත් තොල් මුඛයේ ගාවන්නේ නැහැ. බූලිය තුල හිස් අවකාශයේ දෝංකාරය නිසා තොල් වලින් ඇති කරන ශබ්දය විස්තාරණය (Amplify) වනවා.



Tea Chest Bass
හිස් තේ පෙට්ටියක් , නයිලෝන් ලනුවක් සහ කොසු මිටක් යොදාගෙන සාදා ගන්නා බේස් පෙට්ට්ය අප රටේද කලකට පෙර භාවිතයේ පැවතියා. මුහුදු කරයේ නත්තල් කැරොල් සඳහා පෙරකළ අනිවාර්ය සංගීත භාන්ඩයක් ලෙස මෙය හඳුන් වන්න පුළුවන්. මෙම ප්‍රථමික සංගීත භාණ්ඩය යුරෝපය තුල විශේෂයෙන් බ්‍රිතාන්‍යය සහ ජර්මනිය තුල භාවිතා කොට තිබෙනවා. එබැවින් ලංකාවට බේස් පෙට්ටිය හඳුන්වා දුන්නේ යුරෝපීයන් බව සිතිය හැකිය.



Washtub Bass
රෙදිසෝදන තහඩු බේසමකින් සාදා ගන්නා මෙම වර්ගයේ සංගීත භාණ්ඩ දෙවර්ගයක් පවතිනවා එක වර්ගයක් Tea Chest Bass මෙන්ම හිස් තේ පෙට්ටිය වෙනුවට අනෙක් පස හරවා ගත් බේසම යොදවාගෙන වාදනය කරනවා. අනෙක් වර්ගය සුසර කර හැකි තත් යොදවාගෙන ඩබල් බේසයක් මෙන් වාදනය කරනවා. මෙහි තත් එකේ සිට හතර දක්වා සංක්‍යාවකින් යුක්ත වනවා.



Washboard
රෙදිසේදීමේ උපකරණයක් වන Washboard පුවරුවක් දිදාල දැමූ ඇඟිලි වලින් පිරිමැදීමෙන් පර්කෂන් ශබ්ද උපදවා ගැනීමට යොදවා ගන්නවා. Washboard පුවරු මෙරට ප්‍රචලිත නොවීම නිසා මෙය අපට ආගන්තුක ලෙස දැනෙනවා.

චාරිකාව තව දුරයි
විසි වෙනි කොටසින් හමු වෙමු




15 comments:

  1. මම පුදුම ආසාවක් තියෙන්නේ මේ වගේ ගීත වලට.. මොහොම ස්තූතියි මචෝ.. අපොයි මගේ බයිට් ටික..

    ReplyDelete
    Replies
    1. ඉදිරියට මේ වගේ ගොඩක් ලියන්න හිතාගෙන ඉන්න නිසා තමයි මේ හැදින්වීම කලේ.
      බයිට් එක කුඹි කාලද

      Delete
    2. ඔව් බං උදේ දාපු අනුනමය

      Delete
    3. මොකක්ද බන් අටම අනුනමය

      Delete
  2. ඇයි අර ගුරුගේ නේචර් පාර්ක් එකේ තියෙන කිචන් බෑන්ඩ් එක අහලා නැද්ද

    ReplyDelete
    Replies
    1. ගිහින් නෑ මචන්. උන්ගේ බ්රෝෂර් එකක තිබුන පින්තුර දැකල අහලින් යන්නවත් එපා උනා. එපාම උනේ අර කඩුවක් උස්සන් ඉන්න වාදකයාගේ පින්තුරය . නිකන් කෝලමක් වගේ

      Delete
    2. ඔය කිචන් බෑන්ඩ් සූන් එක් මුලිම්ම තිබ්බ පහත්ගම තිබ්බ "අපේ ගම" කියන පොට් එකේ. හැබැයි ඒත් පෙනුමට කිචන් උනාට සේරම ඉන්ස්ටුමන්ට්ස් කිචන්ම නෙමෙයි. පස්සෙ බෑන්ඩ් එකත් එක්කම ගම වැහුන.

      Delete
    3. මේ පොස්ට් එකේ තියන කොන්සෙප්ට් එක Home Made Instruments සහ Traditional දෙකේ කලවමක්.
      ඔය සින්දු අහල බලපන් මචන් මුසික් හරියටම තියනවා.
      අපිත් ඉස්සර බේස් බොක්ස් ගැහුවට හරි නෝට් එකට නෙවෙයි ගැහුවේ. මමනම් හිතන හිටියේ නොට් එකට ගහන්න බෑ කියල. නමුත් මේවයේ හරියට නෝට් මේන්ටේන් කරනවා.
      අපේ සංගීතය තුල මෙවන් ශෛලීන් මග හැරිලා. සමහර තැන වල හිඩැස් තියනවා

      ඔන්න උඹ කියන එකේ වීඩියෝ එකක් හොයා ගත්ත.
      https://www.youtube.com/watch?v=BfEN4XuAH-E
      මේකේ ස්ටයිල් එක වෙනස්. අර මිරිස් ගල කොහොමද සංගීතයක් නැතිනම් ප්ර්කෂන් භාණ්ඩයක් වෙන්නේ. බොරුවට කරකවනවා විතරයි.
      මම හිතන්නේ වෙනම මියුසික් එකක් ප්ලේ වෙනවා උපකරණ වලින් ප්ර්කෂන් දෙනවා
      ජාලය පුරාම ඕක විටරයි හම්බ උනේ . කොයි තරම් දුර්වල තැනකද අපේ රෙකොඩ්ස් තියෙන්න කියල බලපන්

      Delete
  3. නියමයි.... සති අන්තයේ නිදහසේ සින්දු ටික රස විඳින්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. සින්දු ටික හරියට රසවිදින්න සබ් වුෆර් එකක් තිබ්බනම් පට්ට.
      නැතිනම් හොඳ හෙඩ් ෆෝන් එකක් වත් ඕන.
      මේ සින්දු සෙට් එකේ ලස්සන කොටස් ඔක්කොම ටික බේස් ඉන්ස්ට්රුමන්ට් වලින් ගහන්නේ

      Delete
  4. අපිත් තේ පෙට්ටිය ෆුට් එකට අරං ඩ්‍රම් සෙට් හැදුවා ජීවන අයියා :D ඒක මතක් උනා මේක කියවද්දි.

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ තිබ්බ තේ පෙට්ට් බේස් ගහපු කැරොල් කණ්ඩායමක්
      රා ගුඩ්ඩො සෙට් එකක්. නත්තලට පුදුම ෆන් එකක් ගන්නේ.
      සෙට් එකේ බාගෙට බාගයක් බෞද්ධ.
      කැරොල් එකේ නත්තල් සීය කොහොම හරි ගෙවල් වලින් ෂොට් එක දාගන්නවම තමයි

      Delete
  5. අර උඩින්ම තියන සින්දුව මාර විදිහට හිතට ඇල්ලුව ඈ.. සුපිරියි..

    ReplyDelete
    Replies
    1. මචන් URL එක විතරක් දාල තියන එක ඊට වඩා පට්ට

      Delete
  6. ඒ ටික නම් පට්ට ඈ... එල...

    ReplyDelete